Skip to content

පටුනට යන්න

සැබෑ නමස්කාරයට අතහිත දුන් නාතන්

සැබෑ නමස්කාරයට අතහිත දුන් නාතන්

සැබෑ නමස්කාරයට අතහිත දුන් නාතන්

පාලකයෙකුගේ වරද පෙන්වා දීමට ඔබට සිදු වුණා නම් එය කොතරම් අමාරු කාර්යයක් වෙයිද? නමුත් තම වරද වසාගැනීමට ඒ පාලකයා මිනි මැරුමක් පවා කර තිබෙන බව ඔබ දන්නවා නම් වරද පෙන්වා දීම ඊට වඩා කොතරම් අමාරු දෙයක් වෙයිද?

අනාගතවක්තෘ නාතන්ටත් සිදු වුණේ එවැනිම දෙයක් කරන්නයි. ඒ කාලයේදී දාවිත් රජු බැත්-ෂෙබා සමඟ අනාචාරයේ යෙදී තිබුණා. ඒ නිසා ඇය ගැබ්ගත්තා. වරද වසාගැනීමේ අටියෙන් ඔහු ඇගේ සැමියාව මරා දැමීමට සැලැස්සුවා. ඉන්පසු ඔහු බැත්-ෂෙබාව තම බිරිඳ කරගත්තා. ටික කලකට වරද වසාගෙන සිටියත් දිගටම වරද සඟවාගෙන සිටීමට යෙහෝවා දෙවි ඔහුට ඉඩ දුන්නේ නැහැ. එය හෙළි කිරීමට දෙවි නාතන්ව රජු වෙතට යැව්වා.

නාතන්ට කරන්න සිදු වුණේ පහසු දෙයක් නම් නොවෙයි. නමුත් නාතන් දෙවිට විශ්වාසවන්තව සිටි නිසාත් දෙවිගේ ප්‍රමිති පිළිපැද්ද නිසාත් දාවිත් කළ වැරදි ඔහුට පෙන්වා දීමට පෙලඹුණා. නාතන් එය කළේ කොහොමද?

හදවතට කතා කළ දක්ෂ ගුරුවරයෙක්

දැන් 2 සාමුවෙල් 12:1-25 දක්වා කියවන්න. නාතන් ළඟ සිට ඔබත් ඔහුට සවන් දීගෙන සිටිනවා කියා සිතන්න. “එක්තරා නුවරක මිනිස්සු දෙන්නෙක් ජීවත් වුණා. එක් කෙනෙක් ධනවත්. අනික් කෙනා දුප්පත්. ධනවත් මිනිසා සතුව විශාල බැටළු හා ගව රැළක් සිටියා. නමුත් දුප්පතාට සිටියේ එකම එක කුඩා බැටළු පැටියෙක් විතරයි. ඌ ගෑනු සතෙක්. මුදල් දී ලබාගත් එම බැටළු පැටියාව ඔහු ඉතා ආදරයෙන් රැකබලා ගත්තා. ඌ වැඩුණේ ඔහුගේ දරුවන් එක්කමයි. ඔහු තමා කන බොන දෙයින් ඌටත් කොටසක් දුන්නා. පැටියා නිදාගත්තෙත් ඔහු එක්කමයි. ඔහු තමාගේම දුවකට වගේ ඌට සැලකුවා. දවසක් ධනවතාගේ ගෙදරට අමුත්තෙක් ආවා. ධනවතා ඔහුගේ බැටළු හෝ ගව රැළෙන් සතෙකුව ගන්නේ නැතුව දුප්පතාගේ බැටළු පැටියාව රැගෙන ඌව මරලා කෑමක් සූදානම් කර අමුත්තාට කන්න දුන්නා.”—2 සාමු. 12:1-4.

