අතීතයෙන් බිඳක්
රජතුමා ගොඩක් සතුටු වුණා!
ස්වාසිලන්තය පාලනය කළ දෙවෙනි සෝබූසා රජුව හමු වෙන්න, රොබට් හා ජෝජ් නිස්බට් කියන සහෝදරයන් දෙන්නා 1936 අගෝස්තු මාසයේදී රජ ගෙදරට ගියා. වාදන යන්ත්‍රයක් යොදාගෙන ගීතිකාත් සහෝදර ජේ. එෆ්. රදෆර්ඩ් ඉදිරිපත් කළ කතාවකුත් ඔවුන් රජුට ඇහෙන්න සැලැස්සුවා. ඊට සවන් දුන්න රජතුමා ගොඩක් සතුටු වුණා. ඒත් “අපේ වාදන යන්ත්‍රයත්, තැටිත්, ශබ්ද විකාශන යන්ත්‍රයත් මිල දී ගන්න ඕනෙ කියලා රජ කිව්වම මොනවා කියන්නද කියලා අපිට හිතාගන්නත් බැරි වුණා” කියලා ජෝජ් කිව්වා.
“මේවා අයිති වෙන රජෙකුට” කියලා රොබට් කිව්වම රජු ඇහුවා “ඒ කවුද” කියලා.
“මේවා අයිති දේවරාජ්‍යයේ රජු වන යේසුස් ක්‍රිස්තුස්ට” කියලා රොබට් උත්තර දුන්නා.
“ඒ උත්තමයා මහා රජෙක්! එතුමාට අයිති කිසි දෙයක් ගන්න මං කැමති නෑ” කියලා සෝබූසා රජු ලොකු භක්තියකින් කිව්වා.
පස්සේ කාලෙක රොබට් ලිව්වේ මෙහෙමයි. ‘රජතුමා හරිම හොඳයි. ඕනෙම කෙනෙක්ට ඔහු එක්ක කතා කරන්න පුළුවන්. ඉංග්‍රීසි කතා කළේ වතුර වගේ. ඉංග්‍රීසි දන්නවා කියලා ලොකුකමක් පෙන්නුවෙත් නැහැ. ජෝජ් එළියට ගිහින් සංගීත තැටි වාදනය කරන අතරතුරේ මම විනාඩි 45ක් විතර රජ එක්ක කතා කරකර හිටියා.
‘එදාම අපි ස්වාසි ජාතික පාසැලටත් ගියා. විදුහල්පතිතුමත් අපිට හොඳින් සවන් දුන්නා. අපේ දේශනයකට සවන් දෙන්න කැමතිද කියලා ඇහුවම ඔහු එක පයින්ම ඒකට කැමති වුණා. ශිෂ්‍යයන් 100ක් විතර රැස් කරලා ගිහින් පිට්ටනියේ වාඩි වෙන්න කියලත් ඔවුන්ට කිව්වා. ඊටපස්සේ අපි තැටිගත කරපු කතාව වාදනය කළා. ඒ පාසැලේ පිරිමි ළමයින්ට කෘෂිකර්මය, ගෙවතු වගාව, වඩු වැඩ, ඉදි කිරීම් වැඩ, ඉංග්‍රීසි හා ගණිතය උගන්වනවා කියලත් ගෑනු ළමයින්ට සාත්තු සේවය, ගෙදර දොරේ වැඩකටයුතු වගේ එදිනෙදා ප්‍රයෝජනවත් වෙන දේවල් ගැන පුහුණුවක් දෙනවා කියලත් අපිට දැනගන්න ලැබුණා. ඒ පාසැල හදලා දීලා තියෙන්නේ රජතුමාගේ ආච්චි.’
