Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

ඔබට මතකද?

මෑතකදී පළ වූ මුරටැඹ කලාප කියවීමෙන් ඔබ වටිනා කාරණා ඉගෙනගත්තාද? එසේනම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔබට හැකිද කියා බලන්න.

• ඒදන් උයන සැබෑ ස්ථානයක් කියා අප පිළිගන්නේ ඇයි?

ඒදන් උයන තිබූ නිශ්චිත ස්ථානය ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඒදන් උයන ගැන සඳහන් වාර්තාවේ ඇති ගංගා දෙක අදටත් තිබෙනවා. නමුත් සුරංගනා කතාවල අදටත් පවතින ස්ථාන ගැන සඳහන් වෙන්නේ නැහැ. විශ්වාසවන්ත සාක්ෂිකරුවා ලෙස බයිබලයේ හඳුන්වන යේසුස් පවා ආදම් සහ ඒව ගැන කතා කළා.—1/1, 5-6 සහ 9 පිටු.

• ආදම් සහ ඒව පව් කරන බව දෙවි කලින්ම දැන සිටියාද?

නැහැ. දෙවි ඔවුන්ට ප්‍රඥාව හා තීරණ ගැනීමේ නිදහස ලබා දී තිබුණා. ඒ නිසා දෙවිගේ ප්‍රතිපත්ති රකිනවාද නැද්ද කියා තීරණය කිරීමට ඔවුන්ට නිදහස තිබුණා. අනාගතය ගැන දැනගැනීමේ හැකියාව දෙවිට තිබුණත් ඔහු සෑම අවස්ථාවකම ඒ හැකියාව භාවිත කරන්නේ නැහැ. මන්ද මතු වන ඕනෑම තත්වයකට ක්ෂණිකව සකස් විමේ හැකියාව ඔහුට තිබෙනවා.—1/1, 13-15 පිටු.

• ආරක්ෂාව ලබා දීමට දෙවිගේ නමට අද්භූත බලයක් තිබෙනවා කියා සැබෑ ක්‍රිස්තියානීන් විශ්වාස කරනවාද?

සමහර භාණ්ඩවලට හා සංකේතවලට තමන්ව ආරක්ෂා කිරීමට අද්භූත බලයක් තිබෙන බව සමහරුන් විශ්වාස කරනවා. නමුත් දෙවිගේ නමට එවන් අද්භූත බලයක් තිබෙනවා කියා සැබෑ ක්‍රිස්තියානීන් විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් දෙවි කෙරෙහි විශ්වාසය තබමින් ඔහුගේ කැමැත්ත කිරීමට මුල් තැන දෙනවා. ඒ තුළින් ඔවුන් දෙවිගේ නාමය තම රැකවරණය කරගන්නවා. (ශෙප. 3:12, 13)—1/15, 5-6 පිටු.

• කෙත්වල මායිමේ ඇති අස්වැන්න ඉතුරු කිරීමෙන් ප්‍රයෝජන ලැබුවේ කවුද?

සෑමදෙනාම ප්‍රයෝජන ලැබුවා. වෙහෙස මහන්සි වී වැඩ කිරීමට දිලිඳු මෙන්ම අසරණ තත්වයේ සිටි අය ඉන් පෙලඹුණා. ඒ වගේම ගොවියන්ට පරිත්‍යාගශීලී වීමටත් දෙවිගේ ආශීර්වාද මත රඳා සිටීමටත් එය දිරිගැන්වීමක් වුණා.—2/1, 15වන පිටුව.

• යෙහෝවා දෙවි සාවුල් රජව ප්‍රතික්ෂේප කළේ ඇයි?

දෙවිගේ අනාගතවක්තෘවරයා පැමිණ පූජාව ඔප්පු කරන තුරු සිටිය යුතු වුණත් රජ ඊට කීකරු නොවී එම පූජාව ඔප්පු කළා. එමෙන්ම සතුරු ජාතියක් සහමුලින්ම විනාශ කරන්න කියා දුන් ආඥාවටත් ඔහු කීකරු වුණේ නැහැ.—2/15, 22-23 පිටු.

