‘ධෛර්යවත්ව එඩිතරව සිටින්න!’
‘ධෛර්යවත්ව එඩිතරව සිටින්න!’
‘ධෛර්යවත්ව, එඩිතරව සිටින්න. ඔබේ දෙවි යෙහෝවා වන මම ඔබ සමඟ සිටින්නෙමි.’—යොෂු. 1:7-9.
ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?
ඒනොක් සහ නෝවා ධෛර්යවත්ව සිටියේ කොහොමද?
පුරාණයේ සිටි සමහර ස්ත්‍රීන් විශ්වාසයෙන් හා ධෛර්යයෙන් ක්‍රියා කළේ කොහොමද?
ඔබේ සිතට කාවැදුණේ ධෛර්යයෙන් සිටි කුමන යෞවනයන්ගේ ආදර්ශද?
1, 2. (අ) එදිනෙදා ජීවිතයේදී හරි දේ කිරීමට අපිට අවශ්‍ය මොකක්ද? (ආ) අපි සලකා බලන්නේ මොනවාද?
එඩිතර කෙනෙක් කියද්දී බොහෝවිට මනසට නැඟෙන්නේ අභීත වීරයෙක්. නමුත් කෙනෙක් වීරයෙක් නොවුණත් එදිනෙදා ජීවිතයේදී හරි දේ කිරීමට ධෛර්යය හා එඩිතරකම අවශ්‍යයි.
2 ඉතා අසීරු අවස්ථාවලදී වගේම එදිනෙදා ජීවිතයේදී ධෛර්යයෙන් කටයුතු කළ අය ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඔවුන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? ඒ වගේම අපිට ධෛර්යවත්ව හා එඩිතරව සිටින්න පුළුවන් කොහොමද?
දුෂ්ටයන් අතරේ නොසැලී
3. ඒනොක් දුෂ්ටයන් ගැන පැවසූ අනාවැකිය මොකක්ද?
3 ඒනොක් ‘ආදම්ගේ පෙළපතින් පැමිණි හත්වෙනියායි.’ ඔහු ජීවත් වුණේ ජලගැල්මට අවුරුදු 650කට පමණ පෙරයි. ඒ කාලයේදී දුෂ්ටකම දසත පැතිර තිබුණා. නමුත් ඒනොක් ඉදිරියේදී සිදු වීමට තිබූ දෙවිගේ විනිශ්චය ගැන එඩිතරව මෙසේ ප්‍රකාශ කළා. “මෙන්න, යෙහෝවා දෙවි තම දසදහස් ගණන් ශුද්ධ දූතයන් පිරිවරාගෙන පැමිණියේය. ඔහු පැමිණියේ සියලුදෙනාට විරුද්ධව තම විනිශ්චය ඉටු කිරීමටය. මන්ද ඔහුට කිසි ගෞරවයක් නොදක්වන අය ඔහු ගැන නොතකමින් බොහෝ දුෂ්ට ක්‍රියාවල නිරත වූ අතර ඔහුට කිසි ගෞරවයක් නොදැක්වූ පව්කාරයෝ ඔහුට විරුද්ධව ඉතාමත් තැතිගන්වනසුලු දේවල් පැවසුවෝය.” (යූද් 14, 15) ජලගැල්මෙන් දුෂ්ටයන් විනාශ වූ විට එම අනාවැකිය ඉටු වුණා.
4. නෝවා දෙවි සමඟ ගමන් කළේ මොන වගේ බාධා මැදද?
4 ජලගැල්ම සිදු වුණේ ක්‍රිස්තු පූර්ව 2370දියි. ඒ කාලයේදී යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටියේ නෝවා හා ඔහුගේ පවුලේ අය පමණයි. ඒ වන විට සමහර දේවදූතයන් පොළොවට පැමිණ ස්ත්‍රීන් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වූ අතර ඒ ස්ත්රීන්ට බිහි වූ දරුවන් යෝධයන් වුණා. පොළොව සැහැසික ක්‍රියාවලින් පිරුණා. (උත්. 6:1-5, 9, 11) එවැනි තත්වයක් මැද ‘නෝවා සැබෑ දෙවි සමඟ ගමන් කළා.’ ඒ වගේම ඔහු “ධර්මිෂ්ඨකම ගැන දේශනා කළ” අතර නැවක්ද සෑදුවා. (2 පේතෘස් 2:4, 5 කියවන්න.) නෝවාට තිබුණා හා සමාන ධෛර්යයක් අවසාන කාලයේ සිටින අපිටත් අවශ්‍යයි.
