ඔයාට පුළුවන් සාතන්ව පරාජය කරන්න!
“ස්ථිර විශ්වාසයකින් [සාතන්ට] විරුද්ධව සිටින්න.”—1 පේතෘ. 5:9.
1. (අ) විශේෂයෙන්ම මේ කාලේ අපි සාතන්ට විරුද්ධව දැඩි සටනක් කරන්න ඕනෙ ඇයි? (ආ) සාතන්ව පරාජය කරන්න අපිට පුළුවන් කියලා දන්නේ කොහොමද?
පොළොවේ ඉන්න අභිෂේක ලත් අය එක්කත් “වෙනත් බැටළුවන්” එක්කත් සාතන් කරන්නේ යුද්ධයක්. (යොහ. 10:16) තමන්ට තියෙන්නේ කෙටි කාලයක් කියලා ඔහු දන්නවා. ඔහුට ඕනෙ දෙවිට සේවය කරන අයගෙන් පුළුවන් තරම් දෙනෙක්ව අල්ලගන්නයි. ඔවුන්ට දෙවි එක්ක තියෙන බැඳීම කඩලා දාන්නයි. (එළිදරව් 12:9, 12 කියවන්න.) ඒත් බයිබලේ කියන්නේ “යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යයි” කියලයි. ඒ කියන්නේ සාතන් එක්ක සටන් කරලා ඔහුව පරාජය කරන්න අපිට පුළුවන්.—යාකො. 4:7.
2, 3. (අ) සාතන් ඇත්ත කෙනෙක් නෙමෙයි කියලා මිනිසුන් හිතනවට සාතන් කැමති ඇයි? (ආ) සාතන් සැබෑ කෙනෙක් කියලා ඔයා දන්නේ කොහොමද?
2 හුඟක් අය හිතන්නේ සාතන් සහ භූතයන් කියන්නේ කතන්දර පොත්වල, අද්භූත චිත්‍රපටිවල, වීඩියෝ ගේම්ස්වල විතරක් ඉන්න, හිතින් මවාගත්ත චරිත කියලයි. භූතයෝ ඉන්නවා කියලා බුද්ධිමත් අය විශ්වාස කරන්නේ නැහැ කියලයි ඔවුන් කියන්නේ. මිනිසුන් එහෙම හිතන එකට සාතන් අකමැතිද? නැහැ. මිනිසුන් එහෙම හිතන තරමට ඔවුන්ව රවට්ටගන්න ඔහුට ලේසියි. (2 කොරි. 4:4) සාතන් සහ භූතයන් කියලා පිරිසක් නැහැ කියන අදහස ප්‍රචලිත කරලා මිනිසුන්ව නොමඟ යවන්න ඔහු උත්සාහ කරනවා.
උත්. 3:1-5) යෝබ්ගේ චේතනා ගැන යෙහෝවා දෙවිගෙන් ප්‍රශ්න කළේ සාතන්. (යෝබ් 1:9-12) යේසුස්ව වරදට පොලඹවන්න හැදුවේ සාතන්. (මතෙ. 4:1-10) 1914 ඉඳන් පොළොවේ ඉතුරු වෙලා ඉන්න අභිෂේක ලත් අයට ‘විරුද්ධව යුද්ධ කරන්නෙත්’ සාතන්. (එළි. 12:17) අභිෂේක ලත් අයවත් වෙනත් බැටළුවන්වත් දෙවිගෙන් ඈත් කරන කල් සාතන් සටන අත්හරින්නේ නැහැ. ඒ සටන ජය ගන්න නම් අපි සාතන්ගේ උගුල් හඳුනගෙන ඒවාට අහු නොවී ඉන්න උත්සාහ කරන අතරේ අපේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්නත් ඕනේ. ඒ වගේ උගුල් 3ක් ගැන දැන් බලමු.
3 ඒත් සාතන් සැබෑ පුද්ගලයෙක් කියලා යෙහෝවා දෙවිගේ සේවකයන් දන්නවා. සර්පයෙක් මාර්ගයෙන් ඒවට කතා කළේ සාතන්. (උඩඟු ආකල්පවලින් ඈත් වෙන්න
4. විශ්වයේ ඉන්න උඩඟුම කෙනා සාතන් කියලා කියන්නේ ඇයි?
