Skip to content

පටුනට යන්න

“මගේ සිහිනය සැබෑ වුණා”

“මගේ සිහිනය සැබෑ වුණා”

“මගේ සිහිනය සැබෑ වුණා”

එමීලියා මීට අවුරුදු 15කට කලින් ස්ථාවර පුරෝගාමී සේවය නතර කළා. නමුත් පුරෝගාමී සේවයෙන් ලැබුව සතුට ගැන මෑතකදී ඇයට නිතර නිතර මතක් වුණා. ඒ නිසා ආපහු පුරෝගාමී සේවය කරන්න ඇයට ආශාවක් ඇති වුණා.

නමුත් රැකියාව නිසා එමීලියාට පුරෝගාමී සේවය කරන්න කාලය තිබුණේ නැහැ. ඇය දවසක් “වැඩ කරන පැය ගාන අඩු කරගන්න පුළුවන් නම්” කියා ඇගේ වැඩපොළේ අයට කිව්වා. ඒක ආරංචි වූ වැඩ බලන නිලධාරිණිය “ඒ කතාව ඇත්තද” කියලා ඇහුවා. “ඔව්” කියා එමීලියා පැවසුවා. ඒත් එම ආයතනයේ සේවකයන්ට අර්ධකාලීනව වැඩ කරන්න ඉඩ නොදී තිබුණු නිසා කළමනාකරුගේ අවසරය ගන්න එමීලියාට සිදු වුණා. ඔහු එක්ක කතා කරන්න ඕන දේ ගැන ඇය කල් තියාම හිතුවා. ඔහු එක්ක කතා කරද්දී ධෛර්යයි සන්සුන්කමයි ලබා දෙන්න කියලත් දෙවිට යාච්ඤා කළා.

එමීලියා භය නැතුව නමුත් කාරුණිකව කළමනාකරුට ඇගේ අවශ්‍යතාව ගැන මෙහෙම කිව්වා. “මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්. දෙවිට ළං වෙන්න මම අනිත් අයට උදව් කරනවා. අද සමාජයේ සාරධර්ම පිරිහිලා. හරි වැරැද්ද තෝරගන්න හුඟදෙනෙක් දන්නැති හින්දා බයිබලයේ තියෙන මඟ පෙන්වීම් එයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒත් මගේ රස්සාවේ වැඩවලට ඒක බාධාවක් කරගන්න මම කැමති නැහැ. ඒ නිසා වැඩ කරන්න තියෙන කාලය ටිකක් අඩු කරලා දෙන්න පුළුවන්ද?”

ඇගේ ඉල්ලීමට සවන් දුන්න කළමනාකරු කිව්වේ කලින් ඔහුටත් සමාජ සේවය කිරීමට ආශාවක් තිබුණා කියායි. ඒ වගේම ඔහු එමීලියාට මෙහෙමත් කිව්වා. “ඔයා කියපු දේවල හැටියට ඔයාගේ ඉල්ලීමට එකඟ වෙන්න ඕන කියලා මට හිතෙනවා. ඒත් ඔයා දන්නවද ඔයාගේ පඩිය අඩු වෙනවා කියලා.” එවිට එමීලියා කිව්වා “ඔව් සර්, මං ඒක දන්නවා. ඒකෙන් කොහොමහරි පිරිමහගන්නවා. මට වැඩි සතුටක් ලැබෙන්නේ අනිත් අයට කරන සේවයෙන්” කියලා. ඉන්පසු කළමනාකරු කිව්වේ මෙහෙමයි. “අනිත් අයට සේවය කරන අයව මම හුඟක් අගය කරනවා.”

දැන් එමීලියාට වැඩ කරන්න තියෙන්නේ සතියට දවස් හතරක් විතරයි. ඊට කලින් ඒ ආයතනයේ කාටවත් එවැනි අවස්ථාවක් ලැබී නැහැ. පුදුමේ කියන්නේ ඇයගේ පඩියත් අඩු නොකිරීමයි. ඇය පැවසුවේ “මගේ සිහිනය සැබෑ වුණා. මට ආපහු ස්ථාවර පුරෝගාමී සේවය කරන්න පුළුවන් වුණා” කියායි.

පුරෝගාමී සේවය කිරීමට යම් සකස් කිරීම් කරන්න ඔබටත් පුළුවන්ද? ඔබ පුරෝගාමී සේවය නවත්වපු කෙනෙක් නම් ආපහු කරන්න පුළුවන්ද?

[32වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

කළමනාකරු මෙහෙම කිව්වා. “අනිත් අයට සේවය කරන අයව මම හුඟක් අගය කරනවා”