අලුත් අවුරුදු චාරිත්‍ර ක්‍රිස්තියානීන්ට සුදුසුද?
අලුත් අවුරුදු චාරිත්‍ර ක්‍රිස්තියානීන්ට සුදුසුද?
සෑම වසරකම ජනවාරි සහ පෙබරවාරි මාසවලදී විදේශ ගත වී සිටින ආසියානුවන් නැවතත් සිය මව් රට බලා පැමිණෙනවා. ඔවුන් එසේ පැමිණෙන්නේ ඇයි? ඒ අලුත් අවුරුද්ද සැමරීමටයි.
ආසියානුවන් අලුත් අවුරුද්ද සලකන්නේ ඔවුන්ගේ වැදගත්ම උත්සවය ලෙසයි. මේ ලිපියේ විශේෂයෙන්ම සඳහන් වෙන්නේ චීන ජාතිකයන් සමරන අලුත් අවුරුද්ද පිළිබඳවයි. ඔවුන්ගේ අවුරුද්ද උදා වෙන්නේ ජනවාරි 21ත් පෙබරවාරි 20ත් අතර කාලයේදීයි. මේ උත්සවය සහ ඊට සම්බන්ධ චාරිත්‍ර සති දෙකක් පුරා පැවැත්වෙනවා. කෙසේවෙතත් ආසියාවට අයත් අනික් රටවල අලුත් අවුරුද්ද සැමරුවත් ඔවුන්ගේ චාරිත්‍ර රටින් රටට වෙනස්. නමුත් මේ චාරිත්‍ර බොහෝවිට පදනම් වී තිබෙන විශ්වාසයන් එක සමානයි.
අලුත් අවුරුද්ද සැමරීම සඳහා චීන ජාතිකයන් විවිධ දේවල් කරනවා. ඔවුන් තම නිවෙස් පවිත්‍ර කර සරසන අතර අලුත් ඇඳුම් මිල දී ගන්නවා. එමෙන්ම විවිධ කෑම වර්ග පිළියෙල කරන අතර ණය වී තිබෙනවා නම් ඒවා පියවීමටද ඔවුන් අමතක කරන්නේ නැහැ. එපමණක්ද නොව එකිනෙකාට තෑගි බෝග දී සතුට සෞභාග්‍ය පිරි නව වසරකට සුබ පතනවා. මේ අතරවාරයේදී වාසනාව උදා කරගැනීම සඳහා මුදල් දැමූ රතු පාට ලියුම් කවර එකිනෙකාට දෙනු ලබනවා. එමෙන්ම සෑම ගෙදරකම පාහේ රතිඤ්ඤා පත්තු කරනවා. මෙහි තිබෙන තවත් විශේෂත්වයක් වන්නේ මකර නැටුම් සහ සිංහ නැටුම්ද තිබීමයි.
අලුත් අවුරුදු චාරිත්‍රවලට විශාල අර්ථයක් තිබෙනවා. එක් පොතක ඒ පිළිබඳව සඳහන් වුණේ මෙසේයි. “අලුත් අවුරුද්ද සමරන සියලුදෙනාටම එක අරමුණක් තිබෙනවා. ඒ ඔවුන්ගේ දෙවිවරුන්ටත් මිය ගිය අයටත් ගෞරව කරමින් උදා වන නව වසර වාසනාවන්ත එකක් කරගැනීමයි.” අලුත් අවුරුද්දට එවැනි ආගමික විශ්වාසයන් ඇතුළත් වී තිබෙන නිසා ක්‍රිස්තියානීන් ඒවා සැලකිය යුත්තේ කෙසේද? එමෙන්ම අලුත් අවුරුදු චාරිත්‍රවලට ඔවුන්ට හවුල් විය හැකිද?—එම පොත Mooncakes and Hungry Ghosts: Festivals of China.
ගෞරවය හිමි විය යුතු තැනැත්තා
චීන ජාතිකයන් ඇතුළු ආසියානුවන් දෙමාපියන්ට ගෞරව කිරීම සලකන්නේ ඉතාමත් වැදගත් දෙයක් ලෙසයි. ඇත්තෙන්ම දෙමාපියන් කෙරෙහි එවැනි ගෞරවයක් තිබීම වටිනවා. ඒ නිසා අලුත් අවුරුදු චාරිත්‍ර තුළ දෙමාපියන්ට ගෞරව කිරීම කැපී පෙනෙන දෙයක්.