4 සාතන් කියන්නේ නිහතමානිකම ගෑවිලාවත් නැති කෙනෙක්. පාලනය කරන්න යෙහෝවා දෙවිට තියෙන අයිතිය ඔහු ප්‍රශ්න කළා. දෙවිට දෙන නමස්කාරය ලබාගන්නත් උත්සාහ කළා. විශ්වයේ ඉන්න උඩඟුම, උද්දච්චම කෙනා සාතන්. උඩඟු ආකල්පවලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා නිහතමානී වෙන එක සාතන්ට විරුද්ධව සටන් කරන්න පුළුවන් විදිහක්.—1 පේතෘස් 5:5 කියවන්න.
5, 6. (අ) අපි ගැනත් අනිත් අය ගැනත් හොඳ හැඟීමක් ඇතුව ඉන්න එක වැරදි නැහැ කියන්නේ ඇයි? (ආ) බයිබලේ හෙළා දැකලා තියෙන්නේ මොන වගේ ආකල්පයක් ඇතුව ඉන්න එකද? බයිබලෙන් උදාහරණ දෙන්න.
5 ඒත් නිහතමානී වෙනවා කියන්නේ අපි අපි ගැනම අඩුවෙන් හිතන එකද? නැහැ. ඔයා හොඳින් දේවල් කරද්දී ඔයාට ඔයා ගැන සතුටක් ඇති වෙනවා. ඔයාගේ පවුලේ කෙනෙක් හොඳ ගතිගුණ පෙන්නද්දී ඔයාට ඒ ගැන සතුටක්, පොඩි ආඩම්බරයක් ඇති වෙනවා. ඒකේ වරදක් නැහැ. තෙසලෝනික සභාවේ අය ගැන පාවුල්ටත් එහෙම හැඟුණා. “දෙවිගේ සභාවන් අතරෙහි ඔබේ සභාව ගැන පැවසීමට අපි ඉමහත් සේ සතුටු වන්නෙමු” කියලා ඔහු කිව්වේ ඒ නිසයි. (2 තෙස. 1:4) අපේ සංස්කෘතියේ, හැදුණු වැඩුණු පරිසරයේ තියෙන හොඳ දේවල් ගැන සතුටුවෙන එකේ වරදක් නැහැ.—ක්‍රියා 21:39.
6 එහෙමනම් බයිබලේ වැරදියි කියන්නේ මොකක්ද? බයිබලේ වැරදියි කියන්නේ අපි අපි ගැන ඕනෑවට වඩා හිතන එකටයි. උඩඟු ආකල්ප ඇතුව වැඩ කරන එකටයි. ඒ වගේ කෙනෙක් අනිත් අයත් එක්ක තියෙන බැඳීම් පලුදු කරගන්නවා. විශේෂයෙන්ම යෙහෝවා දෙවි එක්ක තියෙන බැඳීම නැති කරගන්නවා. ඒ වගේ කෙනෙක්ට කවුරු හරි උපදෙසක් දුන්නම ඉක්මනින්ම කලකිරෙනවා. නිහතමානීව උපදෙස පිළිගන්නවා වෙනුවට ඒක ගණන් නොගෙන ඉන්නවා. (ගීතා. 141:5) උඩඟු කෙනෙක් හිතන්නේ තමන් අනිත් අයට වඩා දක්ෂයි කියලා. ඒ වගේ අයව යෙහෝවා දෙවි පිළිකුල් කරනවා. (එස. 33:28; ආමො. 6:8) ඒත් අපි උඩඟු වෙද්දී සාතන් නම් හුඟක් සතුටු වෙනවා. නිම්රොද්, පාරාවෝ, අබ්සලොම් උඩඟු විදිහට වැඩ කරද්දී සාතන් කොයි තරම් නම් සතුටු වෙන්න ඇද්ද! (උත්. 10:8, 9; නික්. 5:1, 2; 2 සාමු. 15:4-6) කායින්ටත් දෙවි එක්ක තිබුණු බැඳීම නැති වුණේ උඩඟුකම නිසයි. දෙවි ඔහුට උපදෙස්, මඟ පෙන්වීම් දුන්නත් ඒවා ගණන් නොගෙන ඉන්න තරමට ඔහු උඩඟු වුණා. කොච්චර උඩඟු වුණාද කියනවා නම් හිතුවක්කාර විදිහට දෙවි අනතුරු අඟවපු දේම ඔහු කළා.—උත්. 4:6-8.
