Skip to content

පටුනට යන්න

යේසුස් කී දේවල් ඇසීමෙන් ඔවුන් පුදුම වුණා

යේසුස් කී දේවල් ඇසීමෙන් ඔවුන් පුදුම වුණා

යොවුන් ඔබට

යේසුස් කී දේවල් ඇසීමෙන් ඔවුන් පුදුම වුණා

මඟ පෙන්වීම්: නිස්කලංක තැනක් තෝරාගන්න. බයිබල් කොටස කියවා ඔබත් ඒ සිද්ධියේ සිටිනවා කියා සිතින් මවාගන්න. ඔවුන්ට හැඟුණු ආකාරය තේරුම්ගැනීමට උත්සාහ කරමින් ඔවුන් කියන දේවලට හොඳින් අවධානය දෙන්න.

සිතින් මවාගන්න.ලූක් 2:41-47 දක්වා කියවන්න.

හතළිස්හයවන ඡේදයේ සඳහන් වන ආකාරයට ඔවුන් සාකච්ඡා කරමින් සිටින්න ඇත්තේ කුමන කාරණා ගැනද?

․․․․․

තවත් ගැඹුරට සිතන්න.

යේසුස් කුඩා අවදියේ පසු වූවත් ඔහුට ආගමික නායකයන් සමඟ සාකච්ඡා කිරීමට හැකි වූයේ ඇයි? ඊට හේතුව යේසුස් කිසිම පාපයක් උරුම කර නොගත් පරිපූර්ණ කෙනෙක් වීමද, නැත්නම් ඊට බලපෑ වෙනත් හේතුවක් තිබුණාද?

․․․․․

සිතින් මවාගන්න.ලූක් 2:48-52 දක්වා කියවන්න.

“මාව සෙව්වේ ඇයි” කියා යේසුස් ඇසුවේ කුමන අදහසකින් විය හැකිද?

․․․․․

යේසුස් තම දෙමාපියන්ට අගෞරවනීය ලෙස කතා නොකළ බව අපිට සහතික විය හැක්කේ ඇයි?

․․․․․

තවත් ගැඹුරට සිතන්න.

යෝසෙප්ට සහ මරියාට මානසික පීඩනයක් ඇති වුණේ ඇයි?

․․․․․

යේසුස් පරිපූර්ණ කෙනෙක් වුණත් තම දෙමාපියන්ට කීකරුව සිටිය යුතු වුණේ ඇයි?

․․․․․

වෙනත් අය ඉදිරියේ යේසුස්ගේ දෙමාපියන් තමන්ගෙන් ප්‍රශ්න කිරීම ගැන ඔහුට ලැජ්ජාවක් දැනෙන්න ඇද්ද?

․․․․․

අදාළ කරගන්න.—ඉගෙනගත් දේ පහත ලියන්න.

කීකරුකම.

․․․․․

කුඩා අවදියේ සිටම බයිබලය අධ්‍යයනය කිරීමේ ඇති වටිනාකම.

․․․․․

සලකා බැලූ කොටසින් ඔබේ සිතට වැඩියෙන්ම කාවැදුණේ කුමන දේවල්ද? ඒ ඇයි?

․․․․․