Skip to content

පටුනට යන්න

බලවත් ක්‍රියා මගින් යේසුස් මිනිසුන්ට උපකාර කරයි

බලවත් ක්‍රියා මගින් යේසුස් මිනිසුන්ට උපකාර කරයි

යොවුන් ඔබට

බලවත් ක්‍රියා මගින් යේසුස් මිනිසුන්ට උපකාර කරයි

මඟ පෙන්වීම්: නිස්කලංක තැනක් තෝරාගන්න. බයිබල් කොටස කියවා ඔබත් ඒ සිද්ධියේ සිටිනවා කියා සිතින් මවාගන්න. ඔවුන්ට හැඟුණු ආකාරය තේරුම්ගැනීමට උත්සාහ කරමින් ඔවුන් කියන දේවලට හොඳින් අවධානය දෙන්න.

සිතින් මවාගන්න.මතෙව් 15:21-28 දක්වා කියවන්න.

ඔබ හිතන විදිහට ඇගේ මවට මොන වගේ හැඟීම් ඇති වෙන්න ඇද්ද?

․․․․․

මතු දැක්වෙන පදවල තිබෙන අදහස යේසුස් ප්‍රකාශ කළේ මොන වගේ ස්වරයකින්ද?

24 ․․․․․ 26 ․․․․․ 28 ․․․․․

තවත් ගැඹුරට සිතන්න.

තමා කළ කී දේවලින් ඇගේ දියණියව සුව කිරීමට අදහස් නොකරන බව යේසුස් කී වරක් ඇඟෙව්වාද?

․․․․․

යේසුස් ඇගේ දියණියව එක විටම සුව නොකළේ ඇයි?

․․․․․

නමුත් ඇයව සුව කිරීමට යේසුස් තීරණය කළේ ඇයි?

․․․․․

අදාළ කරගන්න. ඉගෙනගත් දේ පහත ලියන්න.

යේසුස්ගේ සාධාරණකම.

․․․․․

අන් අය සමඟ කටයුතු කිරීමේදී ඔබටත් එම ගුණාංගය විදහා පෑ හැක්කේ කෙසේද?

․․․․․

සිතින් මවාගන්න.මාක් 8:22-25 දක්වා කියවන්න.

මේ සිද්ධියේදී ගමේ සහ ගමෙන් පිටත දකින්න සහ අසන්න ලැබුණේ මොන වගේ දර්ශන හා හඬවල්ද?

․․․․․

තවත් ගැඹුරට සිතන්න.

අන්ධ මිනිසාව සුව කිරීම සඳහා යේසුස් ඔහුව ගමෙන් පිටතට ගෙන යන්න ඇත්තේ ඇයි?

․․․․․

අදාළ කරගන්න. ඉගෙනගත් දේ පහත ලියන්න.

යේසුස් කවදාවත් ආබාධිත තත්වයක් අද්දැක නොතිබුණත් ඔහුට ආබාධිතයන් ගැන හැඟුණු ආකාරය.

․․․․․

සලකා බැලූ කොටස් දෙකෙන් ඔබේ සිතට වැඩියෙන්ම කාවැදුණේ කුමන දේවල්ද? ඒ ඇයි?

․․․․․