දාවිත් එය ඇත්ත සිද්ධියක් කියා සිතන්න ඇති. ඒ ගැන එක් වාර්තාකරුවෙක් පැවසුවේ මේ ආකාරයටයි. “අසාධාරණයට ලක් වූ කෙනෙකුට සාධාරණය ඉටු කර දීමට රජු වෙත යෑම නාතන්ගේ පුරුද්ද වී තිබෙන්න ඇති. ඉතින් මේ අවස්ථාවේදීත් ඔහු පැමිණියේ එවැනි දෙයකටයි කියා දාවිත් හිතන්න ඇති.” කොහොමවුණත් රජ කෙනෙක් ඉදිරියට ගොස් එවැනි දෙයක් කීමට නාතන්ට හැකි වුණේ දෙවි කෙරෙහි වූ විශ්වාසය හා නිර්භීතකම නිසයි. නාතන් කිව්ව දේ අසාගෙන සිටි දාවිත්ගේ කෝපය ඉහවහා ගියා. “ඒ දේ කළ මිනිසාව මරා දැමිය යුතුයි කියලා ජීවමාන දෙවි වන යෙහෝවා ඉදිරියේ මම දිවුරලා කියනවා” කියා ඔහු පැවසුවා. එවිට නාතන් “ඔබ තමයි ඒ මිනිසා” කියා දාවිත්ට පැවසුවා.—2 සාමු. 12:5-7.

නාතන් ඒ විදිහට ප්‍රශ්නය විසඳන්න උත්සාහ කළේ ඇයි? බොහෝදුරට අනියම් පෙමක පැටලී සිටින කෙනෙක් නිතරම උත්සාහ කරන්නේ නිදහසට කරුණු ඉදිරිපත් කරන්නයි. නාතන් කෙළින්ම වරද පෙන්වා දුන්නා නම් දාවිත්ද නිදහසට කරුණු කියන්න ඉඩ තිබුණා. නමුත් නාතන් නිදසුනක් යොදාගෙන ඔහුට කාරණය පැහැදිලි කිරීමට උත්සාහ කළ නිසා නිදසුනේ සිටි තැනැත්තාගේ ක්‍රියාකලාපය නින්දිත එකක් බව දාවිත් පැහැදිලිව තේරුම්ගත්තා. ඒ අවස්ථාවේදී දාවිත් පැවසූ දෙයින් පැහැදිලි වුණේ ඔහු තමාටත් නොදැනිම තම වරද හෙළාදුටු බවයි. ඒ තැනැත්තා ඔබයි කියා නාතන් දාවිත් රජුට පැවසුවේ ඉන්පසුවයි. එවිට තමන් මොන තරම් බරපතළ වරදක්ද කර තිබෙන්නේ කියා දාවිත් තේරුම්ගත්තා. ඉන්පසු දාවිත් තමා බැත්-ෂෙබා සමඟ අනාචාරයේ හැසිරී දෙවිගේ ‘වචනය සැහැල්ලුවට ගත්’ බව පිළිගත්තා. එමනිසා ඔහු දෙවි තමාට දෙන දඬුවමට යටත් වුණා.—2 සාමු. 12:9-14; ගීතා. 51.

අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? නාතන් දක්ෂ ලෙස දාවිත්ගේ හදවතට කතා කළේ ඔහුට අගෞරවයක් නොවන ආකාරයටයි. දාවිත් ධර්මිෂ්ඨකමට හා යුක්තියට කැමති කෙනෙක් බව නාතන් දැන සිටියා. එම ගුණාංග ඉස්මතු වෙන ආකාරයෙනුයි නාතන් නිදසුන පැහැදිලි කළේ. ඒ හා සමානව අපි බයිබලය ගැන උගන්වන විට අපේ පරමාර්ථය වන්නේ අපට සවන් දෙන්නන්ට දෙවි සිතන ආකාරය තේරුම්ගෙන හරි නිගමනයකට ඒමට උපකාර කිරීමයි. දක්ෂ ගුරුවරයෙක් හරි වැරැද්ද පෙන්නුම් කර දෙන විට ශිෂ්‍යයාගේ සිත රිද්දන්නේ නැහැ. තමන් අතින් වැරදි සිදු වෙන්නේ නැති බව පෙන්නන්න උත්සාහ කරන්නෙත් නැහැ. ඔහු පෞද්ගලික අදහස් ඉදිරිපත් නොකර හරි වැරැද්ද පෙන්වා දෙන්නේ බයිබල් ප්‍රතිපත්තිවලට අනුවයි.

බලවත් රජ කෙනෙක්ව නිවැරදි කිරීමට නාතන්ට හැකි වුණේ දෙවි කෙරෙහි නොසැලෙන විශ්වාසයක් තිබූ නිසයි. (2 සාමු. 12:1) දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට අප නිර්භීත වෙන්නේ අප තුළත් එවැනි විශ්වාසයක් තිබෙනවා නම් පමණයි.

