Skip to content

පටුනට යන්න

සෝදිසියෙන් සිටීමෙන් ලැබුණු ප්‍රතිඵල

සෝදිසියෙන් සිටීමෙන් ලැබුණු ප්‍රතිඵල

සෝදිසියෙන් සිටීමෙන් ලැබුණු ප්‍රතිඵල

ඔබ ගෙයින් ගෙට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අමතරව ඒ සඳහා උදාවිය හැකි වෙනත් අවස්ථා ගැන සෝදිසියෙන් සිටිනවාද? ෆින්ලන්තයේ ටුර්කුවල ඇති වරාය අවට සිටි සහෝදරයන් එවැනි අවස්ථා ගැන සෝදිසියෙන් සිටි නිසා හොඳ ප්‍රතිඵල ලබාගත්තා.

එම වරායේ විශාල නැවක් ඉදිකිරීම සඳහා ආසියානු රටවල්වලින් සේවකයන් පිරිසක් පැමිණ සිටින බව සහෝදරයන්ට දැනගන්න ලැබුණා. පසුව එම සේවක පිරිස නැවතී සිටි හෝටලය ගැන සහෝදරයෙක් තොරතුරු සොයා බැලුවා. ඒ වගේම එම සේවකයන්ව උදෑසනින්ම බස්රථ මගින් අදාළ වරාය වෙත රැගෙන යන බවත් ඔහුට දැනගන්න ලැබුණා. එම සහෝදරයා ඉක්මනින්ම ටුර්කු නගරයේ ඉංග්‍රීසි භාෂාව කතා කරන සභාවට ඒ තොරතුරු දැන්නුවා.

විදේශිකයන් විශාල සංඛ්‍යාවකට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා එම සභාවේ වැඩිමහල්ලන් ඉක්මනින්ම සැලසුම් කළා. ඒ සතියේම ඉරිදා උදෑසන හතට පමණ බස් නැවතුම්පොළට ප්‍රචාරකයන් දහදෙනෙක් එකතු වුණා. නමුත් සේවකයන් ඒ වන විටත් එතැනට පැමිණ සිටියේ නැති නිසා තමන් ප්‍රමාද වුණාද නැත්නම් ඒ අය මෙහෙන් පිට වී ගිහින්ද කියා සහෝදරයන් තුළ කුතුහලයක් තිබුණා. ටික වෙලාවකට පසු වැඩ කරන ඇඳුමකින් සැරසී සිටි පුද්ගලයෙක් ඈතින් එනවා සහෝදරයන් දැක්කා. ඔහු පසුපසින් තවත් අය පැමිණියා. වැඩි වෙලාවක් යන්න කලින් විශාල පිරිසක් එතැනට රැස් වුණා. ඒ එක්කම සහෝදරයන් ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ප්‍රකාශන යොදාගෙන ඔවුන්ට ශුභාරංචිය ගැන කතා කළා. සේවකයන් විශාල පිරිසක් සිටි නිසා ඔවුන්ට බස්රථවලට නඟින්න පැයක පමණ කාලයක් ගත වුණා. ඒ කාලයෙන් ප්‍රයෝජන ගත් සහෝදරයන් සේවකයන් වැඩි ප්‍රමාණයකට ශුභාරංචිය පැවසීමට අවස්ථාව උදා කරගත්තා. මේ සේවකයන්ට පොත් පිංච 126ක් හා සඟරා 329ක් සහෝදරයන් ලබා දී තිබුණා.

සහෝදරයන්ට ලැබුණු යහපත් ප්‍රතිචාරය නිසා ඔවුන් ඊළඟ සතියේද එම සේවක පිරිස හමු වීමට සැලසුම් කළා. ඔවුන්ගේ සභාවේ චාරිකා සතිය යෙදී තිබුණෙත් එම සතියේමයි. එදින වර්ෂා දවසක් වුණත් ප්‍රචාරකයන් 24දෙනෙක් සේවයට පැමිණ සිටියා. උදෑසන හයහමාරට පමණ සංචාරක සේවක සහෝදරයා ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීමක් පැවැත්වූ අතර පසුව සහෝදරයන් බස් නැවතුම්පොළට ගියා. එම සේවක පිරිසෙන් වැඩිදෙනෙක් ෆිලිපීනයෙන් පැමිණි අය බව දැනගත් සහෝදරයන් ටගාලොග් භාෂාවෙන් ඇති ප්‍රකාශනද රැගෙන ගියා. එහිදී සහෝදරයන්ට පොත් 7ක්, පොත් පිංච 69ක් හා සඟරා 479ක් බෙදා දීමට හැකි වුණා. ඒ අවස්ථාවට හවුල් වූ සහෝදර සහෝදරියන්ට දැනුණ ප්‍රීතිය මොන තරම්ද කියා ඔබට සිතාගත හැකිද!

පසුව සහෝදරයන් එම සේවක පිරිසට දේවරාජ්‍යය ගැන තව තොරතුරු කතා කරන්න කිහිප විටක්ම ඔවුන් නැවතී සිටි හෝටලයට ගියා. ඔවුන්ට වෙනත් රටවලදීත් සාක්ෂිකරුවන් හමු වී ඇති බව සමහර සේවකයන් සහෝදරයන්ට පැවසුවා. ඒ වගේම තමන් ෆින්ලන්තයේ සිටි කාලය තුළ තමන්ව හමු වීමට පැමිණීම ගැන එම සේවකයන් සහෝදරයන්ට ස්තුති කළා.

ඔබේ සභාවට අයත් ප්‍රදේශයේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ලැබෙන විවිධ අවස්ථා ගැන ඔබත් සෝදිසියෙන් සිටිනවාද? විවිධ භාෂා කතා කරන ජනයාට ශුභාරංචිය පැවසීමට ඔබ උනන්දුවෙන් සිටිනවාද? ඔබ එසේ කරනවා නම් ටුර්කුවල සහෝදරයන්ට ලැබුණා හා සමාන ප්‍රීතිමත් අද්දැකීමක් ලබන්න ඔබටත් හැකියි.

[32වන පිටුවේ සිතියම⁄පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

ෆින්ලන්තය

හෙල්සින්කි

ටුර්කු

[හිමිකම් විස්තර]

STX Europe