Skip to content

පටුනට යන්න

යේසුස්ගේ ඉගැන්වීම් කොතරම් ප්‍රබලද?

යේසුස්ගේ ඉගැන්වීම් කොතරම් ප්‍රබලද?

යේසුස්ගේ ඉගැන්වීම් කොතරම් ප්‍රබලද?

“කපර්ණවුමෙන් පැමිණි බුද්ධිමත් මිනිසෙකු වූ යේසුස්ගේ ඉගැන්වීම් කොතරම් ප්‍රබලද කියනවා නම් අදටත් ඒවා මිනිසුන්ගේ මතකයේ රැඳී තිබෙනවා.” *ග්‍රේග් ඊස්ටර්බෘක්.

යේසුස්ගේ ඉගැන්වීම් කොතරම් ප්‍රබලද කියනවා නම් ඒ තුළින් මිනිසුන් මහත් සහනයක් අද්දැක තිබෙනවා. එමෙන්ම ඒ ඉගැන්වීම් නිසා මිනිසුන් තමන්ගේ ජීවිත පවා වෙනස් කරගෙන තිබෙනවා. යේසුස්ගේ එක් ප්‍රසිද්ධ දේශනයකින් පසුව ‘සමූහයා ඔහු උගන්වන ආකාරය ගැන මවිත වුණා’ කියා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි.—මතෙව් 7:28.

යේසුස් ඉගැන්වූ සමහර දේවල් අදටත් ලොව වටා සිටින මිනිසුන් අතර ඉතා ජනප්‍රියයි. ඉන් කිහිපයක් සලකා බලමු.

“දෙවිට සේවය කරන අතරම ඔබට මුදල් පසුපස හඹා යන්න බැහැ.”—මතෙව් 6:24.

“අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න.”—මතෙව් 7:12.

“සීසර්ට අයිති දේ සීසර්ට දෙන්න. දෙවිට අයිති දේ දෙවිට දෙන්න.”—මතෙව් 22:21.

“ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා.”—ක්‍රියා 20:35.

යේසුස්ගේ ඉගැන්වීම් එතරම් ප්‍රබලයි කියා පැවසීමට එක් හේතුවක් වන්නේ ඒවායින් දෙවි මොන වගේ කෙනෙක්ද කියා පැහැදිලි වීමයි. එමෙන්ම සතුටින් පිරි අර්ථවත් ජීවිතයක් ගත කළ හැකි ආකාරය ගැනත් මිනිසුන්ගේ දුක් වේදනාවලට නිමාවක් ගෙනෙන දෙවිගේ රාජ්‍යය ගැනත් ඔහු ඉගැන්වූවා. එම ඉගැන්වීම් ගැන අපි ඉදිරි ලිපි කිහිපයෙන් සලකා බලමු. එවිට ඔහුගේ ඉගැන්වීම් මිලියන ගණන් “මිනිසුන්ගේ මතකයේ රැඳී තිබෙන්නේ” ඇයි කියා අපට දැනගත හැකි වෙයි.

[පාදසටහන]

^ 2 ඡේ. ගලීලයට අයත් කපර්ණවුම යේසුස් හැඳී වැඩුණු නගරය ලෙස සැලකෙනවා.—මාක් 2:1.