අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කරන්න ඔබ කැමතිද?
අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කරන්න ඔබ කැමතිද?
“මැසිඩෝනියාවට ඇවිත් අපට උපකාර කරන්න” කියා මිනිසෙක් පවසනවා පාවුල් දර්ශනයකින් දුටුවා. ඒ අවස්ථාවේදී ඔහු සිටියේ කුඩා ආසියාවේ නගරයක් වන ත්රෝවසයේයි. මැසිඩෝනියාවට ‘ශුභාරංචිය ප්‍රකාශ කිරීමට දෙවි තමන්ව කැඳවා ඇති බව’ පාවුල් ඇතුළු සංචාරයේ යෙදුණු අනික් අය ඉන් තේරුම්ගත්තා. ඔවුන් එහි කළ සේවයේ ප්‍රතිඵලයක් ලෙස මැසිඩෝනියාවේ ප්‍රධාන නගරය වන ෆිලිප්පියේ සිටි ලිදියා සහ ඇගේ පවුලේ අය ක්‍රිස්තියානීන් වුණා. ඉන්පසු මැසිඩෝනියාවේ සිටි තවත් අයද දෙවි ගැන ඉගෙනගත්තා.—ක්‍රියා 16:9-15.
අද දින සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ටද ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ඒ හා සමාන උද්යෝගයක් තිබෙනවා. බොහෝදෙනෙක් කැමැත්තෙන්ම තමන් සතු මිල මුදල් වැය කරමින් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට වැඩි අවශ්‍යතාවක් තිබෙන ප්‍රදේශවලට ගොස් තිබෙනවා. දේවසේවය ජීවිතයේ මූලිකම දේ කරගැනීමට ලීසාට අවශ්‍ය වූ නිසා ඇය කැනඩාවේ සිට කෙන්යාවට ගියා. කැනඩාවේ ජීවත් වූ ට්රෙව සහ එමිලිද තම දේවසේවය වැඩි කරගැනීම සඳහා මලාවිවලට ගියා. එංගලන්තයේ ජීවත් වූ පෝල් සහ මැගී ඔවුන්ගේ රැකියාවෙන් විශ්‍රාම ගත් නිසා තම දේවසේවය වැඩි කරගැනීමට එය අවස්ථාවක් කරගත්තා. ඒ නිසා ඔවුන් නැඟෙනහිර අප්‍රිකාවේ සේවය කිරීමට තෝරාගත්තා. ජීවිතයේ අවශ්‍ය වෙනස්කම් කර වෙනත් ප්‍රදේශයකට ගොස් සේවය කරන්න ඔබත් කැමතිද? ඒ සඳහා ඔබට උපකාරවත් වන බයිබල් ප්‍රතිපත්ති හා අදාළ කරගත හැකි යෝජනා මොනවාද කියා සලකා බලමු.
ඔබටත් හැකිද?
ඔබ වෙනත් ප්‍රදේශයක සේවය කිරීමට ආශා වීමට හේතුව ගැන කල්පනා කර බලන්න. ඒ ගැන යේසුස් මෙසේ පැවසුවා. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ද ඔබේ මුළු ජීවිතයෙන්ද ඔබේ මුළු මනසින්ද ප්‍රේම කරන්න.” ඒ අනුව වෙනත් රටකට ගොස් සේවය කිරීමට අපව පෙලඹවිය යුත්තේ දෙවිට ඇති මතෙ. 22:36-39; 28:19, 20) වෙනත් රටක සේවය කරනවා කියන්නේ නිවාඩුවක් ගත කරනවා නොවෙයි. ඒ සඳහා වෙහෙසී වැඩ කිරීමටත් යම් පරිත්‍යාග කිරීමටත් කැමැත්තෙන් සිටිය යුතුයි. නෙදර්ලන්තයේ සිට පැමිණ, නැමීබියාවේ සේවය කරන රෙම්කෝ හා සුසෑන් ඔවුන් ගත් තීරණයට හේතුව මෙසේ පවසනවා. “අපි මෙහෙ සේවය කරන්නේ දෙවිටත් අසල්වාසීන්ටත් තියෙන ප්‍රේමය නිසයි.”