අලුත් අවුරුද්ද උදා වීමට පෙර දින රාත්රියේදී චාරිත්‍රයක් ලෙස පවුලේ සියලුදෙනාම එකට එකතු වී ආහාර වේලක් භුක්ති විඳිනවා. එය විශේෂ දෙයක් නිසා කිසිම කෙනෙක් මේ අවස්ථාව අතපසු කරන්නේ නැහැ. මෙහිදී පවුලේ සියලුදෙනාටම ආසන වෙන් කර තිබෙන අතර මෑතකදී මිය ගිය පවුලේ සාමාජිකයන් වෙනුවෙන්ද ආසන වෙන් කර තිබෙනවා. ඔවුන් එසේ කරන්නේ මිය ගිය අයගේ ආත්මද භෝජන සංග්‍රහයට සහභාගි වෙනවා කියා ඔවුන් විශ්වාස කරන නිසයි. එක් විශ්වකෝෂයක සඳහන් වුණේ ඒ අවස්ථාවේදී “පවුලේ අය මිය ගිය අය සමඟ කතා කරන” බවයි. එමෙන්ම “මිය ගිය අයව භෝජන සංග්‍රහයට හවුල් කරගන්නේ උදා වන නව වසර පුරාම ඔවුන් තම පවුලේ අයව ආරක්ෂා කරයි යන
බලාපොරොත්තුව ඇතුව” බව එක් පොතක සඳහන් වුණා. කෙසේවෙතත් මිය ගිය අය සම්බන්ධයෙන් කරන මෙවැනි චාරිත්‍ර ක්‍රිස්තියානීන් සැලකිය යුත්තේ කෙසේද?දෙමාපියන්ට ගෞරව කිරීම සැබෑ ක්‍රිස්තියානීන්ද සලකන්නේ ඉතා වැදගත් දෙයක් ලෙසයි. එමනිසා ඔවුන් බයිබලයේ සඳහන් මේ උපදෙස අදාළ කරගැනීමට පියවර ගන්නවා. “ඔබව ජාතක කළ ඔබේ පියාට ඇහුම්කන් දෙන්න. ඔබේ මව මහලුව සිටින නිසාම ඇයව සුළු කොට නොතකන්න.” (හිතෝපදේශ 23:22, නව ලොව පරිවර්තනය, NW) එමෙන්ම ඔවුන් බයිබලයේ සඳහන් මේ වදන්ද අදාළ කරගන්නවා. “පොරොන්දුවක් ඇති පළමුවන ආඥාව මෙයයි. ‘ඔබේ පියාට සහ මවට ගෞරව කරන්න.’ එසේ කිරීමෙන්, ‘ඔබට ශුභසිද්ධ වනු ඇත. ඔබ පොළොවෙහිදී බොහෝ කල් ජීවත් වනු ඇත.’” (එෆීස 6:2, 3) ඇත්තෙන්ම සැබෑ ක්‍රිස්තියානීන්ද තමන්ගේ දෙමාපියන්ට ප්‍රේම කරමින් ඔවුන්ට ගෞරව කරනවා.
පවුලක් වශයෙන් එකට එකතු වී සතුටින් ආහාර භුක්ති විඳීම බයිබලයේ අගය කර තිබුණත් මායා බලයෙන් දේවල් කරන්නවත් ශාස්ත්‍ර බලන කෙනෙකුගේ උපකාර ලබන්නවත් මළවුන්ගෙන් තොරතුරු විචාරන්නවත් එපා කියා එහි උපදෙස් දී වෙනවා. (ද්විතීය කතාව 18:10, 11; යෝබ් 1:4; ලූක් 15:22-24) බයිබලයේ එසේ සඳහන් කර තිබෙන්නේ ඇයි? ඊට හේතුව “ජීවත්ව සිටින අය තමන් කවදා හෝ මිය යන බව දනිති. නමුත් මිය ගිය අය කිසිවක් දන්නේ නැත” කියා එහිම සඳහන් කර තිබීමයි. (දේශනාකාරයා 9:5, 6, 10, NW) එම බයිබල් පදවල පෙන්නුම් කරන ආකාරයට මිය ගිය අයට කිසිම දෙයක් දැනෙන්නේ නැත්නම් ඔවුන් ජීවත්ව සිටින අයට උපකාර කරන්නේ කෙසේද? එමෙන්ම යේසුස්ද මරණය සමාන කළේ තද නින්දකටයි. මිය ගිය අය එම නින්දෙන් අවදි වන්නේ යේසුස් ඔවුන්ට නැවත ජීවිතය ලබා දෙන විටයි.—යොහන් 5:28, 29; 11:11, 14.
