Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ලෙවී කතාව 3:17හි යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට අනුභව කිරීමට තහනම් කර තිබුණේ කුමන තෙල්ද?

ලෙවී කතාව 3:17හි සඳහන් ‘තෙල්’ යන වචනයට යොදා ඇති හෙබ්‍රෙව් වචනයෙන් මිනිසුන්ගේ හෝ සතුන්ගේ තෙල් අදහස් කරනවා. (ලෙවී. 3:3; විනි. 3:22) එම බයිබල් පදයට අනුව ඊශ්‍රායෙල්වරුන් පූජා කරන සත්වයාගේ බඩවැල් ආශ්‍රිත ප්‍රදේශයේ, වකුගඩු දෙක මත හා තුනටිය ප්‍රදේශයේ තිබෙන තෙල් තට්ටුව ආහාරයට ගැනීමෙන් වැළකිය යුතු වුණා. ඊට හේතුව නම් එම “සියලුම තෙල් කොටස් අයිති යෙහෝවා දෙවිට” නිසයි. (ලෙවී. 3:14-16) ඒ අනුව දෙවිට පූජා කිරීමට ගෙනා සතුන්ගේ තෙල් ඇතුළු ඊශ්‍රායෙල්වරුන් තම ආහාර පිණිස මැරූ සියලු සතුන්ගේ තෙල්ද ඔවුන් නොකෑ යුතු බව ඉන් පැහැදිලියි.

නමුත් නෙහෙමියා 8:10හි සඳහන් ලෙස “රසවත් කෑම” කා ප්‍රීති වන්න කියා යෙහෝවා දෙවි ඔවුන්ට පවසා තිබුණා. එම රසවත් කෑම සාදාගැනීමට ඔවුන් තෙල් භාවිත කළා. නමුත් ඒවා සත්ව තෙල් නොවෙයි. ඒ වෙනුවට එළවළු තෙල් හෝ ඔලිව තෙල් ඔවුන් භාවිත කළා. (ලෙවී. 2:7) සමහරවිට ඔවුන් ආහාරයට ගත් මස්වල යම් තෙල් ප්‍රමාණයක් අඩංගුව තිබෙන්න ඇති. නෙහෙමියා 8:10හි සඳහන් “රසවත් කෑම” කියද්දී ඊට අයත් වුණේ ‘එළවළු තෙල්වලින් සාදන ලද පෝෂ්‍ය ගුණයෙන් සපිරි, ප්‍රණීත ආහාර වේලක්” බව ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස් යන පොතේද සඳහන් වෙනවා.

සතුන්ගේ තෙල් කොටස් අනුභව නොකරන්න කියා දෙවි අණ කළේ මෝසෙස් තුළින් දුන් නීතිය යටතේ සිටි අයට බව ක්‍රිස්තියානීන් හොඳින් දන්නවා. අද සිටින ක්‍රිස්තියානීන් එම නීතිය යටතේ නොසිටින නිසා සත්ව තෙල් අනුභව නොකරන්න යන නීතිය ඔවුන්ට අදාළ නැහැ.—රෝම 3:20; 7:4, 6; 10:4; කොලො. 2:16, 17.