ප්‍රේමය සහ යේසුස්ගේ ගෝලයන් වීමට අන් අයට උපකාර කිරීමට අපට ඇති ආශාවයි. යේසුස් ඊළඟට මෙවැනි දෙයක්ද පැවසුවා. “දෙවැන්නද ඒ හා සමානය. එනම්, ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ප්‍රේම කරන්න.” ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අපට ඇති ආශාව තුළින් අප අසල්වාසීන්ට ප්‍රේම කරන බව පෙන්වන්න පුළුවන්. (නැමීබියාවේ සංචාරක අවේක්ෂකයෙක් ලෙස සේවය කරන විලී මෙවැනි අදහසක් පළ කරනවා. “සමහර සහෝදර සහෝදරියන් මේ රටට ඇවිත් බොහෝ කාලයක් සේවය කළා. ඔවුන් මේ රටට ආවේ මෙහෙ ඉන්න අය ඔවුන්ව රැකබලා ගනියි කියලා හිතලා නෙමෙයි. ඔවුන් ආවේ මේ රටේ ඉන්න සහෝදර සහෝදරියන් කරන සේවයට උදව් කරන්නයි.”
වෙනත් රටක සේවය කිරීමට ආශා වීමට හේතුව ගැන කල්පනා කිරීමෙන් පසු මේ ප්‍රශ්න ඔබෙන්ම අසාගන්න. ‘මම ලබාගෙන තිබෙන අද්දැකීම්, වෙනත් ප්‍රදේශයකට ගොස් සේවය කරන්න මට ප්‍රයෝජනවත් වෙයිද? මට හොඳ ඉගැන්වීමේ හැකියාවක් තිබෙනවාද? මම දැනටමත් දන්නේ කුමන භාෂාවන්ද? තවත් භාෂාවක් ඉගෙනගන්න මම කැමතිද?’ ඒ දේවල් ගැන ඔබගේ පවුලේ අය සමඟත් සභාවේ වැඩිමහල්ලන් සමඟත් කතා කරන්න. ඒ ගැන යෙහෝවා දෙවිට පවසන්නත් අමතක කරන්න එපා. එසේ කිරීමෙන් ඔබට ඒ සඳහා සැබෑ ආශාවක් තිබෙනවාද කියා අවබෝධ කරගැනීමට හැකියි.— “මේ ගැනත් කල්පනා කරන්න” යන කොටුව බලන්න.
සේවය කරන්නේ කොහේද
පාවුල්ට මැසිඩෝනියාවට යන ලෙස දර්ශනයක් මාර්ගයෙන් යෙහෝවා දෙවි මඟ පෙන්නුවත් එවැනි ක්‍රියා 16:6-10.
ආශ්චර්යයක් අද දින සිදු වන්නේ නැහැ. ඒ වුණත් මෙම සඟරාවෙන් හා වෙනත් ප්‍රකාශනවලින් දේවසේවකයන්ගේ වැඩි අවශ්‍යතා ඇති ප්‍රදේශ මොනවාද කියා අපට දැනගන්න ලැබෙනවා. ඒ නිසා එවැනි ප්‍රදේශ ගැන ලැයිස්තුවක් සකස් කරන්න ඔබට පුළුවන්. ඔබ වෙනත් ප්‍රදේශයකට යන්නේ කෙටි කාලයකට විය හැකියි. වෙනත් භාෂාවක් ඉගෙනගැනීමටද ඔබ අදහස් නොකරනවා විය හැකියි. එවැනි අවස්ථාවක ඔබේ භාෂාව කතා කරන ප්‍රදේශයක් තෝරාගැනීම ගැන සලකා බලන්න. ඉන්පසු ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි, ගමන් වියදම්, ආරක්ෂාව, ජීවන වියදම හා දේශගුණය ගැන සොයා බලන්න. ඊට අමතරව දැනටමත් වෙනත් ප්‍රදේශයකට ගොස් සේවය කරන අය සමඟ කතා කිරීම ඔබට ප්‍රයෝජනවත් විය හැකියි. එම තොරතුරු සලකා බැලීමෙන් පසු ඔබට හොඳ තීරණයක් ගැනීමට උපකාර කරන්න කියා යාච්ඤා කරන්න ඔබට පුළුවන්. මෙයත් මතක තබාගන්න. පාවුල් ඇතුළු පිරිසට ‘ආසියා පළාතට ගොස් ශුභාරංචිය ගැන කතා නොකරන ලෙස දෙවි තම බලය මාර්ගයෙන් ඔවුන්ට මඟ පෙන්නුවා.’ ඉන්පසු ඔවුන් බිතිනියට යෑමට උත්සාහ කළත් ‘යේසුස්, දෙවිගේ බලය මාර්ගයෙන් එතැනට නොයන ලෙස මඟ පෙන්නුවා.’ එලෙස ඔබ කරන සේවයෙන් වැඩි ප්‍රයෝජන ලැබෙන්නේ කොතැන සේවය කළොත්ද කියා තීරණය වෙන්න යම් කාලයක් ගත විය හැකියි.—ඔබට ගැළපෙන රටවල් කිහිපයක් දැනටමත් ඔබ සොයාගෙන ඇති. එසේ නම් ඔබගේ ආශාව ගැන සඳහන් කර, අදාළ රටවල්වල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලවලට ලියන්න ඔබට පුළුවන්. ඔබ මේ දක්වා කර ඇති සේවය හා දැනටමත් දරන අමතර වගකීම් මොනවාද කියා එහි සඳහන් කරන්න ඔබට හැකියි. එමෙන්ම ජීවන වියදම, නවාතැන් ගැනීමට හැකි ස්ථාන, සෞඛ්‍ය පහසුකම් සහ රැකියාවක් සොයාගැනීම වැනි දේවල් ගැන තොරතුරු විමසීමටද ඔබට හැකියි. ඉන්පසු එම ලිපි ඔබගේ සභාවේ සේවා කමිටුවට භාර දෙන්න. ඔවුන් ඔවුන්ගේ අදහස් ඇතුළත් ලිපියක් සමඟ ඔබේ ලිපිද අදාළ ශාඛා කාර්යාලවලට යවනවා. ඊට ලැබෙන පිළිතුර මගින් සේවය කිරීමට ගැළපෙන රට කුමක්ද කියා තීරණය කරන්න ඔබට පුළුවන්.
කලින් අදහස් දැක්වූ විලී මෙවැනි දෙයක්ද පවසනවා. “අපේ රටේ හොඳින් සේවය කළ අය මෙහෙ පදිංචියට එන්න කලින්, බාධාවකින් තොරව සේවය කරන්න පුළුවන්ද කියලා ඇවිත් බැලුවා. මෙහෙ ආව යුවළක් ඔවුන්ට පිටිසර ගමක සේවය කරන්න බැරි බව තේරුම්ගත්ත නිසා දේවසේවකයන්ගේ අවශ්‍යතාව තිබෙන කුඩා නගරයක සේවය කරන්න තීරණය කළා. ඒකෙන් ඒ අය ලොකු සතුටක් ලැබුවා.”
අලුත් අභියෝග
තමන් කුඩා කල සිට හැදී වැඩුණු ප්‍රදේශය අත්හැර වෙනත් ප්‍රදේශයක පදිංචියට යෑම ඇත්තෙන්ම අභියෝගයක්. ඒ ගැන ලීසා මෙසේ පවසනවා. “දරාගන්න අමාරුම දේ තමයි දැනෙන පාළුව.” ඇය ඊට මුහුණ දුන්නේ කොහොමද? තමන් සේවය කළ අලුත් සභාවේ සහෝදර සහෝදරියන් සමඟ කිට්ටුවෙන් ආශ්‍රය කරන්න ඇය තීරණය කළා. මුළින්ම ඇය ඔවුන්ගේ නම් මතක තබාගන්න වෑයම් කළා. ඒ සඳහා ඇය කළේ රැස්වීමට කලින් සහ පසුව සහෝදර සහෝදරියන් එක්ක කතා කිරීමට කාලය ගැනීමයි. එමෙන්ම ඇය ඔවුන් සමඟ දේවසේවයේ හවුල් වුණු අතර ඔවුන්ට තම නිවසටද ආරාධනා කළා. එමගින් ඔවුන් සමඟ මිත්‍ර වෙන්න ඇයට හැකි වුණා. ඒ ගැන ඇය මෙසේ පැවසුවා. “මම කළ පරිත්‍යාග ගැන කවදාවත්
කනගාටු වෙන්නේ නැහැ. මොකද යෙහෝවා දෙවි මට ගොඩක් ආශීර්වාද කරලා තියෙනවා.”තම දරුවන් වැඩිහිටියන් වූ පසු වෙනත් රටකට ගොස් සේවය කරන්න පෝල් සහ මැගී තීරණය කළා. පෝල් ඒ ගැන මෙසේ පවසනවා. “අපිට තිබුණු දේවල් දාලා යන එක එච්චර අමාරු වුණේ නැහැ. නමුත් අපේ පවුලේ අයව දාලා යන එකනම් අපි හිතුවට වඩා ගොඩක් අමාරු වුණා. කොච්චර අමාරු වුණාද කියනවා නම් අපි ගුවන් යානාව ඇතුළේ ඉකිගහලා ඇඬුවා. අපිට ඒක කරන්න පුළුවන් කියලා හිතන එක ලෙහෙසියි. කරන්න ගියාම තමයි ඒකෙ අමාරුව තේරෙන්නේ. නමුත් අපිට යෙහෝවා දෙවි කෙරෙහි ලොකු විශ්වාසයක් තිබුණා. අලුත් මිතුරන් ඇති කරගැනීමද දිගටම සේවය කරන්න අපට උපකාරවත් වුණා.”
