Skip to content

පටුනට යන්න

සතුටු සිතින් දෙවිට පරිත්‍යාග කරමු

සතුටු සිතින් දෙවිට පරිත්‍යාග කරමු

කෙනෙක් ඔබට යම් උපකාරයක් කළොත් ඊට ඔබගේ අගය ප්‍රකාශ කරන්නේ කොහොමද? මිදියන්වරුන්ව පරාජය කිරීමට යෙහෝවා දෙවි කළ උපකාරයට ඊශ්‍රායෙලයේ හමුදා ප්‍රධානීන් දෙවිට ඔවුන්ගේ අගය ප්‍රකාශ කළ ආකාරය සලකා බලන්න. ඊශ්‍රායෙල්වරුන් මිදියන්වරුන් සමඟ සටන් කිරීමට පෙර පෙයෝර්හි බාල් දෙවියාට නමස්කාර කළා. එමගින් ඔවුන් දෙවිට අකීකරු වුණා. නමුත් දෙවි ඊශ්‍රායෙල්වරුන්ට මිදියන්වරුන් සමඟ කළ යුද්ධයෙන් ජය අත් කර දුන්නා. ඔවුන්ට ඒ නිසා අත් පත් කරගැනීමට හැකි වූ දේවල් යුද්ධයට සහභාගි වූ සොල්දාදුවන් 12,000 සහ සෙසු ඊශ්‍රායෙල්වරුන් අතරේ බෙදාගත්තා. යෙහෝවා දෙවි ඔවුන්ට පවසා තිබූ ආකාරයට සොල්දාදුවන්, ඔවුන්ට ලැබුණු දෙයින් කොටසක් පූජකයන්ටත් අනික් ඊශ්‍රායෙල්වරුන් ඔවුන්ට ලැබුණු දෙයින් කොටසක් ලෙවීවරුන්ටත් ලබා දුන්නා.—ගණන්. 31:1-5, 25-30.

කෙසේවෙතත් ඊශ්‍රායෙලයේ හමුදා ප්‍රධානීන් මෝසෙස් ළඟට පැමිණ මෙසේ පැවසුවා. “අපි යටතේ සේවය කරන පුරුෂයන්ව අපි ගණන් කර බැලුවා. ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් අඩු වී නැහැ.” ඒ නිසා ඔවුන් වැඩි පුර යමක් දෙවිට දෙන්න කැමති වුණා. ඔවුන් රත්තරන් සහ වෙනත් ආභරණ පරිත්‍යාග කිරීමට තීරණය කළා. ඔවුන් පරිත්‍යාග කළ රන් ආභරණවල බර කිලෝග්‍රෑම් 190කට වැඩියි.—ගණන්. 31:49-54.

යෙහෝවා දෙවි තමන් වෙනුවෙන් කර ඇති දේවල් සඳහා අගය ප්‍රකාශ කිරීමට බොහෝදෙනා අද දිනත් පෙලඹෙනවා. එසේ අගය ප්‍රකාශ කරන්නේ දෙවිගේ සේවකයන් පමණක් නොවෙයි. වර්ෂ 2009දී ඉතාලියේ බෝලොන්ගාවල පැවති ජාත්‍යයන්තර සමුළුවට සහභාගි වූ පිරිසක් ප්‍රවාහණය කළ රියදුරු ඊට කදිම උදාහරණයක්. ඔහු ඉතා සන්සුන් හා සැලකිලිමත් රියදුරෙක්. ඒ නිසා ඔහුගේ බස් රථයේ ගිය අය ඔහුට කාඩ් පතක්, මුදලින් තෑග්ගක් හා බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතක් ලබා දුන්නා. ඒ අවස්ථාවේදී රියදුරු මෙසේ පැවසුවා. “මම කාඩ් එකයි පොතයි ගන්නම්. මුදල් ටික ඔයාලගේ වැඩවලට තියාගන්න. මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නොවුණත් ඔයාලා හැමදේම කරන්නේ ප්‍රේමයෙන් කියලා මම දන්නවා. ඒ නිසා මේ පරිත්‍යාගය භාරගන්න.”

යෙහෝවා දෙවි ඔබ වෙනුවෙන් කර තිබෙන දේවල්වලට අගය ප්‍රකාශ කිරීමට හැකි එක් ක්‍රමයක් වන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලෝක ව්‍යාප්තව සිදු කරන ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයට සම්මාදම් ඉදිරිපත් කිරීමයි. (මතෙ. 24:14) ඔබට ඒ සඳහා සම්මාදම් කිරීමට හැකි ක්‍රම පහත සඳහන් වෙනවා.