විශ්වාසය හා ධෛර්යය
5. මෝසෙස් විශ්වාසයෙන් හා ධෛර්යයෙන් ක්‍රියා කළේ කොහොමද?
5 විශ්වාසය හා ධෛර්යය මෝසෙස් සතු වූ විශේෂ ගුණාංග දෙකක්. (හෙබ්‍රෙ. 11:24-27) ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවේ සිට පාළුකරය හරහා රැගෙන යන්න ක්‍රි.පූ. 1513 සිට 1473 දක්වා දෙවි මෝසෙස්ව යොදාගත්තා. එම වගකීම ඉටු කරන්න තමන්ට සුදුසුකම් නැහැ කියා සිතුවත් ඔහු එය භාරගත්තා. (නික්. 6:12) ඊජිප්තු දෙවිවරුන්ව නින්දාවට පත් කළ පීඩා දහය ගැන එඩිතරව දැනුම් දීමට ඔහු ආරොන් සමඟ පාරාවෝ ළඟට කිහිප සැරයක්ම ගියා. (නික්. 7-12 පරි.) දෙවි මෝසෙස්ව අත්හැරියේ නැති නිසා මහත් විශ්වාසයකින් හා ධෛර්යයකින් යුතුව ක්‍රියා කරන්න මෝසෙස්ට හැකි වුණා.—ද්වි. 33:27.
6. බලධාරීන් දේවසේවය ගැන ප්‍රශ්න කරද්දී නොබියව ඔවුන්ට සාක්ෂි දරන්න අපට හැකි වෙන්නේ කොහොමද?
6 අපිටත් එවැනිම විශ්වාසයක් තිබිය යුතුයි. ඒ ගැන යේසුස් පැවසුවේ මෙසේයි. “මා නිසා ඔබව ආණ්ඩුකාරයන් හා රජුන් ඉදිරියට ඇදගෙන යනු ලබයි. එය ඔවුන්ටත් ජාතීන්ටත් මා ගැන සාක්ෂි දරන්න ඔබට හොඳ අවස්ථාවක්. ඔවුන් ඔබව එවැනි අය ඉදිරියට ගෙන ගිය විට ඔබ කෙසේ කතා කළ යුතුද කියාවත් කුමක් කිව යුතුද කියාවත් සිතමින් කනස්සලු වෙන්න එපා. ඔබ කිව යුත්තේ කුමක්ද කියා ඔබට ඒ අවස්ථාවේදීම දැනගන්න ලැබෙයි. ඔබේ පියාණන්ගේ බලය ඔබ තුළ ක්‍රියාත්මක වන නිසා ඔබට හොඳින් කතා කරන්න හැකි වෙයි. එමනිසා ඒ අවස්ථාවේදී ඔබ කිසිවිටකත් අසරණ වන්නේ නැහැ.” (මතෙ. 10:18-20) ආණ්ඩු බලධාරීන් දේවසේවය ගැන ප්‍රශ්න කරද්දී ඔවුන්ට ධෛර්යයෙන් හා විශ්වාසයෙන් යුතුව කතා කිරීමට දෙවි අපිට ඔහුගේ බලය ලබා දෙනවා.—ලූක් 12:11, 12 කියවන්න.
7. ධෛර්යයෙන් කටයුතු කරන්නත් සාර්ථක වෙන්නත් යොෂුවාට පුළුවන් වුණේ කොහොමද?