බයිබලයේ පෙන්නුම් කර තිබෙන ආකාරයට මිය ගිය අයගේ ආත්ම ලෙස පෙනී සිටින්නේ දුෂ්ට භූතයන්. ඔවුන් එසේ කරන්නේ ඇයි? ඊට හේතුව මිනිසුන්ව රවටා ඔවුන්ව තම ග්‍රහණයට හසු කරගැනීමටයි. (2 තෙසලෝනික 2:9, 10) එමනිසා භූතයන්ව සම්බන්ධ කරගනිමින් කරන දේවලින් වළකින ලෙසට දෙවි අවවාද කර තිබෙනවා. ඒ නිසා සැබෑ ක්‍රිස්තියානීන් යෙහෝවා දෙවිට ප්‍රේම කරන නිසාත් තමන්ගේම ආරක්ෂාව උදෙසාත් භූතයන් හා සම්බන්ධ ක්‍රියාවලින් වැළකී සිටිනවා.—යෙසායා 8:19, 20; 1 කොරින්ති 10:20-22.
‘ස්වර්ගයේ හා පොළොවේ සෑම පවුලකටම නම ලැබී තිබෙන්නේ’ පියාණන්ගෙන් කියා බයිබලයේ සඳහන් වෙනවා. ඒ නිසා එම පියාණන්ව ගෞරවයට පත් කරන්න සැබෑ ක්‍රිස්තියානීන් මහත් උත්සාහයක් දරනවා. (එෆීස 3:14, 15) ඇත්තෙන්ම මේ පියාණන් කවුද? ඔහු අප සියලුදෙනාවම නිර්මාණය කළ යෙහෝවා දෙවියි. (ක්‍රියා 17:26) එමනිසා ක්‍රිස්තියානීන් අලුත් අවුරුදු චාරිත්‍ර පැවැත්වීමට පෙර මෙවැනි ප්‍රශ්න අසාගැනීම ඉතා වැදගත්. යෙහෝවා දෙවි මේ චාරිත්‍ර සලකන්නේ කෙසේද? ඔහු මේවා අනුමත කරනවාද?—1 යොහන් 5:3.
දෙවිවරුන්ට ගෞරව කිරීම
චීන ජාතිකයන්ගේ අලුත් අවුරුදු චාරිත්‍රවලට විවිධ දෙවි දේවතාවුන්ට ගෞරව කිරීමද ඇතුළත් වෙනවා. ඒ දෙවිවරුන් අතර දොරටු පාලක දෙවි, පොළොවට අධිපති දෙවි, රැකවල් දෙවි, වාසනාවේ දෙවි සහ මුළුතැන්ගෙට අධිපති දෙවි වැනි විවිධ දෙවිවරුන් සිටිනවා. උදාහරණයකට ඔවුන් මුළුතැන්ගෙට අධිපති දෙවි වෙනුවෙන් කරන චාරිත්‍ර ගැන සලකා බලන්න. අලුත් අවුරුද්ද උදා වීමට දින කිහිපයකට පෙර මුළුතැන්ගෙට අධිපති දෙවි ස්වර්ගයට ගොස් චීන ජාතිකයන්ගේ ප්‍රධානම දෙවිව හමු වී තමා සිටින නිවසේ පුද්ගලයන් පිළිබඳ වාර්තාවක් එම දෙවිට ලබා දෙනවා කියා ඔවුන් විශ්වාස කරනවා. එමනිසා මුළුතැන්ගෙට අධිපති දෙවි ස්වර්ගයට යෑමට පෙර පවුලේ අය ඔහු වෙනුවෙන් විශේෂ ආහාර සහ පැණි රස කෑම පිළියෙල කරනවා. ඔවුන් එසේ කරන්නේ ස්වර්ගයේ සිටින දෙවිට පවුලේ අය පිළිබඳව හොඳ වාර්තාවක් ලබා දීමට ඔහුව පෙලඹවීම සඳහායි. ඔහු ස්වර්ගයට ගිය පසු නැවත ඔහුව ඉක්මනින් නිවසට ගෙන්වාගැනීම සඳහා ඔහුගේ පින්තූරයක් ගෙන එහි තොල්වලට පැණි රස කෑම තවරා එය පුලුස්සා දමනවා. ඉන්පසු ඔහුගේ අලුත් පින්තූරයක් ගෙන අලුත් අවුරුද්දට පෙර දින මුළුතැන්ගෙයි දුම්කවුළුවේ අලවනවා.