7, 8. (අ) ජාතිවාදය කියන්නේ මොකක්ද? ඒක උඩඟුකමට සම්බන්ධ වෙන්නේ කොහොමද? (ආ) උඩඟු ආකල්ප සභාවේ එක්සත්කම නැති කරන්නේ කොහොමද?
7 අද ඉන්නෙත් හුඟක් උඩඟු මිනිසුන්. ලෝකෙ පුරාම සිද්ධ වෙන නපුරු දේවලින් ඒක පැහැදිලි වෙනවා. ජාතිවාදී හැඟීම්වලට මුලත් උඩඟුකමයි. ජාතිවාදය කියන්නේ වෙනත් ජාතීන්ට අයිති අයව හෙළාදකින එකටයි. ජාතිවාදී හැඟීම් ඇති වෙන්නේ එක ජාතියක් තවත් ජාතියකට වඩා උසස් නැත්නම් පහත් කියලා හිතන නිසයි. ඉතිහාසය පුරා සිද්ධ වෙලා තියෙන ගැටුම්වලට, මිනී මැරුම්වලට, යුද්ධවලට ප්‍රධානම හේතුව ජාතිවාදයයි.
8 ජාතිවාදයට ක්‍රිස්තියානි සභාවේ ඉඩක් නැහැ. ඒත් උඩඟු ආකල්ප නිසා සහෝදරයන් අතරේ යම් මතභේද ඇති වෙලා ඒවා දුර දිග යන්න පුළුවන්. මුල් සියවසේ හිටපු සමහර ක්‍රිස්තියානීන් උඩඟු විදිහට වැඩ කරපු නිසා ඔවුන් අතරෙත් යම් මතභේද ඇති වුණා. “ඔබ අතරේ තිබෙන වාදවිවාදවලට හේතුව කුමක්ද? ඔබ යාකො. 4:1) අපේ හිතේ සමහර අය ගැන අකමැත්තක් තියෙනවා නම් නැත්නම් අනිත් අයට වඩා අපි උසස් කියලා හිතනවා නම් ඒ අයගේ හිත රිදෙන දෙයක් අපි අතින් කියවෙන්න, අපි අතින් වෙන්න ඉඩ තියෙනවා. (හිතෝ. 12:18) උඩඟුකමට පුළුවන් සභාවේ එක්සත්කම නැති කරන්න.
අතරේ දබර තිබෙන්නේ මන්ද” කියලා යාකොබ් ඒ අයගෙන් ඇහුවේ ඒ නිසයි. (9. ජාතිවාදී හැඟීම් සහ වෙනත් උඩඟු සිතුවිලි පරාජය කරන්න බයිබලේ අපිට උදව් කරන්නේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
9 අපි අනිත් අයට වඩා උසස් කියලා පොඩ්ඩක් හරි අපිට හිතෙනවා නම් “උඩඟු සිත් ඇති සියල්ලෝ යෙහෝවා දෙවිට පිළිකුලක්” කියලා මතක තියාගමු. (හිතෝ. 16:5) ඒ නිසා අපි අපෙන් මෙහෙම අහලා බලමු. ‘වෙන රටකට, සංස්කෘතියකට අයිති අයට වඩා මං උසස් කියලා මට හිතෙනවද?’ එහෙමනම් දෙවි “එක මිනිසෙකුගෙන් සියලුම ජාතීන් බිහි කළා” කියන දේ අපිට අමතක වෙලා. (ක්‍රියා 17:26) ආදම්ගෙන් පැවතෙන අපි හැමෝම එකම ජාතියේ අය. එක ජාතියක් තවත් ජාතියකට වඩා උසස් විදිහට දෙවි නිර්මාණය කළා කියලා හිතන එක මෝඩ දෙයක්. එහෙම හිතනවා නම් අපි කරන්නේ සභාවේ එකිනෙකා අතරේ තියෙන ආදරේ, එකමුතුකම නැති කරන්න සාතන්ට ඉඩහරින එකයි. (යොහ. 13:35) සාතන් එක්ක සටන් කරලා ඔහුව පරාජය කරන්න නම් අපි තුළ තියෙන අහංකාර සිතුවිලි හැම එකක්ම නැති කරගන්න ඕනේ.—හිතෝ. 16:18.
