Skip to content

පටුනට යන්න

මිනිසුන්ව පාලනය කරන්න සුදුස්සා කවුද?

මිනිසුන්ව පාලනය කරන්න සුදුස්සා කවුද?

විශේෂ කතාව

මිනිසුන්ව පාලනය කරන්න සුදුස්සා කවුද?

මොන පාලකයාටද පුළුවන්

• සියලුම ජනයාට බහුල ලෙස ආහාර හා කදිම නිවාස සපයමින් ආර්ථික ප්‍රශ්න විසඳන්න?

• සුනාමි, කුණාටු හෝ භූමිකම්පා නිසා සිදු වන ව්‍යසනයන් වළක්වන්න?

• මහලු අයට යළි තරුණ ශක්තිය ලබා දෙමින් සියලුම රෝග නැති කරන්න?

• යටත් වැසියන්ට සාමය හා ආරක්ෂාව ලබා දෙමින් යුද්ධවලට නිමාවක් ගෙනෙන්න?

• පරිසර හානිය වළක්වා පොළොව පාරාදීසයක් කරන්න?

ඉහත සඳහන් හැම ප්‍රශ්නයකටම විසඳුමක් ගෙන ඒමට හැකි එක පාලකයෙක් සිටිනවා. ඒ කවුද කියා දැනගැනීමට 2008 අප්‍රියෙල් 6වන ඉරිදා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවල ඉදිරිපත් කෙරෙන “මිනිසාව සාර්ථකව පාලනය කළ හැක්කේ කාටද” යන විශේෂ කතාවට සවන් දීමට පැමිණෙන්න කියා අපි ඔබට ආරාධනා කරන්න කැමතියි. මෙම කතාව ලොව පුරා රටවල් 230කටත් වඩා වැඩි සංඛ්‍යාවක ඉදිරිපත් කරනු ලබනවා. එය පැවැත්වෙන වේලාව හා ස්ථානය ඔබට දැනුම් දීමට ඔබේ ප්‍රදේශයේ සිටින සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.