නැමීබියාවේ බොහෝදෙනා ඉංග්‍රීසි භාෂාව කතා කළ නිසා ග්‍රෙග් සහ ක්‍රිස්ටල් කැනඩාවේ සිට නැමීබියාවට ගොස් සේවය කිරීමට තීරණය කළා. නමුත් ඒ රටේ සිටින ජනයා කතා කරන වෙනත් භාෂාවක් ඉගෙනගැනීම බොහෝ ප්‍රයෝජනවත් බව ඔවුන් පසුව තේරුම්ගත්තා. “භාෂාව ඉගෙනගන්න එක මුලදී අමාරු වුණත් ඉගෙනගත්තට පස්සේ තමයි අපිට ඔවුන්ගේ සංස්කෘතිය ගැන හරියටම තේරුම්ගන්න පුළුවන් වුණේ. අපි ගිය අලුත් සභාවේ සහෝදර සහෝදරියන්ට තව තවත් ළං වුණාම ඒ පරිසරයට හුරු වෙන්න අපිට පහසු වුණා” කියා ඔවුන් පැවසුවා.
සහෝදර සහෝදරියන් නිහතමානීව හා කැමැත්තෙන්ම වෙනත් රටකට ගොස් සේවය කරන විට එහි සිටින අයට එයින් විශාල දිරිගැන්වීමක් ලැබෙනවා. අයර්ලන්තයේ ජීවත් වූ ජෙනී තම රටට පැමිණි සහෝදර සහෝදරියන් ගැන මෙසේ පවසනවා. “ඔවුන් මෙහෙ ආවේ සේවය කරන්න මිසක සේවය ලබන්න නෙමෙයි. ඔවුන් උද්යෝගයෙන් හා සන්තෝෂයෙන් සේවය කළ නිසා අවශ්‍යතාව ඇති ප්‍රදේශයකට ගිහිල්ලා සේවය කරන්න මටත් ආශාවක් ඇති වුණා.” දැන් ජෙනී සහ ඇගේ ස්වාමිපුරුෂයා ගැම්බියාවේ මිෂනාරිවරුන් ලෙස සේවය කරනවා.
“යෙහෝවා දෙවිගේ ආශීර්වාදය සැබෑ වස්තුවකි”
මැසිඩෝනියාවේදී පාවුල් ලැබුවේ මොන තරම් අනර්ඝ අද්දැකීමක්ද! වසර දහයකට පමණ පසු ෆිලිප්පියේ සහෝදරයන්ට ඔහු මෙසේ ලිව්වා. “මට ඔබව සිහි වන සෑමවිටම මම මාගේ දෙවිට ස්තුති කරමි.”—ෆිලි. 1:3.
මිෂනාරිවරුන් ලෙස සේවය කිරීමට පෙර මලාවිවලට ගොස් සේවය කළ ට්රෙව සහ එමිලිටත් හැඟුනේ පාවුල්ට හැඟුණා හා සමානවයි. ඔවුන් පැවසුවේ මෙසේයි. “මලාවිවල සේවය කරන්න ගත්ත තීරණය හරිද කියලා අපි සමහර අවස්ථාවල කල්පනා කළා. නමුත් අපි එහේ සේවය කළේ හරිම සතුටින්. අපි දෙන්නා එකිනෙකාට තවත් ළං වුණා. ඒ වගේම යෙහෝවා දෙවිගෙන් බොහෝ ආශීර්වාදද අපිට ලැබුණා.” කලින් සඳහන් කළ ග්‍රෙග් සහ ක්‍රිස්ටල් මෙවැනි දෙයක් පවසනවා. “මීට වඩා හොඳ දෙයක් තවත් තියෙනවද!”