මෙම චාරිත්‍රවල කිසිම වරදක් නැහැ කියා සමහරවිට කෙනෙකුට සිතෙන්න පුළුවන්. නමුත් සැබෑ ක්‍රිස්තියානීන්ට අවශ්‍ය වන්නේ බයිබලයේ සඳහන් උපදෙස්වලට අනුව යෙහෝවා දෙවිට පමණක් නමස්කාර කිරීමටයි. යේසුස්ද ඒ ගැන පැවසුවේ “ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වූ මතෙව් 4:10) යෙහෝවා දෙවි බලාපොරොත්තු වන්නේ අපි ඔහුට පමණක් නමස්කාර කිරීමයි. එය තේරුම්ගැනීමට මේ උදාහරණය ගැන සිතන්න. තමන්ගේ දරුවන් තමාව අමතක කර වෙනත් පියෙකුට ආදරය කරන්න පටන්ගත්තොත් සැබෑ පියාට එය කොතරම් දුකක් ගෙන දෙයිද? යෙහෝවා දෙවි අපි සියලුදෙනාවම නිර්මාණය කර තිබෙන නිසා අපි ඔහුව අමතක කර වෙනත් දෙවි කෙනෙකුට නමස්කාර කිරීමත් ඒ හා සමානයි.
යෙහෝවාටය. පරිශුද්ධ සේවය පිරිනැමිය යුත්තේ ඔහුට පමණය” කියායි. (යේසුස් යෙහෝවා දෙවිව හැඳින්වූයේ “එකම සැබෑ දෙවි” ලෙසයි. එමෙන්ම යෙහෝවා දෙවි පුරාණයේ සිටි ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවේ “මා හැර වෙන කිසි දෙවි කෙනෙකුට ඔබ නමස්කාර නොකළ යුතුයි” කියායි. (නික්මයාම 20:3; යොහන් 17:3) එමනිසා වෙනත් දෙවිවරුන්ට නමස්කාර කිරීමෙන් යෙහෝවා දෙවිව අසතුටු කරන්න සැබෑ ක්‍රිස්තියානීන් කොහෙත්ම උත්සාහ කරන්නේ නැහැ.—1 කොරින්ති 8:4-6.
ජ්‍යෝතිඃ ශාස්ත්‍රය හා බැඳි විශ්වාසයන්
චීන රාශි චක්‍රයේ ලග්න දොළහක් තිබෙන අතර ඒ සෑම ලග්නයක්ම යම් සතෙකුගෙන් නියෝජනය වෙනවා. ඒ සතුන් අතර මකරා, කොටියා, වඳුරා සහ හාවා වැනි විවිධ සතුන් සිටිනවා. උදා වන සෑම අලුත් අවුරුද්දක්ම හඳුන්වනු ලබන්නේ ඒ සතුන් දොළොස්දෙනාගෙන් එක් සතෙකුගේ නමින්. මිනිසුන්ගේ හැසිරීම සහ පෞද්ගලිකත්වය තීරණය වන්නේ ඔවුන් උපදින වසරට අදාළ සත්වයා අනුව බවත් ඇතැම් ක්‍රියාකාරකම් සඳහා එම වසර සුබද අසුබද කියා තීරණය වන්නේ එම සත්වයාගෙන් බවත් ඔවුන් විශ්වාස කරනවා. ඉන් පැහැදිලි වන්නේ චීන අලුත් අවුරුද්ද ජ්‍යෝතිඃ ශාස්ත්‍රයට සම්බන්ධ බවයි. මීට අමතරව වාසනාව උදා කරගැනීම සඳහා වාසනාවේ දෙවිට ගෞරව කිරීම ඇතුළු විවිධ චාරිත්‍ර වාරිත්රද අලුත් අවුරුදු සමයේ සුලබව සිදු වෙනවා.
