ජීවන මඟේ තනි වුණොත්
සැමියෙක් “තමාට ප්‍රේම කරන ආකාරයටම තම භාර්යාවටද ප්‍රේම කළ යුතුයි” කියලත් බිරිඳ “තම ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක් දැක්විය යුතුයි” කියලත් බයිබලයේ කියනවා. මොකද දෙන්නම ‘එක් කෙනෙක්.’ (එෆී. 5:33; උත්. 2:23, 24) විවාහ වෙලා කාලයක් ගත වෙනවත් එක්කම දෙන්නා තව තවත් ආදරෙන් බැඳෙනවා. ඒ බැඳීම හරියට එක ළඟ වැවෙන ගස් දෙකක මුල් කාලයත් එක්කම ශක්තිමත්ව එකට එතෙනවා වගේ දෙයක්.
ඒත් එක් කෙනෙක් මිය ගියොත්? දෙන්නා ජීවත් වෙලා ඉන්න කාලයේදී තිබුණ බැඳීම බිඳෙනවා. ජීවත් වෙලා ඉන්න කෙනාට වේදනාව, දුක, තනිකම වගේම තමන් ගැන කේන්තියක් තමන් වැරදියි කියන හැඟීම වුණත් ඇති වෙන්න පුළුවන්. ඩාන්යෙලා * වැන්දඹුවන් හුඟදෙනෙක්ව දැනගෙන හිටියත් ඔවුන්ගේ වේදනාව ඇය තේරුම්ගත්තේ අවුරුදු 58ක් ඇය එක්ක හිටපු සැමියා මිය ගියාට පස්සෙයි. “ඒ දුක කොයි තරම්ද කියලා දන්නේ ඒක අද්දැකපු කෙනෙක් විතරයි” කියලා ඇය කියනවා.
මේ දුක හැමදාම තියෙයිද?
තමන් හුඟක් ආදරය කරපු සැමියා හෝ බිරිඳ මිය ගියාම දැනෙන මානසික පීඩනය වෙන කිසිම දෙයක් නිසා ඇති වෙන පීඩනයට වඩා වැඩියි කියලා පර්යේෂකයන් කියනවා. මිලි එක්ක අවුරුදු 25ක් ළඟින් හිටපු සැමියා මිය ගියාට පස්සේ ඇය කිව්වේ “මට දැනෙන්නේ හරියට මගේ පැත්තක් පණ නැතුව ගියා වගේ” කියලයි.
අවුරුදු ගාණක් තිස්සේ වියෝ දුකෙන් ඉන්න අය ගැන සූසන් හිතුවේ ඒ අය ඕනෑවට වඩා දුක් වෙනවා කියලයි. ඒත් තමන් එක්ක අවුරුදු 38ක යුග දිවියක් ගත කරපු සැමියා මිය ගියාට පස්සේ ඇය හිතපු විදිහ වැරදියි කියලා ඇයට තේරුණා. ඔහු මිය ගිහින් අවුරුදු
20කට පස්සෙත් ඇය කියන්නේ “මට එයාව මතක් නොවෙන දවසක් නැහැ” කියලයි. විටින් විට ඇගේ දෙනෙනින් කඩා හැළෙන කඳුළු කියාපාන්නේ ඇයට ඔහු නැති පාළුව තවමත් දැනෙනවා කියන එකයි.වියෝ දුක කාලයක් පුරා පවතිනවා කියලා බයිබලයේ සඳහන් සිද්ධීන්වලින් ඔප්පු වෙනවා. නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන ආබ්‍රහම්ට ලොකු විශ්වාසයක් තිබුණත් සාරා මිය ගිය වෙලාවේ ඔහු හොඳටම දුක් වුණා. (හෙබ්‍රෙ. 11:17-19) ‘මිය ගිය සාරා ළඟට ගොස් ආබ්‍රහම් හඬා වැලපුණා.’ (උත්. 23:1, 2) තමන් හුඟක් ආදරය කළ රාකෙල්ගේ වියෝව අමතක කරන්න යාකොබ්ටත් බැරි වුණා. ඔහු නිතරම වගේ ඇයව මතක් කළේ ඒ නිසයි.—උත්. 44:27; 48:7.
ඒ වාර්තාවලින් අපිට මොනවද ඉගෙනගන්න පුළුවන්? සැමියා හෝ බිරිඳ මිය ගිය කෙනෙක්ට ඒ දුක අවුරුදු ගාණක් පුරා දැනෙන්න පුළුවන්. ඔවුන් විටින් විට දුක් වෙනවා දකිද්දී ඒක ඔවුන්ගේ දුර්වලකමක් කියලා හිතනවා වෙනුවට ඔවුන්ගේ ජීවිතේ වටිනාම දෙයක් ඔවුන්ට අහිමි වීමේ දුක තවමත් නැති වෙලා නැහැ කියලා අපි මතක තියාගමු. ඔවුන්ගේ කඳුළු නිහඬවම කියාපාන්නේ අපේ දයාව, සැනසීම තවමත් ඔවුන්ට ඕනෙ කියන එකයි.
