වෙහෙස මහන්සි නොබලා යෙහෝවා දෙවිට සේවය කළා
වෙහෙස මහන්සි නොබලා යෙහෝවා දෙවිට සේවය කළා
වර්නන් සූබ්කො
මම හැදී වැඩුණේ කැනඩාවේ සස්කැචුවාන් ප්‍රාන්තයේ ගමකයි. මගේ තාත්තට ගොවිපළක් තිබුණා. මගේ ලොකු අක්කා අරෙල්ලා, ලොකු මල්ලි ඇල්වෙන්, නංගී අර්ලෙග්රා සහ පොඩි මල්ලි ඩැරල්. මගේ දෙමාපියන් වන ෆ්‍රෙඩ් සහ ඇඩෙල්ලා අපිට කන්න අඳින්න දෙන්න විතරක් නෙවෙයි අපිව යෙහෝවා දෙවිට ළං කරන්නත් ගොඩක් වෙහෙසුණා. අපිට යෙහෝව දෙවි ගැන උගන්නපු එක ගැන අපි අපේ දෙමාපියන්ට අදටත් ස්තුතිවන්ත වෙනවා.
මගේ තාත්තා අභිෂේක ලත් ක්‍රිස්තියානියෙක්. එයා එඩිතරව දේශනා කළා. අපිට අවශ්‍ය දේ සපයන්න ඔහු ලොකු සටනක් කළා. තාත්තා ගමේ ඉන්න හැමෝටම ඔහු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් බව දැනගන්න සැලැස්සුවා. හැම වෙලාවෙම බයිබලය ගැන අන් අයට කතා කළා. ඔහු පෙන්නූ එඩිතරකම හා උද්‍යෝගය මගේ මතකයෙන් කවදාවත් මැකී යන්නේ නැහැ. ඔහු නිතරම කිව්වේ “වෙහෙස මහන්සි බලන්නේ නැතුව යෙහෝවා දෙවිට සේවය කරන්න. ප්‍රශ්න ගොඩකින් මිදෙන්න ඒක ඔයාට උපකාරයක් වෙයි” කියලයි.
අපි නිතරම අපේ ගමේත් ඒ අවටත් වීදි සේවය කළා. මට නම් ඒක ලේසි වුණේ නැහැ. හැම නගරයකම වගේ උසුළු විසුළු කරන කොල්ලෝ හිටියා. දවසක් මම මුරටැඹ හා පිබිදෙව්! සඟරා අතේ තියාගෙන පාරේ අයිනකට වෙලා ඉද්දී කොල්ලෝ ටිකක් මා ලඟට ඇවිත් මගේ අලුත් තොප්පිය ගලවලා ළඟ තිබුණු කණුවකට දැම්මා. ඒ වෙද්දී මට වයස අවුරුදු අටයි. මේ සිද්ධිය බලාගෙන හිටිය සහෝදරයෙක් මං ළඟට ඇවිල්ලා “ඔයාට මොකක් හරි කරදරයක්ද වර්නන්?” කියලා මගෙන් ඇහුවට පස්සේ කොල්ලෝ ටික එතැනින් යන්න ගියා. මට ඒ වෙලාවේ දුකක් ඇති වුණත් මම ඒකෙන් එක දෙයක් ඉගෙනගත්තා. ඒ තමයි වීදි සේවය කරද්දී කණුවක් වගේ එක තැන හිටිගෙන ඉන්නේ නැතුව ටිකක් එහාට මෙහාට ඇවිදින්න ඕනේ කියලා. පොඩි කාලේ ඉඳලා මට ලැබුණ පුහුණුව නිසා ගෙයින් ගෙට සේවයේ යන්න මට අවශ්‍ය ශක්තිය ලැබුණා.