‘ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ගෙන්, තාරකා බලන්නන්ගෙන් සහ අමාවක දවස් බලන්නන්ගෙන්’ උපදෙස් පතන අයව දෙවි හෙළාදකින බව බයිබලයේ සඳහන් වෙනවා. එමෙන්ම “වාසනාවේ දෙවියන්ට” සහ “ඉරණමේ දෙවියන්ට” පුද පූජා පවත්වන අයවත් යෙහෝවා දෙවි හෙළාදකිනවා. (යෙසායා 47:13; 65:11, 12) සැබෑ ක්‍රිස්තියානීන් මායා බලයෙන් කරන දේවල් කෙරෙහි හෝ ජ්‍යෝතිඃ ශාස්ත්‍රය කෙරෙහි විශ්වාසය තබන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් බයිබලයේ සඳහන් මේ උපදෙසට එකඟව කටයුතු කරනවා. “ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න. ඔබේ ජීවන ගමනේදී ඔබ තබන සෑම පියවරකදීම දෙවිව සිහි කරන්න. එවිට ඔහු ඔබ යා යුතු හරි මඟ පෙන්වා දී ඔබේ දිවිය සාර්ථක කර දෙනු ඇත.” (හිතෝපදේශ 3:5, 6, NW) මිනිසුන් පදනමක් නැති චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කිරීම නිසා මහත් පීඩනයකට ලක් වෙනවා. නමුත් ඔවුන්ව එයින් ගලවාගන්න බයිබලයේ සඳහන් සත්‍යයට හැකියි.—යොහන් 8:32.
දෙවිට ප්‍රේම කරන්න
අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍රවලින් අදහස් වන දේ දැනගැනීමෙන් පසුව තවදුරටත් එය සමරනවාද නැද්ද කියා තීරණය කළ යුත්තේ ඔබයි. නමුත් ඒ තීරණය ගැනීම එතරම් පහසු දෙයක් නොවන්න පුළුවන්. සමහරවිට ඔබ ජීවත් වන ප්‍රදේශයේ අය හෝ ඔබේ පවුලේ අය අලුත් අවුරුද්ද සැමරීම ඉතා වැදගත් කොට සලකනවා ඇති. එසේනම් ඔබට එම තීරණය ගැනීම අභියෝගයක් විය හැකියි.
එම තත්වයට හොඳින් මුහුණ දී හරි තීරණය ගැනීම සඳහා අධිෂ්ඨාන ශක්තිය සහ ධෛර්යය අත්‍යවශ්‍යයි. අලුත් අවුරුද්ද සැමරීමෙන් වැළකී සිටීමට තීරණය කළ එක් කාන්තාවක් පැවසූ දේ සලකා බලන්න. “හැමෝම අලුත් අවුරුද්ද සමරන නිසා මම විතරක් ඒක නොකර හිටියොත් මාව කොං වෙයි කියලා මට ලොකු භයක් දැනුණා. ඒ වුණත් යෙහෝවා දෙවි කෙරෙහි මට ලොකු ගෞරවයක් සහ ප්‍රේමයක් තිබුණු නිසා මට ඒ බියෙන් ගොඩ එන්න පුළුවන් වුණා.”—මතෙව් 10:32-38.
ඔබත් යෙහෝවා දෙවිට එලෙස ප්‍රේම කරනවාද? ඔහුට ප්‍රේම කිරීමට ඔබට ඕනෑ තරම් හේතු තිබෙනවා. ඇත්තෙන්ම ඔබට ජීවිතය දී තිබෙන්නේ යෙහෝවා දෙවියි. බයිබලයේද ඒ ගැන මෙසේ සඳහන් වෙනවා. “ජීවිතයේ උල්පත ඔබය. ඔබෙන් ලැබෙන ආලෝකය නිසා ආලෝකය යනු කුමක්ද කියා අපි හඳුනාගන්නෙමු.” (ගීතාවලිය 36:9, NW) අපිට සන්තෝෂවත් ජීවිතයක් ලබා දිය හැක්කේ යෙහෝවා දෙවිට මිස වෙනත් දෙවිවරුන්ට නොවෙයි. (ක්‍රියා 14:17; 17:28) එමනිසා ඔබට මෙතරම් ප්‍රේම කරන යෙහෝවා දෙවිට ඔබත් ප්‍රේම කළ යුතු නැද්ද? ඔබ එසේ කළොත් ඔහු ඔබට ආශීර්වාද කරනවා නිසැකයි.—මාක් 10:29, 30.
