Skip to content

පටුනට යන්න

යෙරෙමියා මෙන් වීමට ඔවුන් ලැබූ දිරිගැන්වීම

යෙරෙමියා මෙන් වීමට ඔවුන් ලැබූ දිරිගැන්වීම

125වන ගිලියද්පාසැල

යෙරෙමියා මෙන් වීමට ඔවුන් ලැබූ දිරිගැන්වීම

“මේ පන්තිය, ගිලියද් පාසැල් ඉතිහාසයේ අමතක නොවන එකක් වේවි.” එසේ පැවසුවේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර ජෙෆ්රි ජැක්සන්. ඔහු එසේ පැවසුවේ වර්ෂ 2008 සැප්තැම්බර් 13වන දින පැවති 125වන ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ පැවරුම් පිරිනැමීමේ අවස්ථාවට පැමිණි 6156ක පිරිසක් අමතමිනුයි. මෙම පාසැලෙන් ශිෂ්‍යයන් 56ක් පැවරුම් ලැබුවා. ඒ අනුව මේ වන විට ගිලියද් මුරටැඹ පාසැලෙන් ශිෂ්‍යයන් 8000කට වැඩි පිරිසක්ව “පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථානය දක්වා” යවා තිබෙනවා.—ක්‍රියා 1:8.

එම වැඩසටහනේ සභාපති වු සහෝදර ජැක්සන් සබයෙන් මෙවැනි ප්‍රශ්නයක් ඇසුවා. “ඔබ කරන දේවසේවයේ ගුණය ඉහළ නංවන්න ඔබගේ විශ්වාසවන්තභාවය උපකාරවත් වෙනවාද?” ඊළඟට, විශ්වාසවන්ත පුද්ගලෙකු වීමට උපකාරවත් වන කාරණා හතරක් ඔහු සඳහන් කළා. ඒවා නම් නිවැරදි ආකල්පයක් ඇතුව සිටීම, ආදර්ශවත් වීම, දේවවචනයෙන්ම කාරණා ඉගැන්වීම මෙන්ම යෙහෝවා දෙවිගේ නාමය අන් අයට දැන්වීම කෙරෙහි සම්පූර්ණ අවධානය දීමයි.

ඊළඟට සබය ඇමතුවේ ඉගැන්වීම් කමිටුවේ සහෝදරයෙක් වන ඩේවිඩ් ෂේෆර් විසිනුයි. ඔහුගේ තේමාව වූයේ මෙයයි. “ඔබට සියල්ල වටහාගන්න පුළුවන්ද?” එම සහෝදරයා පැවසුවේ ඔවුන් යෙහෝවා දෙවිව දිගටම සොයමින් ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාගේ’ මඟ පෙන්වීමට යටත් වෙනවා නම් මිෂනාරිවරුන් හැටියට සේවය කිරීමට අවශ්‍ය ‘සියල්ල ඔවුන්ට වටහාගත හැකි’ බවයි.—හිතෝ. 28:5; මතෙ. 24:45.

පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර ජෝන් ඊ. බාර්ගේ කතාවේ තේමාව වූයේ “දෙවිගේ ප්‍රේමයෙන් ඔබව වෙන් කිරීමට කිසිවකට ඉඩ දෙන්න එපා” යන්නයි. මිෂනාරිවරුන්ට තම අලුත් පැවරුම නිසි ආකාරයෙන් ඉටු කිරීමට හැකි වේද කියා යම් කනස්සල්ලක් තිබුණා නම් ඉන් ගොඩ ඒමට ඔහුගේ කතාවේ තොරතුරු ඔවුන්ට උපකාරවත් වුණා. එය ඔවුන්ගේ දෙමාපියන්ටත් විශාල සැනසීමක් වුණා. “දෙවිගේ ප්‍රේමයෙහි පැවතීම ඉතාමත් සුරක්ෂිතභාවයක් මෙන්ම සැනසිල්ල ගෙන දෙන දෙයක්” බව ඔහු පැහැදිලි කළා. මිෂනාරිවරුන් දෙවිගේ ප්‍රේමයෙන් වෙන් වුණොත් හැර අන් කිසිවකට ඔවුන්ව දෙවිගේ ප්‍රේමයෙන් වෙන් කිරීමට නොහැකියි.

