Skip to content

පටුනට යන්න

දෙවිට සේවය කිරීමට වයස බාධාවක්ද?

දෙවිට සේවය කිරීමට වයස බාධාවක්ද?

දෙවිට සේවය කිරීමට වයස බාධාවක්ද?

දකුණු ස්පාඤ්ඤයේ මලගාවල ජීවත් වන මවක් සහ දියණියකගේ අද්දැකීමක් සලකා බලන්න. මේ දෙදෙනාගේම නම ආනා. වර්ෂ 2009දී ස්පාඤ්ඤයේ බව්තීස්ම වූ 2,352දෙනා අතර ඔවුන් දෙදෙනාත් සිටියා. ඔවුන් බව්තීස්ම වුණේ දෙසැම්බර් 19වෙනි දිනයි. නමුත් ඔවුන් දෙදෙනාගේ විශේෂත්වයක් තිබුණා. ඒ ඔවුන්ගේ වයසයි. මවගේ වයස අවුරුදු 107ක් වූ අතර දියණියගේ වයස අවුරුදු 83යි.

යෙහෝවා දෙවිට තම ජීවිත කැප කර බව්තීස්ම වීමට ඔවුන්ට පෙලඹීමක් ඇති වුණේ කොහොමද? වර්ෂ 1970 ගණන්වල මුල් කාලයේදී දුවගේ අසල්වැසියෙක් ඇයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙකුගේ නිවසේ පැවැත්වූ පොත් පාඩමට ඇරයුම් කළා. ඇය විටින් විට ඊට සහභාගි වුණා. නමුත් ඇයගේ රැකියාව නිසා අනිකුත් ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල යෙදීමට ඇයට අවස්ථාවක් ලැබුණේ නැහැ.

ඉන් වසර දහයකට පමණ පසු දියණිය වූ ආනාගේ දරුවන් බයිබලය ගැන ඉගෙනගෙන යෙහෝවා දෙවිට කැප වී බව්තීස්ම වුණා. ඇගේ දියණියක් වන මාරී කාමන් නැවතත් බයිබලය ගැන ඉගෙනගන්න මවට උනන්දු කළා. ඉන්පසු මාරීගේ ආච්චිත් බයිබලය ගැන ඉගෙනගන්න ආශාවක් දැක්වූවා. කාලයත් සමඟම මේ පවුලේ දහදෙනෙක් දෙවිට කැප වී බව්තීස්ම වුණා.

මව සහ දියණිය බව්තීස්ම වූ දා ඔවුන්ට ඉමහත් සතුටක් දැනුණා. අවුරුදු 107ක් වූ මව මෙසේ පැවසුවා. “මට දෙවි ගැන ඉගෙනගන්න අවස්ථාවක් ලබා දුන්නාට මම යෙහෝවා දෙවිට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.” එමෙන්ම ඇගේ දියණියට දැනුණු සතුට ගැන ඇය මෙසේ ප්‍රකාශ කළා. “මට ඕනේ පාරාදීසය එන්න කලින් මට පුළුවන් උපරිමයෙන් දෙවිට සේවය කරන්නයි.”

ඔවුන් රැස්වීම්වලින්ද ඉමහත් සතුටක් ලැබුවා. ඒ ගැන වැඩිමහල්ලෙක් මෙසේ පැවසුවා. “ඔවුන් එක රැස්වීමක්වත් අතපසු කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මුරටැඹ සාකච්ඡාවේදී ඔවුන් අනිවාර්යයෙන්ම උත්තර දෙනවා.”

ඔවුන්ගේ විශ්වාසවන්ත සේවය ගැන කතා කරන විට අපට නිතැතින්ම මතක් වන්නේ බයිබලයේ සඳහන් ආනා ගැනයි. ඇය ‘එක දවසක්වත් අතපසු නොකර නමස්කාරය සඳහා දේවමාලිගාවට පැමිණියා. ඇය නිරාහාරව සිටිමින් කන්නලව් කරමින් දිවා රෑ දෙකෙහිම දෙවිට නමස්කාර කළ ස්ත්‍රියක්.’ ඇයට දෙවි කෙරෙහි තිබුණු භක්තිය නිසා යේසුස්ව ළදරු කාලයේදී දැකගැනීමේ වරප්‍රසාදය හිමි වුණා. (ලූක් 2:36-38) අවුරුදු 84ක් වූ ආනාට දෙවිට සේවය කිරීමට වයස බාධාවක් නොවුණා සේම ඉහත කී මවට සහ දියණියට ඒ සඳහා වයස බාධාවක් වුණේ නැහැ.

බයිබලයේ ඇති සත්‍යයන් ගැන දැනගැනීමට ආශාවක් දක්වන නෑදෑයන් ඔබටත් සිටිනවාද? සවන් දීමට කැමති මහලු කෙනෙක්ව ඔබට මුණගැසී තිබෙනවාද? ඔවුන්ටත් ඉහත සඳහන් මව සහ දියණියට මෙන් යෙහෝවා දෙවිට සේවය කළ හැකියි. මන්ද ඒ සඳහා වයස බාධාවක් නොවෙයි.

[25වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මම යෙහෝවා දෙවිට ගොඩක් ස්තුතිවන්ත වෙනවා”

[25වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මට ඕනේ පාරාදීසය එන්න කලින් මට පුළුවන් උපරිමයෙන් දෙවිට සේවය කරන්නයි”