හොඳම දේ දෙවිට දෙන්න
“ඔබ කුමක් කළත් මිනිසුන්ට නොව යෙහෝවා දෙවිට කරන්නා සේ මුළු හදවතින්ම එය කරන්න.”—කොලො. 3:23.
1-3. (අ) යේසුස් තම ජීවිතය පූජා කළ නිසා දෙවි අපෙන් කිසි පූජාවක් බලාපොරොත්තු වෙන්නේ නැද්ද? පැහැදිලි කරන්න. (ආ) මතු වන ප්රශ්නය මොකක්ද?
අපි අද සිටින්නේ දෙවි මෝසෙස්ට දුන් නීතිය යටතේ නොවෙයි. යේසුස්ගේ ජීවිත පූජාවෙන් පසු එම නීතිය අවලංගු වූ බව යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට හෙළි කළා. (කොලො. 2:13, 14) එම නීතිය ‘ක්‍රිස්තුස් ළඟට ගෙන යන උපදේශකයෙක්’ පමණක් කියා පාවුල් පැහැදිලි කළා. (ගලා. 3:24) නීතිය අවලංගු වූ පසු අවුරුදු සියගණනක් පුරා යුදෙව්වන් ඔප්පු කරමින් සිටි පූජා දෙවිට තවදුරටත් අවශ්‍ය වුණේ නැහැ.
2 ඉන් අදහස් කරන්නේ අද සිටින දෙවිගේ සේවකයන් කිසිම ආකාරයක පූජාවක් ඔප්පු කරන්නේ නැති බවද? නැහැ. ‘දෙවි තම බලය මගින් ලබා දෙන මඟ පෙන්වීම්වලට අනුව යේසුස් මාර්ගයෙන් දෙවිට පිළිගත හැකි පූජා ඔප්පු කරන්න’ කියා පේතෘස් පැවසුවා. (1 පේතෘ. 2:5) ඒ වගේම පාවුල්ද අපට පැවසුවේ දෙවිට පිළිගත හැකි ‘පූජාවක් ලෙස’ අපේ ජීවිතය දෙවිට කැප කරන්න කියායි.—රෝම 12:1.
3 ඉන් පැහැදිලි වෙන්නේ කෙනෙක් දෙවිගේ සේවය වෙනුවෙන් යමක් පරිත්‍යාග කරනවා නම් හෝ දේවසේවය වෙනුවෙන් යම් දේවල් අත්හරිනවා නම් හෝ එය දෙවිට කරන පූජාවකට සමාන බවයි. නමුත් මතු වන ප්රශ්නය නම් අප ඉදිරිපත් කරන පූජා දෙවි පිළිගනියිද නැද්ද කියා අප දන්නේ කොහොමද යන්නයි.
දිනපතා කරන පූජා
4. අප දිනපතා කරන දේවලදී මතක තබාගත යුත්තේ මොකක්ද?
4 අප දිනපතා කරන විවිධ දේවල් අපේ නමස්කාරයට බලපාන්නේ කොහොමද කියා සමහර අවස්ථාවලදී සිතාගන්නත් අමාරුයි. උදාහරණයකට ගෙදරදොරේ වැඩ, පාසැලේ හෝ රැකියාවේ වැඩ, කඩසාප්පු යෑම යනාදිය බැලූ බැල්මට දෙවි සමඟ තිබෙන අපේ මිත්‍රත්වයට බලපාන්නේ නැහැ කියා සිතෙන්න ඉඩ තිබෙනවා. නමුත් අපි දැනටමත් දෙවිට කැප වී සිටිනවා නම් හෝ කොලොස්සි 3:18-24 කියවන්න.
කැපවීමට බලාපොරොත්තු වෙනවා නම් අපි දිනපතා කරන දේවල් දෙවි සමඟ ඇති මිත්‍රත්වයට හානි කිරීමට හෝ එය ශක්තිමත් කිරීමට බලපාන බව මතක තබාගත යුතුයි. සෑමවිටම බයිබල් ප්‍රතිපත්ති රකින්න අප පුරුදු විය යුතුයි. පාවුල් අපට දිරිගැන්නුවේ “ඔබ කුමක් කළත් මිනිසුන්ට නොව යෙහෝවා දෙවිට කරන්නා සේ මුළු හදවතින්ම එය කරන්න” කියායි.—5, 6. අපි අඳින පළඳින හා හැසිරෙන ආකාරය තීරණය කිරීමේදී පාවුල් පැවසූ දේ ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?
