Skip to content

පටුනට යන්න

පෙන්තකොස්ත දිනයේදී ආශ්චර්යයක්

පෙන්තකොස්ත දිනයේදී ආශ්චර්යයක්

යොවුන් ඔබට

පෙන්තකොස්ත දිනයේදී ආශ්චර්යයක්

මඟ පෙන්වීම්: නිස්කලංක තැනක් තෝරාගන්න. බයිබල් කොටස කියවා ඔබත් එහි සිටිනවා කියා සිතින් මවාගන්න. ඔවුන්ට හැඟුණු ආකාරය තේරුම්ගැනීමට උත්සාහ කරමින් ඔවුන් කියන දේවලට හොඳින් අවධානය දෙන්න.

සිතින් මවාගන්න.ක්‍රියා 2:1-21, 38-41 දක්වා කියවන්න.

“සුළඟක් හමන්නා සේ ඇති වූ ශබ්දය” සහ “ගිනිදලු බෙදී ගොස් සෑම කෙනෙකුගේම හිසට ඉහළින්” දැල් වුණු ආකාරය ගැන සඳහන් බයිබල් පද කියවන විට ඔබට හැඟුණේ කුමක්ද?

․․․․․

ගෝලයන් වෙනත් භාෂාවලින් කතා කරන විට අනිකුත් මිනිසුන් කුමක් පවසන්න ඇද්ද?

․․․․․

ක්‍රියා 2:13හි සඳහන් වන ආකාරයට සමච්චල් කළ අය කටයුතු කරන්න ඇත්තේ කෙසේද?

․․․․․

තවත් ගැඹුරට සිතන්න.

පෙන්තකොස්ත දිනයේදී සිදු වූයේ කුමක්ද? එය පැමිණ සිටි අයට කෙසේ බලපාන්න ඇද්ද? (ද්විතීය කතාව 16:10-12)

․․․․․

පැමිණ සිටි අයට පේතෘස් ගෞරවනීයව ආමන්ත්‍රණය කළේ කෙසේද? ඔහු තම කතාවට පසුබිම සකසාගත්තේ කෙසේද? (ක්‍රියා 2:29)

․․․․․

කලින් අවස්ථාවකදී පේතෘස් භයෙන් කටයුතු කළත් මේ අවස්ථාවේදී ඔහු නිර්භීතව කටයුතු කළේ කෙසේද? (මතෙව් 26:69-75)

․․․․․

අදාළ කරගන්න. ඉගෙනගත් දේ පහත ලියන්න.

පොදු විෂයක් යොදාගෙන ගෞරවාන්විත ආකාරයෙන් බයිබලයේ සඳහන් දේවල් මිනිසුන්ට කියා දීම.

․․․․․

බියක් සහ ලැජ්ජාවක් තිබුණත් යෙහෝවා දෙවි ගැන නිර්භීතව සාක්ෂි දැරීම.

․․․․․

මේ කොටසින් ඔබේ සිතට වැඩියෙන්ම කාවැදුණේ කුමක්ද? ඒ ඇයි?

․․․․․

වැඩි විස්තර දැනගැනීම සඳහා 1996 සැප්තැම්බර් 15 මුරටැඹ සඟරාවේ 8 සහ 9 පිටු බලන්න.