Skip to content

පටුනට යන්න

ලාසරුස්ට නැවත ජීවිතය ලැබෙයි

ලාසරුස්ට නැවත ජීවිතය ලැබෙයි

යොවුන් ඔබට

ලාසරුස්ට නැවත ජීවිතය ලැබෙයි

මඟ පෙන්වීම්: නිස්කලංක තැනක් තෝරාගන්න. බයිබල් කොටස කියවා ඔබත් ඒ සිද්ධියේ සිටිනවා කියා සිතින් මවාගන්න. ඔවුන්ට හැඟුණු ආකාරය තේරුම්ගැනීමට උත්සාහ කරමින් ඔවුන් කියන දේවලට හොඳින් අවධානය දෙන්න.

සිතින් මවාගන්න.—යොහන් 11:1-45 දක්වා කියවන්න.

යොහන් 11:21 සහ 32හි පෙන්නුම් කරන ආකාරයට මාර්තාට හා මරියාට ඇති වුණු හැඟීම් ඔබ විස්තර කරන්නේ කෙසේද?

․․․․․

යොහන් 11:33 සහ 35හි සඳහන් ආකාරයට යේසුස් තම හැඟීම් ප්‍රකාශ කළේ කෙසේද?

․․․․․

යොහන් 11:43, 44හි සඳහන් වන ආකාරයට ලාසරුස්ට නැවත ජීවිතය ලැබුණු විට ඔහුට ඇති වුණු හැඟීම් සහ එම සිද්ධිය සියැසින් දුටු අයට එය බලපෑ ආකාරය සිතින් මවාගන්න ඔබට හැකිද?

තවත් ගැඹුරට සිතන්න.

යේසුස්ට ඔහු සිටි ස්ථානයේ සිට බෙතානියට පැමිණීමට දින දෙකක් පමණ ගත වෙනවා. නමුත් යේසුස් තවත් දින දෙකක් ප්‍රමාද වී පැමිණියේ ඇයි? (යොහන් 11:6 නැවත කියවන්න.)

․․․․․

මරියාට සහ මාර්තාට දෙවිගේ ඉගැන්වීම් කෙරෙහි උනන්දුවක් තිබුණු බව බයිබලයේපෙන්නුම් කරන්නේ කෙසේද? (ලූක් 10:38, 39; යොහන් 11:24)

․․․․․

මිය ගිය අයට ජීවිතය ලබා දුන්නත් ඔවුන් නැවතත් මිය යන බව යේසුස් දැන සිටියා. එසේනම් යේසුස් මළවුන්ට ජීවිතය ලබා දුන්නේ ඇයි? (මාක් 1:41, 42; යොහන් 5:28, 29; 11:45)

․․․․․

අදාළ කරගන්න. ඉගෙනගත් දේ පහත ලියන්න.

මිය ගිය අයට නැවත ජීවිතය ලබා දෙන්න යේසුස් දැක්වූ කැමැත්ත සහ හැකියාව.

․․․․․

වියෝ දුකෙන් පෙළෙන අය ගැන යේසුස්ට දැනුණු අණුකම්පාව.

․․․․․

අනාගතයේදී මළවුන්ට නැවත ජීවිතය ලැබෙද්දී ඔබ ආශාවෙන් බලා සිටින්නේ කාව හමු වන්නද?

․․․․․

මේ කොටසින් ඔබේ සිතට වැඩියෙන්ම කාවැදුණේ කුමක්ද? ඒ ඇයි?

․․․․․