• අප දුෂ්ටකමට වෛර කරන බව පෙන්වන්නේ කොහොමද?

බේබදුකමින්, භූතවාදයෙන් වැළකී සිටීමෙන් හා අනාචාරය ගැන යේසුස් දුන් අනතුරු ඇඟවීමට කීකරු වීමෙන් එසේ කළ හැකියි. උදාහරණයකට, අපි කාමුක දර්ශන නැරඹීමෙන් වැළකී සිටිනවා. (මතෙ. 5:27, 28) එමෙන්ම සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ අය සමඟ අප ඇසුරු කරන්නේද නැහැ.—2/15, 29-32 පිටු.

• ඊශ්‍රායෙලයෙන් මීමැසි පාලනය සඳහා භාවිත කළ බඳුන් සොයාගැනීමේ ඇති විශේෂත්වය කුමක්ද?

මීමැසි පාලනය සඳහා යොදාගත් මැටි බඳුන් 30ක් පමණ පුරාවිද්‍යාඥයන් විසින් මෑතකදී සොයාගත්තා. ඉන් වාර්ෂිකව මීපැණි ටොන් භාගයක් පමණ ලබාගත හැකි බව ඔවුන් පවසනවා. දෙවි ඔහුගේ සෙනඟට “කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන” දේශයක් ලබා දෙන බව පැවසුවා. ඇත්තටම ඒ දේශයේ මීමැසි පාලනය සිදු වූ බව ඉන් පැහැදිලි වෙනවා.(නික්. 3:8)—3/1, 15වන පිටුව.

• යෙරෙමියා “දිය පාරවල් අසල සිටෙවූ, දිය උල්පත් වෙතට මුල් ඇද ඇති ගසකට සමාන” වුයේ කෙසේද? (යෙරෙ. 17:7, 8)

ඔහු උද්‍යෝගයෙන් දෙවිගේ පණිවිඩය ප්‍රකාශ කළා. ඔහු සමච්චල් කරන්නන්ගේ බලපෑමට හසු වුණේ නැහැ. ඒ වෙනුවට යෙරෙමියා, ජීවිතය පවත්වාගෙන යෑමට හැකියාව ලබා දෙන තැනැත්තාණන් වන දෙවි මත රඳා සිටිමින් ඔහුට කීකරු වුණා.—3/15, 14වන පිටුව.

• බොහෝ දේවල් අවශ්‍ය නැහැ. එක දෙයක් තිබුණොත් ඇති කියා යේසුස් මාර්තාට පැවසූ විට ඔහු ඉන් අදහස් කළෙ කුමක්ද? (ලූක් 10:41, 42)

මාර්තා වෙහෙස මහන්සි වී කළ දේවල් යේසුස් අගය කළේ නැති බව හෝ මාර්තා එදිනෙදා වැඩකටයුතු ගැන පමණට වඩා සිතන කෙනෙක් බව යේසුස් ඉන් අදහස් කළේ නැහැ. වඩා වැදගත් දේවල් මොනවාද කියා යේසුස් එහිදී කාවැද්දුවා. තමාගේ විශ්වාසය ශක්තිමත් කරගැනීමට ලැබෙන අනගි අවස්ථාවෙන් ඇය ප්‍රයෝජන ගත්තේ නැහැ.—4/1, 12-13 පිටු.

• යේසුස්ගේ නඩු විභාගයේ සිදු වූ අසාධාරණ දේවල් සමහරක් මොනවාද?

යේසුස්ට පක්ෂව ඇති සාක්ෂි සලකා බැලුවේ නැහැ. බොරු සාක්ෂිකරුවන්ට සවන් දුන්නා. නඩුව විභාග කළේ රාත්‍රියේදීයි. එය දිනයක් ඇතුළතදී අවසන් කර තීන්දුව ලබා දුන්නා.—4/1, 20වන පිටුව.