Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

ඔබට මතකද?

මෑතකදී පළවූ මුරටැඹ කලාප කියවීමෙන් ඔබ වටිනා කාරණා ඉගෙනගත්තාද? එසේනම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔබට හැකිද කියා බලන්න.

දෙවිට විශ්වාසවන්තව සිටීම එතරම් වැදගත් ඇයි?

අපි දෙවිට විශ්වාසවන්තව සිටීමෙන් සියල්ල පාලනය කිරීමට දෙවිට පූර්ණ අයිතියක් තිබෙන බව පෙන්විය හැකියි. අපි එසේ කරන්නේ දෙවිට ඇති ප්‍රේමය නිසයි. එමෙන්ම සාතන් බොරුකාරයෙක් බව ඔප්පු කරන්නත් ඉන් අපට අවස්ථාව ලැබෙනවා. අපව විනිශ්චය කිරීමට එමගින් දෙවිට හොඳ පදනමක්ද සැපයෙනවා. අපගේ අනාගත බලාපොරොත්තුව රඳා පවතින්නේද අප දෙවිට විශ්වාසවන්තව සිටීම මතයි.—12/15, 4-6 පිටු.

දෙවිගේ අරමුණ තුළ යේසුස් සුවිශේෂී පුද්ගලයෙකු බව පෙන්වන පදවි නාම මොනවාද?

දෙවිගේ එකම පුත්‍රයා. වචනය. ආමෙන් නමැති තැනැත්තා. අලුත් ගිවිසුමක මැදිහත්කරු. උත්තම පූජක. පොරොන්දු වූ තැනැත්තා.—12/15, 15වන පිටුව.

එලියා වර්ෂාව ලබා දෙන්න කියා යාච්ඤා කිරීමෙන් පසු මුහුද දෙස බලන්න කියා තම සේවකයාට පැවසුවේ ඇයි? (1 රාජා. 18:43-45)

ජල චක්‍රය ගැන එලියා දැන සිටියා. වලාකුළු සුළඟ සමඟ ගොඩබිම දෙසට ගසාගෙන එන නිසා වැස්ස ඇති වන බව ඔහු දැන සිටියා.—1/1, 15-16 පිටු.

දේවසේවයෙන් අප ලබන ප්‍රීතිය වැඩි කරගන්න අපට හැක්කේ කෙසේද?

දේවසේවයේදී අන් අයට උපකාර කළ හැකි ක්‍රම ගැන කල්පනා කිරීමෙන් අපට අපගේ ප්‍රීතිය වැඩි කරගත හැකියි. එමෙන්ම බයිබල් පාඩම් පැවැත්වීමේ අරමුණින් දේවසේවයේ හවුල් වීමද වැදගත්. ජනයා උදාසීන ප්‍රතිචාර දක්වයි නම් ඔවුන් උනන්දුව දක්වන විෂයක් ඔස්සේ කතා කිරීම සුදුසුයි.—1/15, 8-10 පිටු.

බයිබලයේ කුෂ්ඨ හෝ ලාදුරු රෝගය ගැන සඳහන් කරන විට එය යොමු දක්වන්නේ මිනිසුන්ට වැලඳෙන රෝගයට පමණක්ද?

නැහැ. ලාදුරු ලෙස හඳුන්වන රෝගකාරකය පුරාණයේදීත් තිබූ බව බයිබලයේ සඳහන් වෙනවා. (ලෙවී. 13:4, 5) කෙසේවෙතත් එම රෝගකාරකය නිවෙස්වල බිත්ති සහ ඇඳුම් මතද පැතිරුණ බව බයිබලයේ සඳහන් වෙනවා. අද දින බොහෝවිට පිටි පුස් ලෙස හඳුන්වන්නේ එය විය හැකියි. (ලෙවී. 13:47-52)—2/1, 19වන පිටුව.

බයිබල් ඉගැන්වීම් ගැන ක්‍රිස්තියානියෙකු සතු අවබෝධය අවමංගල්‍ය චාරිත්‍ර හා ඔහුගේ ආකල්පවලට බලපෑ යුත්තේ කෙසේද?

මිය ගිය තැනැත්තා ගැන ක්‍රිස්තියානියෙක් වැලපුණත් මළ කෙනෙකුගේ තත්වය ගැන ඔහු හොඳින් දන්නවා. එමෙන්ම ක්‍රිස්තියානීන්ට නුසුදුසු චාරිත්‍ර පැවැත්වීමට ඔහුට බල කළත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කරනවා. තම අවමංගල්‍යයේදී සිදු විය හැකි ගැටලු වැළැක්වීම සඳහා ක්‍රිස්තියානියෙක් තම අවසන් කටයුතු සිදු විය යුතු ආකාරය කල්තියාම ලියා තබනවා.—2/15, 29-31 පිටු.

ගීතාවලිය 1:1හි සඳහන් ලෙස අප ප්‍රීතියෙන් සිටීමට නම් වැළකිය යුත්තේ කුමන දේවල් තුනෙන්ද?

ඒවා නම් ‘දුෂ්ටයන්ගේ අවවාද ප්‍රතික්ෂේප කිරීම,’ ‘පව්කාරයන් යන මඟෙහි ගමන් නොකිරීම’ සහ ‘සමච්චල් කරන අය සමඟ ඇසුරු නොකිරීමයි.’ සන්තෝෂයෙන් ජීවත් වීමට අවශ්‍ය නම් දෙවිගේ නීති ප්‍රතික්ෂේප කරන අයගෙන් අපි සම්පූර්ණයෙන්ම ඈත් විය යුතුයි. එමෙන්ම අපි දෙවිගේ නීතියට ඇලුම් කිරීමට ඉගෙනගැනීමද අවශ්‍යයි.—3/1, 17වන පිටුව.

“යාෂාර්ගේ පොත” සහ “යෙහෝවාගේ යුද්ධ පොත” යන පොත් බයිබලයට ඇතුළත් වී නැත්තේ ඒවා සොයාගැනීමට නොහැකි වූ නිසාද? (යොෂු. 10:13; ගණන්. 21:14)

නැහැ. ඒවා බයිබල් ලේඛකයන් යම් තොරතුරු ලබාගත් මූලාශ්‍ර විය හැකි අතර ඒවා ලියවුණේ දෙවිගේ බලයේ උපකාරයෙන් නොවෙයි.—3/15, 32වන පිටුව.

නවීන භාෂාවෙන් පරිවර්තනය වූ ලතින් බයිබලයක සිදු කළ විශාල වෙනස්කම කුමක්ද?

නවීන භාෂාවෙන් පරිවර්තනය කළ නොවා වල්ගේටා ලෙස හැඳින්වූ බයිබලය 1979දී දෙවන ජොන් පාවුලු පාප්වරයා විසින් අනුමත කළා. එහි පළමු සංස්කරණයෙහි ස්ථාන ගණනාවකම දෙවිගේ නම යාවේ ලෙස සඳහන්ව තිබුණා. (නික්. 3:15; 6:3) කෙසේවුවද 1986 කළ දෙවන සංස්කරණයේදී දෙවිගේ නම ඉන් ඉවත් කර ඒ වෙනුවට ස්වාමීන් යන වචනය ඇතුළත් කළා.—4/1, 22වන පිටුව.