5 අප දිනපතා කරන සෑම දෙයක්ම අපේ නමස්කාරයේ කොටසක් නොවුණත් දවසේ පැය 24 පුරාම අපි දෙවිගේ සේවකයන් බව මතක තබාගත යුතුයි. පාවුල් පැවසුවේ අපි කරන සෑම දෙයක්ම ‘දෙවිට කරන්නා සේ මුළු හදවතින්ම කරන්න’ කියායි. ඒ අනුව අපේ ඇඳුම් පැළඳුම් හා හැසිරීම ගැන අපි සෑමවිටම සැලකිලිමත් විය යුතුයි. අපි අඳින පළඳින විදිහෙන් හා හැසිරෙන ආකාරයෙන් අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බව අන් අයට පහසුවෙන්ම හඳුනාගන්න පුළුවන්ද? දෙවිගේ ශුද්ධ නාමයට අගෞරව වන ආකාරයෙන් අඳින්න පළඳින්න හෝ හැසිරෙන්න අපි කවුරුත් කැමති නැහැ.—යෙසා. 43:10; 2 කොරි. 6:3, 4, 9.
6 අප කරන සෑම දෙයක්ම දෙවිට කරන්නා සේ මුළු හදවතින්ම කිරීම අපේ ජීවිතයේ විවිධ පැතිවලට බලපාන්නේ කොහොමද කියා අපි දැන් බලමු. ඒ අතරතුරේදී පුරාණ ඊශ්‍රායෙල්වරුන් දෙවිට පූජාවක් කළ සෑමවිටම ඔවුන් සතු හොඳම කොටස දීම දෙවි බලාපොරොත්තු වූ බවත් මතකයේ තබාගන්න.—නික්. 23:19.
දෙවි හා අන් අය වෙනුවෙන් ජීවත් වෙන්න
7. ජීවිතය දෙවිට කැප කිරීම කීමෙන් අදහස් කරන්නේ මොකක්ද?
7 ඔබේ ජීවිතය දෙවිට කැප කළ අවස්ථාවේදී ඔබ දෙවිට පොරොන්දුවක් දුන්නා. ඔබ පොරොන්දු වුණේ දෙවිගේ සේවය වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම යොදවනවා කියායි. ඉන් අදහස් කරන්නේ ජීවිතයේ සෑම කාරණයකදීම දෙවිගේ කැමැත්තට මුල් තැන දෙනවා කියන එකයි. (හෙබ්‍රෙව් 10:7 කියවන්න.) දෙවිගේ කැමැත්තට මුල් තැන දී ගත් තීරණ නිසා ඔබ දැනටමත් බොහෝ ආශීර්වාද අද්දැක තිබෙන බව නිසැකයි. (යෙසා. 48:17, 18) දෙවිගේ මඟ පෙන්වීමට අනුව කටයුතු කිරීමෙන් හා ඔහුගේ ආදර්ශය අනුගමනය කිරීමෙන් අපට ප්‍රීතිය අද්දකින්න විතරක් නොව ශුද්ධව සිටින්නත් හැකි වෙනවා.—ලෙවී. 11:44; 1 තිමෝ. 1:11.
8. ශුද්ධව සිටීමට ඇතුළත් වන්නේ මොනවාද? ඉන් ලැබෙන ප්‍රතිඵලය මොකක්ද?
8 ඊශ්‍රායෙල්වරුන් ඔප්පු කළ පූජා දෙවි සැලකුවේ ශුද්ධ දෙයක් ලෙසයි. (ලෙවී. 6:25; 7:1) “ශුද්ධ” ලෙස පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනයේ අර්ථය වන්නේ දෙවි වෙනුවෙන් වෙන් කිරීම හෝ දෙවිට පමණක් අයිතියි යන්නයි. ඒ අනුව අපි දෙවිට කරන පූජා දෙවි විසින් පිළිගන්න නම් අප මේ දුෂ්ට සමාජයෙන් අපවිත්‍ර නොවී සිටීම අවශ්‍යයි. යෙහෝවා දෙවි පිළිකුල් කරන කිසිම දෙයකට අපි ඇලුම් නොකරමු. (1 යොහන් 2:15-17 කියවන්න.) දෙවි අපවිත්‍රයි කියා සලකන පුද්ගලයන්ගෙන් හා දේවලින්ද අප ඈත් වී සිටීම අවශ්‍යයි. (යෙසා. 2:4; එළි. 18:4) ඒ වගේම කාමුක හැඟීම් අවුස්සන දේවල් නැරඹීම පමණක් නොව ඒ ගැන සිතීමෙන්ද අප වැළකිය යුතුයි. (කොලො. 3:5, 6) අපි එසේ කරනවා නම් අප ඉදිරිපත් කරන පූජා දෙවි පිළිගන්නවා.
