Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

ඔබට මතකද?

මෑතකදී පළ වූ මුරටැඹ කලාප කියවීමෙන් ඔබ වටිනා කාරණා ඉගෙනගත්තාද? එසේනම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔබට හැකිද කියා බලන්න.

• ගැලවුම්කරුට මිය යෑමට සිදු වුණේ ඇයි?

දරුණු පීඩා හමුවේ වුණත් පරිපූර්ණ මිනිසෙකුට දෙවිට භක්තිවන්තව සිටීමට හැකි බව පෙන්වීමට සහ ආදම්ගෙන් උරුම වූ පාපය නැති කර දැමීම සඳහා නියමිත වන්දිය ගෙවීමටයි. ඒ තුළින් මිනිසුන්ට සදාකාල ජීවනය ලබාගැනීමට අවස්ථාව ලැබුණා.—12/15, 22-23 පිටු.

• මත්පැන්වලට නිසි තැන දීමට ඔබට උපකාර කරන්නේ කුමක්ද?

ඒ සඳහා යාච්ඤාව හා බයිබලය අධ්‍යයනය කිරීම උපකාරවත් වෙනවා. තමාව පාලනය කිරීමට ඉගෙනගැනීම, අධිෂ්ඨානයට අනුව වැඩ කිරීම, හොඳ මිතුරන් තෝරාගැනීම සහ නිශ්චිත සීමාවක් තබාගැනීම වැනි දේවල්ද ඒ සඳහා උපකාරවත් වෙයි. ඔබේ සීමාව ඉක්මවා යෑමට කෙනෙක් ඔබව දිරිගන්වනවා නම් එය ප්‍රතික්ෂේප කිරීමට පසුබට වෙන්න එපා.—1/1, 7-9 පිටු.

• දරුවන් සමඟ අර්ථවත් ලෙස අදහස් හුවමාරු කරගැනීමට ඇතුළත් වන්නේ කුමක්ද?

ඒ සඳහා සාමාන්‍යයෙන් කරන කතාබහ පමණක් ප්‍රමාණවත් නැහැ. ප්‍රශ්න ඇසීමත් ඔවුන් දෙන පිළිතුරුවලට හොඳින් ඇහුම්කන් දීමත් වැදගත්. බොහෝ පවුල් අර්ථවත් ලෙස අදහස් හුවමාරු කරගැනීමට ආහාර ගන්නා අවස්ථාවන් යොදාගන්නවා.—1/15, 18-19 පිටු.

• යෙහෝවා දෙවි පරිපූර්ණ නිසා ඔහුට දුක දැනෙනවාද?

සමහර අවස්ථාවලදී යෙහෝවා දෙවි තම සෙනඟ වෙනුවෙන් ගත් තීරණ වෙනස් කරනවා. උදාහරණයකට, ඊශ්‍රායෙල්වරු කිහිප වතාවක්ම දෙවිව අත්හැර වෙනත් දෙවිවරුන්ට නමස්කාර කළා. ඒ නිසා ඔවුන්ට යෙහෝවා දෙවිගේ රැකවරණය අහිමි වුණා. කෙසේනමුත් ඊශ්‍රායෙල්වරුන් තම වැරදිවලට සමාව ඉල්ලා දෙවිට කන්නලව් කළ විට දෙවි ඔවුන්ට දඬුවම් කිරීමට ගෙන තිබූ තීරණය වෙනස් කළේ “දෙවිට ඔවුන් ගැන මහත් දුකක්” දැණුණු නිසයි. (විනි. 2:18)—2/1, 21වන පිටුව.

• නැවත බව්තීස්ම වීම ගැන සලකා බැලිය හැක්කේ කුමන තත්වයන් යටතේද?

බව්තීස්ම වන විටදීත් කෙනෙක් සභා ඇසුරෙන් ඉවත් කළ හැකි තරම් බරපතළ වරදක් රහසිගතව කරමින් සිටියා නම් ඔහුට නැවත බව්තීස්ම වීම ගැන කල්පනා කර බැලිය හැකියි.—2/15, 22වන පිටුව.

• අවංකව කටයුතු නොකිරීමට සමහරු ඉදිරිපත් කරන හේතු තුනක් සඳහන් කරන්න.

තමන් දිලිඳු නිසා සොරකම් කිරීමේ වරදක් නැති බව සමහරුන්ට සිතෙන්න පුළුවන්. ඒ වගේම “හැමෝම ඒක කරනවානේ” යන මතයද සමහරු දරනවා. ඒ විතරක් නෙවෙයි යම් වටිනා දෙයක් සම්බවූ විට එය සම්බවුණේ මට නිසා මම ඒක තියාගන්නවා කියා කියමින් සමහරු හේතු දක්වනවා. ඒ කිසිම හේතුවක් බයිබලයේ අනුමත කරන්නේ නැහැ.—3/1, 12-14 පිටු.

• තිරිඟු සහ කිරිඳි පිළිබඳ යේසුස් පැවසූ උපමාවේ හොඳ බීජ වැපිරීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

මනුෂ්‍ය පුත්‍රයා වන යේසුස් පොළොවේදී තම දේවසේවය කරමින් බීජ වැපිරීම සඳහා පස සූදානම් කළා. ක්‍රිස්තු වර්ෂ 33 සිට රාජ්‍යයේ පුත්‍රයන් වන හොඳ බීජ වපුරන්න පටන්ගත්තා. එනම් යේසුස්ගේ අනුගාමිකයන්ව දෙවිගේ පුත්‍රයන් ලෙස අභිෂේක කළා.—3/15, 20 පිටු.

• ගබඩාවට තිරිඟු රැස් කරනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (මතෙ. 13:30)

රාජ්‍යයේ පුත්‍රයන්ව ගබඩාවට රැස් කිරීමෙන් අදහස් කරන්නේ තිරිඟු වන ඔවුන්ව සැබෑ ක්‍රිස්තියානි සභාවට රැස් කිරීම හෝ මිය ගොස් සිටින අයට ඔවුන්ගේ ස්වර්ගික ත්‍යාගය ලබා දීමයි. එහි ඉටුවීම පවතින සමාජයේ අවසාන කාලය පුරාම සිදු වෙනවා.—3/15, 22 පිටුව.

• අලුත් ගිවිසුමට එනම්, ග්‍රීක ලියවිලිවලට ඇතුළත් විය යුතු සහ නොවිය යුතු පොත් මොනවාද කියා තීරණය කළේ කවුද?

මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන්ට දෙවිගේ බලය මාර්ගයෙන් විවිධාකාර දීමනා ලැබුණා. ‘දෙවිගේ මඟ පෙන්වීමෙන් ප්‍රකාශ වී ඇති දේවල් වටහාගැනීම’ ඉන් එකක්. (1 කොරි. 12:4, 10) එයින් පැහැදිලි වන ආකාරයට අලුත් ගිවිසුමට අයත් විය යුතු පොත් මොනවාද කියා තීරණය කළේ යම් පල්ලියක්වත් පුද්ගලයෙකුවත් නොවෙයි. ඒ වෙනුවට දෙවිගේ බලයේ මඟ පෙන්වීම් ලැබූ සැබෑ ක්‍රිස්තියානීන් කියා පැවසිය හැකියි.—4/1, 28 පිටුව.