මේ ලෝකෙටවත් ධන සම්පත්වලටවත් ඇලුම් කරන්න එපා
10, 11. (අ) මේ ලෝකෙ තියෙන දේවලට හරිම ලේසියෙන් ඇල්මක් ඇති වෙන්න පුළුවන් ඇයි? (ආ) ලෝකෙ දේවලට ඇලුම් කරපු නිසා දේමස්ට සිද්ධ වුණේ මොකක්ද?
10 “මේ ලෝකයේ පාලකයා” සාතන් නිසා ලෝකෙ තියෙන හැම දේම ඔහුගේ බලපෑමට අහු වෙලයි තියෙන්නේ. (යොහ. 12:31; 1 යොහ. 5:19) මේ සමාජය නිතරම දිරිගන්වන්නේ බයිබල් ප්‍රතිපත්තිවලට විරුද්ධ දේවල් කරන්නයි. මේ ලෝකේ තියෙන හැම දේම දුෂ්ටයි කියලා කියන්න බැහැ. ඒත් සාතන්ට පුළුවන් මේ ලෝකයේ තියෙන දේවල් පාවිච්චි කරලා අපි තුළ තියෙන ආශාවන් ඔහුගේ වාසියට හරවගන්න. වැරදි දෙයක් කරන්න අපිව පොලඹවන්න. එහෙම නැත්නම් ඔහුට පුළුවන් මේ ලෝකයේ තියෙන දේවලට අපි තුළ ආශාවක් ඇති කරන්න. එතකොට දෙවිට කරන නමස්කාරයෙන් අපි ඈත් වෙනවා.—1 යොහන් 2:15, 16 කියවන්න.
11 දේමස් කියන්නේ මේ ලෝකෙ දේවලට ඇලුම් කරපු කෙනෙක්. ‘පවතින සමාජයේ දේවලට ඇලුම් වූ දේමස් මාව අත්හැර ගියා’ කියලා පාවුල් කිව්වා. (2 තිමෝ. 4:10) ඔහු පාවුල්ව අත්හැරලා ගියේ මේ ලෝකෙ තියෙන මොන දේට ඇලුම් කරපු නිසාද කියලා බයිබලේ හරියටම කියන්නේ නැහැ. සමහරවිට ඔහු එහෙම කළේ යෙහෝවා දෙවිට කරපු සේවයට වඩා ධන සම්පත්වලට ඔහුගේ හිත ඇදිලා ගිය නිසා වෙන්න පුළුවන්. දෙවිට සේවය කරන එක තරම් ඔහු ඇලුම් කරපු දේ වටිනවා කියලා ඔයා හිතනවද? කොහොමටවත් නැහැ. ඔහු දිගටම පාවුල්ගේ සහයකයා විදිහට සේවය කළා නම් යෙහෝවා දෙවිගෙන් ලැබෙන ආශීර්වාද ගැන හිතන්න. දෙවි දෙන ඒ ආශීර්වාදවලින් අල්පමාත්‍රයක්වත් දෙන්න මේ ලෝකෙට පුළුවන්ද?—හිතෝ. 10:22.
12. අපේ ආශාවන් වැරදි පැත්තට හරවගන්න සාතන් ධනය කියන උගුල යොදාගන්නේ කොහොමද?
