Skip to content

පටුනට යන්න

සතුටු සිතින් පරිත්‍යාග කරන්න

සතුටු සිතින් පරිත්‍යාග කරන්න

සතුටු සිතින් පරිත්‍යාග කරන්න

යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට සැබෑ නමස්කාරයේ වර්ධනයට දායක වෙන්න කියා බල කරන්නේ නැහැ. ඒ බව පාවුල් පැවසූ මේ දෙයින් පැහැදිලි වෙනවා. “එක් එක් කෙනා, අකමැත්තෙන්වත් බල කිරීම නිසාවත් නොව, තම සිතින් තීරණය කරගත් ලෙස දිය යුතුය. මන්ද, සතුටින් දෙන්නාට දෙවි ප්‍රේම කරන්නේය.” (2 කොරි. 9:7) දෙවිට අවශ්‍ය ඔහුගේ සෙනඟ කැමැත්තෙන්ම පරිත්‍යාග ඉදිරිපත් කරනවාටයි. ඉතිහාසය පුරා සිදු වූ දේවලින් පැහැදිලි වන්නේ ඔහුගේ සෙනඟ ඉතා කැමැත්තෙන් ඔවුන් සතු දේවල් පරිත්‍යාග කළ බවයි. ඒ සම්බන්ධයෙන් සිද්ධීන් තුනක් දැන් අපි සලකා බලමු.

යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් ගලවා ගත් පසු ශුද්ධ කුඩාරමක් ගොඩනඟන්න කියා ඔවුන්ට උපදෙස් දුන්නා. ඊට බොහෝ දේ අවශ්‍ය වූ නිසා ඒ සඳහා උපකාර කරන්න කියා දෙවි ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. “යෙහෝවා දෙවිට සතුටු සිතින් යමක් දීමට පෙලඹුණු අය” රත්තරන්, රිදී, ආභරණ හා වෙනත් භාණ්ඩ පරිත්‍යාග කළා. ඔවුන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් පරිත්‍යාග කළ නිසා තවදුරටත් දේවල් අවශ්‍ය නොවන බව මෝසෙස් පැවසුවා.—නික්. 35:5, 21 නව ලොව පරිවර්තනය, NW; 36:6, 7.

ඉන් සියවස් ගණනාවකට පසු දේවමාලිගාව ගොඩනැඟීමේ ව්‍යාපෘතියට පරිත්‍යාග කරන්න ඊශ්‍රායෙල්වරුන්ට නැවතත් අවස්ථාව ලැබුණා. මුලින්ම දාවිත් රජ විශාල පරිත්‍යාගයක් කළා. පසුව සෙනඟටත් පරිත්‍යාග කරන්න කියා ඔහු ආරාධනා කළා. ඔවුන් ඉතා උනන්දුවෙන් තමන් සතු දේවල් ඒ වෙනුවෙන් ලබා දුන්නා. ඒ සඳහා ලැබුණු භාණ්ඩවල වර්තමාන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 100ක් (එනම් රුපියල් බිලියන 11400ක්) පමණ වෙනවා. සෙනඟ යෙහෝවා දෙවිට කැමැත්තෙන් පරිත්‍යාග කළ නිසා ඔවුන් බොහෝ සේ ප්‍රීති වුණා.—1 ලේක. 29:3-9; 2 ලේක. 5:1.

පළමු සියවසේ සිටි යේසුස්ගේ අනුගාමිකයන්ද පරිත්‍යාග කිරීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වූ බව පෙන්වන මේ උදාහරණය බලන්න. ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දිනයේදී 3,000ක් පමණ බව්තීස්ම වුණා. ඔවුන්ට යෙරුසලමේ නැවතී දෙවි ගැන තවත් ඉගෙනගන්න සිදු වූ නිසා ඔවුන්ගේ අවශ්‍යතා සඳහා අරමුදලක් පිහිටු වීමට සිදු වුණා. ඒ සඳහා සහෝදරයන් තමන් සතු වටිනා දේවල් විකුණා ඒ මුදල් යේසුස්ගේ ගෝලයන්ට ලබා දුන්නා. එමගින් ඔවුන්ගේ අවශ්‍යතා පිරිමසාගැනීමට ඔවුන්ට හැකි වුණා. තමන් කෙරෙහි ඒ සහෝදරයන්ට තිබූ විශ්වාසයත් ඔවුන් පෙන්වූ ප්‍රේමයත් දුටු යෙහෝවා දෙවි මොන තරම් සතුටු වන්න ඇද්ද!—ක්‍රියා 2:41-47.

අද දින සිටින ක්‍රිස්තියානීන්ද සැබෑ නමස්කාරයේ වර්ධනය සඳහා තමන්ගේ කාලය, ශක්තිය හා ධන සම්පත් කැමැත්තෙන්ම පරිත්‍යාග කරනවා. ඔබටත් ඊට හවුල් විය හැකි ආකාර ගැන පහත සඳහන් වෙනවා.