ඇල්වෙනුයි මායි 1951 මැයි මාසයේදී බව්තීස්ම වුණා. මට එතකොට වයස 13යි. බව්තීස්ම කතාව දුන්නේ සහොදර ජැක් නේතන්. ඔහු ඒ කතාවේදී යෙහෝවා දෙවි ගැන කතා නොකර එක මාසයක්වත් ගෙවෙන්න ඉඩ දෙන්න එපා කියලා අපිව දිරිගැන්නුවා. අපේ පවුලේ සියලුදෙනාගේ ආකල්පය වුණේ කරන්න පුළුවන් හොඳම දේ පුරෝගාමි සේවය කියන එකයි. මම තාත්තාත් එක්ක එකතු වෙලා ඔහුගේ ව්‍යාපාරයේ වැඩ කරනවාට ඔහු කැමති වුණත් අම්මයි තාත්තයි දෙන්නම දිරිගැන්නුවේ පුරෝගාමි සේවය කරන්න කියලයි. මම 1958 පාසැල් අධ්‍යාපනය අවසන් කළාට පස්සේ විනිපෙග් නගරයේ පුරෝගාමි සේවය කළා.
අලුත් නිවසක් සහ සහකරුවෙක්
ක්විබෙක් ප්‍රාන්තයේ සේවය කරන්න කැමති අයට එහි ගොස් සේවය කරන්න කියා 1959දී ශාඛා කාර්යාලය උනන්දු කළා. ඒ ආරාධනාවට අනුව මම මොන්ට්‍රියෙල් නගරයේ සේවය කරන්න ගියා. මට ප්‍රංශ භාෂාව ඉගෙනගන්න වගේම වෙනම සංස්කෘතියකට හැඩගැහෙන්නත් සිදු වුණු නිසා මගේ 1 කොරි. 9:22, 23.
ජීවිතේ අලුත් පිටුවක් පෙරළුණා වගේ මට දැනුණා. අපේ සංචාරක සේවක සහෝදරයා මට මේ වගේ උපදෙසක් දුන්නා. “අපි නම් කළේ මෙහෙමයි කියලා කවදාවත් කියන්න එපා.” ඒක ඇත්තටම හොඳ උපදෙසක්.—මම ක්විබෙක්වලට එද්දී මාත් එක්ක සේවය කරන්න කවුරුත් හිටියේ නැහැ. කොහොමවුණත් 1961 පෙබරවාරි මාසයේ ෂර්ලි ටර්කාට් එක්ක මම විවාහ වුණාට පස්සේ මාත් එකක් සේවය කරන්න ඇය හිටියා. ඇයව මට මීට කලින් විනිපෙග්වලදී හමු වෙලා තිබුණා. එයා යෙහෝවා දෙවිට ගොඩක් ආදරය කළ පවුලක කෙනෙක්. එයා මගේ ජීවිතයට මෙතරම් දිරිගැන්වීමක් හා ශක්තියක් වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ.
ගැස්පි අර්ධද්වීපයේ කළ සේවය
අපි විවාහ වෙලා අවුරුදු දෙකකට පස්සේ අපිට ක්විබෙක් ප්‍රාන්තයේ රිමොස්කි නගරයේ විශේෂ පුරෝගාමීන් ලෙස සේවය කිරීමට පැවරුමක් ලැබුණා. ඊළඟ අවුරුද්දේ ගැස්පි අර්ධද්වීපය පුරාම හැකි සෑම කෙනෙකුටම ශුභාරංචිය ප්‍රකාශ කිරීමට පැවරුමක් ලැබුණා. (දේශ. 11:6) අපි අපේ වාහනේට සඟරා 1,000ක් පොත් 400ක් පමණද කෑම හා ඇඳුම්ද පටවගෙන මාසෙකට එහෙ සේවය කරන්න පිටත් වුණා. අපි ඒ අර්ධද්වීපයේ පිළිවෙළකට සෑම ගමකම සේවය කළා. නමුත් අපි සේවය කරද්දී ‘සාක්ෂිකරුවන් පොත් පත් රැගෙන එනවා, ඔවුන්ගෙන් ඒවා ලබාගන්න එපා’ කියා ගුවන්විදුලියෙන් ප්‍රචාරය කළා. බොහෝදෙනෙක් ඒක තේරුම්ගත්තේ වැරදියටයි. ඔවුන් හිතුවේ අපේ පොත් පත් ගැන ප්‍රචාරයක් දෙනවා කියලයි. ඒ නිසා ඔවුන් අපෙන් පොත් පත් ලබාගත්තා.
