Skip to content

පටුනට යන්න

ආගම සම්බන්ධයෙන් දරුවෙකුට ඇති අයිතිය

ආගම සම්බන්ධයෙන් දරුවෙකුට ඇති අයිතිය

ආගම සම්බන්ධයෙන් දරුවෙකුට ඇති අයිතිය

දරුවන්ගේ අයිතිවාසිකම් ගැන ස්වීඩනයේ ඇති ආයතනයෙන් “ආගම පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගැනීමට දරුවෙකුට ඇති අයිතිය” ගැන වැදගත් සම්මන්ත්‍රණයක් 2008 දෙසැම්බර් 9වන දින පැවැත්වුවා. එහිදී ස්වීඩනයේ පල්ලිය, වෙනත් ක්‍රිස්තියානි ආගම්, ඉස්ලාම් ආගම හා මානව අයිතිවාසිකම් පිළිබඳ සංවිධානය නියෝජනය කරමින් පැමිණ සිටි අය විවිධ යෝජනා ඉදිරිපත් කරමින් දේශන පැවැත්වුවා.

ඒ අය අතර සිටි එක් ආගමික නායකයෙක් මෙවැනි දෙයක් පැවසුවා. “බයිබලයේ ඇති දේවලින් දරුවෙකුට ලබාගත හැකි ප්‍රයෝජන වචනවලින් විස්තර කරන්න බැහැ.” එය සත්‍යයක්ද?

ඊට ඔහු මෙසේ පිළිතුරු දෙනවා. “දරුවන්ට කියවලා ගැඹුරින් කල්පනා කළ හැකි කතාන්දර බොහෝමයක් බයිබලයේ තියෙනවා. ඒවායින් කිහිපයක් තමයි අදම් සහ ඒව, කායින් සහ ආබෙල්, දාවිත් සහ ගොලියත්, යේසුස්ගේ උපත, සාකෙවුස්, නාස්තිකාර පුත්‍රයාගේ උපමාව, අසල්වැසියෙක් වූ සමරිතානුවරයාගේ කතාන්දරය. සමාව දීම, සමාව ඉල්ලීම, තමා විසින් කළ වරදක් නිවැරදි කරගැනීම, අන් අයට ප්‍රේම කිරීම වැනි දේවල් ගැනත් කපටිකම, වෛරය වැනි නරක දේවල් ඉවත් කරගන්නා ආකාරය ගැනත් දරුවාට වටිනා පාඩම් එයින් ඉගෙනගන්න පුළුවන්. එමගින් ඔවුන්ට මුහුණ දීමට සිදු විය හැකි ගැටලු නිවැරදිව හසුරුවන්න හැකි වෙනවා.”

දරුවන්ට බයිබලය කියවීමට දිරිගැන්වීම ඉතා හොඳ දෙයක්. නමුත් දරුවෙකුට කිසි කෙනෙකුගේ උපකාරය නැතුව තමන් කියවන දේ ගැන “ගැඹුරින් කල්පනා” කිරීමටත් ඒ අනුව නිවැරදි තීරණ ගැනීමටත් හැකිද?

බයිබලයේ ඇති දේවල් අවබෝධ කරගැනීමට වැඩිහිටියෙකුට පවා යම් කෙනෙකුගේ උපකාර අවශ්‍යයි. උදාහරණයකට තමා විසින් ශුද්ධ ලියවිල්ලෙන් කියවන ලද විස්තරයක් ගැන “ගැඹුරින් කල්පනා” කළත් එය තේරුම්ගැනීමට නොහැකි වු ඉතියෝපියානු නිලධාරියෙක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඔහු කියවමින් සිටියේ යෙසායාගේ අනාවැකියයි. එය පහදා දීමට යේසුස්ගේ ගෝලයෙක් වූ ෆිලිප් ඉදිරිපත් වුණා. (ක්‍රියා 8:26-40) ඒ ආකාරයට ශුද්ධ ලියවිල්ලේ ඇති දේවල් වැඩිහිටියන්ට පමණක් නොව දරුවන්ටත් අවබෝධ කර දීමට කවුරුන් හෝ අවශ්‍යයි.

“මෝඩකම දරුවෙකුගේ සිතෙහි පැළපදියම් වී ඇත” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝ. 22:15) දෙමාපියන් රැස්වීමෙන් හා බයිබලයෙන් ඉගෙනගන්නා දේවල් යොදාගෙන දෙවි ගැන හා යහපත් ගතිපැවතුම් ගැන දරුවන්ට මඟ පෙන්වීම් ලබා දිය යුතුයි. එලෙස මඟ පෙන්වීම් ලැබීමේ අයිතිවාසිකම දරුවන්ට තිබෙනවා. ‘අවබෝධයෙන් ක්‍රියා කරන අය තම වටහාගැනීමේ හැකියාව භාවිත කරන නිසා හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට පුහුණු වී සිටිති’ කියා බයිබලයේ සඳහන් වෙනවා. ඒ නිසා කුඩා කාලයේ සිටම දරුවන්ට බයිබලයේ ඇති දේවල් ගැන නිවැරදි අවබෝධයක් ලබා දීම වැදගත්.—හෙබ්‍රෙ. 5:14.