Skip to content

පටුනට යන්න

“එක්සිත්ව හා එක්සත්ව” දෙවිට සේවය කරන්න

“එක්සිත්ව හා එක්සත්ව” දෙවිට සේවය කරන්න

“එක්සිත්ව හා එක්සත්ව” දෙවිට සේවය කරන්න

යේසුස්ගේ ගෝලයන් වටේ විශාල පිරිසක් රැස් වී සිටිනවා. ඒ යුදෙව්වන් හා යුදෙව් ආගමට හැරුණු අයයි. ඔවුන් රෝමය හා පාර්තියාව වැනි දුර ඈත ප්‍රදේශවලින් යෙරුසලමට පැමිණ සිටින්නේ පෙන්තකොස්ත මංගල්‍ය සැමරීමටයි. ඔවුන් අතර විවිධ භාෂා කතා කරන අය සිටිනවා. මේ අවස්ථාවේදී ගලීල වැසියන් වූ යේසුස්ගේ ගෝලයන් ඒ ඒ අයගේ භාෂාවලින් කතා කරනවා ඔවුන්ට ඇසෙනවා. එයින් ව්‍යාකූලත්වයට පත් වූ සමහරුන් “අප එකිනෙකාට අපේම මව් බසින් ඇසෙන්නේ කොහොමද” කියා ඔවුනොවුන් කතා වෙනවා.—ක්‍රියා 2:8.

ඔවුන් අහන දකින මේ පුදුමයට හේතුව පේතෘස් පැහැදිලි කරන්න පටන්ගන්නවා. ඔහුගේ දේශනයේ ප්‍රතිඵලයක් ලෙස දහස් ගණනක් දෙනා බව්තීස්ම වෙනවා. (ක්‍රියා 2:41) යේසුස්ගේ ගෝලයන්ගේ ගණන වේගයෙන් වැඩි වුණත් ‘අදහාගත් ඒ සමූහයා කටයුතු කළේ එක්සිත්ව හා එක්සත්වයි.’—ක්‍රියා 4:32.

ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දිනයේදී බව්තීස්ම වූ දහස් ගණන් දෙනා යෙරුසලමේ තව ටික දිනක් නතර වීමට තීරණය කළා. ඒ ඔවුන් පිළිගත් අලුත් ඇදහිල්ල පිළිබඳව තව තවත් ඉගෙනගැනීමටයි. එමනිසා ඔවුන්ගේ අවශ්‍යතා පිරිමසාගැනීමට යම් මුදලක් එකතු කිරීමට ගෝලයන් සැලසුම් යෙදුවා. ඒ අනුව සමහර ඇදහිලිවන්තයන් තමන් සතු දේපළ විකුණා ඒ මුදල් ගෝලයන්ට දුන් අතර ඔවුන් ඒවා අවශ්‍යතා ඇති අයට බෙදා දුන්නා. (ක්‍රියා 2:42-47) ප්‍රේමය හා ත්‍යාගශීලීකම සම්බන්ධයෙන් ඔවුන් අපට මොන තරම් කදිම ආදර්ශයක්ද!

එවන් ස්වභාවයක් සැබෑ ක්‍රිස්තියානීන් අතර කවදත් දකින්න තිබෙනවා. අද දිනත් ඔවුන් කණ්ඩායමක් ලෙස “එක්සිත්ව හා එක්සත්ව” දෙවිට සේවය කරමින් සිටිනවා. ඔවුන් එක් එක්කෙනා තමන් සතු කාලය, ශක්තිය හා මිල මුදල් දේවරාජ්‍ය ප්‍රකාශ කිරීමේ කාර්යය වෙනුවෙන් වැය කරනවා.—“සමහරුන් පරිත්‍යාග කිරීමට තෝරාගන්නා ක්‍රම” යන කොටුව බලන්න.

[6, 7වන පිටුවේ කොටුව]

සමහරුන් පරිත්‍යාග කිරීමට තෝරාගන්නා ක්‍රම

ලෝක ව්‍යාප්ත වැඩ සඳහා සම්මාදම්

“ලෝක ව්‍යාප්ත සේවය” යනුවෙන් සඳහන් කර ඇති සම්මාදම් පෙට්ටිවලට සම්මාදම් දැමීම සඳහා බොහෝදෙනෙක් යම් මුදලක් වෙන් කරනවා.

