Skip to content

පටුනට යන්න

ඔබට මතකද

ඔබට මතකද

ළඟදී පළ වුණ ‘මුරටැඹ’ ලිපිවලින් ඉගෙනගත්ත දේවල් ආයෙත් මතක් කරගමුද?

අවසානය පැමිණියම මේ ලෝකෙන් ඉවත් වෙන්නේ මොනවද?

මිනිස් ආණ්ඩු, යුද්ධ, අයුක්තිය, මිනිසුන්ව මුළා කරන ආගම්, මේ ලෝකෙ දේවලට ඇලීගැලී ඉන්න මිනිසුන්ව මේ ලෝකෙන් ඉවත් කරනවා.—5/1, 3-5 පිටු.

එසකියෙල් පොතේ සඳහන් මාගොග් දේශයේ ගොග් කවුද?

ඒ සාතන් නෙමෙයි. ඒ වෙනුවට මාගොග් දේශයේ ගොග් කියන්නේ මහත් පීඩාව පටන්ගත්තට පස්සේ දෙවිගේ සෙනඟට ප්‍රහාරයක් එල්ල කරන විවිධ ජාතීන්ගේ එකතුවකටයි.—5/15, 29-30 පිටු.

වයසට ගියත් සතුටින් ඉන්න උදව් වෙන දේවල් 6ක් මොනවද?

(1) සීමාව තේරුම්ගන්න, (2) සමබර වෙන්න, (3) හොඳ ආකල්පයක් තියාගන්න, (4) පරිත්‍යාගශීලී වෙන්න, (5) මිත්‍රශීලී වෙන්න, (6) ස්තුතිවන්ත වෙන්න.—6/1, 8-10 පිටු.

යේසුස් කරපු ආශ්චර්යයන්වලින් ඔහුගේ ත්‍යාගශීලීකම පැහැදිලි වුණේ කොහොමද?

කානා නුවර විවාහ උත්සවයකදී යේසුස් වතුර ලීටර් 380ක් විතර හොඳම වයින් බවට හැරෙව්වා. තවත් අවස්ථාවකදී 5,000කට වැඩි පිරිසකට කන්න දුන්නා. (මතෙ. 14:14-21; යොහ. 2:6-11) යේසුස් ආදර්ශයට ගත්තේ යෙහෝවා දෙවිගේ ත්‍යාගශීලීකමයි.—6/15, 4-5 පිටු.

පාපය උරුම කරගත්ත අය වුණත් අපිට දෙවිව සතුටු කරන්න පුළුවන් කියලා දන්නේ කොහොමද?

යෝබ්, ලොත් සහ දාවිත් අතින් වැරදි වුණා. ඒත් දෙවිට සේවය කරන්න තිබුණු ආසාව නිසා තමන් අතින් වුණු වැරදි ගැන අවංකවම පසුතැවිලා ඒවා හදාගත්තා. ඒ නිසා දෙවිගේ අනුමැතිය ලැබුණා. අපිටත් පුළුවන් දෙවිව සතුටු කරන්න.—7/1, 12-13 පිටු.

මහ බැබිලෝනිය විනාශ වෙද්දී අසත්‍ය උගන්වන ආගම්වලට අයිති හැම සාමාජිකයෙක්ම විනාශ වෙනවද?

පේන විදිහට නැහැ. සෙකරියා 13:4-6 කියන විදිහට එදාට ආගමික නායකයන් පවා තමන්ගේ ආගම් අත්හැරලා තමන් කිසිම ආගමකට සම්බන්ධ වෙලා හිටියේ නැහැ කියලා පෙන්නන්න හදයි.—7/15, 15-16 පිටු.

දෙබොරා එනවා නම් විතරයි තමන් සටනට යන්නේ කියලා බාරාක් කිව්වේ ඇයි?

බාරාක්, දෙවි ගැන ලොකු විශ්වාසයක් තිබුණු කෙනෙක්. ඔහු දෙවිගෙන් යුධ අවි ඉල්ලුවේ නැහැ. ඔහුට ඕන වුණේ ඔහුවයි ඔහුගේ පිරිසවයි ශක්තිමත් කරන්න පුළුවන් දෙවිගේ නියෝජිතයෙක් විතරයි. (විනි. 4:6-8; 5:7)—8/1, 13 පිටුව.

හොඳට හිතලා බලන්න පුළුවන් මොන වගේ දේවල් ගැනද?

දෙවිගේ නිර්මාණ, දේවවචනයේ වටිනාකම, දෙවි එක්ක කතා කරන්න තියෙන අවස්ථාව සහ යේසුස්ගේ ජීවිත පූජාව ගැන හොඳට හිතන්න පුළුවන්.—8/15, 10-13 පිටු.

ප්‍රේම සම්බන්ධයක් පටන්ගන්න කලින් නරක ආශ්‍රයෙන් වළකින්න කියන ප්‍රතිපත්තිය ගැන හිතන්න ඕනෙ ඇයි?

දෙවිට නමස්කාර නොකරන අය දිහා අපි පහත් විදිහට බලන්නේ නැහැ. ඒත් දෙවිගේ උසස් ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්නේ නැති, ඒවාට ගරු කරන්නේ නැති කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන්ගන්න එක දෙවිගේ නීතියට විරුද්ධයි. (1 කොරි. 15:33)—8/15, 25 පිටුව.

පේතෘස්ගේ විශ්වාසය දුර්වල වුණේ ඇයි? ඒක ආයේ ශක්තිමත් කරගත්තේ කොහොමද?

ඔහුට වතුර මත ඇවිදගෙන යන්න පුළුවන් වුණේ ලොකු විශ්වාසයක් තිබුණු නිසයි. (මතෙ. 14:24-32) ඒත් කුණාටුව දැක්කම ඔහු බය වුණා. ආයෙත් ඔහුගේ අවධානය යේසුස් දිහාවට යොමු කරලා උදව් පිළිගත්ත නිසා විශ්වාසය ශක්තිමත් වුණා.—9/15, 16-17 පිටු.

ක්‍රියා 28:4 සඳහන් විදිහට මෝල්ටාවේ වැසියන් පාවුල් මිනී මරුවෙක් කියලා හිතුවේ ඇයි?

විසකුරු සර්පයෙක් පාවුල්ට දෂ්ට කළාම ඔවුන් හිතුවේ යුක්තියේ දේවතාවිය වන ඩයිකි ඔහුට දඬුවම් කළා කියලයි.—10/1, 9 පිටුව.

මාර්තාගේ අවධානය වෙනතකට යොමු වුණු සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

මාර්තා කෑම ජාති හුඟක් පිළියෙල කරන්න හදපු නිසා එයාගේ අවධානය යොමු වුණේ ඒකටයි. ඒත් මරියා යේසුස්ගේ ඉගැන්වීම්වලට හොඳින් සවන් දුන්න නිසා ඔහු ඇයව අගය කළා. දෙවිට කරන සේවයෙන් අපේ අවධානය වෙනතකට යොමු කරන්න කිසිම දේකට ඉඩ දෙන්න එපා.—10/15, 18-20 පිටු.