Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

ඔබට මතකද?

මෑතකදී පළ වූ මුරටැඹ කලාප කියවීමෙන් ඔබ වටිනා කාරණා ඉගෙනගත්තාද? පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔබට හැකිද කියා බලන්න:

• විවාහ වීමෙන් පසුව සමහර ක්‍රිස්තියානීන් මුහුණ දෙන බරපතළ ගැටලුව කුමක්ද? එමෙන්ම ඔවුන්ට ඒ ගැන කළ හැක්කේ කුමක්ද?

සමහර ක්‍රිස්තියානීන් විවාහ වී වැඩි කල් යන්න කලින් දෙදෙනාගේ අදහස් එකිනෙකට බොහෝ වෙනස් බව තේරුම්ගනියි. නමුත් ඊට විසඳුම බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි දික්කසාදයක් නොවන බව තේරුම්ගන්නා ඔවුන්, තම විවාහ ආරක්ෂා කරගැනීම සඳහා දැඩි වෑයමක් දරන්න අවශ්‍යයි.—4/15, 17වන පිටුව.

• වැඩිහිටි නිවාසයක සිටින ක්‍රිස්තියානියෙක් මුහුණ දිය හැකි අභියෝග මොනවාද?

මහලු ක්‍රිස්තියානියෙක් වෙනත් ප්‍රදේශයක වැඩිහිටි නිවාසයකට පැමිණෙන විට එම ප්‍රදේශයට අයත් සභාවේ අයව ඔහු එතරම්ම දැන හඳුනන්නේ නැතුව ඇති. එමෙන්ම වැඩිහිටි නිවාසය තුළ විවිධ ආගමික වතාවත් පවත්වන නිසා ඔවුන්වද ඊට හවුල් කරවාගැනීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඇදහිල්ලේ සිටින එවන් කෙනෙකුගේ පවුලේ අය හා සභාවේ සාමාජිකයන් ඒ ගැන සැලකිලිමත් වී ඔවුන්ට උපකාරය පිරිනැමිය යුතුයි.—4/15, 25-27 පිටු.

• විවාහක සහකරුවන්ට තම ගැටලු විසඳා ගත හැකි පියවර හතර කුමක්ද?

ගැටලුව ගැන කතා කිරීමට වෙලාවක් නියම කරගන්න. (දේශ. 3:1, 7, ) අවංකව හා ගෞරවාන්විතව ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. (එෆී. 4:25) හොඳින් සවන් දෙමින් ඔහුගේ හෝ ඇයගේ හැඟීම් තේරුම්ගැනීමට උත්සාහ කරන්න. (මතෙ. 7:12) එකඟත්වයකට පැමිණ එය සාර්ථක කරගන්න දෙදෙනාම ක්‍රියා කරන්න. (දේශ. 4:9, 10) —5/1, 10-12 පිටු.

• පාලක මණ්ඩලයේ සාමාජීකයන් සේවය කරන කමිටු මොනවාද?

සංවිධායක කමිටුව, බෙතෙල් කමිටුව, ප්‍රකාශන කමිටුව, සේවා කමිටුව, ඉගැන්වීම් කමිටුව හා ලේඛන කමිටුවයි.—5/15, 29 වන පිටුව.

• නෝවාගේ කාලයේ සිදු වූ ජලගැල්ම මුළු පොළොවටම බලපෑ බව අප දන්නේ කෙසේද?

එම ජලගැල්ම මුළු ලොවටම බලපෑ බව යේසුස් පවා විශ්වාස කළා. ඉදිරියට එන විනාශය ගැන අනතුරු ඇඟවීමට බයිබලය නෝවාගේ කාලයේ සිදු වූ ජල ගැල්ම යොදාගෙන තිබීමෙන්ද ඒ බව පැහැදිලියි.—6/1, 8වන පිටුව.

රෝම 1:24-32හි සඳහන් ක්‍රියාවන්වලට සම්බන්ධ වුණේ යුදෙව්වන්ද අන්‍යජාතිකයන්ද?

මේ දෙපිරිසගෙන් කවුරු මීට සම්බන්ධ වුණත් පාවුල් විශේෂයෙන් මෙහි සඳහන් කරන්නේ දෙවිගේ නීතිය අනුව ජීවත් නොවූ පුරාණ ඊශ්‍රායෙල්වරුන් ගැනයි. ඔවුන් දෙවිගේ ධර්මිෂ්ඨ නීති දැනගෙනත් ඒ අනුව ජීවත් වුණේ නැහැ.—6/15, 29වන පිටුව.

• ආරද් නගරය පිහිටා තිබුණේ කොහේද, එමෙන්ම එහි ඇති වැදගත් කම කුමක්ද?

මෙම විශාල නගරය පිහිටා තිබුණේ මළ මුහුදට බටහිර දෙසිනුයි. පුරාවිද්‍යාඥයන් විසින් එම නගරයෙන් යම් වාර්තා සහිත විවිධ මැටි පුවරු ගණනාවක් සොයා ගත්තා. ඒවා අතර බයිබලයේ සඳහන් සමහර නම් මෙන්ම දෙවිගේ නාමය අඩංගු මැටි පුවරුද තිබෙනවා.—7/1, 23-24 පිටු.

• අපගේ තත්වයන් ඉඩ දෙන ප්‍රමාණයට අනුව දේවල් කිරීමෙන් අපගේ ප්‍රීතිය වැඩි කරගත හැක්කේ කෙසේද?

අපට කළ හැකි ප්‍රමාණයට වඩා දේවල් කිරීමට උත්සාහ කළොත් ඉතිරි වන්නේ කලකිරීම පමණයි. අනෙක් අතට අපට හැකියාව තිබියදීත් යම් තත්වයන් නිදහසට හේතුවක් කරගනිමින් දෙවිට කරන සේවය අඩු නොකිරීමටද වගබලා ගත යුතුයි.—7/15, 29 වන පිටුව.

• යොවුන් වියේ පසුවන තම දරුවන් සමඟ අදහස් හුවමාරු කිරීමට දෙමාපියන්ට ඇතිවිය හැකි බාධා මොනවාද?

තමන් කරන කියන දේවල් ගැන අන් අය අවධානයෙන් සිටිනවා යන දරුවන්ට ඇති හැඟීම බාධාවක් විය හැකියි. ස්වාධීනව කටයුතු කිරීමට ඔවුන්ට ඇති කැමැත්තද තවත් හේතුවක් විය හැකියි. එමනිසා ඔබ දරුවා සමඟ අදහස් හුවමාරු කරන ආකාරයේ යම් වෙනසක් කරන්න. ඔවුන් පවසන දේ පමණක් නොව ඔවුන්ට දැනෙන ආකාරයත් තේරුම්ගන්න උත්සාහ කරන්න.—8/1, 10-11 පිටු.