සියලුදෙනාටම වෙනත් රටකට ගොස් සේවය කිරීමට හැකියාවක් නොමැති විය හැකියි. සමහරු තම රටේම අවශ්‍යතාව ඇති ප්‍රදේශයකට ගොස් සේවය කරන්න කැමති වෙන්න පුළුවන්. තවත් අය තමන්ගේ නිවසට ආසන්න වෙනත් සභාවක සේවය කරන්න අදහස් කළ හැකියි. කොතැනක සේවය කළත් යෙහෝවා දෙවි වෙනුවෙන් ඔබට හැකි සියල්ල කිරීම ඉතා වැදගත්. (කොලො. 3:23) ඔබ එසේ දෙවිට සේවය කළොත් මේ වචනවල සත්‍යතාව ඔබ අද්දකිනවා ස්ථිරයි. ‘යෙහෝවා දෙවිගේ ආශීර්වාදය සැබෑ වස්තුවකි. ඔහු ඊට කිසි වේදනාවක් එක් නොකරයි.’—හිතෝ. 10:22, නව ලොව පරිවර්තනය.
[5වන පිටුවේ කොටුව/පින්තූරය]
මේ ගැනත් කල්පනා කරන්න
වෙනත් රටකට ගොස් සේවය කිරීමට හැකිද කියා සොයා බැලීම සඳහා පහත සඳහන් ප්‍රශ්න ගැන සලකා බලන්න. ඒ ගැන දෙවිට යාච්ඤා කිරීමටද ඔබට හැකියි. පහත සඳහන් කර ඇති මුරටැඹ කලාපවල ඇති තොරතුරුද ප්‍රයෝජනයට ගන්න. ඒවා සලකා බැලීම නිවැරදි තීරණයක් ගන්න ඔබට උපකාරවත් වේවි.
• මම දෙවි සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගෙන සිටිනවාද?—“සන්තෝෂයට මඟ පෙන්වන පියවර” (1997 ඔක්තෝබර් 15, 6වන පිටුව)
• මට හොඳ ඉගැන්වීමේ හැකියාවන් තිබෙනවාද?—“දේවසේවකයන් හැටියට අපේ හැකියාවන් ප්‍රගුණ කරගනිමු” (1989 මැයි 15, 21වන පිටුව [සිංහලෙන් නැත]; 2005 දෙසැම්බර් 1, පිටු 27-31)
• මගේ පවුලෙන් හා මිත්‍රයන්ගෙන් වෙන් වෙලා ජීවත් වෙන්න මට පුළුවන්ද? —“දේවසේවයේදී නිවස මතක් වීමෙන් ඇති වන දුක සමඟ ක්‍රියා කිරීම” (1994 මැයි 15, 28වන පිටුව)
• අලුත් භාෂාවක් ඉගෙනගන්න මට පුළුවන්ද?—“විදේශීය භාෂාවකින් රැස්වීම් පවත්වන සභාවක සේවය කිරීම” (2006 මාර්තු 15, 17වන පිටුව)
• වෙනත් රටකට ගමන් කිරීම සඳහා යන වියදම දරන්න මට පුළුවන්ද?—“විදේශීය ක්ෂේත්රයක සේවය කරන්න ඔබට පුළුවන්ද?” (1999 ඔක්තෝබර් 15, 23වන පිටුව)
[6වන පිටුවේ පින්තූරය]
සහෝදර සහෝදරියන් කැමැත්තෙන්ම වෙනත් රටකට ගොස් නිහතමානීව සේවය කරන විට එම රටේ සිටින සහෝදරයන්ට එයින් විශාල දිරිගැන්වීමක් ලැබෙනවා
[7වන පිටුවේ පින්තූරය]
හොඳින් සේවය කළ හැක්කේ සේවය කරන්න කැමති අයට මිසක සේවය ලබන්න කැමති අයට නොවෙයි