Skip to content

පටුනට යන්න

සරල කරන ලද ඉංග්‍රීසි සඟරාව

සරල කරන ලද ඉංග්‍රීසි සඟරාව

සරල කරන ලද ඉංග්‍රීසි සඟරාව

මේ මාසයේ පටන් සෑම මාසයකම මුරටැඹ ඉංග්‍රීසි පාඩම් කලාපයට සමගාමීව සරල කරන ලද ඉංග්‍රීසි භාෂාවෙන් මුරටැඹ පාඩම් කලාපයක්ද නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන බව දන්වන්න අප සතුටුයි. මෙය අවුරුද්දක පමණ කාලයක් අත්හදා බැලීමට සැලසුම් කර තිබෙනවා. මෙම සඟරාවේ පාඩම් ලිපිවලට අමතරව ඉඩ තිබෙන ප්‍රමාණය අනුව අනිකුත් ලිපිද පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බොහෝදෙනෙකුට දෙවි සමඟ තිබෙන ඔවුන්ගේ බැඳීම තවත් ශක්තිමත් කරගැනීමට මෙය උපකාරවත් වෙයි.

ෆීජි දූපත, ඝානාව, කෙන්යාව, ලයිබීරියාව, නයිජීරියාව, පැපුවා නිව් ගිනියාව හා සොලමන් දූපත් වැනි රටවල අපේ සහෝදරයන් සාමාන්‍යයෙන් කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවයි. සමහර රටවල සහෝදරයන් ඒ රටවලට ආවේණික භාෂා කතා කළත් සභාවේ රැස්වීම් පවත්වන්නේ හා ශුභාරංචිය ප්‍රකාශ කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙනුයි. කෙසේවෙතත් ඔවුන් භාවිත කරන ඉංග්‍රීසි භාෂාව අපේ පොත් පත්වල පළ වන ඉංග්‍රීසි භාෂාවට වඩා සරලයි. සමහර සාක්ෂිකරුවන් වෙනත් රටවලට පදිංචියට යනවා. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඔවුන්ගේ දැනුම සීමිත වුණත් ඔවුන්ට ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීමට සිදු වී තිබෙනවා. ඔවුන්ට රැස්වීම් සඳහා සහභාගි වීමට සිදු වී තිබෙන්නේත් ඉංග්‍රීසි භාෂාව කතා කරන සභාවලයි.

දෙවි සමඟ තිබෙන බැඳීම ශක්තිමත් කරගැනීම සඳහා උපකාරවත් වන කාලෝචිත උපදෙස් අපට ලැබෙන ප්‍රධානම ආකාරය වන්නේ මුරටැඹ පාඩමයි. එමනිසා සියලුදෙනාටම ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට පාඩම් ලිපි සරල ඉංග්‍රීසි බසින් නිකුත් කර තිබෙනවා. මෙම සඟරාවේ පිට කවරය වෙනස් වුණත් උපමාතෘකා, ඡේද, පුනරීක්ෂණ ප්‍රශ්න හා පින්තූරු අනික් කලාපයට සමගාමීව තිබෙනවා. ඒ නිසා සරල ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන මුරටැඹ සඟරාව හෝ අනික් සඟරාව මුරටැඹ සාකච්ඡාව සඳහා භාවිත කළ හැකියි. එම කලාප දෙකේ ඇති වෙනස පෙන්වන උදාහරණයක් පහත දැක්වෙයි. එය ගෙන තිබෙන්නේ මෙහි පළමුවෙනි පාඩම් ලිපියේ දෙවෙනි ඡේදයෙනුයි.

“ඔබේ ආඥා ඉගෙනගැනීමට හැකි වන පිණිස මට තේරුම්ගැනීමේ හැකියාව ලබා දෙන්න” කියා බොහෝදෙනා දෙවිට කළ ආයාචනයට මෙම කලාපය පිළිතුරක් කියා අප සිතනවා. (ගීතාවලිය 119:73) ඉංග්‍රීසි භාෂාව පිළිබඳව සීමිත දැනුමක් තිබෙන හා ඉංග්‍රීසි භාෂාව කතා කරන දරුවන්ට සෑම සතියකම පවත්වන මුරටැඹ පාඩමට හොඳින් සූදානම් වීමට මෙය මහඟු උපකාරයක් වේවි. අප ‘සියලුදෙනාටම ප්‍රේම කරන’ යෙහෝවා දෙවි ඔහුට ළං වීම සඳහා අපට අවශ්‍ය කරන දැනුම “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” මාර්ගයෙන් බහුල ලෙස සැපයීම ගැන අප ඔහුට මොන තරම් ස්තුතිවන්ත විය යුතුද!—1 පේතෘ. 2:17; මතෙ. 24:45.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය