දේවරාජ්‍යයේ පැමිණීම අත ළඟයි!
“ඔබ මේ සියල්ල දකින විට ඔහු දොරකඩ අසලම සිටින බව දැනගන්න.”
1, 2. (අ) අපේ ඇස් පනාපිටම තිබෙන දෙයක් සමහර වෙලාවට අපිට නොපෙනෙන්නේ ඇයි? (ආ) දේවරාජ්‍යය ගැන අපි තේරුම් අරන් ඉන්නේ මොකක්ද?
විවිධ පරීක්ෂණ කළාට පස්සේ කෙනෙක්ට තියෙන ලෙඩේ ගැන දොස්තර ඒ කෙනාට කියනවා කියලා හිතන්න. තමන්ට තියෙන ලෙඩේ ගැන දැනගත්තට පස්සේ දොස්තර කියන කිසිම දෙයක් ගොඩක් වෙලාවට ඒ කෙනාගේ ඔළුවට යන්නේ නැත්තේ ඇයි? ඇස් කණ්ණාඩි දෙක නැත්නම් යතුරු කැරැල්ල ඇස් පනාපිටම තිබුණත් ඒක දකින්නේ නැතුව සමහරු ගේ පීරපීර ඒක හොයන්නේ ඇයි? පර්යේෂකයන් කියන්නේ එක දේකට අවධානය දෙනවා වෙනුවට හුඟක් දේවලින් ඔළුව පුරවගත්තොත් එහෙම වෙන්න පුළුවන් කියලයි. ඒක එක්තරා විදිහකින් මනස අන්ධ වීමක් කියලත් ඔවුන් කියනවා.
2 අද හුඟදෙනෙක් ඉන්නෙත් ඒ වගේ තත්වයක. අවට ලෝකයේ සිද්ධ වෙන දේවලට හේතුව තේරුම්ගන්න බැරි තරමට ඔවුන්ගේ මනස් අන්ධ වෙලා. 1914 ඉඳන් ලෝකෙ හුඟක් වෙනස් වෙලා කියලා ඔවුන් පිළිගත්තත් එහෙම වෙන්නේ ඇයි කියලා ඔවුන් වටහාගන්නේ නැහැ. ඒත් දෙවිගේ සෙනඟ විදිහට ඒ ගැන පැහැදිලිව තේරුම්ගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. 1914දී යේසුස් ස්වර්ගයේ රජ වීමත් එක්කම දේවරාජ්‍යයේ පාලනය ආරම්භ වුණා කියලා අපි දන්නවා. කොහොමවුණත් “ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියලා අපි කරන යාච්ඤාවට පිළිතුරු තවමත් සම්පූර්ණයෙන්ම අපිට ලැබිලා මතෙ. 6:10) ඒකට සම්පූර්ණ පිළිතුර ලැබෙන්නේ සාතන්ගේ දුෂ්ට සමාජය විනාශ කළාට පස්සෙයි. ඊටපස්සේ දෙවිගේ කැමැත්ත ස්වර්ගයේ වගේම මේ පොළොවෙත් ඉටු වෙනවා.
නැහැ. (3. බයිබලය අධ්‍යයනය කරන නිසා අපිට වටහාගන්න පුළුවන් වෙලා තියෙන්නේ මොනවද?
3 අපි දෙවිගේ වචනය හොඳින් අධ්‍යයනය කරන නිසා බයිබලයේ සඳහන් අනාවැකි අද ඉටු වෙන විදිහ අපිට පේනවා. ඒත් අපි අවට ඉන්න හුඟදෙනෙක්ට ඒක පේන්නේ නැහැ. ඒකට හේතුව එක එක දේවලින් ඔවුන්ගේ මනස පිරිලා තියෙන නිසයි. ඔවුන් මොන තරම් කාර්යබහුල ජීවිත ගත කරනවද කියනවා නම් 1914දී දේවරාජ්‍යයේ පාලනය ආරම්භ වුණා කියලා පැහැදිලිව පේන්න තියෙන සාක්ෂි ඔවුන් දකින්නේ නැහැ. ඒ වගේම ළඟදීම මේ දුෂ්ට සමාජය විනාශ වෙනවා කියලත් ඔවුන් වටහාගන්නේ නැහැ. ඔබ ගැන මොනවද කියන්න පුළුවන්? විනාශය ඉක්මනින්ම එනවා කියලත් අද පොළොවේ සිද්ධ වෙන දේවලින් ඒක ඔප්පු වෙනවා කියලත් ඔබට විශ්වාසද? දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරන දවස හුඟක් ළඟයි කියලා ඔප්පු වෙන කාරණා තුනක් ගැන දැන් අපි බලමු.