අනාගතය ගැන දුක් වෙන්න එපා
තමන් ආදරය කළ කෙනා මිය ගියාට පස්සේ කෙනෙක් තනි වී ගත කරන ජීවිතයයි කෙනෙක් තනිකඩව ගත කරන ජීවිතයයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඔවුන් ගත කරපු සොඳුරු යුග දිවියේ මිහිරි මතකයන් ඔවුන්ට ලෙහෙසියෙන් අමතක කරන්න බැහැ. තමන්ගේ සැමියා තමන්ව සනසපු හැටි, තමන් දුකෙන් කලකිරීමෙන් හිටපු වෙලාවල දිරියක් වුණ හැටි බිරිඳට මතකයි. ඔහුගේ වියෝවත් එක්කම ඒ ආදරය සැනසීම ඇයට ආයෙත් ලැබෙන්නේ නැහැ. ඒ වගේම බිරිඳගෙන් ලැබුණ ආදරය, සතුට ඇගේ සුමුදු ස්පර්ශය හිත සනසන වදන් ඇගේ වියෝවත් එක්කම සැමියට අහිමි වෙනවා. තමන්ගේ දේවල් හොයලා බලලා කරන්න තමන් ළඟ කාලයක් පුරා හිටපු බිරිඳගේ වියෝව නිසා ඇති වෙන තනිකම සැමියෙකුට දරාගන්න අමාරුයි. ඒ වගේ සමහර අයට ඔවුන්ගේ අනාගතය පේන්නේ අඳුරු එකක් විදිහට. ඒ වගේ අයට සහනයක් ලබන්න පුළුවන් බයිබලයේ සඳහන් කුමන දේවලින්ද?
“හෙට දවස ගැන කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද හෙට දවසෙත් කරදර තිබෙයි. හැම දවසකම කරදර තිබෙන බව මතක තබාගන්න.” (මතෙ. 6:34) යේසුස්ගේ ඒ වචන අදාළ වෙන්නේ එදිනෙදා ජීවිතේ අවශ්‍යතාවන් ගැන කනස්සල්ලෙන් ඉන්න අයට වුණත් වියෝ දුකෙන් සිටින අයටත් එයින් යමක් ඉගෙනගන්න පුළුවන්. බිරිඳ මිය ගිහින් මාස කිහිපයකට පස්සේ චාල්ස් මෙහෙම කියනවා. “මෝනික් නැති අඩුව මට තාමත් දැනෙනවා. සමහර දවස්වලට දුක දරාගන්න මට හරිම අමාරුයි. මගේ වේදනාවට කාලය තමයි හොඳම බෙහෙත කියලා මං තේරුම්ගත්තා.”
චාල්ස් කිව්වේ “යෙහෝවා දෙවිගේ උදව්වෙන් මං උදා වුණ හැම දවසකම ඕනෑවට වඩා ඉදිරිය ගැන හිතන්නේ නැතුව ඒ දවස ගැන විතරක් හිතන්න පුරුදු වුණා” කියලයි. එහෙම කළා කියලා ඔහු තුළ තිබුණ වේදනාව එක රැයකින් නැති වුණේ නැහැ. ඒත් දුකෙන් යටපත් නොවී ඉන්න ඔහුට පුළුවන් වුණා. ඔබත් ඉදිරිය ගැන ඕනෑවට වඩා දුක් නොවී චාල්ස් වගේ උදා වන හැම දවසක්ම තවත් අලුත් දවසක් කියලා හිතන්න.
ඔබට වියෝ දුක විඳින්න වෙලා තියෙන්නේ ආදම්ගෙන් උරුම වුණ පාපය නිසයි. (රෝම 5:12) දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ මිය යන්න නෙවෙයි. එහෙම වුණේ “යක්ෂයාගේ ක්‍රියා” නිසයි. (1 යොහ. 3:8; රෝම ) සාතන්, මරණයත් ඒ සඳහා තියෙන බියත් යොදාගෙන මිනිසුන්ව ඔහුගේ වහලුන් කරගෙන. තමන්ට කිසි බලාපොරොත්තුවක් නැහැ කියලා මිනිසුන්ට හැඟෙන්න සලස්වනවා. ( 6:23හෙබ්‍රෙ. 2:14, 15) ‘මට ආයෙ කවදාවත් අඩුම තරමේ පාරාදීසයේදීවත් සතුටින් ඉන්න බැරි වෙයි’ කියලා කෙනෙක් දුක් වෙනවා නම් සාතන් ඒ ගැන සතුටු වෙනවා. ඒත් දෙවි ඉක්මනින්ම මරණය සම්පූර්ණයෙන්ම නැති කරනවා. ඒක ඔබට විශ්වාසයි නම් මරණයෙනුත් ඒ ගැන තියෙන බයෙනුත් නිදහස් වෙන්න ඔබට පුළුවන්.
