ගැඹුරින් කල්පනා කරන්න කාලය ගන්න
“ඒ දේවල් ගැන ගැඹුරින් කල්පනා කර බලන්න. ඒවා නිරතුරුවම ඔබේ මනසෙහි තබාගන්න. එවිට ඔබ දියුණු වන අන්දම සියලුදෙනාටම දැකගත හැකි වෙයි.”—1 තිමෝ. 4:15.
ගීතිකා: 57, 52
1, 2. මිනිසුන් සතුන්ට වඩා වෙනස් වෙන්නේ කොහොමද?
භාෂාවක් ඉගෙනගන්න මිනිස් මොළේට තියෙන්නේ පුදුමාකාර හැකියාවක්. කියවන්න, ලියන්න, කතා කරන්න, දේවල් අවබෝධ කරගන්න, යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න, ප්‍රශංසා ගී ගයන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ ඒ හැකියාව නිසයි. ඒ කිසිම දෙයක් සතුන්ට කරන්න බැහැ. ඒ පුදුමාකාර දේවල් කරන්න අපේ මොළේට පුළුවන් කොහොමද කියලා විද්‍යාඥයන්ට තවමත් හරියට තේරුම්ගන්න බැහැ.
2 භාෂාවක් කතා කරන්න අපිට තියෙන ඒ හැකියාව යෙහෝවා දෙවි අපිට දුන්න තෑග්ගක්. (ගීතා. 139:14; එළි. 4:11) ඒ විතරක් නෙමෙයි දෙවි “ඔහුගේම ගතිලක්ෂණ ඇතුව” අපිව නිර්මාණය කරපු නිසා සතුන්ට නැති තවත් වටිනා දෙයක් අපිට තියෙනවා. ඒ තමයි තීරණ ගැනීමේ නිදහස. භාෂාවක් කතා කරන්න තියෙන හැකියාව යොදාගෙන දෙවිට සේවය කරනවද නැද්ද කියන තීරණය ගන්න අපිට පුළුවන් ඒ නිසයි.—උත්. 1:27.
3. ප්‍රඥාවන්තව වැඩ කරන්න උදව්වක් විදිහට දෙවි අපිට දීලා තියෙන්නේ මොකක්ද?
3 යෙහෝවා දෙවිට සේවය කරන්න කැමැත්තෙන් ඉන්න අයට ඒක කරන්නේ කොහොමද කියලා ඔහු බයිබලේ මාර්ගයෙන් ගීතා. 40:5; 92:5; 139:17) ඒකෙන් අපි ප්‍රඥාවන්ත අය වෙනවා විතරක් නෙමෙයි සදාකාල ජීවිතය ලබාගන්නත් ඒක අපිට උදව්වක්.—2 තිමෝති 3:14-17 කියවන්න.
උගන්වනවා. සම්පූර්ණ බයිබලයම නැත්නම් ඒකේ කොටසක් දැන් භාෂා 2,800කට වඩා වැඩි ගාණකින් ලබාගන්න පුළුවන්. බයිබලේ කියවලා, ඒ ගැන ගැඹුරින් කල්පනා කරනවා නම් අපිට පුළුවන් දෙවි හිතන විදිහට හිතන්න පුරුදු වෙන්න. (4. ‘ගැඹුරින් කල්පනා කරන්න’ කියද්දී ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
4 ගැඹුරින් කල්පනා කරනවා කියන්නේ අපේ මනස යම් දේකට සම්පූර්ණයෙන්ම යොමු කරලා ඒ ගැන හොඳට හිතන එකයි. (ගීතා. 77:12; හිතෝ. 24:1, 2) අපි ගැඹුරින් කල්පනා කරන්නේ යෙහෝවා දෙවිවත් යේසුස්වත් හොඳින් දැන හඳුන ගන්න උදව් වෙන දේවල් ගැන නම් අපිට හුඟක් ප්‍රයෝජන ලබන්න පුළුවන්. (යොහ. 17:3) බයිබලේ කියවද්දී ගැඹුරින් කල්පනා කරන්න පුළුවන් වෙන විදිහට ඒක කියවන්නේ කොහොමද? ගැඹුරින් කල්පනා කරන්න පුළුවන් මොන දේවල් ගැනද? නිතිපතා ගැඹුරින් කල්පනා කරන්නත් ඒකෙන් සතුටක් ලබන්නත් අපිට උදව් වෙන්නේ මොනවද? ඒ ගැන දැන් බලමු.