9. අප අන් අයට සලකන ආකාරය වැදගත් වෙන්නේ ඇයි?
9 අපි දෙවිට කරන පූජා දෙවි පිළිගැනීමට නම් අප කළ යුතු තවත් දෙයක් තිබෙනවා. ඒ ගැන පාවුල් පැවසුවේ මෙයයි. “යහපත් දේවල් කිරීමටත් අනුන් සමඟ ඔබ සතු දේවල් බෙදා හදා ගැනීමටත් අමතක නොකරන්න. මන්ද එවැනි පරිත්‍යාග ගැන දෙවි සතුටු වෙයි.” (හෙබ්‍රෙ. 13:16) අප ඒ උපදෙසට අනුව ක්‍රියා කරනවා නම් දෙවි එය සලකන්නේ ඔහුට කරන පූජාවක් හැටියටයි. අපි යේසුස්ගේ සැබෑ ගෝලයන් බවත් එමගින් ඔප්පු වෙනවා. (යොහ. 13:34, 35; කොලො. 1:10) අපි අන් අයට හොඳින් සැලකීම කොතරම් වැදගත්ද කියාත් ඉන් පැහැදිලි වෙනවා.
දෙවි පිළිගන්නා නමස්කාරය
10, 11. දේවසේවය ඇතුළු නමස්කාරයේ විවිධ පැති දෙවි සලකන්නේ කොහොමද? අපි අසාගත යුත්තේ මොන වගේ ප්‍රශ්නද?
10 අන් අයට යහපත කළ හැකි එක් ආකාරයක් වන්නේ ‘අපේ බලාපොරොත්තුව ගැන ඔවුන්ට ප්‍රකාශ කිරීමයි.’ ශුභාරංචිය දේශනා කිරීමට ලැබෙන සෑම අවස්ථාවකින්ම ඔබ ප්‍රයෝජන ගන්නවාද? පාවුල් ඒ ගැන විස්තර කළේ මෙහෙමයි. “අපි නිතරම අපගේ මුවින් දෙවිට කරන ප්‍රශංසාව, පූජාවක් මෙන් ඔප්පු කර ඔහුගේ නාමය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමු.” (හෙබ්‍රෙ. 10:23; 13:15; හොෂෙ. 14:2) ඒ අනුව මෙම ප්‍රශ්න අපෙන්ම අසාගනිමු. මම දේශනා සේවයට කොතරම් කාලයක් වෙන් කරනවාද? කරන්නන් වාලේ නොකර දේවසේවය අර්ථවත්ව කරන්න පුළුවන් කොහොමද? අපේ දේවසේවය හොඳින් කිරීමට සේවා රැස්වීම අපට උපකාර වෙනවා. දේවසේවය අපේ නමස්කාරයේ කොටසක් හා දෙවිට දෙන පූජාවක් යන්න අප මතක තබාගත යුතු වැදගත් කරුණක්. අප එක් එක් කෙනාගේ තත්වයන් වෙනස් වුණත් අපි අපේ උපරිමය කරනවාද කියා සොයා බැලිය යුතුයි. වෙනත් විදිහකින් කියනවා නම් අප සතු හොඳම කොටස දෙවිට දිය යුතුයි.
11 අපිට සබත් නීතිය රැකීමටවත් නමස්කාර කිරීමට යෙරුසලමට යෑමටවත් අවශ්‍ය නැහැ. නමුත් දෙවි තවමත් අපෙන් යම් දේවල් බලාපොරොත්තු වෙනවා. උදාහරණයකට අපේ නමස්කාරයේ විවිධ පැති ගැන සැලකිලිමත් වීම ඊට අයත්. අපි හැමෝම ඉතා කාර්යබහුල බව ඇත්තයි. 1 තෙස. 5:17; හෙබ්‍රෙ. 10:24, 25) ඒ නිසා නමස්කාරයේ විවිධ පැති තවත් දියුණු කරගත යුතුද කියා අපි අපෙන්ම අසාගත යුතුයි.