ඒ කාලයේදීම වගේ තමයි ක්විබෙක්වල සේවය කරන්න නිදහස ලැබුණේ. නමුත් ඒ ගැන වැඩිදෙනෙක් දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා නිතරම පොලීසියෙන් අපි සේවය කරන එක නැවැත්තුවා. එක දවසක් අපි හැම ගෙදරකටම පොත් පත් බෙදා දෙමින් ඉද්දී පොලිස් නිලධාරියෙක් අපිට පොලීසියට එන්න කියලා කිව්වා. අපි පොලීසියට ගියා. ඒ ප්‍රදේශයේ නීතිඥයා අපේ සේවය නවත්වන්න නියෝග කරලා තිබුණා කියලා අපිට දැනගන්න ලැබුණා. පොලීසියේ ප්‍රධානියා එදා හිටියේ නැති නිසා ටොරොන්ටො ශාඛා කාර්යාලයෙන් අපිට සේවය කිරීමට නිදහස තියෙන බව සඳහන් කරලා එවලා තිබුණු ලියවිල්ලක් මම ඒ නීතිඥයාට දුන්නා. ඒ ලියවිල්ල කියෙව්වාට පස්සේ එයා මෙහෙම කිව්වා. “මම අනවශ්‍ය කරදරයකට පැටලෙන්න ආස නැහැ. ඔයගොල්ලන්ගේ වැඩ නවත්වන්න නියෝග කරන්න කියලා මට කිව්වේ මෙහේ පූජකයායි.” අපේ වැඩ තහනම් කරලා නැහැයි කියලා මිනිසුන්ට දන්වන්න ඕනේ නිසා අපි ඒ වෙලාවෙම නවත්වපු තැන ඉඳන් සේවය කරන්න පටන්ගත්තා.
ඊළඟ දවසේ අපි පොලීසියේ ප්‍රධානියා මුණගැහෙන්න ගියා. අපේ සේවය නවත්වපු එක ගැන ඔහු කනගාටු වුණා. ඒ වෙලාවේ ඔහු නිතිඥයාට දුරකතනයෙන් කතා කළේ හුඟක් තරහෙනුයි. මීට පස්සේ අපිට යම් ප්‍රශ්නයක් වුණොත් ඔහුට කෙළින්ම කතා කරන්න කියලා ඔහු කිව්වා. අපි ඒ ප්‍රදේශයට අලුත් වුණත් අපිට ප්‍රංශ භාෂාව කතා කරන්න එතරම් බැරි වුණත් මිනිසුන් අපිට කාරුණිකව සැලකුවා. ඔවුන්ට යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න ලැබෙයිද කියලා අපි හිතුවා. අවුරුදු කිහිපයකට පස්සේ ඒ ප්‍රදේශයේ රාජ්‍ය ශාලා ගොඩනඟන්න ගිය වේලාවේ අපිට ඒ ප්‍රශ්නෙට පිළිතුරු ලැබුණා. අපි දේශනා කළ බොහෝදෙනෙක් දැන් අපේ සහෝදර සහෝදරියන් වෙලා. වර්ධනය දෙන්නේ යෙහෝවා දෙවි කියන එක නම් පැහැදිලියි.—1 කොරි. 3:6, 7.