7 යොෂුවා තුළ විශ්වාසය හා ධෛර්යය ඇති වීමට හේතු වුණේ දෙවිගේ නීති හා අණපනත් නිතිපතා අධ්‍යයනය කිරීමයි. ක්‍රිස්තු පූර්ව 1473දී ඊශ්‍රායෙල්වරු සිටියේ පොරොන්දු දේශයට ඇතුල් වෙන්න ඔන්න මෙන්න කියායි. ඒ අවස්ථාවේදී ‘ධෛර්යවත්ව, එඩිතරව සිටින්න. ඔබ කොතැනකට ගියත් ඔබේ දෙවි යෙහෝවා වන මම ඔබ සමඟ සිටින්නෙමි. එහෙයින් භය නොවන්න. තැති නොගෙන එඩිතරව සිටින්න’ කියා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවා. (යොෂු. 1:7- 9) එම වදන් යොෂුවාට මොන තරම් දිරිගැන්වීමක් වෙන්න ඇද්ද! යෙහෝවා දෙවි ඇත්තෙන්ම යොෂුවා සමඟ සිටියා. ඒ නිසයි ක්‍රි.පූ. 1467දී එනම් අවුරුදු හයක් තරම් කෙටි කාලයකින් පොරොන්දු දේශයේ වැඩි කොටසක් අත් පත් කරගැනීමට ඔවුන්ට හැකි වුණේ!
දිරිය කාන්තාවන්
8. ධෛර්යය හා විශ්වාසය සම්බන්ධයෙන් රාහබ් හොඳ ආදර්ශයක් වෙන්නේ කොහොමද?
8 ඉතා නොබියව දෙවිට නමස්කාර කළ කාන්තාවන් ගැන බයිබලයේ සඳහන් වෙනවා. ගණිකාවක් වූ රාහබ් ඔවුන්ගෙන් කෙනෙක්. දෙවි කෙරෙහි විශ්වාසයෙන් හා ධෛර්යයෙන් යුතුව යොෂුවා යොෂු. 2:1-6; 6:22, 23; මතෙ. 1:1, 5) ධෛර්යවත්ව හා විශ්වාසයෙන් සිටි ඇයට ලැබුණේ මොන තරම් අගනා ආශීර්වාදයක්ද!
එවූ ඔත්තුකරුවන් දෙදෙනාව සැඟවූ ඇය ඔවුන්ව අල්ලාගැනීමට පැමිණි යෙරිකෝවේ රජුගේ හේවායන්ව නොමඟ යැව්වා. යෙරිකෝව විනාශ වූ විට දෙවි ඇයවත් ඇගේ පවුලේ අයවත් බේරාගත්තා. ඉන්පසු රාහබ් ඇගේ පව්කාර ජීවිතය අත්හැරියා. දෙවිට විශ්වාසවන්තව සිටි නිසා යේසුස්ගේ මිත්තණියක් වීමේ වරප්‍රසාදයත් ඇය ලැබුවා. (9. දෙබොරා, බාරාක් හා යායෙල් ධෛර්යයෙන් ක්‍රියා කළේ කොහොමද?
9 යොෂුවා ක්‍රි.පූ. 1450දී පමණ මිය ගියා. ඔහුගේ මරණයෙන් පසු ඊශ්‍රායෙල් දේශය රැකබලා ගත්තේ විනිශ්චයකරුවන්. ඒ කාලයේදී කානාන් දේශයේ රජුව සිටි යාබින් අවුරුදු 20ක් පුරා දෙවිගේ සෙනඟට දරුණු ලෙස පීඩා කළා. ඒ ගැන පියවරක් ගන්න කියා දෙබොරා නම් අනාගතවක්තෘවරිය බාරාක් නම් විනිශ්චයකරුට පැවසුවා. බාරාක් මිනිසුන් 10,000ක් සමඟ ගොස් යාබින්ගේ හමුදා ප්‍රධානියා වූ සිසෙරා සමඟ සටන් කිරීමට සූදානම් වුණා. එවිට සිසෙරා ඔහුගේ යුධ රථ 900ත් ඔහුගේ මුළු හමුදාවත් සමඟ පිටත් වී කීෂොන් නිම්නය වෙත පැමිණියා. යෙහෝවා දෙවි හදිස්සියේ එවූ දිය පහරින් එම ස්ථානය වගුරු බිමක් බවට පත් වුණා. යුධ රථ එරුණා. බාරාක් හා ඔහුගේ හමුදාව ‘සිසෙරාගේ මුළු හමුදාව කඩු පහරින් මරා දැමුවා. ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් ඉතුරු වුණේ නැහැ.’ පලා ගිය සිසෙරා යායෙල් නම් කාන්තාවගේ කූඩාරමට පැමිණියා. හෙම්බත්ව නිදා සිටි සිසෙරාව යායෙල් මරා දැමුවා. දෙබොරා කී ලෙස “ජයග්‍රහණයේ කීර්තිය” හිමි වුණේ කාන්තාවකටයි. එනම් යායෙල්ටයි. දෙබොරා, බාරාක් හා යායෙල් ධෛර්යයෙන් යුතුව ක්‍රියා කළ නිසා ‘එතැන් පටන් අවුරුදු හතළිහක් පුරා දේශයේ සාමකාමී වාතාවරණයක් පැවතුණා.’ (විනි. 4:1-9, 14-22; 5:20, 21, 31) යෙහෝවා දෙවිට ලැදි බොහෝදෙනෙක් ඒ හා සමාන විශ්වාසයක් හා ධෛර්යයක් පෙන්වා තිබෙනවා.