සෑම මසකම සභාවන් මෙම මුදල ඒ රටේ ඇති යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට යවනවා. ස්වේච්ඡාවෙන් මුදල් සම්මාදම් කරන්න කැමති නම් කෙළින්ම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ, 711 දුම්රියපොළ පාර, වත්තල, 11300 යන ලිපිනයට හෝ ඔබ ජීවත් වෙන්නේ වෙනත් රටක නම් ඒ රටේ පිහිටි ශාඛා කාර්යාලයට එවන්න පුළුවන්. චෙක්පත් “වොච්ටවර්” යන නමට ලිවිය යුතුයි. රන් ආභරණ මෙන්ම වෙනත් වටිනා භාණ්ඩද පරිත්‍යාග කළ හැකියි. මේවා සම්පූර්ණයෙන්ම තෑග්ගක් ලෙස දී ඇති බව සඳහන් කරන කෙටි ලිපියක්ද මෙම සම්මාදම් සමඟ එවිය යුතුයි.

සැලසුම් කරන ලද පරිත්‍යාග

සම්පූර්ණ තෑග්ගක් හැටියට මුදල් ප්‍රදානය කරනවාට අමතරව, ලෝක ව්‍යාප්ත වැඩ සඳහා ප්‍රයෝජනවත් වන ආකාරයට පරිත්‍යාග කළ හැකි වෙනත් ක්‍රම තිබෙනවා. මෙයට පහත සඳහන් දේවල් ඇතුළත්.

රක්ෂණ: ජීවිත රක්ෂණ ඔප්පුවක නැතහොත් විශ්‍රාම වැටුප් සැලැස්මක අර්ථලාභියා හැටියට වොච්ටවර් සමිතිය නම් කළ හැකියි.

බැංකු ගිණුම්: රටේ පවතින බැංකු නීතියට අනුව බැංකු ගිණුම්, තැන්පතු සහතික හෝ විශ්‍රාම දීමනා යනාදිය වොච්ටවර් සමිතියේ භාරකාරත්වය යටතේ පවත්වාගෙන යෑමට හෝ මරණින් පසු ඒවායේ හිමිකාරත්වය වොච්ටවර් සමිතියට ලැබෙන සේ ඒවා පවරා දෙන්න පුළුවන්.

ව්‍යාපාර කොටස් හා බැඳුම්කර: සම්පූර්ණ තෑග්ගක් හැටියට ව්‍යාපාර කොටස් හෝ බැඳුම්කර වොච්ටවර් සමිතියට ප්‍රදානය කළ හැකියි.

නිශ්චල දේපොළ: විකිණිය හැකි නිශ්චල දේපොළ සම්පූර්ණ තෑග්ගක් හැටියට නැතහොත් ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය පුරා තමාට එහි වාසය කළ හැකි වන පරිදි ජීවිත භුක්තිය දායකයා වෙත තබාගෙන, නේවාසික ඉඩමක් ලෙස පරිත්‍යාග කරන්න පුළුවන්. යම් නිශ්චල දේපොළක් පැවරීමට කලින් ඔබ එසේ කිරීමට අදහස් කරන බව ඔබේ රටේ ශාඛා කාර්යාලයට දැනුම් දිය යුතුයි.

පරිත්‍යාග කරන ලද වාර්ෂිකය: පරිත්‍යාග කරන ලද වාර්ෂිකය කියන්නේ යමෙක් තමා සතු මුදල් හෝ සුරැකුම්, වොච්ටවර් සමිතිය වෙත පැවරීමට කරන සැලැස්මක්. ඒ සඳහා දායකයාට හෝ දායකයා විසින් පත් කරන ලද අයට ජීවිතාන්තය දක්වාම වසරක් වසරක් පාසා යම් නිශ්චිත මුදලක් ගෙවනු ලබයි.

අන්තිම කැමති පත්‍ර හා විශ්වාස භාරයන්: නීත්‍යනුකූල අන්තිම කැමති පත්‍රයකින් වොච්ටවර් සමිතිය වෙත දේපොළ හෝ මුදල් පවරා දීමට හෝ විශ්වාස ගිවිසුමක අර්ථලාභියා හැටියට වොච්ටවර් සමිතිය නම් කරන්න පුළුවන්.

කුමන ආකාරයකින් හෝ පරිත්‍යාග කිරීමට සතුටු අයට ඉහත සඳහන් ලිපිනයට හෝ ඔබ වෙසෙන රටෙහි තිබෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ඒ බව දන්වන්න පුළුවන්. මෙම සැලසුම්වලට සම්බන්ධ ලියවිලිවල පිටපතක් සමිතියට ලබා දිය යුතුයි.