අපට ලැබුණු උරුමයක්
අපේ දුව ලීසා ඉපදුණේ 1970දීයි. යෙහෝවා දෙවි අපිට දුන් මේ උරුමය නිසා අපේ ජීවිතේ ප්‍රීතිය හා සතුට තවත් වැඩි වුණා. රාජ්‍ය ශාලා ඉදි කිරීමේ ව්‍යපෘතියේ වැඩවලට මගේ භාර්යාවයි දුවයි මට උදව් කළා. ලීසා පාසැල් අධ්‍යාපනය අවසන් කළාට පස්සේ අපිට මෙහෙම කිව්වා. “අම්මවයි තාත්තවයි ටික කාලෙකට පූර්ණකාලීන සේවයෙන් අයින් කළේ මමයි. ඒ නිසා ඒ අඩුව පුරවන්න මම පූර්ණකාලීන සේවය පටන්ගන්නවා.” එදා ඉඳලා ගත වූ අවුරුදු 20කට වැඩි කාලය පුරාම ඇය ඇගේ ස්වාමිපුරුෂයා වන ෂෙල්වේන් සමඟ පූර්ණකාලීන සේවය කරනවා. ඔවුන්ට විවිධ රටවලට ගොස් ගොඩනැඟීමේ ව්‍යාපෘතිවල සේවය කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. අපේ පවුලේ එකම පරමාර්ථය ජීවිතය සරල කරගෙන යෙහෝවා දෙවිට සේවය කිරීමයි. ලීසා පුරෝගාමි සේවය පටන්ගනිද්දී මට කියපු දේ තාමත් මතකයි.
ඇය මට 2001දී නැවතත් පූර්ණකාලීන සේවය කරන්න දිරිගැන්නුවා. එදා පටන් මමත් මේ වන තෙක්ම පුරෝගාමි සේවය කරනවා. කරන හැම දෙයකදීම යෙහෝවා දෙවි කෙරෙහි රඳා ඉන්නත් ජීවිතය සරල කරගෙන ප්‍රීතිමත්ව සේවය කරන්නත් මට හැකි වෙලා තියෙනවා.ප්‍රේමය, පක්ෂපාතකම හා විශ්වාසවන්තකම
දෙවි දෙන ඕනෑම පැවරුමක් කිරීමට කැමති වෙනවා නම් ඔහු අපිට බහුල ලෙස ආශීර්වාද කරන බව මම ඉගෙනගෙන තියෙනවා. මම ක්විබෙක් ප්‍රාන්තයේ මෙන්ම වෙනත් ප්‍රදේශවල ප්‍රාදේශීය ගොඩනැඟිලි කමිටුවේ හා විවිධ ගොඩනැඟිලි ව්‍යාපෘතිවල සේවය කළා. එහි සේවය කළ අපේ සහෝදර සහෝදරියන් සමඟ වැඩ කිරීමට ලැබීම ඇත්තෙන්ම වරප්‍රසාදයක්.
එවැනි ව්‍යාපෘතිවල වැඩ කරන සමහර අය දක්ෂ කථිකයන් නොවුණට ඔවුන් රාජ්‍ය ශාලා ගොඩනැඟීමේ වැඩවලදී නම් හරිම දක්ෂ විදිහට වැඩ කරනවා. හරියට දීප්තිමත් තාරකා වගේ. ඔවුන් මුළු හෘදයෙන්ම දෙවිට සේවය කරද්දී ඔවුන්ගේ දක්ෂතා හොඳින් පේනවා. එහි ප්‍රතිඵලය යෙහෝවා දෙවිට නමස්කාර කරන්න පුළුවන් ලස්සන ගොඩනැඟිලි ඉදි කරන්න හැකි වීමයි.