12 දේමස්ට වුණු දේ අපිටත් වෙන්න පුළුවන්. ඇත්ත, අපිට, අපේ පවුලේ අයට ඕන කරන දේවල් ගන්න අපි ආසයි. ඒකේ වරදක් නැහැ. (1 තිමෝ. 5:8) යෙහෝවා දෙවිත් කැමති අපි ජීවිතේ සතුටින් ගත කරනවට. දෙවි ආදම් සහ ඒවට සතුටින් ජීවත් වෙන්න ලස්සන පාරාදීසයක් දුන්නේ ඒ නිසයි. (උත්. 2:9) ඒත් අපේ ආශාවන් වැරදි පැත්තට හරවලා අපි ලවා තමන්ට ඕන දේ කරගන්න සාතන් ධනය කියන උගුල යොදාගන්නවා. (මතෙ. 13:22) හුඟක් අය හිතන්නේ සල්ලි තියෙනවා නම් ජීවිතේ සාර්ථකයි කියලා. සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා. අපිටත් එහෙම හිතෙනවද? එහෙමනම් අපේ ජීවිතේ තියෙන වටිනාම දේ වන යෙහෝවා දෙවි එක්ක තියෙන මිත්‍රත්වය අපිට අහිමි වෙන්න පුළුවන්. ඒ ගැන යේසුස් කිව්වේ මෙහෙමයි. “ස්වාමිවරුන් දෙදෙනෙකුට දාසයෙක් වෙන්න කිසිවෙකුටවත් බැහැ. මන්ද ඔහු එක් කෙනෙකුට වෛර වී අනික් තැනැත්තාට ප්‍රේම කරන්න පෙලඹෙයි. නැතහොත් ඔහු එක් කෙනෙකුට ඇලුම් වී අනික් තැනැත්තාව හෙළාදකියි. එසේම දෙවිට සේවය කරන අතරම ඔබට මුදල් පසුපස හඹා යන්න බැහැ.” (මතෙ. 6:24) ධන සම්පත්වලට දාසයෙක් වෙන කෙනෙක් දෙවිට කරන සේවය නතර කරනවා. සාතන්ට ඕනෙත් ඒ දේමයි. සල්ලිවලටවත් සල්ලිවලින් ගන්න පුළුවන් දේවලටවත් ඔයාට දෙවි එක්ක තියෙන බැඳීම නැති කරන්න ඉඩ දෙන්න එපා. සාතන්ව පරාජය කරන්න ඔයාට ඕනෙ නම් මේ ලෝකෙටවත් ධන සම්පත්වලටවත් ඇලුම් කරන්න එපා.—1 තිමෝති 6:6-10 කියවන්න.
අනාචාරය පිළිකුල් කරන්න
13. මේ සමාජය විවාහය සහ ලිංගික කාරණා ගැන වැරදි ආකල්පයක් ප්‍රචලිත කරලා තියෙන්නේ කොහොමද?
13 අනාචාරය සාතන් යොදාගන්න තවත් උගුලක්. අද ඉන්න හුඟක් අය හිතන්නේ තමන්ගේ බිරිඳට, සැමියාට විශ්වාසවන්තව ඉන්න එක යල් පැනපු දෙයක් කියලයි. එහෙම ඉන්න එක තමන්ගේ නිදහස සීමා කරගැනීමක් කියලා ඒ අය හිතනවා. නිළියක් මෙහෙම කියනවා. “එක් කෙනෙකුට විතරක් විශ්වාසවන්තව ඉන්න, අඩු තරමේ එහෙම ඉන්න කැමැත්තෙන් ඉන්න කවුරුවත් ඇති කියලා මං හිතන්නේ නෑ.” නළුවෙක් කියන්නේ මෙහෙමයි. “අපි හැදිලා තියෙන්නේ විවාහ වෙලා ජීවිත කාලෙම එක් කෙනෙක් එක්ක විතරක් ඉන්න පුළුවන් විදිහට කියලා මං නම් හිතන්නේ නෑ.” ජනප්‍රිය පුද්ගලයන් විවාහය කියන වටිනා තෑග්ග කිසිම වටිනාකමක් නැති ගානට දාලා කතා කරද්දී සාතන්ට කොච්චර සතුටක් දැනෙනවා ඇද්ද! විවාහයන් ආරක්ෂා කරන්න සාතන්ට කිසිම වුවමනාවක් නැහැ. ඔහුට ඕනෙ විවාහ බැඳීම් කැඩිලා බිඳිලා යනවට. සාතන්ව පරාජය කරන්න නම් විවාහය දිහා යෙහෝවා දෙවි බලන විදිහට බලන්න පුරුදු වෙමු.
14, 15. අනාචාරයේ යෙදෙන්න හිතේ ආශාවක් ඇති වෙනවා නම් මොකද කරන්නේ?
