Skip to content

පටුනට යන්න

සැබෑ සාමය හා සුරක්ෂිතභාවය ලැබෙන්නේ කවදාද?

සැබෑ සාමය හා සුරක්ෂිතභාවය ලැබෙන්නේ කවදාද?

විශේෂ කතාව

සැබෑ සාමය හා සුරක්ෂිතභාවය ලැබෙන්නේ කවදාද?

අවුරුදු දහස් ගණනක් තිස්සේ සැබෑ සාමය සහ සුරක්ෂිතභාවය ලබාගන්න මිනිසුන් උත්සාහ කර තිබුණත් එය සාර්ථක වී නැහැ. ඊට බලපාන ප්‍රධාන හේතු දෙකක් බයිබලයේ සඳහන් වී තිබෙනවා. කෙසේවෙතත් පොළොවේ සිටින මුළු මිනිස් වර්ගයාටම සැබෑ සාමය සහ සුරක්ෂිතභාවය ගෙන දීමට දෙවි පොරොන්දු වී තිබෙනවා. ඒ පොරොන්දුව ගැන බයිබලයේ සඳහන් වෙනවා.

නමුත් එම පොරොන්දුව ඉටු වෙන්නේ කවදාද? දෙවි ගෙනෙන සැබෑ සාමය සහ සුරක්ෂිතභාවය අද්දකින්න ඔබ කළ යුත්තේ කුමක්ද? එම ප්‍රශ්නවලට පිළිතුරු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන “සැබෑ සාමය හා සුරක්ෂිතභාවය ලැබෙන්නේ කවදාද” යන මාතෘකාවෙන් යුත් විශේෂ කතාවෙන් දැනගත හැකියි. එම කතාව පැවැත්වෙන්නේ 2010 අප්‍රියෙල් මස 18වන ඉරු දිනයි. බයිබලය මත පදනම් වී ඇති එම කතාව ලොව පුරා රටවල් 230කට වඩා වැඩි ගණනක ඉදිරිපත් කරනු ලබනවා. එම කතාවට හවුල් වන්න කියා අපි ඔබ සැමට ආරාධනා කරන්න කැමතියි. එය පැවැත්වෙන ස්ථානය සහ වේලාව දැනගැනීමට ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් විමසන්න.