දෙවිගේ මඟ පෙන්වීමට යටත් වුණා

දාවිත් හා නාතන් කොතරම් කිට්ටු මිතුරන්ව සිටියාද කියනවා නම් දාවිත් තම පුතෙකුට නාතන් යන නම දමා තිබුණා. (1 ලේක. 3:1, 5) ඔවුන් දෙදෙනා කාලයක් පුරා හොඳ මිතුරන්ව සිටි අතර දෙදෙනාම දෙවිට ප්‍රේම කළා. දාවිත් රජු දෙවි වෙනුවෙන් මාලිගාවක් සෑදීමට අදහස් කර ඒ ගැන නාතන්ගෙන් හොඳ අදහසක් ලැබෙයි කියා සිතමින් නාතන්ට මෙසේ පැවසුවා. “සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය කූඩාරමක තියෙද්දී මම දේවදාර ලීවලින් සෑදූ නිවසක ජීවත් වෙනවා.” එවිට නාතන්, ‘යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ඔබට ලැබිලා තියෙනවා. ඒ නිසා ඔබේ හිතේ තියෙන සියල්ල ඉටු කරගන්න කියා දාවිත් රජුට කිව්වා.’—2 සාමු. 7:2, 3.

නාතන්ගේ ආශාව වුණේ මුල්ම නමස්කාර ගෘහය ඉදි කරනවා දැකීමයි. ඒ නිසා ඔහු දාවිත්ගේ අදහසට එක පයින්ම කැමති වුණා. නමුත් නාතන් දාවිත්ට එසේ පැවසුවේ දෙවිගෙන් විමසා නොවෙයි. එදින රාත්‍රියේම දෙවි නාතන්ට පැවසුවේ ඊට හාත්පසින්ම වෙනස් පණිවිඩයක් රජු වෙත ගෙන යන්න කියායි. එම පණිවිඩය නම් දේවමාලිගාව සාදන්නේ දාවිත් නොව දාවිත්ගේ පුතෙකු බවයි. නමුත් දාවිත්ගේ සිංහාසනය ‘සදහටම පවතින’ බව ඔහුට දැනුම් දෙන ලෙස දෙවි නාතන්ට පැවසුවා.—2 සාමු. 7:4-16.

දෙවිගේ කැමැත්ත නාතන් සිතූ දේට වඩා වෙනස් වුණත් අදිමදි නොකර නාතන් යටහත්පහත්ව දෙවිගේ අරමුණට එකඟ වුණා. දෙවි අපවත් නිවැරදි කරන අවස්ථාවලදී අපට හැකියි නාතන්ගේ ආදර්ශය මතකයට නඟාගන්න. නාතන් ඉන්පසුව ක්‍රියා කළ ආකාරයෙන් ඔහුට දෙවිගේ අනුමැතිය දිගටම ලැබුණු බව පැහැදිලි වෙනවා. උදාහරණයකට දේවමාලිගාවේ සංගීතය සැපයීමට 4,000දෙනෙකුව සංවිධානය කිරීම සඳහා දාවිත්ට මඟ පෙන්වීමක් ලබා දීමට යෙහෝවා දෙවි නාතන්ට හා ගාද්ට බලය දුන්නා.—1 ලේක. 23:1-5; 2 ලේක. 29:25.

රජ පෙළපතට පක්ෂපාතව සිටියි

දාවිත්ගෙන් පසු සලමොන් රජ විය යුතු බව නාතන් දැන සිටියා. නමුත් අදොනියා රජකම බලෙන් ගැනීමට වෑයම් කරන බව දැනගත් නාතන් නැණවත්ව ක්‍රියා කළා. මුලින්ම ඔහු බැත්-ෂෙබාගෙන් ඉල්ලා සිටියේ සලමොන්ව රජකමට පත් කරන බවට දුන් පොරොන්දුව ගැන දාවිත්ට මතක් කරන්න කියායි. ඉන්පසු නාතන්ම මහලු දාවිත් ළඟට ගොස් අදොනියාට රජකම ලබාගන්න කියා පැවසුවේ ඔබද කියා ඇසුවා. තත්වයේ බරපතළකම වටහාගත් රජු නාතන්ට සහ විශ්වාසවන්ත අනික් සේවකයන්ට පැවසුවේ සලමොන්ව රජු ලෙස පත් කර ඒ ගැන නිවේදනය කරන්න කියායි. එවිට අදොනියාගේ වෑයම නිෂ්ඵල වුණා.—1 රාජා. 1:5-53.