අසරුවන් ගමන අරඹයි
4, 5. (අ) 1914දී යේසුස් ආරම්භ කළේ මොකක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) යේසුස් පිටුපසින් එන අසරුවන් තුන්දෙනාගෙන් සංකේතවත් කරන්නේ මොනවද? ඒ අනාවැකිය ඉටු වුණේ කොහොමද?
4 එළිදරව් හයවෙනි පරිච්ඡේදයේ යේසුස් සුදු අශ්වයෙකු පිට නැඟී එන දර්ශනයක් ගැන සඳහන් වෙනවා. යේසුස් 1914දී රජ වීමත් එක්කම ඒ අනාවැකිය ඉටු වෙන්න පටන්ගත්තා. එදා ඉඳන් ඔහු සාතන්ගේ දුෂ්ට සමාජය පරාජය කිරීමේ ජයග්‍රාහී ගමන ආරම්භ කළා. (එළිදරව් 6:1, 2 කියවන්න.) යේසුස්ගේ පිටුපසින් එන තවත් අසරුවන් තුන්දෙනෙක් ගැන ඒ අනාවැකියේ සඳහන් වෙනවා. ඒ අසරුවන් තුන්දෙනාගෙන් සංකේතවත් කළේ යුද්ධ, සාගත හා වසංගත වැනි දේවල් නිසා ඇති වෙන මරණයයි. දේවරාජ්‍යයේ පාලනය ආරම්භ වෙනවත් එක්කම මේ ලෝකයේ ඉතාමත් දරුණු තත්වයක් ඇති වෙනවා කියලා ඒකෙන් පැහැදිලි වුණා.
5 යුද්ධ නිසා ‘පොළොවෙන් සාමය තුරන් වෙනවා’ කියන අනාවැකිය සැබෑ වෙලා තියෙනවා. ජාතීන් එකමුතු වී සාමය ගේන්න මොන තරම් සැලසුම් කළත් ඔවුන්ට ඒ අනාවැකියේ ඉටු වීම නවත්වන්න බැරි වුණා. පළවෙනි ලෝක මහා යුද්ධය ඊටපස්සේ ඇති වුණ දරුණු යුද්ධ රාශියක ආරම්භය විතරයි. 1914ට පස්සේ මිනිසුන් ආර්ථික වශයෙනුත් තාක්ෂණය අතිනුත් මොන තරම් දියුණුවක් අද්දැක්කත් ආහාර හිඟකම් නිසා බොහෝදෙනෙක් තවමත් දුක් විඳිනවා. යුද්ධවලටත් එය හේතුවක් වෙන්න පුළුවන්. දරුණු ලෙඩ රෝග, ස්වාභාවික විපත් සහ තවත් ඛේදවාචකයන් නිසා හැම අවුරුද්දකම මිලියන ගාණක් මිය යනවා. ඒ දේවල් මිනිස් ඉතිහාසයේ වෙන කවදාවත් සිදු වුණේ නැති තරම් දරුණු විදිහටත් නිතර නිතරත් සිද්ධ වෙනවා. ඒ වගේම ඒ දේවල් නිසා මීට කලින් මිය ගියාට වඩා වැඩි පිරිසක් දැන් මිය යනවා.
6. බයිබලයේ සඳහන් අනාවැකිවලට අවධානය දුන්නේ කවුද? අනාවැකිවල ඉටු වීම තේරුම්ගත්තම ඔවුන් කළේ මොකක්ද?