නමුත් දිනපතා බයිබලය කියවීමටත් යාච්ඤා කිරීමටත් නිතිපතා රැස්වීම්වලට සහභාගි වීමටත් කාලය වෙන් කිරීම දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තම පවුලේ අය සමඟ බයිබලය අධ්‍යයනය කිරීම පවුලේ මූලිකයාට දෙවි දී තිබෙන වගකීමක්. (12. එදා ඔප්පු කළ සුවඳ ද්‍රව්‍යය අද දින සමාන කරන්න පුළුවන් මොකකටද? (ආ) දෙවි අපේ යාච්ඤා පිළිගැනීමට නම් අපි යාච්ඤා කළ යුත්තේ කොහොමද?
12 පුරාණ ඊශ්‍රායෙල්වරුන් දෙවිට සුවඳ දුම් ඔප්පු කළා. දෙවි එය පූජාවක් ලෙස පිළිගත්තේ ඔහු දුන් මඟ පෙන්වීමට අනුව සුවඳ ද්‍රව්‍ය පිළියෙල කර තිබුණු විට පමණයි. (නික්. 30:34-37; ලෙවී. 10:1, 2) දාවිත් තමා දෙවිට කළ යාච්ඤා සුවඳ ද්‍රව්‍යවලට සමාන කරමින් මෙසේ පැවසුවා. “ඔබ ඉදිරියේ ඔප්පු කිරීම සඳහා පිළියෙල කළ සුවඳ ද්‍රව්‍ය ඔබ පිළිගන්නාක් මෙන් මා කරන යාච්ඤාවත් පිළිගන්න.” (ගීතා. 141:2) එළිදරව් පොතේද “ශුද්ධ තැනැත්තන් ඉදිරිපත් කරන යාච්ඤා” සුවඳ දුම් පූජාවක් මෙන් පිළිගන්නා බව සඳහන් වෙනවා. (එළි. 5:8) අපේ යාච්ඤා ගැන කුමක් කිව හැකිද? අප කොපමණ වාරයක් යාච්ඤා කරනවාද? ඒ වගේම යාච්ඤා කරන්නේ මොනවා ගැනද? අපි එම ප්‍රශ්න ගැන කල්පනා කර බැලිය යුතුයි. යාච්ඤාව ශුද්ධ පූජාවක් ලෙස සලකමින් දෙවි දී තිබෙන මඟ පෙන්වීම්වලට අනුව යාච්ඤා කරනවා නම් ඔහු ඒවාට සවන් දී පිළිතුරු දෙන බව නිසැකයි.
දීමට පුරුදු වෙමු
13, 14. (අ) ෆිලිප්පි සභාවේ සිටි අය හා එපෆ්‍රොදිතස් පාවුල්ට කළ උපකාරය මොකක්ද? (ආ) ඔවුන්ගේ ආදර්ශය අනුකරණය කරන්න අපිට පුළුවන් කොහොමද?
13 අපි පොහොසත් වුණත් නැතත් ලෝක ව්‍යාප්ත සේවය වෙනුවෙන් අප කරන ඕනෑම සම්මාදමක් දෙවි සලකන්නේ පූජාවක් ලෙසයි. (මාක් 12:41-44) මුල් සියවසේදී සිදු වූ දෙයක් අපි සලකා බලමු. පාවුල් රෝමයේ සිටි අවස්ථාවේදී ෆිලිප්පි සභාවේ සිටි අය එපෆ්‍රොදිතස් අතේ තෑග්ගක් හැටියට පාවුල්ට යම් මුදලක් යැව්වා. ඔවුන් එම මුදල යවා තිබුණේ මුදල් උපයාගන්න කාලය යොදවනවා වෙනුවට ඒ කාලය දේවසේවය වෙනුවෙන් යොදාගැනීමට පාවුල්ට උපකාර කිරීම සඳහායි. ඊට කලිනුත් ඒ හා සමාන තෑග්ගක් ඔවුන් පාවුල්ට දී තිබුණා. පාවුල් ඒ මුදල බොහෝ සේ අගය කළ අතර ඒ ගැන මෙවැනි දෙයක් පැවසුවා. “ඒවා දෙවිට මිහිරි සුවඳක් හා ඔහුට ප්‍රසන්න මෙන්ම පිළිගත හැකි පූජාවක් හා සමානය.” (ෆිලිප්පි 4:15-19 කියවන්න.) ඉන් පැහැදිලි වෙන්නේ පාවුල්ගේ සේවයට උපකාරයක් වූ එම සම්මාදම යෙහෝවා දෙවි ශුද්ධ පූජාවක් ලෙස පිළිගත් බවයි.