අධ්‍යයනය කරන විදිහ ගැන සැලකිලිමත් වෙන්න
5, 6. කියවන දේ තේරුම්ගන්නත් ඒක මතක තියාගන්නත් උදව් වෙන්නේ මොකක්ද?
5 අවධානය දෙන්නේ නැතුව වුණත් සමහර දේවල් කරන්න පුළුවන් හැකියාවක් අපේ මොළේට තියෙනවා. උදාහරණෙකට හුස්ම ගද්දී, ඇවිදිද්දී, බයිසිකල් පදිද්දී අපි ඒකට අමුතුවෙන් අවධානය දෙන්නේ නැහැ. සමහර වෙලාවට අපි යම් දෙයක් කියවද්දීත් ඒ දේම වෙන්න පුළුවන්. කියවන අතරේ මනස වෙන වෙන තැන්වලට යන්න පුළුවන්. එහෙම වෙන්න නොදී කියවන දේට හොඳ අවධානයක් දීලා ඒකේ තියෙන දේ තේරුම්ගන්න එක හුඟක් වැදගත්. සඟරාවක්, පොතක් කියවගෙන යන අතරේ ඡේදයක් නැත්නම් ඡේද කීපයක් කියවලා ඉවර වුණාම ටිකක් නතර වෙලා කියවපු කොටස ගැන හොඳට හිතන්න. ඒකෙන් කියන්න හදන දේ තේරුම්ගත්තද කියලා හිතන්න.
6 ශබ්ද නඟා කියවනවා නම් මතක තියාගන්න ලේසියි කියලා විද්‍යාඥයන් කියනවා. වෙන කාටත් වඩා අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි ඒ ගැන දන්නවා. නීතියේ සඳහන් දේවල් “කියවා ඒ ගැන හොඳින් කල්පනා කර බලන්න” කියලා දෙවි යොෂුවාට කිව්වේ ඒ නිසයි. හෙබ්‍රෙව් භාෂාවට අනුව ඒ යෙදුමෙන් ‘තමන්ටම ඇහෙන තරමේ හඬකින් කියවන්න’ කියන දේත් අදහස් වුණා. (යොෂුවා 1:8 කියවන්න.) අපිත් බයිබලේ කියවද්දී තමන්ටම ඇහෙන තරමේ හඬකින් කියවනවා නම් හොඳ අවධානයක් දෙන්නත් හොඳින් මතක තියාගන්නත් ඒක උදව්වක් වෙයි.
7. බයිබලේ තියෙන දේවල් ගැන ගැඹුරින් කල්පනා කරන්න හොඳ මොන වගේ වෙලාවකදීද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
7 අධ්‍යයනය කරන දේට අවධානය දෙන්නත් ඒ ගැන ගැඹුරින් කල්පනා කරන්නත් ලොකු වෑයමක් දරන්න ඕනේ. සැහැල්ලුවෙන් ඉන්න වෙලාවක, නිස්කලංක තැනකදී ඒක කරන එක වටින්නේ ඒ නිසයි. දාවිත් ඒක කළේ රාත්‍රියේ නිදි යහනේ ඉද්දී. (ගීතා. 63:6) කල්පනා කරන්න, යාච්ඤා කරන්න නිස්කලංක තැනක් තෝරගන්න එක කොච්චර වැදගත්ද කියලා පරිපූර්ණ කෙනෙක් වුණු යේසුස් දැනගෙන හිටියා.—ලූක් 6:12.
ගැඹුරින් කල්පනා කරන්න පුළුවන් දේවල්
8. (අ) හොඳින් හිතලා බලන්න පුළුවන් මොන දේවල් ගැනද? (ආ) දෙවි ගැන අපි අනිත් අය එක්ක කතා කරද්දී ඔහුට ඒ ගැන හැඟෙන්නේ කොහොමද?