6 පළවෙනි ලෝක මහා යුද්ධයත් ඊටපස්සේ ඇති වුණ ස්පාඤ්ඤ උණත් නිසා මිනිසුන් හිටියේ කිසිම දෙයක් හිතාගන්න බැරි තත්වයකයි. ඒ වුණත් ඒ කාලයේ හිටපු අභිෂේක ලත් ක්‍රිස්තියානීන් නම් ඒ ගැන පුදුම වුණේ නැහැ. ඔවුන් දැනගෙන හිටියා 1914දී “ජාතීන් සඳහා නියමිත වූ කාලය” අවසන් වෙනවා කියලා. (ලූක් 21:24) ඒක ඉටු වෙන විදිහ ගැන හැම දෙයක්ම හරියටම දැනගෙන හිටියේ නැතත් 1914දී දේවරාජ්‍යය හා සම්බන්ධ විශේෂ දෙයක් ඉටු වෙනවා කියලා ඔවුන් දැනගෙන හිටියා. අනාවැකිය ඉටු වුණ විදිහ ගැන හරියටම තේරුම්ගත්තට පස්සේ දේවරාජ්‍යයේ පාලනය ආරම්භ වුණා කියලා ඔවුන් උනන්දුවෙන් දේශනා කරන්න පටන්ගත්තා. ඒ කාලයේදී ඔවුන්ට හුඟක් පීඩාවලට මුහුණ දෙන්න සිද්ධ වුණත් එහෙම වෙන්නේ බයිබලයේ සඳහන් අනාවැකියක ඉටු වීමක් නිසා කියලත් ඔවුන් තේරුම්ගත්තා. එදා ඉඳන් ගත වුණ අවුරුදු ගණනාව පුරා දේවරාජ්‍යයේ සතුරන් ශුභාරංචිය දේශනා කරන එක නතර කරන්න විවිධ නීති, දරුණු පහර දීම්, සිරගත කිරීම් වගේම සාක්ෂිකරුවන්ව මරා දමන්නත් පියවර අරන් තියෙනවා.
7. අද ලෝකයේ සිද්ධ වෙන දේවලට හේතුව වැඩිදෙනෙක් තේරුම් නොගන්නේ ඇයි?
7 දේවරාජ්‍යයේ පාලනය ආරම්භ වෙලා තියෙනවා කියලා ඔප්පු වෙන සාක්ෂි ඕන තරම් දකින්න තිබුණත් මිනිසුන් වැඩිදෙනෙක් ඒවා පිළි නොගන්නේ ඇයි? අද ලෝකයේ සිද්ධ වෙන දේවල් දෙවිගේ සෙනඟ අවුරුදු ගාණක් තිස්සේ කියන බයිබලයේ සඳහන් අනාවැකිවල ඉටු වීමක් කියලා ඔවුන්ට පේන්නේ නැත්තේ ඇයි? ඔවුන්ට පේන්නේ ඔවුන් දකින්න කැමති දේ විතරද? (2 කොරි. 5:7) දෙවි කරන දේවල් පේන්නේ නැති තරමට එදිනෙදා ජීවිතේ ඔවුන් කාර්යබහුල වෙලාද? (මතෙ. 24:37-39) සාතන්ගේ ලෝකය ඉදිරිපත් කරන දේවලට ඕනෑවට වඩා අවධානය දෙන නිසාද? (2 කොරි. 4:4) දේවරාජ්‍යය දැනටමත් කරන දේවල් වටහාගන්න නම් අපිට හොඳ විශ්වාසයක් වගේම නිකම්ම පේන දේවලට වඩා ඔබ්බෙන් බලන්න හැකියාවකුත් තියෙන්න ඕනේ. දැන් ඇත්තටම සිද්ධ වෙන දේවල් තේරුම්ගන්න අපිට පුළුවන්වෙලා තියෙන එක ගැන අපි කොච්චර සතුටු වෙන්න ඕනෙද!
