Skip to content

පටුනට යන්න

“එවැනි පුරුෂයන්ට නිසි ගෞරවය දක්වන්න”

“එවැනි පුරුෂයන්ට නිසි ගෞරවය දක්වන්න”

පාලක මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් හැදිලා තියෙන විවිධ කමිටුවලට උපකාර කරන්න අද්දැකීම් තියෙන, අවබෝධයෙන් ක්‍රියා කරන වැඩිමහල්ලන්ව 1992 ඉඳන් පාලක මණ්ඩලය පත් කරලා තියෙනවා. * “වෙනත් බැටළුවන්ට” අයිති, උපකාරකයන් හැටියට සේවය කරන මේ සහෝදරයන්ගෙන් පාලක මණ්ඩලයට ලැබෙන්නේ ලොකු සහයක්. (යොහ. 10:16) කමිටු හැම සතියකම රැස් වෙද්දී තමන්ට අදාළ කමිටුවේ රැස්වීමට ඔවුනුත් සහභාගි වෙනවා. කමිටුවෙන් ගන්න තීරණවලට අවශ්‍ය තොරතුරු හොයන එක, යම් යෝජනා ඉදිරිපත් කරන එක ඔවුන්ගේ වගකීමට ඇතුළත්. ඒවා සැලකිල්ලට අරගෙන පාලක මණ්ඩලය යම් තීරණ ගත්තට පස්සේ ඒ තීරණ ක්‍රියාත්මක කරන්න ඔවුන් සහය වෙනවා. මේ සහෝදරයන් තමන්ට භාර දෙන ඕනම පැවරුමක් කරන්නේ හරිම සතුටින්. ඔවුන් පාලක මණ්ඩලයේ සහෝදරයන් එක්ක විශේෂ සහ ජාත්‍යන්තර සමුළුවලටත් සහභාගි වෙනවා. මූලස්ථාන නියෝජිතයන් හැටියට විවිධ ශාඛා කාර්යාලවලට යන්නත් ඔවුන්ට පැවරුම් ලැබෙනවා.

1992 ඉඳන් උපකාරකයෙක් හැටියට සේවය කරන සහෝදරයෙක් මෙහෙම කියනවා. “මට භාර දෙන වැඩ කොටස මං හොඳට කරද්දී දෙවිගේ සෙනඟව පෝෂණය කරන වැඩේට වැඩි අවධානයක් දෙන්න පාලක මණ්ඩලයට පුළුවන් වෙනවා.” අවුරුදු 20ක් පුරා ඒ සේවය කරන සහෝදරයෙක් කිව්වේ “මේ පැවරුම මොන තරම් වටිනා වරප්‍රසාදයක්ද කියලා විස්තර කරන්න මට වචන නෑ” කියලයි.

උපකාරකයන් හැටියට සේවය කරන සහෝදරයන්ට පාලක මණ්ඩලය ගොඩක් වගකීම් භාර දීලා තියෙනවා වගේම වෙහෙස මහන්සි නොබලා, විශ්වාසවන්තව ඔවුන් කරන සේවය පාලක මණ්ඩලය හුඟක් අගය කරනවා. අපිත් “එවැනි පුරුෂයන්ට නිසි ගෞරවය දක්වමු.”—ෆිලි. 2:29.

^ 2 ඡේ. කමිටු හයේ වගකීම් ගැන වැඩි විස්තර දැනගන්න ‘දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!’ යන පොතේ 12වෙනි පරිච්ඡේදයේ “පාලක මණ්ඩලය දෙවිගේ රාජ්‍යයට සම්බන්ධ දේවල් බලාගන්න විදිහ” කියන කොටුව බලන්න.