මුරටැඹ - පාඩම් කලාපය 2020 ජූනි 

2020 අගෝස්තු 3-30 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

“ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා!”

පාඩම් ලිපිය 23: 2020 අගෝස්තු 3-9. මනුෂ්‍යයන් සහ දේවදූතයන් අවධානය දෙන්න ඕනෙ වැදගත්ම ප්‍රශ්නය මොකක්ද? ඒ ප්‍රශ්නය ඒ තරම්ම වැදගත් ඇයි? ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් මොනවාද? ඒ ගැනත් ඒකට සම්බන්ධ තව තොරතුරු ගැනත් දැනගද්දී යෙහෝවා දෙවියන් එක්ක අපිට තියෙන බැඳීම තව ශක්තිමත් වෙයි.

මුළු සිතින්ම දෙවියන්ගේ නාමය ගැන ගරුබියක් ඇතුව ඉන්න

පාඩම් ලිපිය 24: 2020 අගෝස්තු 10-16. ගීතාවලිය 86:11, 12 දාවිත් රජ යාච්ඤාවෙන් යෙහෝවා දෙවියන්ට කියපු දේ ගැන අපි මේ ලිපියෙන් බලනවා. දෙවියන්ගේ නාමය කෙරෙහි ගරුබියක් ඇතුව ඉන්න කියද්දී ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? ඒ ශ්‍රේෂ්ඨ නාමය ගැන අපේ හිතේ ගෞරවයක් තියෙන්න ඕනෙ ඇයි? වැරදි පෙලඹීම් එද්දී දේවගරුබිය අපිට ආරක්ෂාවක් වෙන්නේ කොහොමද?

පාඨකයන්ගෙන් ප්‍රශ්න

දෙවියන්ගේ බලයේ උදව්වෙන් වර්ධනය කරගන්න පුළුවන් ගලාති 5:22, 23 සඳහන් ගුණාංග විතරද?

‘මාගේ බැටළුවන්ව මා සොයා යන්නෙමි’

පාඩම් ලිපිය: 2020 අගෝස්තු 17-23. අවුරුදු ගාණක් යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරපු සමහරු සභාවෙන් ඈත් වෙන්නේ ඇයි? යෙහෝවා දෙවියන්ට එයාලා ගැන හැඟෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර මේ ලිපියෙන් බලනවා.‏ අතීතයේ හිටපු දෙවියන්ගේ සමහර සේවකයනුත් යම් කාලෙකට දෙවියන්ගෙන් ඈත් වුණා.‏ යෙහෝවා දෙවියන් එයාලට උදව් කරපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලත් මේ ලිපියේ අපි සාකච්ඡා කරනවා.‏

“මා ළඟට එන්න”

පාඩම් ලිපිය 26: 2020 අගෝස්තු 24-30. යෙහෝවා දෙවියන්ට ඕනෙ සභාවෙන් ඈත් වෙලා ඉන්න අය ආයෙත් ඔහු ළඟට එනවා දකින්නයි. “මා ළඟට එන්න” කියලා යෙහෝවා දෙවියන් කරන ආරාධනය පිළිගන්න කැමති අයව දිරිගන්වන්න අපිට පුළුවන්. ඒ අයට යෙහෝවා දෙවියන් ළඟට එන්න අපිට උදව් කරන්න පුළුවන් කොහොමද කියලා මේ ලිපියෙන් බලමු.