දුෂ්ටකම් තව තවත් වැඩි වෙයි
8-10. (අ) 2 තිමෝති 3:1-5 සඳහන් අනාවැකිය ඉටු වෙනවා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද? (ආ) මේ ලෝකයේ තත්වය එන්න එන්නම දරුණු වෙනවා කියලා කියන්නේ ඇයි?
8 දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරන දවස හුඟක් ළඟයි කියලා ඔප්පු වෙන දෙවෙනි කාරණය තමයි දුෂ්ටකම් එන්න එන්නම වැඩි වෙන එක. පසුගිය සියවස පුරාම 2 තිමෝති 3:1-5 සඳහන් අනාවැකිය ඉටු වෙනවා අපි දකිනවා. එහි සඳහන් වෙන විදිහේ පුද්ගලයන්ගෙන් අද ලෝකෙ පිරිලා.
9 1940 ගණන්වල හා 50 ගණන්වල මිනිසුන් තුළ තිගැස්මක් ඇති කරපු දේවල් අද සාමාන්‍ය දේවල් වෙලා. ඒ දේවල් අද රැකියා ස්ථානවල, චිත්‍රපටිවල, ක්‍රීඩාවල, විලාසිතාවල ඕන තරම් දකින්න තියෙනවා. අන්තයටම ගිය ප්‍රචණ්ඩත්වයත් අනාචාරයත් අස්සක් මුල්ලක් නෑර පැතිරිලා. ප්රචණ්ඩ ක්‍රියාවල, අනාචාරයේ යෙදෙන අය තමන් ගැන හිතන්නේ මහ ඉහළින්. එදා බලන්න සුදුසු නැහැ කියලා හඳුන්වපු රූපවාහිනි වැඩසටහන් අද සලකන්නේ පවුලේ හැමෝටම එකට ඉඳන් නරඹන්න පුළුවන් වැඩසටහන් විදිහටයි. චිත්‍රපට, රූපවාහිනි වැඩසටහන් සහ විලාසිතා ලෝකය සමලිංගික බලපෑමට හසු වෙලා. ඒත් ඒ වගේ දේවල් ගැන
10 අතීතයේ යෞවනයන් හැසිරුණු විදිහත් දැන් ඉන්න යෞවනයන් හැසිරෙන විදිහත් බලන්න. 1950 ගණන්වල නරක ළමයි විදිහට සැලකුවේ දුම්බොන, මත්පැන් පානය කරන, අශෝභන නැටුම්වලට හවුල් වෙන අයවයි. ඒත් අද ඉන්න සමහර යෞවනයන් කරන දේවල් කොයි තරම් කුරිරුයිද! උදාහරණයකට එක්සත් ජනපදයේ අවුරුදු 15ක් වයස ශිෂ්‍යයෙක් තමන්ගේම පන්තියේ මිතුරන්ට වෙඩි තියලා දෙන්නෙක්ව මරලා දැම්මා. දහතුන්දෙනෙකුට බරපතළ තුවාල සිදු කළා. තවත් රටක බීමත්ව හිටපු යෞවනයන් පිරිසක් අවුරුදු නවයක දැරියක්ව කෲර විදිහට මරලා දාලා ඇගේ පියාටත් ඥාති සහෝදරයටත් පහර දීලා. එක ආසියාතික රටක අවුරුදු දහයක කාලයක් තුළ සිදු වුණ අපරාධවලින් භාගයක්ම කරලා තිබුණේ යෞවනයන්. මේ ලෝකයේ තියෙන දරුණු තත්වය එන්න එන්නම නරක අතට හැරෙනවා කියලා පිළි නොගෙන ඉන්න පුළුවන් කාටද?
11. ලෝකයේ තත්වය එන්න එන්නම දරුණු අතට හැරෙනවා කියලා වැඩිදෙනෙක්ට නොතේරෙන්නේ ඇයි?
11 පාවුල් කියපු මේ දේත් අද ඉටු වෙනවා. “අවසාන කාලයේදී සමච්චල් කරන්නෝ සමච්චල් කරමින් පැමිණෙන්නෝය. ඔවුහු තම ආශාවන් අනුව හැසිරෙමින්, ‘ඔහු පැමිණ සිටිනවා කියා පොරොන්දු වුණත් සිදු වී ඇත්තේ කුමක්ද? අපගේ මුතුන්මිත්තන් ජීවත් වී දැන් මිය ගොස්ද අවසානයි. නමුත් මේ ලෝකය සෑදූ දා පටන් කිසි දෙයක් කිසි ලෙසකින්වත් වෙනස් වී නැත’ කියා පවසන්නෝය.” (2 පේතෘ. 3:3, 4) සමහරුන් ඒ විදිහට කියන්නේ ඇයි? අපිට යම් දෙයක් නිතර නිතර දකින්න ලැබෙන තරමට ඒ ගැන අපේ අවධානය යොමු වෙන එකත් එන්න එන්නම අඩු වෙනවා. අපේ කිට්ටු යාළුවෙක් එකපාරටම වෙනස් වුණොත් ඒක අපිට ඉක්මනට තේරෙනවා. ඒත් පොදුවේ මිනිසුන්ට තියෙන ආකල්ප, ඔවුන්ගේ හැසිරීම දිගු කාලයක් තිස්සේ ටිකෙන් ටික නරක අතට හැරෙද්දී ඒක අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක හරි භයානක දෙයක්.
12, 13. (අ) ලෝකයේ සිද්ධ වෙන දේවල් නිසා අපි කලකිරෙන්න අවශ්‍ය නැත්තේ ඇයි? (ආ) “අසීරු” තත්වයන්ට මුහුණ දෙන්න වුණත් දෙවිට විශ්වාසවන්තව ඉන්න අපිට පුළුවන් ඇයි?
12 “අවසාන කාලයේදී ඉතා අසීරු” තත්වයන්ට මුහුණ දෙන්න වෙනවා කියලත් පාවුල් කිව්වා. (2 තිමෝ. 3:1) ඒ දේවලට මුහුණ දෙන්නේ නැතුව හැංගෙන්න අපිට අවශ්‍ය නැහැ. යෙහෝවා දෙවි තම බලය මාර්ගයෙන් අපිට උපකාර කරන නිසාත් සභාවේ අයගේ උදව් අපිට තියෙන නිසාත් මේ ලෝකයේ සිද්ධ වෙන දේවලට බය නොවී ඒවා ගැන කලකිරෙන්නේ නැතුව දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න අපිට පුළුවන්. දෙවි අනිවාර්යයෙන්ම ඔහුගේ “සාමාන්‍යය ඉක්මවූ බලය” අපිට ලබා දෙනවා.
13 අවසාන දවස් ගැන තිමෝති පොතේ සඳහන් විස්තරය පාවුල් ආරම්භ කරන්නේ “අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙන බව ඔබ දැනගත යුතුයි” කියලයි. ඒකෙන් තේරෙන්නේ ඒ දේ අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියන එකයි. යෙහෝවා දෙවි මේ දුෂ්ට සමාජයට විනාශය ගෙනෙන දවස වෙනකම් මේ ලෝකය එන්න එන්නම නරක අතට හැරෙනවා කියලා අපි දන්නවා. යම් ජාතියක් සදාචාරමය අතින් පහත්ම අඩියට වැටුණම ඒ ජාතිය නැති වෙලා යනවා කියන එකට ඕන තරම් සාක්ෂි අපිට අතීතයෙන් හොයාගන්න පුළුවන්. හරි වැරැද්ද ගැන හිතන විදිහ, සදාචාරය අද පහත්ම අඩියට වැටිලා. ඒත් මේ දුෂ්ට සමාජය විනාශ වෙන්න ළඟයි කියලා පිළිගන්න හුඟදෙනෙක් කැමති නැහැ. ඒ වුණත් 1914 ඉඳන් මේ වෙනකම් සිද්ධ වෙන දේවලින් අපිට එක දෙයක් පැහැදිලියි. ඒ තමයි දේවරාජ්‍යය මේ සියලුම දුෂ්ටකම් විනාශ කරන දවස අත ළඟයි කියන එක.
