Skip to content

පටුනට යන්න

පුංචි දැරියක් කළ පරිත්‍යාගයක්

පුංචි දැරියක් කළ පරිත්‍යාගයක්

පුංචි දැරියක් කළ පරිත්‍යාගයක්

බ්‍රසීලයේ ජීවත් වන වයස අවුරුදු නවයක පුංචි දැරියක් ඇය එකතු කර තිබූ මුදල් ඩොලර් 18ක් සහ 25ක් වශයෙන් කොටස් දෙකකට වෙන් කළා. ඇය ඩොලර් 18 ඇගේ සභාවේ වියදම් සඳහා ඊට අදාළ සම්මාදම් පෙට්ටියට දැමුවා. අනික් ඩොලර් 25 ලිපියක් සමඟින් ඇගේ රටේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට යැව්වා. ඒ ලිපියේ සඳහන්ව තිබුණේ මෙයයි. “මම යෙහෝවා දෙවිට ගොඩක් ආදරෙයි. මම ආසයි යෙහෝවා දෙවි ගැන මිනිසුන්ට කතා කරන හැම සහෝදර සහෝදරියකටම ඒ වෙනුවෙන් උදව් කරන්න. ඒ නිසා මම මේ සම්මාදම එවනවා.”

ඇගේ දෙමාපියන් කුඩා කල සිටම ශුභාරංචිය ප්‍රකාශ කිරීම වෙනුවෙන් ඇයට කළ හැකි දේ කරන්න කියා උගන්වා තිබුණා. එමෙන්ම ‘ඇය සතු වටිනා දේවල් ලබා දී යෙහෝවා දෙවිව ගෞරවයට පත් කිරීමේ’ ඇති වැදගත්කමද ඇයට ඒත්තුගන්වා තිබෙනවා. (හිතෝ. 3:9) ඒ කුඩා දැරිය මෙන් අප සියලුදෙනාත් ශුභාරංචිය වෙනුවෙන් අපට කළ හැකි සියල්ල කරමු.