දිරිගන්වන වචන කතා කරමු
10. අපේ වචනවලින් අන් අයව දිරිගැන්වෙන බව දන්නේ කොහොමද?
10 අපේ වචනවලින් අන් අය දිරිගැන්වෙන බව මතක තබාගන්න. උදාහරණයකට ක්‍රි.පූ. 11වන සියවසේදී පමණ දාවිත් රජ ඔහුගේ පුත් සලමොන්ට මෙසේ කිව්වා. “ධෛර්යවත් වී අවශ්‍ය පියවර ගන්න. කිසි දෙයකට භය වෙන්න එපා. මගේ දෙවි යෙහෝවා ඔබ සමඟයි. ඔහු ඔබව කෙදිනකවත් අත්හරින්නේ නැහැ. ඒ නිසා යෙහෝවා දෙවිගේ ගෘහයේ සියලුම වැඩකටයුතු නිම කරන්න ඔබට හැකි වන බව මට ස්ථිරයි.” (1 ලේක. 28:20) එයින් ධෛර්යවත් වූ සලමොන් ඉතා අලංකාර දේවමාලිගාවක් ඉදි කළා.
11. දැරියක් නොබියව කී දේ කෙනෙකුගේ ජීවිතයට බලපෑවේ කොහොමද?
11 නාමන් නමැති සිරියානු හමුදා ප්‍රධානියාගේ නිවසේ සේවය කළ ඊශ්‍රායෙල් දැරිය නොබියව කී දෙයක් නිසා ඔහුට තම ලාදුරු රෝගය සුව කරගැනීමට හැකි වුණා. එය සිදු වුණේ ක්‍රි.පූ. දහවෙනි සියවසේදියි. එලීෂා මාර්ගයෙන් දෙවි කර තිබූ ආශ්චර්යයන් ගැන 2 රාජා. 5:1-3, 10-17) ඔබත් දෙවිට ආදරය කරන යෞවනයෙක් හෝ යෞවනියක් නම් ගුරුවරුන්ට, යාළුවන්ට හා වෙනත් අයට සාක්ෂි දරන්න අවශ්‍ය ධෛර්යය දෙවි ඔබටත් ලබා දෙන බව නිසැකයි.
දැන සිටි දැරිය නාමන්ව එලීෂා වෙතට යවන ලෙස නාමන්ගේ බිරිඳට කිව්වා. දැරිය කී ලෙස කළ නාමන් සුවය ලබා පසුව යෙහෝවා දෙවිට නමස්කාර කරන කෙනෙකු බවට පත් වුණා. (12. හෙසකියා රජ කී දෙයින් ලැබුණු ප්‍රතිඵලය මොකක්ද?
12 අෂූරියේ හමුදාව ක්‍රි.පූ. අටවෙනි සියවසේදී යෙරුසලම අල්ලාගැනීමට පැමිණි විට හෙසකියා රජ එහි වැසියන්ට මෙසේ කිව්වා. “නොසැලී ස්ථිරව ඉන්න. කිසි දෙයකට භය වෙන්න එපා. ඇසිරියාවේ රජුටවත් ඔහු සමඟ ඉන්න සමූහයටවත් භය වෙන්න ඔබට කිසිම හේතුවක් නැහැ. ඔහු සමඟ ඉන්න සමූහයට වඩා බලවත් පිරිසක් අප සමඟ ඉන්නවා. ඇසිරියාවේ රජු බලවත්ව ඉන්නේ ඔහුගේ හමුදාව නිසයි. නමුත් අපි වෙනුවෙන් සටන් කරන්නේ අපේ දෙවි වන යෙහෝවායි. ඔහු අපේ උපකාරයට ඉන්නවා.” එහි ප්‍රතිඵලය මොකක්ද? ‘එම වදන් අසා සිටි සියලුදෙනාම ඉන් මහත් ධෛර්යයක් ලැබුවා.’ (2 ලේක. 32:7, 8) පීඩාවලට මුහුණ දෙන විට අපටත් අපේ සහෝදරයන්ටත් ඒ හා සමාන වචන විශාල දිරිගැන්වීමක් වෙයි.