“රාජ්‍ය ශාලා ඉදි කිරීමේ ව්‍යාපෘතියක වැඩ කිරීමට මොන වගේ ගුණාංගද තියෙන්න ඕනේ” කියලා බොහෝදෙනෙක් අහනවා. මගේ අද්දැකීමේ හැටියට නම් කෙනෙක් මුලින්ම යෙහෝවා දෙවිටත් ඔහුගේ පුත්‍රයාටත් ඒ වගේම තමන්ගේ සහෝදර සහෝදරියන්ටත් ප්‍රේම කරන්න ඕනෙ. (1 කොරි. 16:14) ඒ වගේම පක්ෂපාතකම හා විශ්වාසවන්තකමත් අවශ්‍යයි. තමන් බලාපොරොත්තු වන ආකාරයට දේවල් සිදු වෙන්නේ නැති විට දිගටම සංවිධානයේ මඟ පෙන්වීම්වලට එකඟව ක්‍රියා කිරීමට පක්ෂපාතකම අවශ්‍යයි. ඉදිරියේදී කරන ව්‍යාපෘතිවලටත් සහයෝගය දැක්වීමට පෙලඹෙන්නේ දෙවි කෙරෙහි විශ්වාසයක් තිබෙනවා නම් පමණයි.
යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වෙනවා
මගේ තාත්තා 1985දී මිය ගියත් දෙවිට වෙහෙස මහන්සි නොබලා සේවය කරන්න කියලා දුන්න උපදෙස නම් මගේ හිතේ තාමත් රැව් පිළිරැව් දෙනවා. ඔහු දැන් දෙවිගේ ස්වර්ගික සංවිධානයේ සාමාජිකයෙක් ලෙස සේවය කරන බවට කිසිම සැකයක් නැහැ. (එළි. 14:13) අම්මගේ වයස දැන් 97යි. ඇය දැන් අංශභාග රෝගියෙක් නිසා කතා කරන්න අමාරුයි. නමුත් බයිබලයේ තියෙන දේවල් ඇයට තාමත් මතකයි. ඇය අපිට එවන ලියුම්වල බයිබල් පද සඳහන් කරනවා වගේම දිගටම දෙවිට සේවය කරන්න කියලත් අපිව උනන්දු කරනවා. මේ වගේ ප්‍රේමණීය දෙමාපියන් අපිට ඉන්න එක ගැන අපි මොන තරම් ස්තුතිවන්ත වෙන්න ඕනෙද!
ඒ වගේම මට ප්‍රේමණීය භාර්යාවක් දීම ගැනත් මම දෙවිට ස්තුතිවන්ත වෙනවා. ඇගේ මව ඇයට දුන් මෙම ඔවදන් තවමත් ඇගේ හිතේ තියෙනවා. “වර්නන්ට දෙවිගේ සේවය තුළ කරන්න බොහෝ වැඩ තියේවි. ඒ නිසා අනික් අය වෙනුවෙන් ඔහු කාලය ගත කරද්දී ඒක ඔයාට දරාගන්න වෙයි.” අපි මීට අවුරුදු 49කට කලින් විවාහ වෙද්දී මේ වගේ තීරණයකට එළඹුණා. අපි එකට දෙවිට සේවය කරමු. එකට වයසට යමු. අපිට මේ දුෂ්ට ලෝකයේ විනාශයෙන් බේරිලා ජීවත් වෙන්න අවස්ථාවක් ලැබුණොත් එකට තරුණභාවයට පත් වී සදාකාලයටම දෙවිට සේවය කරමු. අපි ‘ස්වාමීන් වෙනුවෙන් වෙහෙස මහන්සි’ වී සේවය කිරීම ගැන බොහෝ සෙයින් සතුටු වෙනවා. (1 කොරි. 15:58) යෙහෝවා දෙවි අපිට අවශ්‍ය දේ ලබා දෙමින් අපිව ප්‍රේමණීය ලෙස රැකබලා ගෙන තියෙනවා.
[31වන පිටුවේ පින්තූරය]
“අපේ පවුලේ එකම පරමාර්ථය ජීවිතය සරල කරගෙන යෙහෝවා දෙවිට සේවය කිරීමයි”