රජ ගෙදරට ආව ගිය පුරෝගාමීන්ව රජතුමා පිළිගත්තේ 1933 තරම් කාලෙක ඉඳලයි. එහෙම ආපු එක අවස්ථාවක රජ තමන්ගේ රාජාරක්ෂක භටයන් 100දෙනාව කැඳවලා ශුභාරංචියට සවන් දෙන්න කියලා ඔවුන්ට කිව්වා. රජ, මාස් පතා සඟරා ලබාගන්නත් වෙනත් පොත් පත් ගන්නත් කැමති වුණා. රජතුමාගේ පුස්තකාලය අපේ
පොත්වලින් පිරෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. ස්වාසිලන්තය බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වෙලා තිබුණ නිසා දෙවෙනි ලෝක මහා යුද්දේ කාලෙදී සාක්ෂිකරුවන්ගේ පොත් පත් තහනම් කළත් රජතුමා ගාව තිබුණ අපේ පොත් පත් හොල්ලන්න කාටවත් බැරි වුණා.රජ ගෙදරට ආපු සාක්ෂිකරුවන්ව රජතුමා හැම වෙලාවෙම සාදරෙන් පිළිගත්තා. සමහර වෙලාවලදී ඔහු පූජකයන්ටත් ආරාධනා කළා අපේ බයිබල් දේශනවලට සවන් දෙන්න එන්න කියලා. දවසක් හෙල්වී මෂාසි කියන සහෝදරයා, මතෙව් 23වෙනි පරිච්ඡේදයෙන් සාකච්ඡාවක් කරද්දී එතන හිටපු පූජකයන්ට කේන්ති ගිහින් කතාව නවත්වන්න උත්සාහ කළා. ඒත් රජතුමා ඒකට මැදිහත් වුණා. කතාව දිගටම කරගෙන යන්න කියලා අපේ සහෝදරයාට කිව්වා විතරක් නෙවෙයි කතාවේදී කියන බයිබල් පද ලියාගන්න කියලත් එතන හිටපු අයට රජතුමා කිව්වා.
තව අවස්ථාවක පුරෝගාමියෙක් දුන්න කතාවක් අහන්න පූජකයන් හතරදෙනෙක් ඇවිත් හිටියා. ඔවුන් පූජකයන් කියලා හඳුනාගත්තේ ඔවුන්ගේ බෙල්ල වටේට පැළඳගෙන හිටිය පටියෙන්. කතාව ඇහුවට පස්සේ ඔවුන් පටිය කරකෝලා අනිත් පැත්තට හැරෙව්වා. එහෙම කරලා “අපි දැන් පූජකයෝ නෙවෙයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරයෝ” කියලා ඔවුන් කිව්වා. ඒ වගේම රජුට දුන්න පොත් වගේ ඒවා ඔවුන්ටත් දෙන්න කියලා කිව්වා.
සෝබූසා රජ 1930 ගණන්වල ඉඳලා 1982දී මිය යනකල්ම සාක්ෂිකරුවන්ට ගොඩක් ගෞරවයෙන් සැලකුවා. සාක්ෂිකරුවන් ස්වාසි සිරිත් විරිත්වලට සහභාගි වුණේ නැති වුණත් ඔවුන්ට පීඩා කරන්න කිසිම කෙනෙකුට ඉඩ දුන්නේ නැහැ. සාක්ෂිකරුවන් ඒක ගොඩක් අගය කළා. රජුගේ මරණය ගැන ඔවුන් ඇත්තටම දුක් වුණා.
ස්වාසිලන්තයේ ජනගහනය ලක්ෂ දහයකට වඩා ටිකක් වැඩියි. වර්ෂ 2013 මුලදී සාක්ෂිකරුවන් 3,000කට වඩා ඒ රටේ හිටියා. ඒ කියන්නේ එක සාක්ෂිකරුවෙක් 384දෙනෙකුට විතර සාක්ෂි දරන්න ඕනෙ කියන එකයි. එහේ සභා 90ක් තියෙනවා. පුරෝගාමීන් 260කට වඩා ඉන්නවා. වර්ෂ 2012දී සිහි කිරීමට 7,496ක් ආවා. සාක්ෂිකරුවන් 1930 ගණන්වල කළ සේවයත් රජුගේ පිළිගැනීමත් අද ඉන්න සහෝදරයන්ට ලොකු හයියක්. ඒ නිසා ඉදිරියේදී තව හුඟදෙනෙක් සත්‍යය පිළිගනියි කියලා අපි හිතනවා.—දකුණු අප්‍රිකාවේ අතීතයෙන් බිඳක්.