13. ධෛර්යයෙන් ක්‍රියා කිරීම ගැන ඔබදියා ආදර්ශයක් වන්නේ කොහොමද?
13 ධෛර්යය තිබෙන බව වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද පෙන්වන්න පුළුවන්. ආහබ් රජුගේ සේවකයෙක් වූ ඔබදියා ‘අනාගතවක්තෘවරුන් සියදෙනෙකුගේ ජීවිත බේරාගත්තා. ඔහු ඔවුන්ව පනස්දෙනා බැගින් ගුහා දෙකක සඟවා තැබුවා.’ ඔහු එසේ කළේ ‘යෙසබෙල් යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරුන්ව මරා දමන්න පටන්ගත් අවස්ථාවේදියි.’ (1 රාජා. 18:4) අදත් ඔබදියා මෙන් ක්‍රියා කරන අය සිටිනවා. ඔවුන් පීඩා කාලවලදී ධෛර්යවත්ව සෙසු සහෝදර සහෝදරියන්ව ආරක්ෂා කරනවා. පීඩා කරන අයට ඔවුන් ගැන කිසි තොරතුරක් හෙළි කරන්නේ නැහැ.
ධෛර්යවන්ත එස්තර් බිසව
14, 15. එස්තර් විශ්වාසයෙන් හා ධෛර්යයෙන් ක්‍රියා කළේ කොහොමද? එහි ප්‍රතිඵලය මොකක්ද?
14 හාමාන් සියලුම යුදෙව්වන්ව මරා දැමීමට ක්‍රි.පූ. පස්වෙනි සියවසේදී කුමන්ත්‍රණය කළ විට එස්තර් බිසව පුදුමාකාර විශ්වාසයක් හා ධෛර්යයක් පෙන්නුවා. එම කුමන්ත්‍රණය නිසා යුදෙව්වන් නිරාහාරව සිට මහත් දුකකින් හඬා වැලපී හද පත්ලෙන්ම දෙවිට යාච්ඤා කළා. (එස්ත. 4:1-3) එය දැනගත් විට එස්තර් හොඳටම කලබල වුණා. යුදෙව්වන්ව විනාශ කර දැමීමට දුන් නීතියේ පිටපතක් එස්තර්ට යැවූ මොර්දෙකයි රජු ඉදිරියට ගොස් යුදෙව්වන් වෙනුවෙන් අයැද කෙසේ හෝ රජුගේ කරුණාව දිනාගන්න කියාද ඇයට දැන්නුවා. නමුත් ආරාධනාවක් නැතුව රජුව හමු වීමට යෑම මරණ දඬුවම ලැබෙන වරදක්.—එස්ත. 4:4-11.
15 මොර්දෙකයි එස්තර්ට මෙසේද දැන්නුවා. ‘ඔබ නිහඬව සිටියත් මොනයම් හෝ මාර්ගයකින් යුදෙව්වරුන්ට ගැලවීම ලැබෙයි. මෙවැනි අවස්ථාවකදී සෙනඟට පිහිට වීම සඳහාම ඔබ රජුගේ බිසව වුණාද කියා දන්නේ කවුද!’ එවිට එස්තර් මොර්දෙකයිගෙන් ඉල්ලා සිටියේ ෂූෂන්හි සිටින යුදෙව්වරුන් සියලුදෙනාව රැස් කර තමා වෙනුවෙන් නොකා නොබී සිටීමට දන්වන ලෙසයි. ‘මමත් එලෙස නිරාහාරව සිටිනවා. නීතියට පටහැනි වුණත් මම රජු ඉදිරියට යනවා. මගේ ජීවිතය නැති වුණත් මම එසේ කරනවා’ කියා එස්තර් කිව්වා. (එස්ත. 4:12-17) එස්තර් ධෛර්යවත්ව ක්‍රියා කළ නිසා දෙවි යුදෙව්වන්ව ගලවාගත්තා. පීඩා හමුවේ අද සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන් වගේම වෙනත් බැටළුවන්ද එවැනිම ධෛර්යයකින් ක්‍රියා කරන අතර ‘යාච්ඤා අසන තැනැත්තාණන්’ සැමවිටම ඔවුන්ට පිහිට වෙනවා.—ගීතාවලිය 65:2; 118:6 කියවන්න.