ඊළඟ කතාව ඉදිරිපත් කළේ දිව්‍යාණ්ඩු සේවා පාසැල් අංශයේ සේවය කරන සහෝදර සෑම් රොබර්සන් විසිනුයි. “වස්ත්‍රවලින් හොඳම වස්ත්‍රය” පැළඳගන්න කියා ඔහු සබය දිරිගැන්නුවා. පැවරුම් ලැබූවන් යේසුස් කළ දේවල් ගැන හොඳින් අධ්‍යයනය කර ඒවා ආදාළ කරගන්නවා නම් “ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ව පැළඳගන්න” ඔවුන්ට හැකි බව ඔහු පැවසුවා. (රෝම 13:14) දිව්‍යාණ්ඩු සේවා පාසැල් අංශයේ අවේක්ෂක වන සහෝදර විලියම් සැමුයල්සන් ඊළඟ කතාව ඉදිරිපත් කළා. කෙනෙකු ගෞරවාන්විත පුද්ගලයෙකු වන්නේ කෙසේද කියා ඔහු කාවැද්දුවා. ඔහු අවධාරණය කළේ අපි වැඩියෙන් වැදගත් කොට සැලකිය යුත්තේ මනුෂ්‍යයන් ඉදිරියෙහි ගෞරවය ලබන්නට නොව දෙවි ඉදිරියෙහි ගෞරවය ලැබීමටයි.

පාසැල පැවැත්වෙන අතර තුර ශිෂ්‍යයන් දේවසේවයේ හවුල් වීමෙන් ලැබූ අද්දැකීම් ගැන තවත් උපදේශකයෙක් වන සහෝදර මයිකල් බර්නට් ඔවුන්ගෙන් විමසුවා. බොහෝ ශිෂ්‍යයන් දේවසේවයේ සහභාගි වුණේ නිතර නිතර වැඩ කරන ප්‍රදේශවලයි. ඒ වුණත් ඔවුන්ට උනන්දුව දක්වන අයව හමු වුණා. සහෝදර ජෙරල්ඩ් ග්‍රිසෙල් ශාඛා කමිටු සාමාජිකයන් සඳහා පවත්වන පාසැලට සහභාගි වෙමින් සිටි සහෝදරයන් තුන්දෙනෙකුව සම්මුඛ සාකාච්ඡාවකට කැඳෙව්වා. ඔවුන් පළ කළ අදහස් මිෂනාරිවරුන්ට පැවරුම් ලැබෙන රටේ ඔවුන්ගේ වගකීම ඉටු කිරීමට ඔවුන්ව සූදානම් කළා.

පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් සහ 42වන ගිලියද් පාසැලෙන් පැවරුම් ලැබූ සහෝදරයෙක් වන ඩේවිඩ් ස්ප්ලේන්ගේ කතාවේ තේමාව වුණේ “යෙරෙමියා මෙන් වන්න” යන්නයි. යෙරෙමිය තම පැවරුම භාරගැනීමට මුලදී අදිමදි කළත් පසුව දෙවි ඔහුව ශක්තිමත් කළා. (යෙරෙ. 1:7, 8) අලුතින් පැවරුම් ලැබූ අයටත් දෙවි එසේම කරන බව ඔහු තහවුරු කළා. ඔහු මෙසේද පැවසුවා. “ඔබට කෙනෙකු සමඟ යම් ගැටලුවක් ඇති වුණා නම්, පැත්තක ඉඳගෙන ඔබ අගය කරන ඔහුගේ ගුණාංග දහයක් ලියන්න. නමුත් ඔබට ඔහුගේ එවන් ගුණාංග දහයක් සොයා ගන්න බැරි වුණොත්, ඒ කියන්නේ ඔබ ඔහුව හොඳට දැන හඳුනාගෙන නැහැ කියන එකයි.”

යෙරෙමියා පරිත්‍යාගශීලී කෙනෙක්. ඔහුගේ සේවය නතර කරන්න අවශ්‍යයි කියා ඔහුට හැඟුණු විට ඔහු යාච්ඤා කළා. එවිට දෙවි ඔහු සමඟ සිට ඔහුව ශක්තිමත් කළා. (යෙරෙ. 20:11) එය උදාහරණයකට ගෙන සහෝදර ස්ප්ලේන් මෙසේද පැවසුවා. “ඔබ අධෛර්යයට පත් වන විට ඒ ගැන යෙහෝවා දෙවිට කියන්න. එවිට දෙවි ඔබට උපකාර කරන ආකාරය ගැන ඔබ පුදුම වෙයි.”

