Skip to content

පටුනට යන්න

කපා දැමූ ගසකට යළි දලු ලන්න පුළුවන්ද?

කපා දැමූ ගසකට යළි දලු ලන්න පුළුවන්ද?

ලෙබනොන්වල වැවෙන අලංකාරවත් දේවදාර ගහක් එක්ක බලද්දී ඔලීව ගහේ පෙනුම එච්චර ප්‍රියමනාප නැහැ. ඒත් විවිධ දේශගුණික තත්වයන් යටතේ නොමැරී ඉන්න ඔලීව ගහට තියෙන්නේ පුදුම හැකියාවක්. සමහර ඔලීව ගස් අවුරුදු 1,000ක් විතර පැරණියි. ගහේ මුල් පොළොවේ ගැඹුරටම විහිදෙනවා. ඒ නිසා ගහේ කඳ කපා දැම්මත් මුල්වලට පණ තියෙන කල් ආයෙත් දලු දාලා වැඩෙන්න ගහට පුළුවන්.

මිය ගියත් ආයෙත් ජීවත් වෙන්න තමන්ට අවස්ථාව ලැබෙනවා කියලා යෝබ්ට ලොකු විශ්වාසයක් තිබුණා. (යෝබ් 14:13-15) තමන්ව නැවත නැඟිටුවන්න දෙවිට පුළුවන් කියන දේ පෙන්නන්න ඔහු ගහක් උදාහරණෙකට ගත්තා. හුඟක් වෙලාවට ඒක ඔලීව ගහක් වෙන්න ඇති. ඔහු මෙහෙම කියනවා. ‘කපා දැමූ ගසක් කෙරෙහි වුවද බලාපොරොත්තු තැබිය හැක. එය කපා දැමුවත් යළි දලු ලයි.’ නියඟයෙන් පස්සේ වහින්න පටන්ගත්තම වේළිලා තියෙන ඔලීව ගහේ කඳට අලුත් පණක් ලැබිලා “අතු ඉති ලියලා, අලුත් ගසක් මෙන් එය හටගන්නේය.”—යෝබ් 14:7-9.

කපලා දාපු ඔලීව ගහක් ආයෙත් දලු දාලා වැඩෙන කල් බලාගෙන ඉන්න ගොවියෙක් වගේ යෙහෝවා දෙවිත් මිය ගිය තමන්ගේ සේවකයන් ඇතුළු හුඟක් අයව නැවත නැඟිටුවන්න ආශාවෙන් බලාගෙන ඉන්නවා. (මතෙ. 22:31, 32; යොහ. 5:28, 29; ක්‍රියා 24:15) මිය ගිය අය නැවත නැඟිටිලා එද්දී ඒ අයව පිළිගන්න ලැබෙන අවස්ථාව මොන තරම් ප්‍රීතිමත් අවස්ථාවක් වෙයිද!