8 බයිබලේ තියෙන දේවලට අමතරව ගැඹුරින් කල්පනා කරලා බලන්න පුළුවන් තවත් දේවල් තියෙනවා. උදාහරණෙකට යෙහෝවා දෙවිගේ නිර්මාණයක් දැක්කම ‘මේකෙන් දෙවි ගැන මට ඉගෙනගන්න පුළුවන් මොනවද’ ගීතා. 104:24; ක්‍රියා 14:17) ඒ විදිහට අපි ගැඹුරින් කල්පනා කරද්දී, යාච්ඤාවෙන් ස්තුති කරද්දී, දෙවි ගැන අනිත් අය එක්ක කතා කරද්දී දෙවි ඒ දේවලට හොඳින් අවධානය දෙනවා. ඒ ගැන සතුටු වෙනවා. එහෙම අය ගැන බයිබලේ කියන්නේ මෙහෙමයි. “දෙවි තම මතකයේ සිටින අයගේ නම් ලියවිල්ලක සටහන් කිරීමට අණ කළේය. යෙහෝවා දෙවිගේ නාමය සිහි කරමින් ඔහුට ගරුබිය පෙන්වන අයගේ නම් එහි ලියන ලදි.”—මලා. 3:16.
කියලා හිතන්න. එතකොට දෙවිට ස්තුති කරන්න ඔයා පෙලඹෙයි. දෙවි ගැන ඔයාට හැඟෙන දේ අනිත් අයට කියන්නත් ඔයාට ආසාවක් ඇති වෙයි. (9. (අ) පාවුල් තිමෝතිට ගැඹුරින් කල්පනා කරන්න කිව්වේ මොනවා ගැනද? (ආ) සේවය සඳහා සූදානම් වෙද්දී අපිට හොඳින් හිතන්න පුළුවන් මොන දේවල් ගැනද?
9 කතා කරන දේවල්, හැසිරෙන විදිහ, උගන්වන දේවල් අනිත් අයට බලපාන්නේ කොහොමද කියන දේ ගැන හොඳට හිතන්න කියලා පාවුල් තිමෝතිට කිව්වා. (1 තිමෝති 4:12-16 කියවන්න.) ඔයාටත් පුළුවන් ඒ දේවල් ගැන ගැඹුරින් කල්පනා කරන්න. උදාහරණෙකට බයිබල් පාඩමකට සූදානම් වෙද්දී කාලය අරන් හොඳට හිතන්න. ශිෂ්‍යයාට හිතන්න උදව් වෙන ප්‍රශ්නයක්, උදාහරණයක් ගැන කල්පනා කරන්න. එහෙම කරද්දී ඔයාගේ විශ්වාසයත් වැඩි වෙනවා. හොඳ ගුරුවරයෙක් වෙන්නත් ඔයාට පුළුවන්. සේවයේ යන්න කලින් ගැඹුරින් කල්පනා කරන එකත් ප්‍රයෝජනවත්. (එස්රා 7:10 කියවන්න.) සේවයට ඔයාගේ ආසාව තව වැඩි කරගන්න ක්‍රියා පොතෙන් පරිච්ඡේදයක් කියවන්න පුළුවන්. සේවයේ ගිහින් පෙන්නන බයිබල් පදයක් ගැන, ඉදිරිපත් කරන ප්රකාශනයක් ගැන හොඳට හිතන්නත් පුළුවන්. (2 තිමෝ. 1:6) ප්‍රදේශයේ ඉන්න මිනිසුන් ගැනත් ඒ අය තුළ උනන්දුවක් ඇති කරන්න කියන්න පුළුවන් දේවල් ගැනත් කල්පනා කරන්න. එහෙම කරද්දී බයිබලේ හොඳින් යොදාගෙන සාක්ෂි දරන්න ඔයාට පුළුවන්.—1 කොරි. 2:4.
10. අපිට හිතලා බලන්න පුළුවන් තවත් දේවල් මොනවද?