නැවත නැඟිටීමත් එක්කම මිනිස් බැඳීම්වලත් ලොකු වෙනසක් වෙයි. මිය ගිය අම්මලා තාත්තලා, ආච්චිලා සීයලා ඇතුළු මුතුන්මිත්තන් නැවත නැඟිටලා ටිකෙන් ටික පරිපූර්ණ වෙලා ඔවුන්ගේ දරු මුනුපුරන් එක්ක ගත කරන ජීවිතය ගැන සිතින් මවාගන්න. එතකොට හැමෝම තරුණයි. ඒ කාලයේදී තරුණ පරම්පරාවට ඔවුන්ගේ වැඩිහිටියන් දිහා බලන්න වෙන්නේ, හිතන්න වෙන්නේ අදට වඩා වෙනස්ම විදිහකටද? ඒ වෙනස්කම් මිනිස් පවුලේ ශුභසිද්ධියට දායක වෙයි කියන කාරණය ගැන නම් කිසිම සැකයක් නැහැ.
දෙන්නෙක්ව හෝ ඊට වැඩිදෙනෙක්ව විවාහ කරගත්ත අයට ඒ කාලයේදී මොකද වෙන්නේ වගේ දහසකුත් ප්‍රශ්න අපිට නැවත නැඟිටීම ගැන ඇති වෙන්න පුළුවන්. සද්දුසිවරුනුත් යේසුස්ගෙන් ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවා. (ලූක් 20:27-33) නැවත නැඟිටීමේදී කලින් තිබුණ බැඳීම්වලට මොනවා වෙයිද? ඒ ගැන අපි දන්නේ නැහැ. ඒ ගැන ඕනෑවට වඩා හිතන එකවත් විවිධ නිගමනවලට එන එකවත් තේරුමක් නැහැ. ඒ වෙනුවට අපිට මේ කාලයේදී කරන්න තියෙන්නේ දෙවිව විශ්වාස කරලා වැඩ කරන එකයි. මොකද අනාගතයේදී මොන දේ සිද්ධ වුණත් දෙවි අපිට යහපතක් වෙන දෙයක් හැර අපිට නරකක් වෙන දෙයක් කරන්නේ නැති බව නම් ස්ථිරයි.
දුකට සහනයක්
නැවත නැඟිටීම බයිබලයේ තියෙන ප්‍රධාන ඉගැන්වීමක්. නැවත නැඟිටවපු අවස්ථා ගැන බයිබලයේ සඳහන් සිද්ධීන්වලින් ඔප්පු වෙන්නේ ‘යේසුස්ගේ හඬ ඇසී සොහොන් ගෙවල්වල සිටින අය නැවත නැඟිටිනවා’ කියන එකයි. (යොහ. 5:28, 29) මරණය නමැති බැමිවලින් නිදහස් වෙලා නැවත නැඟිටින අයව මුණගැහෙද්දී ඒ කාලයේ ජීවත් වෙලා ඉන්න අයට මොන තරම් සතුටක් දැනෙයිද? තමන්ට දැනෙන සතුට වචනවලින් විස්තර කරන්න නැවත නැඟිටින අයට පුළුවන් වෙයිද?
බිලියන ගාණක්දෙනා නැවත නැඟිටිද්දී මේ පොළොව සතුටින් පිරී ඉතිරී ගිය තැනක් වේවි. (මාක් 5:39-42; එළි. 20:13) මනසින් ඒ කාලයට යන්න. ඔබ ආදරය කළ කෙනා නැවත නැඟිටලා එද්දී ඔහුව හෝ ඇයව පිළිගන්න විදිහ ගැන හිතන්න. දැන් ඔබ විඳින දුක දරාගන්න ඒක ඔබට ලොකු ශක්තියක් වේවි.
ඒ කාලයේදී කිසිම කෙනෙකුට පුංචි වේදනාවක්වත් දැනෙන්න හේතුවක් නැහැ. යෙසායා 25:8හි කියන්නේ “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මරණය සදහටම ගිල දමා සියලුදෙනාගේ ඇස්වලින් කඳුළු පිස දමන්නේය” කියලයි. ඔබ ආදරය කරපු කෙනාගේ වියෝව නිසා දැන් වේදනා වින්දත් ඔහු හෝ ඇය නැවත නැඟිටිද්දී ඔබ සතුටින් ඉපිල යාවි.