අවසානයේදී වැඩසටහනේ සභාපති, රැස්ව සිටි පිරිසට පැවසුවේ ශිෂ්‍යයන් තම විශ්වාසවන්තභාවය ගොඩනංවා ගන්නේ කෙසේද කියා ඉගෙනගෙන ඇති බවයි. ඒ අනුව ඔවුන් පැවරුම් ලැබූ රටේ දේවසේවයේ හවුල් වන විට ඔවුන් කෙරෙහි විශ්වාසය තැබීමට බොහෝදෙනා පෙලඹෙයි. එවිට ඔවුන් ප්‍රකාශ කරන පණිවිඩය වඩාත් බලපෑමෙන් යුක්ත වෙයි.—යෙසා. 43:8-12.

[22වන පිටුවේ කොටුව]

සහභාගි වූවන්ගේ විස්තර

නියෝජනය කළ රටවල් සංඛ්‍යාව: 6

පැවරුම් ලැබූ රටවල් සංඛ්‍යාව: 21

ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාව: 56

වයසේ සාමාන්‍යය: 32.9

සත්‍යයේ සිටි වසර ගණනේ සාමාන්‍යය: 17.4

පූර්ණ කාලීන සේවයේ යෙදී ඇති වසර ගණනේ සාමාන්‍යය: 13

[23වන පිටුවේ පින්තූරය]

ගිලියද් මුරටැඹ බයිබල් පාසැලෙන් පුහුණුව ලත් 125වන පංතිය

පහත ලැයිස්තුවේ පේළි, ඉදිරියේ සිට පසුපසට අංකනය කර ඇති අතර, එක් එක් පේළියේ වමේ සිට දකුණට නම් ලැයිස්තුගත කර තිබෙනවා.

(1) හොජ්සන්, ඒ.; වෝල්, ඒ.; බෑරන්ස්, කේ.; හෝටේලානො, එම්.; නියුමන්, එල්.; ඩි කාසෝ, ඒ. (2) ජෙන්කින්ස්, ජේ.; ජාර්සෙම්ස්කි, ටි.; මෙන්ඩෙස්, එන්.; කොරෝනා, වි.; කානාලිට, එල්. (3) ෆ්‍රය, එච්.; සැවිජ්, එම්.; ටිඩ්වෙල්, කේ.; එරික්සන්, එන්.; ඩික්, ඊ.; මැක්බෙත්, ආර්. (4) පෙරෙස්, එල්.; පියුස්, එල්.; ස්කිඩ්මෝ, ඒ.; යංග්, බී.; මැක්බ්‍රයිඩ්, එන්.; රොන්ඩෝන්, පී.; ගුඩ්මන්, ඊ. (5) බෑරන්ස්, එම්.; ෆර්ගසන්, ජේ.; පියසන්, එන්.; චැප්මන්, එල්.; වෝඩ්ල්, ජේ.; කානාලිට, එම්. (6) පෙරෙස්, පී.; ඩි කාසෝ, ඩි.; යංග්, ටී.; රොන්ඩෝන්, ඩී.; ගුඩ්මන්, ජී.; ජෙන්කින්ස්, එම්.; ඩික්, ජී. (7) කොරෝනා, එම්.; වෝල්, ආර්.; පියුස්, එස්.; මෙන්ඩෙස්, එෆ්.; ජාර්සෙම්ස්කි, එස්.; සැවිජ්, ටි. (8) නියුමන්, සී.; ෆර්ගසන්, ඩී.; ස්කිඩ්මෝ, ඩී.; එරික්සන්, ටී.; මැක්බ්‍රයිඩ්, ජේ.; පියසන්, එම්.; චැප්මන්, එම්. (9) හොජ්සන්, කේ.; වෝඩ්ල්, ඒ.; මැක්බෙත්, ඒ.; ටිඩ්වෙල්, ටී.; ෆ්‍රය, ජේ.; හෝටේලානො, ජේ.