‘මුරටැඹ,’ ‘පිබිදෙව්!’ සඟරාවලත් මුදාහැරපු අලුත්ම ප්රකාශනවලත් තියෙන තොරතුරු කියවලා ඒ ගැන කල්පනා කරන්න. ‘වාර්ෂික පොතෙන්’ අද්දැකීමක් කියෙව්වට පස්සේ ‘මේකෙන් මට ගන්න පුළුවන් පාඩම මොකක්ද’ කියලා හිතලා බලන්න. ප්රකාශනයක් කියවද්දී ප්‍රධාන අදහස් ලකුණු කරගන්නත් පොඩි සටහනක් දාගන්නත් ඔයාට පුළුවන්. එහෙම කරන එක නැවත බැලීමකට, කෙනෙක්ව හම්බ වෙලා දිරිගන්වන්න, කතාවක්, දේශනයක් දෙන්න සූදානම් වෙද්දී ඔයාට උදව් වෙයි. ඒත් ඒ හැම දේටම වඩා කියවන දේවල් ගැන ගැඹුරින් කල්පනා කරන එකේ තියෙන ප්‍රයෝජනය තමයි ඒ තොරතුරු ඔයාගේ හිතට දාගන්න පුළුවන් වෙන එක. ඒ වගේම ඔයා ඉගෙනගත්ත වටිනා දේවලට යෙහෝවා දෙවිට ස්තුති කරන්නත් ඒකෙන් ඔයාට කාලය ලැබෙනවා.
10 ගැඹුරින් හිතන්න පුළුවන් තවත් මොන වගේ දේවල් ගැනද? රැස්වීම්වලදී, සමුළුවලදී ගත්ත කෙටි සටහන් ආයෙත් බලලා ‘දේවවචනයෙන්, දෙවිගේ සංවිධානයෙන් මං ඉගෙනගත්තේ මොනවද’ කියලා හොඳට හිතන්න.හැම දවසකම බයිබලේ තියෙන දේවල් ගැන කල්පනා කරන්න
11. අපි ගැඹුරින් කල්පනා කරන්න ඕන වැදගත්ම පොත මොකක්ද? ඒ ඇයි? (පාදසටහනත් බලන්න.)
11 කියවලා ගැඹුරින් කල්පනා කරන්න ඕනම කරන පොත බයිබලයයි. ඒත් කවදා හරි බයිබලයක් ළඟ තියාගන්න බැරි කාලයක් ආවොත් මොකද කරන්නේ? * බයිබලයක් ළඟ තියාගන්න එක තහනම් කරන්න පුළුවන් වුණත් ඔයාගේ මතකයේ තියෙන බයිබල් පද, ගීතිකා වගේ දේවල් ගැන ගැඹුරින් කල්පනා කරන එක තහනම් කරන්න කාටවත් බැහැ. (ක්‍රියා 16:25) ඔයාට දිගටම විශ්වාසවන්තව ඉන්න උදව් වෙන දේවල් ආයෙත් මතක් කරගන්න දෙවිගේ බලය ඔයාට උදව් කරයි.—යොහ. 14:26.
12. හැමදාම බයිබලේ කියවන්න සැලසුම් කරන්න පුළුවන් එක විදිහක් මොකක්ද?
12 හැමදාම බයිබලේ කියවන්න මොන වගේ කාලසටහනක් හදාගන්න පුළුවන්ද? සේවා පාසැලේ සතියට නියමිත බයිබල් කියවීම කරන්නත් ඒ ගැන හිතන්නත් දවස් කීපයක් වෙන් කරගන්න පුළුවන්. අනිත් දවස්වල මතෙව්, මාක්, ලූක් සහ යොහන් පොත්වලින් කියවලා යේසුස් කියපු කරපු දේවල් ගැන හොඳට හිතන්න පුළුවන්. (රෝම 10:17; හෙබ්‍රෙ. 12:2; 1 පේතෘ. 2:21) ඒ පොත්වල තියෙන දේවල් තවත් හොඳට තේරුම්ගන්න යේසුස්ගේ ජීවිතේ සිදුවීම් ඒවා සිද්ධ වුණු අනුපිළිවෙළින් විස්තර කරපු ප්රකාශනයකුත් අපිට තියෙනවා.—යොහ. 14:6.
ගැඹුරින් කල්පනා කරන්න ඕනෙ ඇයි?
