Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

බ්‍රිතාන්‍යය හා ඇමරිකාව එක් වී බයිබලයේ සඳහන් හත්වන ලෝක අධිරාජ්‍යය බවට පත් වුණේ කොයි කාලයේදීද?

▪ නෙබුකද්නෙෂර් රජ දුටු අතිවිශාල රූපයෙන් මිනිස් ඉතිහාසය පුරා ලෝකය පාලනය කළ සියලුම අධිරාජ්‍යයන් නියෝජනය වෙන්නේ නැහැ. (දානි. 2:31-45) ඉන් නියෝජනය වෙන්නේ දානියෙල්ගේ කාලයේ සිට දෙවිගේ සෙනඟට කෙළින්ම බලපෑම් කළ ලෝක අධිරාජ්‍යයන් පහ පමණයි.

එම රූපයේ කෙණ්ඩා සෑදී තිබෙන්නේ යකඩවලින්. ඉන් නියෝජනය වෙන්නේ රෝම අධිරාජ්‍යයයි. රූපයේ පාද හා ඇඟිලිවලත් ඒ යකඩ දකින්න තිබෙනවා. (පාද හා ඇඟිලි සෑදී තිබෙන්නේ යකඩ හා මැටිද මිශ්‍ර වෙලයි.) * රූපය ගැන දානියෙල් කරන විස්තරයෙන් පැහැදිලි වෙන්නේ, බ්‍රිතාන්‍යය හා ඇමරිකාව එක් වී අධිරාජ්‍යයක් ලෙස රෝම අධිරාජ්‍යයෙන්ම මතු වෙන බවයි. එය ඇත්තක් බව ලෝක ඉතිහාසයෙන්ද පැහැදිලි වෙනවා. බ්‍රිතාන්‍යය රෝම අධිරාජ්‍යයේ කොටසක් වී තිබුණා. නමුත් 1700 ගණන්වල අග භාගයේදී එහි බලය ක්‍රමානුකූලව වැඩි වුණා. ඒ අතරතුරේදී ඇමරිකා එක්සත් ජනපදයත් බලවත් රටක් ලෙස මතු වෙන්න පටන්ගත්තා. නමුත් ඒ වන තුරුත් හත්වන ලෝක අධිරාජ්‍යය පාලනය කිරීමට පටන්ගෙන තිබුණේ නැහැ. ඊට හේතුව වුණේ ඔවුන් හවුලේ ලෝකය පාලනය කිරීමට පටන්ගෙන නොතිබීමයි. ඔවුන් එසේ කරන්න පටන්ගත්තේ පළවෙනි ලෝක මහා යුධ සමයේදියි.

ඒ කාලයේදී ‘රාජ්‍යයේ පුත්‍රයන්’ හෙවත් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ ලෝක මූලස්ථානය තිබුණේ ඇමරිකාවේ නිව් යෝක්හි බෘක්ලින් නගරයෙයි. (මතෙ. 13:36-43) ඊට අමතරව බ්‍රිතාන්‍යයේ යටත් විජිතවලත් අභිෂේක ලත් අය දේශනා කරමින් සිටියා. පළවෙනි ලෝක මහා යුධ සමයේදී බ්‍රිතාන්‍යය හා ඇමරිකාව විශේෂ මිත්‍රත්වයක් ඇති කරගෙන එකට එකතු වී තමන්ගේ පොදු සතුරන් ලෙස සැලකූ රටවල් සමඟ යුද්ධ කළා. ඒ වගේම ඔවුන් අභිෂේක ලත් අයටත් විරුද්ධ වුණා. අභිෂේක ලත් අය පළ කළ පොත් පත් තහනම් කළා. එපමණක් නොව දේශනා සේවයේ පෙරමුණ ගත් අයවත් සිරගත කළා.—එළි. 12:17.

ඒ අනුව බයිබලයේ සඳහන් හත්වන ලෝක අධිරාජ්‍යය බලයට පත් වුණේ බ්‍රිතාන්‍යය බලවත් වීමට පටන්ගත් 1700 ගණන්වල අග භාගයේදී නොව බ්‍රිතාන්‍යය හා ඇමරිකාව විශේෂ මිත්‍රත්වයක් ඇති කරගෙන එකට එකතු වී ක්‍රියා කරන්න පටන්ගත් ස්වාමීන්ගේ දවසේ ආරම්භයත් සමඟයි. *

[පාදසටහන්වල]

^ 4 ඡේ. යකඩ සමඟ මිශ්‍ර වී තිබෙන මැටිවලින් නියෝජනය වෙන්නේ බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක අධිරාජ්‍යය තුළම තිබෙන යම් තත්වයන් හෝ පුද්ගලයන්. ඒ නිසා තමන්ට කැමති ආකාරයට බලවත් වෙන්න එම අධිරාජ්‍යයට හැකියාවක් නැහැ.

^ 6 ඡේ. “දානියෙල්ගේ අනාවැකි” පොතේ 57වෙනි පිටුවේ 24වෙනි ඡේදයේ ඇති තොරතුරු සහ 56වෙනි හා 139වෙනි පිටුවල ඇති රූප සටහන් මේ ලිපියේ තොරතුරු මගින් සංශෝධනය කර තිබෙනවා.

[19වන පිටුවේ පින්තූරය]

ලෝක මූලස්ථානයේ සේවය කළ සහෝදරයන් අටදෙනෙකුව 1918 ජූනි මාසයේදී සිරගත කළා