Skip to content

පටුනට යන්න

විශ්වාස කරන්න දකින්නම ඕනෙද?

විශ්වාස කරන්න දකින්නම ඕනෙද?

විශ්වාස කරන්න දකින්නම ඕනෙද?

“අඥේයවාදියෙක් සිතන්නේ ක්‍රිස්තියානි ආගම් හා වෙනත් ආගම්වල උගන්වන පරිදි දෙවි ගැනවත් මිනිසුන්ගේ අනාගතය ගැනවත් දැනගැනීමට බැහැ කියායි.”—දර්ශනවාදියෙක් වූ බර්ට්‍රන්ඩ් රසල්, 1953.

“අඥේයවාදියා” [දෙවි කෙනෙකු ඇද්දැයි සැක කරන්නා] යන වචනය හඳුන්වා දුන්නේ සත්ව විද්‍යාඥයෙක් වූ තෝමස් හක්ස්ලි විසිනුයි. වර්ෂ 1825දී උපත ලැබූ ඔහු පරිණාමවාදය ගැන ඉගැන්වූ චාල්ස් ඩාවින්ගේ සමකාලීනයෙක් වූ අතර පරිණාමවාදය තදින්ම පිළිගත්තා. “ක්‍රිස්තියානි ආගමේ උගන්වන ආකාරයට අපි ගැන සැලකිලිමත්, අපට ප්‍රේම කරන” දෙවි කෙනෙක් සිටින බවට සාක්ෂි නැහැ කියා 1863දී ඔහු සඳහන් කළා.

අද සිටින බොහෝදෙනාත් විශ්වාස කරන්නේ දකින දේ පමණයි. සාක්ෂි නොමැතිව යම් දෙයක් හෝ යම් කෙනෙකු කෙරෙහි විශ්වාසය තැබීම අන්ධ විශ්වාසයක් කියා ඔවුන් පවසනවා.

දෙවි කෙරෙහි අන්ධ විශ්වාසයක් තබාගත යුතු බව බයිබලයේ පවසනවාද? නැහැ. එහි සඳහන් වන පරිදි සාක්ෂි නොමැතිව යම් දෙයක් විශ්වාස කිරීම අඥාන ක්‍රියාවක්. එනිසයි “අද්දැකීම් අඩු තැනැත්තා, කියන ඕනෑම දෙයක් විශ්වාස කරයි. නමුත් නුවණැත්තා තමා ගත යුතු පියවර ගැන කල්පනාකාරී වෙයි” කියා බයිබලයේ සඳහන් වෙන්නේ.—හිතෝපදේශ 14:15, නව ලොව පරිවර්තනය.

අපට ප්‍රේම කරන අප ගැන සැලකිලිමත් දෙවි කෙනෙක් සිටින බවට සාක්ෂි තිබෙනවාද?

දෙවිගේ ගතිලක්ෂණ

බයිබල් ලේඛකයෙක් වූ පාවුල් ඇතන්ස් නගරයේදී ප්‍රශ්න කළ උගතුන්ට පැවසුවේ දෙවි “ලෝකයත් එහි තිබෙන සියල්ලත් සෑදුවා” කියායි. එමෙන්ම දෙවි මිනිසුන් ගැන සැලකිලිමත් වෙනවා පමණක් නොව “අප එකිනෙකාට නුදුරුව” සිටින බවත් ඔවුන්ට පැහැදිලි කළා.—ක්‍රියා 17:24-27.

සැලකිලිමත් දෙවි කෙනෙක් ගැන පාවුල්ට එතරම් විශ්වාසයක් තිබුණේ ඇයි? රෝමයේ ක්‍රිස්තියානීන්ට ලියද්දී පාවුල් පැවසුවේ ‘දෙවිගේ ගුණාංග, එනම් ඔහුගේ සදාකාලික වූ බලය සහ දෙවිකම ලෝකය මැවීමේ පටන් පැහැදිලිව පෙනෙනවා’ කියායි.—රෝම 1:20.

ඊළඟ ලිපි තුනේදෙවිගේ නිර්මාණ තුළින් පිළිබිඹු වන ඔහුගේ ගතිලක්ෂණ තුනක් ගැන සාකච්ඡා කරනවා. ඒවා කියවද්දී ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘දෙවිගේ මෙම ගතිලක්ෂණ ගැන අධ්‍යයනය කිරීමෙන් මම ප්‍රයෝජන ලබන්නේ කෙසේද?’

[3වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෙවි කෙරෙහි අන්ධ විශ්වාසයක් තබාගත යුතු බව බයිබලයේ පවසනවාද?