14 එදා මෙන් අදත් ලෝක ව්‍යාප්ත සේවය වෙනුවෙන් අපි මුදල් සම්මාදම් කරන විට දෙවි එය බොහෝ සේ අගය කරනවා. අපි දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙනවා නම් දිගටම විශ්වාසවන්තව සිටීම සඳහා අපේ මූලික අවශ්‍යතා සපයන බවට දෙවි පොරොන්දු වෙනවා.—මතෙ. 6:33; ලූක් 6:38.
දෙවිට ස්තුතිවන්ත වෙමු
15. යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වීම සඳහා ඔහු අපට කර තිබෙන දේවල් මොනවාද?
15 යෙහෝවා දෙවි අපිට සෑම දෙයක්ම සපයනවා. අපේ ජීවිතය, කෑම බීම, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම් හා අපි හුස්ම ගන්න වාතය පවා අපිට ලැබී තිබෙන්නේ දෙවිගෙන්. ඊට අමතරව බයිබලයේ තිබෙන සත්‍යය නිවැරදිව තේරුම්ගැනීමට දෙවි අපිට උපකාර කර තිබෙනවා. එයින් අපේ විශ්වාසය ශක්තිමත් කරගැනීමටත් අනාගතය ගැන බලාපොරොත්තුවක් තබාගැනීමටත් අපිට හැකි වෙනවා. එම හේතු නිසා යෙහෝවා දෙවි අපේ නමස්කාරය ලබන්න වටිනවා. (එළිදරව් 4:11 කියවන්න.) ඔහු කර තිබෙන සියල්ලට අපේ ස්තුතිය හා ප්‍රශංසාව පූජාවක් ලෙස ඔප්පු කරමු.
16. යේසුස්ගේ ජීවිත පූජාව ගැන ස්තුතිවන්ත වන බව පෙන්වන්න අපිට පුළුවන් කොහොමද?
16 යේසුස්ගේ ජීවිත පූජාව යෙහෝවා දෙවි මිනිසාට දුන් වටිනාම තෑග්ගයි. දෙවි අපිට 1 යොහ. 4:10) අපි ඒ ගැන ස්තුතිවන්ත වෙනවාද? පාවුල් පැවසූ දේ ගැන ටිකක් සිතන්න. “මන්ද ක්‍රිස්තුස්ට ඇති ප්‍රේමය අප තුළ මහත් පෙලඹීමක් ඇති කරයි. සියලුදෙනා උදෙසා එක් මිනිසෙකු මිය ගිය බව අපි පිළිගනිමු. . . . ඔහු මිය ගියේ ඔහුගේ මරණය නිසා ජීවත් වන සියලුදෙනා තවදුරටත් තමන් වෙනුවෙන් ජීවත් නොවී තමන් වෙනුවෙන් මිය ගොස් මරණයෙන් නැඟිටුවනු ලැබූ තැනැත්තා වන ඔහු උදෙසා ජීවත් වීම සඳහාය.” (2 කොරි. 5:14, 15) වෙනත් වචනවලින් පාවුල් කියන්නේ දෙවි අප වෙනුවෙන් කර තිබෙන දේවල් ගැන ස්තුතිවන්ත වෙනවා නම් අපි ජීවත් වන ආකාරයෙන් දෙවිටත් යේසුස්ටත් ගෞරව කළ යුතු බවයි. එසේ ගෞරව කළ හැකි වන්නේ යෙහෝවා දෙවිට හා යේසුස්ට කීකරු වීමෙන් හා දේශනා කිරීමට තිබෙන ආශාව මගිනුයි.—1 තිමෝ. 2:3, 4; 1 යොහ. 5:3.
කොතරම් ප්‍රේම කරනවාද කියා ඉන් පැහැදිලි වෙනවා. (17, 18. සමහරු දෙවිට කරන සේවය වැඩි කරගෙන තිබෙන්නේ කොහොමද? මොරේනාගේ අද්දැකීම මොකක්ද?