මේ පරම්පරාව පහව යන්නේ නැහැ
14-16. දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරන දවස අත ළඟයි කියලා ඔප්පු වෙන තුන්වෙනි කාරණය මොකක්ද?
14 අවසානය ළඟයි කියන දේ අපිට තහවුරු වෙන තුන්වෙනි කාරණය දැන් අපි බලමු. දේවරාජ්‍යය ස්වර්ගයේ පාලනය ආරම්භ කරන්න කලින් මේ පොළොවේ අභිෂේක ලත් කුඩා පිරිසක් දෙවිට විශ්වාසවන්තව සේවය කරමින්
හිටියා. 1914 බයිබලයේ සඳහන් අනාවැකි ඉටු වෙන වසරක් කියලා අවුරුදු ගාණකට කලින් ඉඳලා ඔවුන් දැනගෙන හිටියා. 1914දී අනාවැකි ඉටු වුණත් ඔවුන් බලාපොරොත්තුවෙන් හිටපු විදිහටම ඒවා සිද්ධ වුණේ නැහැ. ඒ වුණත් ඔවුන්ගෙන් වැඩිදෙනෙක් දිගටම දෙවිට විශ්වාසවන්තව සේවය කරමින් පීඩා, විරුද්ධවාදිකම් විඳදරාගත්තා. මරණය දක්වාම විශ්වාසවන්තව හිටියා.15 දුෂ්ට සමාජයේ අවසානය ගැන යේසුස් කිව්ව අනාවැකියේ ‘මේ සියල්ල සිදු වන තුරු මේ පරම්පරාව කිසි ලෙසකින්වත් පහව යන්නේ නැහැ’ කියලා සඳහන් වෙනවා. (මතෙව් 24:33-35 කියවන්න.) “මේ පරම්පරාව” කියන්නේ කාටද? යේසුස් ඒකෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් කණ්ඩායම් දෙකක් අදහස් කළා. පළවෙනි කණ්ඩායම තමයි 1914 මේ පොළොවේ ජීවත් වුණ සහ යේසුස් රජ වුණා කියන කාරණය තේරුම්ගත්ත අභිෂේක ලත් අය. ඒ කියන්නේ පළවෙනි කණ්ඩායමට අයත් අය 1914දී ජීවත් වෙලා හිටියා විතරක් නෙමෙයි ඒ අවුරුද්දේදී හෝ ඊට කලින් දෙවිගේ බලයෙන් අභිෂේක ලබලා හිටියා කියන එකයි.
16 දෙවෙනි කණ්ඩායමට ඇතුළත් වෙන්නේ පළවෙනි කණ්ඩායමට අයත් සමහරදෙනෙක් මේ පොළොවේ ජීවත් වෙලා ඉද්දීම අභිෂේක ලබපු අයයි. ඒ කියන්නේ ඒ අය පළවෙනි කණ්ඩායමට අයත් අන්තිම ටිකදෙනා ජීවත් වෙලා හිටිය කාලයේදීම ජීවත් වෙලා හිටියා විතරක් නෙමෙයි දෙවිගේ බලයෙන් අභිෂේක ලබලා හිටියා කියන එකයි. එහෙමනම් අද ඉන්න හැම අභිෂේක ලත් කෙනෙක්ම යේසුස් කිව්ව පරම්පරාවට අයත් නැහැ. දෙවෙනි කණ්ඩායමට අයිති වෙන අයගෙන් අද ඉන්නේ ටිකදෙනයි. ඒ අයගෙන් වැඩිදෙනෙක් දැන් මහලුයි. යේසුස් මතෙව් 24:34 කිව්වේ ‘මේ සියල්ල සිදු වන තුරු මේ පරම්පරාව කිසි ලෙසකින්වත් පහව යන්නේ නැහැ’ කියලයි. යේසුස් ඒකෙන් අදහස් කළේ මහත් පීඩාව සිදු වෙද්දීත් මේ පරම්පරාවට අයත් අයගෙන් කිහිපදෙනෙක් හෝ මේ පොළොවේ ඉන්නවා කියන එකයි. ඒකෙන් අපිට පැහැදිලි වෙන්නේ දේවරාජ්‍යයේ රජු මේ දුෂ්ට සමාජය විනාශ කර මේ පොළොව පාරාදීසයක් කරන දවස වැඩි ඈතක නැහැ කියන එක නේද?
