දෙවිගේ පොරොන්දු විශ්වාස කළ කෙනෙක්
යොවුන් ඔබට
දෙවිගේ පොරොන්දු විශ්වාස කළ කෙනෙක්
මඟ පෙන්වීම්: නිස්කලංක තැනක් තෝරාගන්න. බයිබල් කොටස කියවා ඔබත් ඒ සිද්ධියේ සිටිනවා කියා සිතින් මවාගන්න. ඔවුන්ට හැඟුණු ආකාරය තේරුම්ගැනීමට උත්සාහ කරමින් ඔවුන් කියන දේවලට හොඳින් අවධානය දෙන්න.
සිතින් මවාගන්න.—උත්පත්ති 12:1-4; 18:1-15; 21:1-5; 22:15-18 දක්වා කියවන්න.
සියලුම මිනිසුන්ට ආශීර්වාද ලබා දීමට නියමිත තැනැත්තා [වංශය] ආබ්රහම්ගේ පෙළපතින් පැමිණෙන බව දෙවි පැවසූ විට ආබ්රහම්ට කෙසේ හැඟෙන්න ඇද්ද?
․․․․․
උත්පත්ති 18:2හි සඳහන් ආකාරයට ආබ්රහම්ගේ නිවසට පැමිණි අමුත්තන් තිදෙනාගේ පෙනුම ඔබ විස්තර කරන්නේ කෙසේද?
․․․․․
උත්පත්ති 18:6-8 දක්වා සඳහන් පරිදි වයස අවුරුදු 99ක්ව සිටි ආබ්රහම් ඒ අවස්ථාවේදී කටයුතු කළ ආකාරය ඔබ විස්තර කරන්නේ කෙසේද?
․․․․․
තවත් ගැඹුරට සිතන්න.
ආබ්රහම්ට දරුවෙක් ලැබෙන බවට යෙහෝවා දෙවි දුන් පොරොන්දුව ඉටු වීමට කොතරම් කාලයක් ගත වුණාද? (උත්පත්ති 12:4 සහ 21:5 නැවත කියවන්න.)
․․․․․
දෙවි දී තිබූ පොරොන්දුව ඉටු වීමට කාලයක් ගත වුණත් එය අනිවාර්යයෙන්ම ඉටු වන බවට දෙවි, ආබ්රහම් තුළ විශ්වාසයක් ඇති කළේ කෙසේද? (උත්පත්ති 12:7; 13:14-17; 15:1-5, 12-21; 17:1, 2, 7, 8, 15, 16 කියවන්න.)
․․․․․
තමාට දරුවෙක් ලැබෙන බව ආබ්රහම් සැක කළ විට දෙවි ඔහු වෙනුවෙන් කළේ කුමක්ද? (උත්පත්ති 15:3-5, 12-21 නැවත කියවන්න.)
․․․․․
පැමිණීමට නියමිත තැනැත්තා [වංශය] ගැන දෙවි ක්රමානුකූලව තොරතුරු හෙළි කළේ කෙසේද?
․․․․․
අදාළ කරගන්න.—ඉගෙනගත් දේ පහත ලියන්න.
දෙවි දී තිබෙන පොරොන්දු කෙරෙහි විශ්වාසය තැබීමේ ඇති වැදගත්කම.
․․․․․
දෙවි තම අරමුණු ක්රමානුකූලව හෙළි කරන ආකාරය.
․․․․․
සලකා බැලූ කොටසින් ඔබේ සිතට වැඩියෙන්ම කාවැදුණේ කුමන දේවල්ද? ඒ ඇයි?
․․․․․