මුරටැඹ - පාඩම් කලාපය 2013 නොවැම්බර්
යෙහෝවා දෙවි මේ දුෂ්ට සමාජය විනාශ කරන දවස එනකල් දෙවිගේ ඉවසීම අගය කරන්න අපිට පුළුවන් කොහොමද? යෙහෝවා දෙවි සහ යේසුස් අද දින තමන්ගේ රැළ රැකබලා ගන්නේ කොහොමද?
“යාච්ඤාව අතපසු නොකර සෝදිසියෙන් සිටින්න”
නොකඩවා යාච්ඤා කරන එක වැදගත් ඇයි? අනිත් අය වෙනුවෙන් අපි යාච්ඤා කරද්දී ප්‍රයෝජන ලබන්නේ කවුද?
අන් අය වෙනුවෙන් අපිට කළ හැකි දේ
සාක්ෂිකරුවන්ගේ සංවිධානයට ලැබෙන පරිත්‍යාග විපත්වලට මුහුණ දෙන අයට උපකාර කරන්නත් ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය සඳහාත් යොදාගන්නේ කොහොමද කියලා දැනගන්න.
ඉවසීමෙන් බලා ඉමු
අවසානය ළං වෙද්දී ඉවසීමෙන් බලාගෙන හිටපු මීකාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?
ජීවිත කතාව
ඔහුට ලැබුණ හොඳම බෙහෙත
ඔනෙස්මස් ඉපදෙද්දිම අස්ථි බිඳී යෑමේ රෝගයකින් පෙළුණා. අනාගතය ගැන බයිබලයේ සඳහන් දේ එයාගේ ජීවිතේ අර්ථවත් කළේ කොහොමද?
එඬේරුන් සත්දෙනා සහ අධිපතීන් අටදෙනා
හෙසකියා, යෙසායා, මීකා යහපත් එඬේරුන් බව ඔප්පු වුණේ කෙසේද? මීකා සඳහන් කරන එඬේරුන් සත්දෙනාගෙන් සහ අධිපතීන් අටදෙනාගෙන් අද දින නියෝජනය වන්නේ කාවද?
එඬේරුන්ට කීකරු වන්න
සභාව රැකබලා ගන්න වැඩිමහල්ලන්ව පත් කරලා තියෙන්නේ දෙවිගේ බලයෙන්. සභාවේ අය වැඩිමහල්ලන්ට කීකරු වෙන්න ඕනෙ ඇයි?
වැඩිමහල්ලෙනි, ශ්‍රේෂ්ඨතම එඬේරුන්ව අනුකරණය කරන්න
දෙවි එක්ක තියෙන බැඳීම දුර්වල කරන තරමට බරපතළ ප්‍රශ්නයකට සභාවේ කෙනෙක් මුහුණ දීලා නම් ඔහුට උදව් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද? “උතුම් බැටළු එඬේරා” වන යේසුස්ව ආදර්ශයට ගන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?
අතීතයෙන් බිඳක්
රෝද හතරේ පුංචි ගෙදර
1929දී ඇති වුණ දරුණු ආර්ථික අර්බුදය හමුවේ කෝල්පෝටර්වරු ලෙස හැඳින්නුව පූර්ණකාලීන සේවකයන් ඔවුන්ගේ සේවය දිගටම කරගෙන ගියේ කොහොමද කියලා දැනගන්න.