යේසුස්ගේ විජයග්‍රහණය අත ළඟයි
17. අපි සලකලා බලපු කරුණු තුනෙන් ඔප්පු වෙන්නේ මොකක්ද?
17 බයිබලයේ සඳහන් අනාවැකි අද ඉටු වෙන විදිහ ඔබට පේනවද? යේසුස් කිව්වා වගේ අවසානය පැමිණෙන දවසවත් පැයවත් අපි දන්නේ නැහැ. (මතෙ. 24:36; 25:13) ඒත් පාවුල් කිව්වේ අපි ඉන්නේ “කවර අන්දමේ කාලයකද” කියලා අපි දන්නවා කියලයි. (රෝම 13:11 කියවන්න.) ඒ කියන්නේ අපි ඉන්නේ අන්තිම දවස්වල කියලා අපි දන්නවා කියන එකයි. බයිබලයේ සඳහන් අනාවැකි ඉටු වෙන විදිහ ගැනත් යෙහෝවා දෙවි සහ යේසුස් දැනටමත් කරමින් ඉන්න දේවල් ගැනත් අපි හොඳ අවධානයකින් ඉන්නවා නම් අවසානය ළඟයි කියලා ඔප්පු වෙන සාක්ෂි අපිට පැහැදිලිව පෙනෙයි.
18. යේසුස් සතු අධිකාරිය පිළි නොගන්න අයට සිද්ධ වෙන්නේ මොකක්ද?
18 සුදු අශ්වයෙකු පිට නැඟ විජයග්‍රාහී ගමනක යෙදෙන යේසුස් සතු අධිකාරිය පිළිගන්නේ නැති අයට ඉදිරියේදී පැමිණෙන විනාශයෙන් බේරෙන්න ලැබෙන්නේ නැහැ. “ඊට මුහුණ දිය හැක්කේ කාටද” කියලා ඒ කාලයේදී ඔවුන් බයෙන් හඬා වැලපෙයි. (එළි. 6:15-17) “ඊට මුහුණ දිය හැක්කේ” අභිෂේක ලත් අයට හා ‘මහත් සමූහයේ’ අයට විතරයි. ඒකට හේතුව ඔවුන්ට දෙවිගේ අනුමැතිය තියෙන නිසයි. වෙනත් බැටළුවන්ට අයත් මහත් සමූහයක් අනිවාර්යයෙන්ම මහත් පීඩාවෙන් බේරී පාරාදීස පොළොවට ඇතුල් වෙනවා.
19. අවසානය ළඟයි කියලා ලොකු විශ්වාසයක් තියෙන කෙනෙක් විදිහට ඔබ අනාගතය දකින්නේ කොහොමද?
19 බයිබලයේ සඳහන් අනාවැකි අද ඉටු වෙන විදිහ ගැන අපි හොඳ අවබෝධයකින් ඉන්නවා නම් සාතන්ගේ ලෝකයේ දේවලට අපි රැවටෙන්නේ නැහැ. ඒවා නිසා අපේ මනස අන්ධ වෙන්නෙත් නැහැ. ළඟදීම සිද්ධ වෙන හර්–මගෙදොන් යුද්ධයේදී මේ දුෂ්ට සමාජය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමෙන් පසුව යේසුස් තම විජයග්‍රාහී ගමන අවසන් කරනවා. (එළි. 19:11, 19-21) ඒ කාලයේදී අපිට දැනෙන සතුට ගැන ඔබට හිතාගන්න පුළුවන්ද!