14 අපි විවාහක වුණත් තනිකඩ වුණත් අනාචාරයට සම්බන්ධ කිසිම දේකට හවුල් නොවී ඉන්න අපිට ලොකු අධිෂ්ඨානයක් තියෙන්න ඕනේ. ඒක ලේසි දෙයක් නෙමෙයි. ඔයා යෞවනයෙක් නම් ඉස්කෝලෙ ළමයි තමන් ලබපු ලිංගික අද්දැකීම් ගැන කතා කරනවා ඔයාට ඇහෙනවා ඇති. ෆෝන් එකෙන් අසභ්‍ය පින්තූරු, පණිවිඩ හුවමාරු කරගන්න එක ගැන උජාරුවෙන් කතා කරනවා ඇහෙනවා ඇති. ඒ විදිහට ෆෝන් එකෙන් අසභ්‍ය පින්තූරු, පණිවිඩ හුවමාරු කරගන්න එක සමහර රටවල සලකන්නේ බාල වයස්කාර දරුවන් ඉන්න කාමුක දර්ශන හුවමාරු කරගන්නවා හා සමාන පහත් දෙයක් විදිහටයි. “වේශ්‍යාකම ශරීරයට ඍජුවම බලපාන පාපයකි. එහෙයින් එසේ කරන තැනැත්තා තම ශරීරයට විරුද්ධව පව් කරයි” කියලා බයිබලේ කියනවා. (1 කොරි. 6:18) අනාචාරයේ ප්‍රතිඵලයක් විදිහට ලිංගිකව බෝ වෙන රෝගවලින් හුඟක් අය දුක් විඳිනවා. බොහෝදෙනෙක් මිය යනවා. විවාහයට කලින් ලිංගික සම්බන්ධකම් පවත්වපු හුඟක් තරුණ අය කියන්නේ දැන් ඔවුන් ඒ ගැන දුක් වෙනවා කියලයි. චිත්‍රපටිවලින්, ටෙලි නාට්‍යවලින්, සංගීත ලෝකයෙන් නිතරම කියන්න හදන්නේ දෙවිගේ නීති කඩ කළාට වරදක් නැහැ කියලයි. ඒ බොරුවට හිත ඇදිලා ගියොත් අපිටත් වෙන්නේ “පාපයේ මුළා කරවන බලපෑමට” හසු වෙන්නයි.—හෙබ්‍රෙ. 3:13.
15 අනාචාරයේ යෙදෙන්න හිතේ ආශාවක් ඇති වෙනවා නම් මොකද කරන්නේ? ඔයාට තියෙන දුර්වලකම තේරුම්ගන්න. (රෝම 7:22, 23) ඒ වැරදි ආශාව එක්ක සටන් කරන්න ශක්තිය ඉල්ලලා යාච්ඤා කරන්න. (ෆිලි. 4:6, 7, 13) අනාචාරයට හිත ඇදිලා යන්න පුළුවන් දේවලින්, තැන්වලින් ඈත් වෙන්න. (හිතෝ. 22:3) වැරදි පෙලඹීමකට මුහුණ දෙන්න වුණොත් ඉක්මනින්ම ඒක ප්‍රතික්ෂේප කරන්න.—උත්. 39:12.
16. සාතන් යේසුස්ව වරදකට පොලඹවගන්න උත්සාහ කරපු හැම වතාවකදීම යේසුස් කිව්වේ මොකක්ද? අපිට ඔහුගෙන් ඉගෙනගන්න පුළුවන් මොකක්ද?
16 හොඳම ආදර්ශය යේසුස්. සාතන් මොන තරම් උත්සාහ කළත් ඔහු රැවටුණේ නැහැ. අඩු තරමේ සාතන් කියපු දේවල් ගැන හිතලා බලන්නවත් ඔහුට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. සාතන්ට උත්තර දෙද්දී යේසුස් කිව්වේ “ලියා තිබෙනවා” කියලයි. (මතෙව් 4:4-10 කියවන්න.) දේවවචනය ගැන යේසුස්ට හොඳ අවබෝධයක් තිබුණු නිසා වරදකට ඔහුව පොලඹවගන්න සාතන් උත්සාහ කරපු හැම වතාවකදීම ඉක්මනින්ම දේවවචනයෙන් උත්තර දෙන්න ඔහුට පුළුවන් වුණා. සාතන්ව පරාජය කරන්න අපිටත් ඕනෙ නම් අනාචාරයට හසු නොවී ඉන්න අදිටන් කරගමු.—1 කොරි. 6:9, 10.