[18, 19වන පිටුවේ කොටුව]

සමහරුන් පරිත්‍යාග කිරීමට තෝරාගන්නා ක්‍රම

ලෝක ව්‍යාප්ත සේවය සඳහා සම්මාදම්

“ලෝක ව්‍යාප්ත සේවය” යනුවෙන් සඳහන් කර ඇති සම්මාදම් පෙට්ටිවලට සම්මාදම් දැමීම සඳහා බොහෝදෙනෙක් යම් මුදලක් වෙන් කරනවා.

සෑම මසකම සභාවන් මෙම මුදල ඒ රටේ ඇති යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට යවනවා. ස්වේච්ඡාවෙන් මුදල් සම්මාදම් කරන්න කැමති නම් කෙළින්ම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ, 711 දුම්රියපොළ පාර, වත්තල, 11300 යන ලිපිනයට හෝ ඔබ වෙනත් රටක ජීවත් වෙනවා නම් ඒ රටේ පිහිටි ශාඛා කාර්යාලයට යවන්න පුළුවන්. චෙක්පත් නම් “වොච්ටවර්” යන නමට ලිවිය යුතුයි. රන් ආභරණ මෙන්ම වෙනත් වටිනා භාණ්ඩද පරිත්‍යාග කළ හැකියි. ඒවා සම්පූර්ණයෙන්ම තෑග්ගක් ලෙස දී ඇති බව සඳහන් කරන කෙටි ලිපියක්ද එම සම්මාදම සමඟ එවිය යුතුයි.

සැලසුම් කරන ලද පරිත්‍යාග

සම්පූර්ණ තෑග්ගක් හැටියට මුදල් ප්‍රදානය කරනවාට අමතරව, ලෝක ව්‍යාප්ත වැඩ සඳහා ප්‍රයෝජනවත් වන ආකාරයට පරිත්‍යාග කළ හැකි වෙනත් ක්‍රමද තිබෙනවා. ඊට පහත සඳහන් දේවල් ඇතුළත්.

රක්ෂණ: ජීවිත රක්ෂණ ඔප්පුවක නැතහොත් විශ්‍රාම වැටුප් සැලැස්මක අර්ථලාභියා හැටියට වොච්ටවර් සමිතිය නම් කළ හැකියි.

බැංකු ගිණුම්: රටේ පවතින බැංකු නීතියට අනුව බැංකු ගිණුම්, තැන්පතු සහතික හෝ විශ්‍රාම දීමනා යනාදිය වොච්ටවර් සමිතියේ භාරකාරත්වය යටතේ පවත්වාගෙන යෑමට හෝ මරණින් පසු ඒවායේ හිමිකාරත්වය වොච්ටවර් සමිතියට ලැබෙන සේ ඒවා පවරා දීමට හෝ පුළුවන්.

ව්‍යාපාර කොටස් හා බැඳුම්කර: සම්පූර්ණ තෑග්ගක් හැටියට ව්‍යාපාර කොටස් හෝ බැඳුම්කර වොච්ටවර් සමිතියට ප්‍රදානය කළ හැකියි.

නිශ්චල දේපොළ: විකිණිය හැකි නිශ්චල දේපොළ සම්පූර්ණ තෑග්ගක් හැටියට නැතහොත් ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය පුරා තමාට එහි වාසය කළ හැකි වන පරිදි ජීවිත භුක්තිය, දායකයා වෙත තබාගෙන නේවාසික ඉඩමක් ලෙස පරිත්‍යාග කරන්න පුළුවන්. යම් නිශ්චල දේපොළක් පැවරීමට කලින් ඔබ එසේ කිරීමට අදහස් කරන බව ඔබේ රටේ ශාඛා කාර්යාලයට දැනුම් දිය යුතුයි.

පරිත්‍යාග කරන ලද වාර්ෂිකය: පරිත්‍යාග කරන ලද වාර්ෂිකය කියන්නේ යමෙක් තමා සතු මුදල් හෝ සුරැකුම්, වොච්ටවර් සමිතිය වෙත පැවරීමට කරන සැලැස්මක්. ඒ සඳහා දායකයාට හෝ දායකයා විසින් පත් කරන ලද අයට ජීවිතාන්තය දක්වාම වසරක් වසරක් පාසා යම් නිශ්චිත මුදලක් ගෙවනු ලබයි.

අන්තිම කැමති පත්‍ර හා විශ්වාස භාරයන්: නීත්‍යනුකූල අන්තිම කැමති පත්‍රයකින් වොච්ටවර් සමිතිය වෙත දේපොළ හෝ මුදල් පවරා දීමට මෙන්ම විශ්වාස ගිවිසුමක අර්ථලාභියා හැටියටද වොච්ටවර් සමිතිය නම් කරන්න පුළුවන්.

කුමන ආකාරයකින් හෝ පරිත්‍යාග කිරීමට සතුටු අයට ඉහත සඳහන් ලිපිනයට එසේත් නැත්නම් ඔබ වෙසෙන රටෙහි තිබෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ඒ බව දන්වන්න පුළුවන්. එම සැලසුම්වලට සම්බන්ධ ලියවිලිවල පිටපතක් සමිතියට ලබා දිය යුතුයි.