“ධෛර්යවත් වන්න”
16. යෞවනයන්ට යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?
16 ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේදී වයස අවුරුදු 12ක්ව සිටි යේසුස් දේවමාලිගාවේ සිටි ‘ගුරුවරුන්ට සවන් දෙමින් ඔවුන්ගෙන් විවිධ ප්‍රශ්න අසමින් සිටියා.’ ඔහුට සවන් ලූක් 2:41-50) ඒ කුඩා වයසේදී වුණත් ආගමික විශ්වාසයන් ගැන ප්‍රශ්න ඇසීමට යේසුස් භය වුණේ නැහැ. යේසුස්ව ආදර්ශයට ගෙන තමන්ගේ ‘බලාපොරොත්තුව ගැන විමසන සියලුදෙනාට පිළිතුරු දීමට නිතරම සූදානම් වී සිටීමට’ අද සිටින යෞවනයන්ට හැකියි.—1 පේතෘ. 3:15.
දෙමින් සිටි සියලුදෙනා ‘ඔහුට තිබුණු අවබෝධය ගැන හා ඔහු පිළිතුරු දුන් ආකාරය ගැන කොතරම් පුදුම වුණාද කිවහොත් ඔවුන්ට එය අදහාගැනීමටවත් බැරි වුණා.’ (17. යේසුස් තම ගෝලයන්ට “ධෛර්යවත් වන්න” කියා දිරිගැන්නුවේ ඇයි? අපත් ධෛර්යවත්ව සිටිය යුත්තේ ඇයි?
17 යේසුස් ගෝලයන්ට නිතරම දිරිගැන්නුවේ “ධෛර්යවත් වන්න” කියායි. (මතෙ. 9:2, 22) ඔහු මෙසේ පැවසුවා. “ඔබ සියලුදෙනාම තම තමාගේ නිවෙස්වලට විසිරී යනවා. ඔබ මාව තනි කර දමනවා. ඇත්තෙන්ම ඒ දේ සිදු වන වේලාව අත ළඟයි. කොහොමවුණත් පියාණන් මා සමඟ සිටිනවා. ඒ නිසා මම තනි වන්නේ නැහැ. මම ඔබට මේ දේවල් කිව්වේ මා මාර්ගයෙන් ඔබට සමාදානය ලබා දෙන්නයි. ඔබට මේ ලෝකයෙන් නොයෙකුත් පීඩා ඇති වෙයි. නමුත් කිසි දෙයකට අධෛර්යය වෙන්න එපා. මම ලෝකයෙන් ජය ගත්තා.” (යොහ. 16:32, 33) යේසුස්ගේ මුල් අනුගාමිකයන් මෙන් අපිත් විරෝධතාවලට මුහුණ දෙනවා. යේසුස්ව ආදර්ශයට ගනිමු. ඔහු මෙන් ලෝකයෙන් කිලිටි නොවී සිටින්නත් ධෛර්යවත්ව ලෝකයෙන් ජය ගන්නත් අපට හැකියි.—යොහ. 17:16; යාකො. 1:27.
“කිසි දෙයකින් අධෛර්යය වෙන්න එපා”
18, 19. තමා තුළ විශ්වාසය හා ධෛර්යය තිබෙන බව පාවුල් පෙන්නුම් කළේ කොහොමද?
18 පාවුල් විවිධ පීඩාවලට මුහුණ දුන්නා. එක් අවස්ථාවකදී යෙරුසලමේ සිටි අය ඔහුව මරා දමන්න තැත් කළා. නමුත් රෝම හමුදා භටයන් ඔහුව බේරගත්තා. ‘එදින රාත්රියේදී ස්වාමීන් පාවුල් ඉදිරියේ දර්ශනය වී, කිසි දෙයකින් අධෛර්යය වෙන්න එපා. ඇත්තෙන්ම ඔබ යෙරුසලමේදී මා ගැන ඉතා හොඳ සාක්ෂියක් දී තිබෙනවා. ඔබට රෝමයේදිත් මෙවැනි සාක්ෂියක් දරන්න සිදු වෙයි කියා පැවසුවා.’ (ක්‍රියා 23:11) ඒ අනුව පාවුල් රෝමයේදිත් නිර්භීතව දේශනා කළා.