විඳදරාගැනීමෙන් සටන ජය ගන්න
17, 18. (අ) සාතන් යොදාගන්න තවත් උගුල් මොනවද? ඒ ගැන අපි පුදුම වෙන්නේ නැත්තේ ඇයි? (ආ) සාතන්ට තියෙන්නේ මොන වගේ අනාගතයක්ද? ඒක දැනගෙන ඉන්න එක විඳදරාගන්න අපිට උදව් වෙන්නේ කොහොමද?
17 උඩඟුකම, ධන සම්පත්වලට තියෙන ආශාව, අනාචාරය කියන්නේ සාතන්ගේ උගුල් 3ක් විතරයි. තව හුඟක් උගුල් ඔහු ළඟ තියෙනවා. උදාහරණෙකට දෙවිට සේවය කරන්නේ නැති අපේ පවුලේ අයව යොදාගෙන සාතන් අපිට පීඩා කරනවා. ඉස්කෝලෙ ළමයි ලවා අපිට සමච්චල් කරනවා. සමහර රටවල ආණ්ඩු යොදාගෙන අපේ වැඩ තහනම් කරනවා. ඒ ගැන අපි පුදුම වෙන්නේ නැහැ. මොකද “ඔබ මගේ නාමය දරන නිසා සියල්ලන් ඔබට වෛර කරයි. නමුත් ගැලවීම ලබන්නේ අවසානය දක්වාම විඳදරාගන්නා තැනැත්තායි” කියලා යේසුස් කලින්ම අපිට කියලා තියෙනවා.—මතෙ. 10:22.
18 සාතන්ව පරාජය කරන්න නම් අපි කරන්න ඕනෙම දෙයක් තියෙනවා. ඒ ගැන යේසුස් කිව්වේ මෙහෙමයි. “ඔබ විඳදරාගෙන සිටියොත් ඔබට ගැලවීම ලැබෙයි.” (ලූක් 21:19) සදාකාලයටම අපිට අනතුරක් වෙන දෙයක් කරන්න කාටවත් බැහැ. අපිම ඉඩ දුන්නොත් ඇරෙන්න යෙහෝවා දෙවි එක්ක අපිට තියෙන බැඳීම කඩලා දාන්න කාටවත් බැහැ. (රෝම 8:38, 39) යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ගෙන් සමහරුන් මිය ගියත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ සාතන් ජය ගත්තා කියලා. ඒ කෙනාව නැවත නැඟිටුවන්න යෙහෝවා දෙවිට පුළුවන්. (යොහ. 5:28, 29) ඒත් සාතන්ට කිසිම බලාපොරොත්තුවක් නැහැ. මේ දුෂ්ට සමාජය විනාශ කළාට පස්සේ ඔහුව අවුරුදු 1,000කට අගාධයට දානවා. (එළි. 20:1-3) යේසුස් පාලනය කරන ඒ අවුරුදු 1,000 ගෙවුණට පස්සේ “සාතන්ව සිරගෙයින් නිදහස් කරනවා.” එතකොට පොළොවේ ඉන්න පරිපූර්ණ මිනිසුන්ව රවට්ටගන්න සාතන් ඔහුගේ අන්තිම උත්සාහයත් ගනියි. ඊටපස්සේ ඔහුව විනාශ කරනවා. (එළි. 20:7-10) සාතන්ට නම් ආසාවෙන් බලාගෙන ඉන්න කියලා කිසිම අනාගතයක් නැහැ. ඒත් ඔයා වෙනුවෙන් දෙවි ලස්සන අනාගතයක් ලෑස්ති කරලා තියෙනවා. ඒ නිසා සාතන් එක්ක කරන සටන අත්හරින්න එපා. දෙවි ගැන තියෙන විශ්වාසය තව තවත් ශක්තිමත් කරගන්න. එහෙම කළොත් අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් සාතන්ව පරාජය කරන්න.