13, 14. අපි නිතරම යෙහෝවා දෙවි සහ යේසුස් ගැන ගැඹුරින් කල්පනා කරන එක වැදගත් ඇයි? ඒක අපිව පොලඹවන්නේ මොකක් කරන්නද?
13 අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්නත් ශක්තිමත් විශ්වාසයක් ඇතුව ඉන්නත් උදව් වෙන දෙයක් තමයි යෙහෝවා දෙවි සහ යේසුස් ගැන ගැඹුරින් කල්පනා කරන එක. (හෙබ්‍රෙ. 5:14; 6:1) කෙනෙක් දෙවි ගැන හිතන්න ගත කරන කාලය අඩු වෙන තරමට ඒ කෙනාට දෙවි එක්ක තියෙන බැඳීමත් එන්න එන්න අඩු වෙනවා. (හෙබ්‍රෙ. 2:1; 3:12) “අවංක මෙන්ම යහපත් සිතකින්” බයිබලේ තියෙන දේවල් ගැන කල්පනා කළේ නැත්නම් දෙවිගේ වදන් අපේ හිතට ගන්න බැරි වෙනවා කියලා යේසුස් මතක් කළා. එතකොට අපිවත් “ජීවිතයේ මුහුණ දීමට සිදු වන කරදර නිසාත් ධනයට හා විනෝද වීමට තිබෙන ආශාව නිසාත් ගසාගෙන” යයි.—ලූක් 8:14, 15.
14 ඒ නිසා බයිබලේ තියෙන දේවල් ගැන ගැඹුරින් කල්පනා කරලා යෙහෝවා දෙවිව තවත් හොඳින් දැන හඳුන ගමු. එතකොට ඔහුගේ ගතිලක්ෂණ හොඳින් ආදර්ශයට 2 කොරි. 3:18) අපේ ආදරණීය දෙවි පියාණන් ගැන ඉගෙනගන්න එක, ඔහුව ආදර්ශයට ගන්න එක සදාකාලයටම වුණත් අපිට කරන්න පුළුවන්. ඒ තරම් වරප්‍රසාදයක් තවත් තියෙනවද!—දේශ. 3:11.
ගන්න අපි පෙලඹෙනවා. (15, 16. (අ) යෙහෝවා දෙවි සහ යේසුස් ගැන ගැඹුරින් හිතන එක ඔයාට ප්‍රයෝජනවත් වෙලා තියෙන්නේ කොහොමද? (ආ) ගැඹුරින් හිතන එක සමහර වෙලාවට අමාරු වෙන්නේ ඇයි? ඒත් අපි දිගටම උත්සාහ කරන්න ඕනෙ ඇයි?
15 යෙහෝවා දෙවි සහ යේසුස් ගැන ගැඹුරින් කල්පනා කරන එක උද්යෝගයෙන් දෙවිට නමස්කාර කරන්නත් අපිට උදව් වෙනවා. ඒ උද්යෝගය නිසා ඔයාගේ සභාවේ අයට දිරිගැන්වීමක් ලැබෙනවා. ඒ වගේම සේවය කරන ප්‍රදේශයේ ඉන්න අයටත් ප්‍රයෝජන ලැබෙනවා. යේසුස්ගේ ජීවිත පූජාව දීලා දෙවි ඔයා වෙනුවෙන් කරපු පරිත්‍යාගය ගැන හිතද්දී දෙවි එක්ක ඔයාට තියෙන බැඳීම වටින එකක් විදිහට සලකන්න ඔයා පෙලඹෙයි. (රෝම 3:24; යාකො. 4:8) තමන්ගේ විශ්වාසය නිසා අවුරුදු 3ක් හිරේ හිටිය මාක් මෙහෙම කියනවා. “ගැඹුරින් කල්පනා කරන එක රසවත් අද්දැකීමක්. දේවවචනයේ තියෙන දේවල් ගැන හිතන තරමට දෙවි ගැන තව අලුත් දේවල් ඉගෙනගන්නත් පුළුවන් වෙනවා. අනාගතය ගැන කනස්සල්ලක් හිතට ආපු වෙලාවට මං කරන්නේ බයිබලෙන් කොටසක් කියවලා ඒ ගැන හොඳට හිතන එකයි. එතකොට මට දැනෙන්නේ පුදුම සහනයක්.”
