Skip to content

පටුනට යන්න

“මෙය දෙවිගේ අතිශුද්ධ ශ්‍රේෂ්ඨතම නාමයයි”

“මෙය දෙවිගේ අතිශුද්ධ ශ්‍රේෂ්ඨතම නාමයයි”

“මෙය දෙවිගේ අතිශුද්ධ ශ්‍රේෂ්ඨතම නාමයයි”

වර්ෂ 1430දී දේශනයක් කරමින් එසේ පැවසුවේ කූසාහි නිකොලාස් නමැත්තායි. * ඔහු බොහෝ දේවල් සොයා බැලීමට විශේෂ කැමැත්තක් දැක්වූ පුද්ගලයෙක්. ග්‍රීක හා හෙබ්‍රෙව් භාෂාව අධ්‍යයනය කළ ඔහු දර්ශනවාදය, දේවධර්මය, ගණිතය හා තාරකා විද්‍යාව වැනි දේවල් ගැනද අධ්‍යයනය කළා. එමෙන්ම ඔහුට වයස අවුරුදු 22ක් වන විට ඔහු කතෝලික පල්ලියේ නීති සම්බන්ධයෙන් ආචාර්යවරයෙක් බවටද පත් වුණා. පසුව 1448දී ඔහුව කාදිනල්වරයෙක් ලෙසද පත් කළා.

මීට අවුරුදු 550කට පමණ පෙර ඔහු ජර්මනියේ කූස් (බර්න්කාස්ල් කූස් ලෙස දැන් හඳුන්වන) නගරයේ සාත්තු නිවාසයක් ඉදි කළා. එය පිහිටා තිබෙන්නේ බොන් නගරයට කිලෝමීටර් 130ක් පමණ දකුණු දිශාවට වෙන්නයි. එම ගොඩනැගිල්ල වර්තමානයේදී භාවිත කරන්නේ කූස්ගේ පුස්තකාලය හැටියටයි. එහි ඔහුගේ ලියවිලිවල මුල් පිටපත් 310කට වඩා තිබෙනවා. එමෙන්ම 1430දී ඔහු කළ ඉහත සඳහන් දේශනය අඩංගු ලියවිල්ලද ඒ අතර තිබෙනවා. එය හඳුන්වන්නේ කූසානූස් 220 හැටියටයි. එම දේශනය පදනම් වී තිබුණේ යොහන් 1:1හි සඳහන් “පටන්ගැන්මේදී වචනය සිටියේය” යන්න තේමාව කරගෙනයි. එමෙන්ම ඔහු ලතින් අකුරු භාවිත කරමින් ඊයෝඋවා (Iehoua) ලෙස යෙහෝවා යන දෙවිගේ නාමයද සඳහන් කර තිබෙනවා. * එම දේශනය සඳහන් ලියවිල්ලේ 56වෙනි පිටුවෙහි දෙවිගේ නාමය ගැන ඔහු මෙසේ සඳහන් කරනවා. ‘එම නාමය දී තිබෙන්නේ දෙවි විසින්මයි. එය ටෙට්‍රාග්‍රැමටනයයි. එනම් එය සෑදී තිබෙන්නේ හෙබ්‍රෙව් අක්ෂර හතරකිනුයි. මෙය දෙවිගේ අති ශුද්ධ ශ්‍රේෂ්ඨතම නාමයයි.’ යෙහෝවා යන දෙවිගේ නාමය මුල් හෙබ්‍රෙව් ලියවිලිවල සඳහන්ව තිබූ බව ඔහුගේ එම ප්‍රකාශයෙන් තහවුරු වෙනවා.—නික්. 6:3.

පහළොස්වන සියවසේ මුල් භාගයේදී දෙවිගේ නම සඳහා යෙදෙන හෙබ්‍රෙව් අක්ෂර හතර “ඊයෝඋවා” ලෙස සඳහන් කර ඇති කූස්ගේ එම ලිඛිත වාර්තාවෙන් ඔප්පු වන්නේ වර්තමානයේ අපි “යෙහෝවා” ලෙස භාවිත කරන දෙවිගේ නාමය සියවස් ගණනාවක් පුරා ඊට සමානාකාරයෙන් භාවිත කර ඇති බවයි.

[පාදසටහන්වල]

^ 2 ඡේ. කූසාහි නිකොලාස්ව, නිකොලේවුස් ක්‍රිෆ්ට්ස් (ක්‍රෙප්ස්), නිකොලේවුස් කූසානූස් හා නිකොලේවුස් වොන් කූස් ලෙසද හැඳින්වූවා. ඔහු ඉපදුණේ ජර්මනියේ කූස් නගරයේයි.

^ 3 ඡේ. එම දේශනය ඔහු ඉදිරිපත් කළේ ත්‍රිත්වය නමැති ඉගැන්වීමට පක්ෂවයි.

[16වන පිටුවේ පින්තූරය]

කූස්ගේ පුස්තකාලය