Skip to content

පටුනට යන්න

සම් භාජනයක කඳුළු

සම් භාජනයක කඳුළු

සම් භාජනයක කඳුළු

ඊශ්‍රායෙලයේ අනාගත රජු වීමට සිටි දාවිත්ට දුක් කරදර රාශියකට මුහුණ දෙන්න සිදු වූ නිසා ඔහු තැනින් තැනට පලා ගියා. එම අවස්ථාවේදී ඔහු හැඬූ කඳුළින් යුක්තව යෙහෝවා දෙවිට පැවසුවේ “මාගේ කඳුළු ඔබේ සම් භාජනයේ තබාගන්න” කියායි. (ගීතාවලිය 56:8, නව ලොව පරිවර්තනය, NW) මෙහිදී දාවිත් සඳහන් කළ සම් භාජනය කුමක්ද? එවැනි භාජනයක දෙවි කඳුළු රැස් කරන්නේ කෙසේද?

සම් භාජන දාවිත්ට හොඳින් හුරු පුරුදු දෙයක්. මෙම භාජන භාවිත කළේ වතුර, වයින්, තෙල් සහ බටර් වැනි දෑ රැස් කිරීමටයි. අදටත් සහරා කාන්තාරයේ ජීවත් වන ටුවාරෙග්වරුන් මෙම සම් භාජන භාවිත කරනවා. එම සම් භාජන සාදා තිබෙන්නේ එළුවන්ගේ හෝ බැටළුවන්ගේ සම්පූර්ණ සම යොදාගෙනයි. සම් භාජනයකට කොතරම් ජල ප්‍රමාණයක් දැමිය හැකිද කියා තීරණය වන්නේ භාජනයේ ප්‍රමාණය අනුවයි. දැඩි උෂ්ණත්වයක් පවතින කාන්තාරවල පවා ජලය සිසිල්ව තබාගැනීමට සම් භාජන උපකාරවත් වුණා. අතීතයේදී මෙම සම් භාජන ගෙන ගියේ ඔටුවන් හා බූරුවන් පිටයි.

සම් භාජන සම්බන්ධයෙන් දාවිත් පැවසූ දෙයින් අපට ඇති වැදගත්කම කුමක්ද? ශුද්ධ බයිබලයේ පෙන්නුම් කරන ආකාරයට අද මේ පොළොව පාලනය කරන්නේ “මහත් කෝපයෙන්” සිටින සාතන් නමැති යක්ෂයායි. ඒ නිසා මුළු ලෝකයේම සිටින අය දුක් කරදරවලට මුහුණ දෙනවා. (එළිදරව් 12:12) විශේෂයෙන්ම දෙවිට සේවය කරන අය මානසිකවත් ශාරීරිකවත් පීඩා විඳින්නේ එම හේතුව නිසයි. දෙවිට විශ්වාසවන්තව සිටීමේදී ඔවුන්ට ‘කඳුළු සලන්න’ සිදු වුණත් ඔවුන් කිසිම දිනක යෙහෝවා දෙවිට දක්වන පක්ෂපාතකම අත්හරින්නේ නැහැ. (ගීතාවලිය 126:6NW) තම සේවකයන් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන විට අද්දකින වේදනාව යෙහෝවා දෙවි තේරුම්ගන්නවා. ඔවුන් මුහුණ දෙන දුක් කරදර සහ ඔවුන් හෙළන කඳුළු දෙවි මතක තබාගන්නවා. එය හරියට දෙවි ඒ කඳුළු සියල්ලම සම් භාජනයක රැස් කර තබාගන්නවා හා සමානයි.