17 යෙහෝවා දෙවි තමන් වෙනුවෙන් කර තිබෙන දේවල් ගැන අගය ප්‍රකාශ කිරීම සඳහා සමහර අය කාලය සකස් කරගෙන දේවසේවයේ විවිධ අංගවල වැඩිපුර කාලයක් යෙදෙනවා. සමහරු සෑම අවුරුද්දකම මාසයක් හෝ මාස කිහිපයක් උපකාරික පුරෝගාමී සේවයේ යෙදෙනවා. තවත් සමහරු ස්ථාවර පුරෝගාමීන් වී තිබෙනවා. වෙනත් අය නමස්කාර මධ්‍යස්ථාන හෝ බෙතෙල් නිවාස ඉදි කිරීමට ඉදිරිපත් වී තිබෙනවා. එසේ කිරීමෙන් දෙවි අපි වෙනුවෙන් කර තිබෙන දේවලට හද පත්ලෙන්ම ස්තුති කරන බව පෙන්වන්න පුළුවන්. දෙවි එය පිළිගන්නේ පූජාවක් ලෙසයි. එමනිසා ඔබ දැනටමත් කරන සේවය තවත් පුළුල් කරන්න පුළුවන්ද කියා සිතා බලන්න.
18 ඒ ගැන අපි දැන් මොරේනාගේ අද්දැකීමෙන් සලකා බලමු. ඇයට දෙවි ගැන ප්‍රශ්න ගොඩාක් තිබුණා. කතෝලික කෙනෙක් වූ ඇයට ඇගේ ආගමෙන්වත් ආසියාවේ තිබෙන ක්‍රිස්තියානි නොවන විවිධ ආගම්වලින්වත් නිවැරදි පිළිතුරු ලබාගැනීමට හැකි වුණේ නැහැ. නමුත් ඇය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමට පටන්ගත් විට ඇගේ සියලුම ප්‍රශ්නවලට බයිබලයෙන්ම පිළිතුරු ලැබුණා. ඒ පිළිතුරුවලින් ඇගේ සිතට සහනයක් දැනුණු නිසාත් ඇගේ ජීවිතයට අරමුණක් ලැබුණු නිසාත් තමා දෙවිට ණයගැතියි කියා ඇයට හැඟුණා. ඇයට ඕනෑ වුණේ දෙවි වෙනුවෙන් ඇගේ කාලය හා ශ්‍රමය වැය කරන්නයි. ඒ නිසා ඇය බව්තීස්ම වූ දා සිට උපකාරික පුරෝගාමී සේවය කරන්න පටන්ගත්තා. ටික කලකට පසු ඇය ස්ථාවර පුරෝගාමියෙක් බවට පත් වුණා. දැන් අවුරුදු 30ක් පුරා ඇය සතුටින් පුරෝගාමී සේවයේ යෙදෙනවා.
19. දෙවිට මොන වගේ පූජා ඔප්පු කරන්න අපිට හැකිද?
19 දෙවිට විශ්වාසවන්තව සේවය කරන හැමෝටම පුරෝගාමියෙක් වෙන්න බැරි බව ඇත්තයි. නමුත් දෙවිට පිළිගත හැකි පූජා ඔප්පු කරන්න අපි සෑම කෙනෙකුටම පුළුවන්. දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව අප ජීවත් වෙන අතරම ඔහුව අසතුටු කරන සෑම දෙයකින්ද වැළකී සිටිනවා නම් අපේ හැසිරීම පූජාවක් ලෙස දෙවි පිළිගන්නවා. දෙවි තම පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු කරයි කියා අපි පිළිගන්නවා නම් දෙවි අපේ විශ්වාසය පූජාවක් ලෙස පිළිගන්නවා. ඒ වගේම අපි වෙහෙස මහන්සිය නොබලා දේවසේවය තුළ අපේ උපරිමය කරනවා නම් දෙවි එම ක්‍රියාවත් පිළිගන්නේ පූජාවක් ලෙසයි. ඒ නිසා මුළු හදවතින්ම අප සතු හොඳම දෙය පූජාවක් ලෙස දෙවිට දෙමු!
[පාඩම් ලිපියේ ප්‍රශ්න]
[25වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
දෙවි දී තිබෙන දේවල් සඳහා ඔහුට ප්‍රශංසා කරන්න අප තුළ පෙලඹීමක් ඇති වෙනවාද?
[23වන පිටුවේ පින්තූරය]
දේශනා කිරීමට ලැබෙන සෑම අවස්ථාවකින්ම ඔබ ප්‍රයෝජන ගන්නවාද?