Skip to content

පටුනට යන්න

“යුද්ධවලට නිමාවක් ගෙනෙන යුද්ධයක්!”

“යුද්ධවලට නිමාවක් ගෙනෙන යුද්ධයක්!”

“යුද්ධවලට නිමාවක් ගෙනෙන යුද්ධයක්!”

‘මින් ඉදිරියට කවදාවත් යුද්ධ ඇති වෙන්නේ නැහැ කියලා මම පොරොන්දු වෙනවා. මේක තමයි යුද්ධවල අවසානය.’—එක්සත් ජනපදයේ ජනාධිපති වූඩ්‍රෝ විල්සන් (1913-21).

ලෝක පාලකයෙක් එම වදන් පැවසුවේ මීට වසර 90කට පමණ පෙර පළමුවන ලෝක මහා යුද්ධය අවසන් වෙනවාත් සමඟමයි. යුද්ධයෙන් ජය ගත් අය බොහෝ කැපවීම් කළේ අනාගතයේදී හොඳ ප්‍රතිඵල ලබාගැනීමේ අරමුණ ඇතුවයි. නමුත් ප්‍රශ්න සම්පූර්ණයෙන්ම විසඳන්න කිසිම යුද්ධයකට හැකි වී නැහැ.

ජනාධිපති වූඩ්‍රෝ එය පවසා වසර 20ක් පමණ ගත වූ පසු දෙවන ලෝක මහා යුද්ධය ඇරඹුණා. දියුණු තාක්ෂණික ක්‍රම යොදාගැනීම නිසා පළමුවන ලෝක මහා යුද්ධයට වඩා මෙම යුද්ධයෙන් විශාල විනාශයක් සිදු වූ අතර මිනිස් ජීවිත ගණනාවක්ම නැති වුණා. එම යුද්ධයෙන් පසුව ලෝක පාලකයන් තේරුම්ගත්තේ ඉදිරියේදී තව තවත් යුද්ධ ඇති විය හැකි බවයි.

එක්සත් ජනපදයේ ජෙනරාල් ඩග්ලස් මැක්ආත 1945දී පැවසුවේ මෙයයි. “අපිට තියෙන අන්තිම අවස්ථාව මේකයි. යුද්ධ නවත්වන්න මීට වඩා හොඳ ක්‍රමයක් හොයාගත්තේ නැත්නම් අපි දන්නෙම නැතුව හර්–මගෙදොන් යුද්ධය එයි.”

දෙවන ලෝක මහා යුද්ධය නිම වෙන්න ආසන්නයේදී න්‍යෂ්ටික බෝම්බ දෙකකින් හිරෝෂිමා සහ නාගසාකි නගර දෙකට මොන තරම් විනාශයක් වුණාද කියා එම ජෙනරාල්වරයා දැනගෙන හිටියා. ඒ නගර දෙකට සිදු වූ මහත් විනාශයෙන් පසු මුළු පොළොවම විනාශ කර දමන න්‍යෂ්ටික යුද්ධයක් ඇති වේවිද කියා මිනිසුන් තුළ බියක් ඇති වුණා.

එම භය අදටත් මිනිසුන් තුළ තිබෙනවා. ලොව සුපිරි බලවතුන් 1960 ගණන්වලදී ‘විනාශයක් ගෙන ඒමට’ තවත් ක්‍රමයක් අත්හදා බැලුවා. ඔවුන්ගේ ඉලක්කය වුණේ සතුරු රාජ්‍යයේ සිවිල් වැසියන්ගෙන් සියයට 25ක් සහ ඔවුන්ගේ කර්මාන්ත ශාලාවලින් සියයට 50ක් විනාශ කිරීමට ප්‍රමාණවත් මිසයිල තමන් ළඟ තබගැනීම සහ නිසි වෙලාවේදී ප්‍රහාර එල්ල කිරීමයි. යුද්ධය මගින් ලොවට සාමය ගෙන ඒම සඳහා සොයාගත් එම ක්‍රමයට වැඩිදෙනෙක් කැමති වුණේ නැහැ.

න්‍යෂ්ටික අවි වැඩි වැඩියෙන් නිපදවීම නිසා ගණන් කළ නොහැකි මිනිසුන් සංඛ්‍යාවක් මිය යනවා. යුද්ධ කෙළවර වෙනවාට මිනිසුන් කැමැත්තක් දැක්වුවත් යුද්ධ නැවැත්වීමට යොදාගන්නා ක්‍රම සාර්ථක වෙයි කියා සමහරු සිතන්නේ නැහැ.

කොහොමවුණත් සියලුම යුද්ධවලට නිමාවක් ගෙනෙන යුද්ධයක් ගැන බයිබලයේ විස්තර කරනවා. එය හඳුන්වන්නේ “හර්–මගෙදොන්” යන නමින්. යුද්ධවලට නිමාවක් ගෙනෙන්න මෙම යුද්ධයට හැකි වන්නේ කෙසේද? ඊළඟ ලිපියේ එයට පිළිතුරු සපයා තිබෙනවා.

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

DTRA Photo

[4වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Nagasaki, Japan, 1945: USAF photo