නිතහමානි ඉතිහාසඥයෙක්

බොහෝදුරට 1 සාමුවෙල් 25-31 පරිච්ඡේද මෙන්ම 2 සාමුවෙල් 1-24 ලිව්වේ නාතන් හා ගාද් බව සැලකෙනවා. එම පොත්වල වාර්තා වී ඇති දේ ගැන සඳහන් වෙන්නේ මෙයයි. “දාවිත් රජුගේ සියලුම විස්තර සාමුවෙල් නම් අනාගතවක්තෘගේ වාර්තාවේද නාතන් නම් අනාගතවක්තෘගේ වාර්තාවේද ගාද් නම් අනාගතවක්තෘගේ වාර්තාවේද ලියා ඇත.” (1 ලේක. 29:29) නාතන් “සලමොන් රජුගේ ජීවිතයේ සියලුම විස්තර” ලියූ බවත් සඳහන් වෙනවා. (2 ලේක. 9:29) ඉන් පෙනී යන්නේ දාවිත්ගේ මරණයෙන් පසුව පවා රජමාලිගාවේ වැඩකටයුතුවලට නාතන් සම්බන්ධව සිටි බවයි.

අනාගතවක්තෘ නාතන් ගැන අප දන්නා දේවලින් බොහොමයක් ලිව්වේ ඔහු විසින්මයි. නමුත් ඔහු තමා ගැන නොලියූ දේවලින්ද ඔහු ගැන බොහෝ දේ අවබෝධ කරගත හැකියි. නාතන් තමාටම උසස් නාමයක් ඇති කරගැනීමට වෑයම් කළේ නැහැ. බයිබල් ශබ්දකෝෂයක සඳහන් වෙන්නේ බයිබලයේ “ඔහු ගැනවත් ඔහුගේ පෙළපත ගැනවත්” වාර්තා වී නැති බවයි. නාතන්ගේ මුතුන්මිත්තන් ගැන හෝ පෞද්ගලික ජීවිතය ගැන අප කිසිවක් දන්නේ නැහැ. මේ සැම දෙයින් පැහැදිලි වෙන්නේ ඔහු නිහතමානි ඉතිහාසඥයෙක් බවයි.

දෙවිට විශ්වාසවන්තව සිටියා

බයිබලයේ නාතන් ගැන සඳහන් කරුණු කිහිපයෙන් පැහැදිලි වෙන්නේ ඔහු නිහතමානි නමුත් දෙවිගේ සැලැස්මට පිටින් නොගිය කෙනෙක් බවයි. යෙහෝවා දෙවි ඔහුට බැරෑරුම් වගකීම් පැවරුවා. දෙවිට විශ්වාසවන්තව සිටීම හා දෙවිගේ මඟ පෙන්වීම් අගය කිරීම වැනි නාතන්ගේ ගුණාංග ගැන කල්පනා කර බලන්න. එම ගුණාංග වර්ධනය කරගැනීමට උත්සාහ කරන්න.

අනාචාරයේ යෙදෙන පාලකයෙකුට අවවාද කිරීමට හෝ බලය උදුරාගන්න වෑයම් කරන කෙනෙකුව ඉන් වැළැක්වීමට ඔබට සිදු වන්නේ නැති බව ඇත්තයි. නමුත් දෙවිට විශ්වාසවන්තව සිටීමටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රක්ෂා කිරීමටත් ඔබට සිද්ධ වෙනවා. එසේ කිරීමට හැකි වෙන්නේ දෙවිගේ උපකාරයෙන් පමණයි. එවිට නාතන් මෙන් නිර්භීත හා සත්‍යය හදවතට කාවදින ලෙස ඉගැන්විය හැකි ගුරුවරයෙක් වීමටත් දෙවිගේ මඟ පෙන්වීමට යටත් වී සැබෑ නමස්කාරයට අතහිත දෙන කෙනෙක් වීමටත් ඔබට හැකියි.

[25වන පිටුවේ පින්තූරය]

රජ පෙළපත රැකගැනීම ගැන නාතන් බැත්-ෂෙබා සමඟ කතා කළා