19 කොරින්ති සභාව දූෂ්‍ය කිරීමට උත්සාහ කළ තමන්වම ‘මහ ඉහළින් සැලකූ නියෝජිතයන්ට’ පාවුල් නොබියව තදින් කතා කළා. (2 කොරි. 11:5; 12:11) සිරගත වීම, පහර කෑම, නිදි මැරීම, කුසගින්නෙන් හා පිපාසයෙන් සිටීම, දේශනා ගමන්වලදී විවිධ උවදුරුවලට ලක් වීම වැනි දේවලට ඔහු සාර්ථකව මුහුණ දුන්නා. එමගින් ඔහු යේසුස්ගේ නියෝජිතයෙක් බව ඔප්පු කළා. (2 කොරින්ති 11:23-28 කියවන්න.) තමන්වම මහ ඉහළින් සැලකූ නියෝජිතයන්ට එවැනි සාක්ෂි තිබුණේ නැහැ. නමුත් පාවුල්ට දෙවිගේ බලයෙන් ඒ සියල්ල කළ හැකි වුණා.
20, 21. (අ) අප ධෛර්යය උපදවාගත යුතු බව පෙන්වන උදාහරණයක් දෙන්න. (ආ) ධෛර්යය අවශ්‍ය වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද? අපිට නිසැක වෙන්න පුළුවන් මොකක් ගැනද?
20 අපි සැමට පාවුල් මෙන් පීඩා විඳින්න සිදු වෙන්නේ නැහැ. නමුත් පීඩාවලට සාර්ථකව මුහුණ දෙන්න නම් අපි සැමට ධෛර්යය හා එඩිතරකම අවශ්‍යයි. උදාහරණයකට බ්‍රසීලයේ කල්ලියකට අයත්ව සිටි තරුණයෙක් බයිබලය අධ්‍යයනය කිරීමෙන් පසු තම ජීවිතය වෙනස් කරගත යුතුයි කියා තේරුම්ගත්තා. නමුත් කල්ලියෙන් ඉවත් වන ඕනෑම කෙනෙකුව මරා දමන බව ඔහු දැන සිටියා. ඒ නිසා ඔහු යාච්ඤා කර තමාට තවදුරටත් කල්ලියේ සාමාජිකයෙකු වී සිටිය නොහැකි වීමට හේතුව කල්ලි නායකයාට බයිබලයෙන් පෙන්නුවා. අවසානයේදී දඬුවමකින් තොරව එයින් ඉවත් වී සාක්ෂිකරුවෙක් වීමට ඔහුට හැකි වුණා.
21 ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ධෛර්යය අවශ්‍යයි. දරුවන්ට පාසැලේදී දෙවිට විශ්වාසවන්තව සිටීමට එම ගුණාංගය අවශ්‍යයි. සමුළුවේ දින තුනටම සහභාගි වීම සඳහා නිවාඩු ඉල්ලීමටත් ධෛර්යය අවශ්‍යයි. ධෛර්යය අවශ්‍ය එවැනි අවස්ථා බොහොමයක් තිබෙනවා. නමුත් ඒ සෑම අවස්ථාවකදීම අපි ධෛර්යය ඉල්ලා ‘විශ්වාසයකින් යුතුව යාච්ඤා කරනවා’ නම් යෙහෝවා දෙවි අපිට සවන් දෙනවා. (යාකො. 5:15) ඒ වගේම අපට “ධෛර්යවත්ව එඩිතරව සිටින්න” දෙවි ඔහුගේ බලය ලබා දෙන බවත් නිසැකයි.
[පාඩම් ලිපියේ ප්‍රශ්න]
[11වන පිටුවේ පින්තූරය]
දුෂ්ටයන් අතරේ ඒනොක් නොසැලී දේශනා කළා
[12වන පිටුවේ පින්තූරය]
යායෙල් ධෛර්යවත්ව හා එඩිතරව ක්‍රියා කළා