[23වන පිටුවේ කොටුව/පින්තූරය]
සැලකිලිමත් බව පෙන්වන්න
ඔබ අලුත් අවුරුද්ද සැමරීමට හවුල් නොවීම පවුලේ අනික් අයගේ දුකට හේතුවක් විය හැකියි. එමෙන්ම ඔබ ඔවුන්ගෙන් ඈත් වී ඇති බවක්ද ඔවුන්ට දැනෙන්න ඉඩ තිබෙනවා. නමුත් පවුලේ බැඳීමට හානි නොවන සේ මේ ගැටලුව විසඳාගත හැකියි. ඒ සම්බන්ධයෙන් ඇතැම් සාක්ෂිකරුවන් කර ඇති දේවල් කිහිපයක් සලකා බලමු.
ජියාන්: “අලුත් අවුරුද්දට කලින් මම නෑදෑයන්ව බලන්න යනවා. එතකොට මම අලුත් අවුරුද්ද සමරන්නේ නැත්තේ ඇයි කියලා ඒගොල්ලන්ගේ හිත රිදෙන්නේ නැති විදිහට පහදලා දෙනවා. මම ඔවුන්ගේ විශ්වාසයන් සුළු කරන්නේත් නැහැ. ඒ අය ප්‍රශ්නයක් ඇහුවොත් බයිබලය පාවිච්චි කරලා උත්තර දෙනවා. ඒ නිසා බයිබලය ගැන කතා කරන්න මට අවස්ථාව ලැබුණා.”
ලී: “මම මගේ සැමියාට කිව්වා මට සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ මම දෙවිට කීකරු වුණොත් විතරයි කියලා. ඒ වගේම නිවාඩුවට ගමට ගියාම එයාගේ පවුලේ අය ඉදිරියේ එයාව අපහසුතාවයට පත් කරන්නේ නැහැ කියලත් කිව්වා. දවසක් එයාගේ ගෙදර ගිය වෙලාවේ පවුලේ අය මුතුන්මිත්තන්ට නමස්කාර කරන චාරිත්‍රයක් පැවැත්වුවා. ඒ වෙලාවේ මගේ සැමියා වෙනත් ප්‍රදේශයක තියෙන සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට මාව එක්කගෙන ගියා. ඇත්තටම ඒ ගැන මට හරි පුදුමයි!”
ෂියා: “පවුලේ අයත් එක්ක අලුත් අවුරුද්ද සමරන්න එකතු වුණේ නැති වුණාට ඒ අයට තියෙන ආදරයේ වෙනසක් නැහැ කියලා මම පැහැදිලි කළා. ඒ වගේම බයිබල් ප්‍රමිති අනුව ජීවත් වුණොත් මට යහපත් පුද්ගලයෙක් වෙන්න පුළුවන් කියලත් කිව්වා. ඒත් එක්කම ප්‍රේමය, තැන්පත්කම සහ අනික් අයගේ හිත රිද්දන්නේ නැතුව වැඩ කරන්නත් මම උත්සාහ කළා. ප්‍රතිඵලයක් හැටියට මගේ පවුලේ අය මගේ ආගමට ගරු කරන්න පටන්ගත්තා. මගේ ස්වාමිපුරුෂයාත් සාක්ෂිකරුවෙක් බවට පත් වුණා.”
මින්: “අවුරුද්දට මම මගේ පවුලේ අයට සුබ පතන්නේ නැත්තේ ඇයි කියලා මම ඒ අයට කාරුණිකව පහදලා දුන්නා. ඒ වගේ ඒගොල්ලන්ට සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම යෙහෝවා දෙවිට නිතරම යාච්ඤා කරනවා කියලත් කිව්වා.”
ෆෝන්ග්: “මම නිතරම මගේ පවුලේ අයව බලන්න යනවා. ඒ නිසා මම ඒ අයට කිව්වා ඒගොල්ලන්ව බලන්න එන්න අලුත් අවුරුද්ද එන කල් ඉන්න ඕනේ නැහැ කියලා. ඒ ගැන මගේ දෙමාපියන් සතුටු වුණා. ඔවුන් ඉස්සර මට විහිළු කළත් දැන් එහෙම කරන්නේ නැහැ. මගේ මල්ලිත් බයිබලය ගැන ඉගෙනගන්න කැමති වුණා.”
[20වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Panorama Stock/age Fotostock