පාරාදීස පොළොවේදී සිදු වෙන දේවල් ගැන අද අපිට සම්පූර්ණයෙන් වටහාගන්න බැහැ. ඒ ගැන යෙහෝවා දෙවි කියන්නේ මෙහෙමයි. “පොළොවට වඩා අහස බොහෝ ඉහළින් තිබෙන්නාක් මෙන් මා ක්‍රියා කරන ආකාරය ඔබ ක්‍රියා කරන ආකාරයට වඩා බොහෝ උසස්ය. මාගේ සිතුවිලිද ඔබේ සිතුවිලිවලට වඩා බොහෝ සෙයින් උසස්ය.” (යෙසා. 55:9) නැවත නැඟිටීමේ පොරොන්දුව නිසා යෙහෝවා දෙවිව විශ්වාස කරන්න අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා. හරියට ආබ්‍රහම්ට වගේ. ඒ නිසා දැන් අපිට කරන්න තියෙන්නේ දෙවි අපෙන් බලාපොරොත්තු වෙන දේවල් ඒ විදිහටම කරන එකයි. එතකොට නැවත නැඟිටින අය එක්ක අපිටත් “මතු පැමිණෙන කාලයේදී” සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්.—ලූක් 20:35.
බලාපොරොත්තු අත්හැර ගන්න එපා
අනාගතය ගැන බියෙන් ඉන්නවා වෙනුවට දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරන්න. අද ලෝකයේ ඉන්න මිනිසුන්ට නම් අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් රෝම 8:24, 25) දෙවිගේ පොරොන්දු ගැන ශක්තිමත් විශ්වාසයක් තියෙනවා නම් දැන් ඔබ විඳින දුක දරාගන්න ඔබට පුළුවන් වෙයි. විඳදරාගත්තොත් ඒ මවිතකර අනාගතයේදී දෙවි ‘ඔබේ සිතේ ආශාවන් ඉටු කරනවා’ වගේම ‘ජීවමාන සියල්ලන්ගේ ආශාව තෘප්තිමත් කරනවා.’—ගීතා. 37:4; 145:16; ලූක් 21:19.
නැහැ. ඒත් අපේ දෙවි අපිට ලස්සන අනාගතයක් ගැන කදිම බලාපොරොත්තුවක් දීලා තියෙනවා. අනාගතයේදී අපේ අවශ්‍යතාවන්, අපේ ආශාවන් දෙවි තෘප්තිමත් කරන්නේ මෙහෙමයි කියලා අපිට හරියටම කියන්න බැරි වුණත් දෙවිගේ පොරොන්දු සැක කරන්න නම් අපිට කිසිම හේතුවක් නැහැ. පාවුල් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “බලාපොරොත්තු වන දේ ඉටු වන විට එය තවදුරටත් බලාපොරොත්තුවක් නොවේ. මන්ද කෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි දෙයක් ඉටු වුණොත් ඔහු ඒ ගැන තවදුරටත් බලාපොරොත්තුවෙන් සිටිනවා කියා පැවසිය හැකිද? නමුත් අප බලාපොරොත්තුවෙන් සිටින දේ තවමත් ඉටු වී නැති නිසා අපි විඳදරාගෙන ඒ දෙස දිගටම බලා සිටිමු.” (යේසුස්ගේ මරණය ළං වෙද්දී ඔහුගේ ගෝලයන් හිටියේ කිසිම දෙයක් හිතාගන්න බැරි තත්වයක. ඒත් යේසුස් ඔවුන්ව දිරිගන්වමින් “ඔබේ සිත් කලබල කරගන්න එපා. දෙවි කෙරෙහි විශ්වාසය තබන්න. මා කෙරෙහිත් විශ්වාසය තබන්න” කියලත් “මම දැන් ඔබෙන් වෙන් වුණත් මම නැවතත් ඔබ ළඟට එනවා” කියලත් ඔවුන්ට කිව්වා. (යොහ. 14:1-4, 18, 27) ඒ වචන නිසා පසුගිය සියවස් ගණනාව පුරාම ඔහුගේ අභිෂේක ලත් අනුගාමිකයන්ට බලාපොරොත්තුවක් තිබුණා. ඕනෙම දෙයක් දරාගන්න ඒ වචන ශක්තියක් වුණා. තමන් ආදරය කරපු කෙනා නැවත නැඟිටිනකල් බලාගෙන ඉන්න ඔබටත් කනස්සලු වෙන්න කිසිම හේතුවක් නැහැ. යෙහෝවා දෙවිත් යේසුත් කවදාවත් ඔබ ආදරය කරපු පුද්ගලයාට හැමදාටම ඔබෙන් වෙන් වෙලා ඉන්න ඉඩහරින්නේ නැහැ. ඒ දවස එනකල් බලාගෙන ඉන්න.
^ 3 ඡේ. නම් වෙනස් කර ඇත.