16 මේ දුෂ්ට සමාජය හැම වෙලාවෙම උත්සාහ කරන්නේ අපේ අවධානය මේ ලෝකෙ දේවලට යොමු කරන්නයි. ඒ නිසා බයිබලේ කියවලා ඒ ගැන හොඳට හිතන්න කාලේ හොයාගන්න එක ලේසි නැහැ. පැට්රික් මෙහෙම කියනවා. “මගේ මනස හරියට අවශ්‍ය දේවලුයි නැති දේවලුයි ගොඩගැහෙන ගබඩාවක් වගේ. ඔය අතරේ ‘හිත නොසන්සුන් කරන’ දේවලුත් තියෙනවා කියලා මට තේරෙනවා. ඒ නිසා ගැඹුරින් කල්පනා කරන්න කලින් මනසේ තියෙන අනවශ්‍ය දේවල් ඉවත් කරගන්න උදව් ඉල්ලලා මං දෙවිට යාච්ඤා කරනවා. කල්පනා කරන්න කලින් මනස හදාගන්න යම් කාලයක් ගියත් එහෙම කරපු එකෙන් මං දෙවිට තවත් ළං වුණා. බයිබලේ තියෙන තොරතුරු තවත් හොඳින් තේරුම්ගන්න ඒක මට උදව්වක්.” (ගීතා. 94:19) හැමදාම බයිබලේ කියවලා ඒ ගැන හොඳට හිතද්දී හුඟක් පැතිවලින් අපි ප්‍රයෝජන ලබනවා.—ක්‍රියා 17:11.
කාලේ හොයාගන්නේ කොහොමද?
17. ගැඹුරින් කල්පනා කරන්න ඔයාට කාලේ හොයාගන්න පුළුවන් කොහොමද?
17 සමහරු පාන්දරම නැඟිටලා බයිබලේ කියවනවා. ගැඹුරින් කල්පනා කරනවා. යාච්ඤා කරනවා. තවත් අය ඒක කරන්නේ දවල් විවේක වෙලාවෙදී. සමහරවිට ඔයා ඒක කරන්නේ සවසක නැත්නම් ඇඳට යන්න කලින් වෙන්න ඇති. උදේටත් නිදාගන්න කලිනුත් බයිබලේ කියවන්න සමහරු කැමතියි. (යොෂු. 1:8) මොන වෙලාවේ කළත් වැදගත්ම දේ බයිබලේ කියවලා ඒ ගැන ගැඹුරින් හිතන්න හැමදාම කාලය හොයාගන්න එකයි. අනවශ්‍ය දේවලට යොදවන කාලය අඩු කළොත් ඒක කරන්න පුළුවන්.—එෆී. 5:15, 16.
18. හැමදාම බයිබලේ තියෙන දේවල් ගැන ගැඹුරින් හිතලා ඒවා අදාළ කරගන්න අයට දීලා තියෙන පොරොන්දුව මොකක්ද?
18 බයිබලේ කියවලා ඒ ගැන ගැඹුරින් හිතන, ඒ දේවල් ජීවිතේට අදාළ කරගන්න අයට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ලැබෙනවා. (ගීතාවලිය 1:1-3 කියවන්න.) “සන්තෝෂවත් වන්නේ දෙවි පවසන දේ අසා එය පිළිපදින අයයි” කියලා යේසුස් කිව්වේ ඒ නිසයි. (ලූක් 11:28) ඒත් ඊටත් වඩා අපිට වටින්නේ යෙහෝවා දෙවිට ගෞරවයක් ගේන විදිහට ජීවත් වෙන්න ඒකෙන් අපිට අවස්ථාව ලැබෙන නිසයි. ප්‍රතිඵලයක් විදිහට මේ කාලෙදී සතුටින් ජීවත් වෙන්න පුළුවන් වගේම පාරාදීසයේදී සදාකාලයටම ජීවත් වෙන්න අපිට පුළුවන්.—යාකො. 1:25; එළි. 1:3.