Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

ළඟදී පළ වුණ ‘මුරටැඹ’ ලිපිවලින් ඉගෙනගත්ත දේවල් ආයෙත් මතක් කරගමුද?

යේසුස් ‘සිරභාරයේ සිටි භූතයන්ට දේශනා කළේ’ කවදාද? (1 පේතෘ. 3:19)

භූතයන්ට ලැබෙන්න යන දඬුවම ගැන යේසුස් ඔවුන්ට දැනුම් දුන්නේ ඔහු නැවත නැඟිට්ටාට පස්සේ කියලා පැහැදිලියි.—6/15, 23වන පිටුව.

දෙවෙනි විවාහයේදී ඇති වෙන්න පුළුවන් අභියෝග මොනවද?

පළමු විවාහයේ සොඳුරු මතකයන්, පරණ යාළුවෝ, පළමු විවාහයේ අමිහිරි අද්දැකීම් වැනි අභියෝග ජය ගත්තොත් දෙවෙනි විවාහය සාර්ථක කරගන්න පුළුවන්.—7/1, 9-10 පිටු.

යේසුස් ‘එළුවන්ගෙන් බැටළුවන්ව’ වෙන් කරන්නේ කවදාද? (මතෙ. 25:32)

යේසුස් ඒ දේ කරන්නේ මහත් පීඩාව අතරතුරේ සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව විනිශ්චය කරන්න පැමිණෙන අවස්ථාවේදීයි. ඒ කියන්නේ අසත්‍යය උගන්වන ආගම් විනාශ කළාට පස්සෙයි.—7/15, 6වන පිටුව.

තිරිඟු සහ කිරිඳි උපමාවේ සඳහන් හැඬීම සහ දත්මිටි කෑම සිදු වන්නේ කවදාද? (මතෙ. 13:36, 41, 42)

ඒ දේ වෙන්නේ මහත් පීඩාව අතරතුරේදී. දෙවිගේ නීතියට විරුද්ධව ක්‍රියා කරන අය ඔවුන්ට විනාශයෙන් බේරෙන්න බැහැ කියලා තේරුම්ගත්තම දත්මිටි කමින් අඬනවා.—7/15, 13වන පිටුව.

“විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ගැන යේසුස් සඳහන් කළ දේවල් ඉටු වුණේ කොයි කාලයේද? (මතෙ. 24:45-47)

එය ඉටු වුණේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී නෙවෙයි. 1914 පසුවයි. තම මෙහෙකරුවන්ව එනම් ඔහුගේ සියලු අනුගාමිකයන්ව පෝෂණය කරන්න 1919දී යේසුස් විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව පත් කළා.—7/15, 21-23 පිටු.

යේසුස් තමන් සතු සියලු දේ බලාගන්න දාසයාව පත් කරන්නේ කවදාද?

එය සිදු වෙන්නේ අනාගතයේදී. එම වගකීම විශ්වාසවන්ත දාසයාට ලැබෙන්නේ මහත් පීඩාව අතරතුරේදී ඔවුන් ස්වර්ගයට ගිහින් යේසුස් එක්ක හවුලේ පාලනය කරන්න පටන්ගත්තමයි.—7/15, 25වන පිටුව.

බයිබලයේ සමහර අයගේ නම සඳහන් කරලා නැත්තේ ඒ අය වැඩක් නැති, නරක අය නිසාද?

එහෙම කියන්න බැහැ. සමහර නරක අයගේ වගේම සමහර හොඳ අයගේ නම් බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. (රූත් 4:1-3; මතෙ. 26:18) විශ්වාසවන්ත දේවදූතයන් අතරින් දෙන්නෙක්ගේ නම් විතරයි එහි සඳහන් වෙන්නේ.—8/1, 10වන පිටුව.

සාක්සන්හවුසන් කියන ගාල් කඳවුරේ හිටපු සාක්ෂිකරුවන් 230දෙනාට තම ජීවිත බේරගන්න පුළුවන් වුණේ දෙවිගෙන් ලැබුණ බලයට අමතරව තව මොන හේතුව නිසාද?

හරිහමන් කෑමක් බීමක් නැතුව ලෙඩ රෝගවලින් දුර්වල වෙලා හිටියත් ගමන පුරාම ඔවුන් එකිනෙකාට උදව් කළා. එකිනෙකාව දිරිගැන්නුවා.—8/15, 18වන පිටුව.

ඊශ්‍රායෙල්වරු යොර්දාන් ගඟ හරහා ගිය සිද්ධිය අපිට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද?

ඊශ්‍රායෙල්වරුන්ට ගඟ හරහා යන්න පුළුවන් වෙන්න දෙවි ගඟේ ජල පහර නතර කළා. එයින් දෙවි ගැන ඔවුන්ට තිබුණ විශ්වාසය තවත් වැඩි වෙන්න ඇති. දෙවිව විශ්වාස කරන්න ඒ වාර්තාව අපිටත් දිරිගැන්වීමක්.—9/15, 16වන පිටුව.

යම් දේවල් විස්තර කරන්න බයිබලයේ විවිධ පාට යොදාගෙන තියෙන්නේ ඇයි?

පාටවලින් අපේ හිතේ ඇති වෙන හැඟීම් ගැන දෙවිට හොඳ අවබෝධයක් තියෙන නිසා යම් දේවල් මතකයේ රඳවගන්න උදව්වක් හැටියටයි දෙවි විවිධ පාට යොදාගෙන තියෙන්නේ.—10/1, 14-15 පිටු.

මීකා 5:5හි සඳහන් එඬේරුන් සත්දෙනාගෙන් හා අධිපතීන් අටදෙනාගෙන් අද නියෝජනය වෙන්නේ කාවද?

ඔවුන්ගෙන් නියෝජනය වෙන්නේ අද ඉන්න වැඩිමහල්ලන්වයි. ඉදිරියේදී එල්ල වන ප්‍රහාරයට සාර්ථකව මුහුණ දෙන්න ඔවුන් දෙවිගේ සෙනඟව ශක්තිමත් කරනවා.—11/15, 20වන පිටුව.

අපිට දෙවි නැතුවම බැරි ඇයි?

ජීවිතේ වැදගත් ප්‍රශ්නවලට පිළිතුරුත් හොඳ මඟ පෙන්වීමුත් අපිට ලැබෙන්නේ දෙවිගෙන් විතරයි. සතුටින් පිරි අර්ථවත් ජීවිතයක් ගත කරන්න ඔහු අපිට උදව් කරනවා. ඒ වගේම බයිබලයේ සඳහන් පොරොන්දු ඉටු කර සතුටින් සදහටම ජීවත් වෙන්න අවස්ථාවත් ඔහු අපිට ලබා දෙනවා.—12/1, 4-6 පිටු.