Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙනත් ආගම් සමඟ සම්බන්ධ නොවන්නේ ඇයි?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙනත් ආගම් සමඟ සම්බන්ධ නොවන්නේ ඇයි?

පාඨකයන් අසයි

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙනත් ආගම් සමඟ සම්බන්ධ නොවන්නේ ඇයි?

▪ “ලොව පුරා ප්‍රධාන ආගම් 10,000ක් පමණ තිබෙනවා” කියා එක් විශ්වකෝෂයක සඳහන් වෙනවා. කොහොමවුණත් එවැනි ආගම් අතර බොහෝ ගැටුම් ඇති වී තිබෙන නිසා සියලුම ආගම් එකට එකතු වුණොත් ලොව පුරාම සාමය ඇති වෙයි කියා මිනිසුන් සිතනවා.—එම විශ්වකෝෂය World Christian Encyclopedia.

සියලුදෙනාටම එකමුතුව සිටින්න කියා බයිබලයේ සඳහන් වෙනවා. උදාහරණයකට ක්‍රිස්තියානි සභාව මිනිස් සිරුරකට සමාන කළ බයිබල් ලේඛකයෙකු වූ පාවුල් සියලුදෙනාටම ‘සහයෝගයෙන් ක්‍රියා කරන්න’ කියා දිරිගැන්වූවා. (එෆීස 4:16) එමෙන්ම තවත් බයිබල් ලේඛකයෙකු වූ පේතෘස්ද සියලුම ක්‍රිස්තියානීන්ට උපදෙස් දුන්නේ ‘එකඟතාවකින් සිටින්න’ කියායි.—1 පේතෘස් 3:8.

කොහොමවුණත් සමාදානයෙන් සිටීම සඳහා වෙනත් ආගම් සමඟ සම්බන්ධ වීම බයිබලයේ අනුමත කර නැහැ. “දෙවිට සේවය කරන්නෙකු හා දෙවිට සේවය නොකරන කෙනෙකු අතර බැඳීමක් තිබිය හැකිද” කියා බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි. එහි පැහැදිලිව උපදෙස් දී තිබෙන්නේ වෙනත් ආගම් “අතරින් පිටතට ඇවිත් ඔවුන්ගෙන් වෙන් වන්න” කියායි.—2 කොරින්ති 6:15, 17.

දෙවිට සේවය නොකරන අය සමඟ බැඳීම් ඇති කර නොගන්න කියා සැබෑ ක්‍රිස්තියානීන්ට බයිබලයේ උපදෙස් දී තිබෙන්නේ ඇයි? (2 කොරින්ති 6:14) ඊට හේතුව එසේ කිරීමෙන් දෙවිගේ අනුමැතිය අහිමි වීමට ඉඩ තිබීමයි. සාමාන්‍යයෙන් නුසුදුසු යාළුවන්ව ඇසුරු කිරීමෙන් තමන්ගේ දරුවන් නොමඟ යනවා දකින්න කිසිම පියෙක් කැමති නැහැ. ඒ නිසා එයින් දරුවන්ව වළක්වාගැනීමට පියෙක් පියවර ගන්නවා. ඒ හා සමානව වෙනත් ආගම් සමඟ සම්බන්ධ වෙන්න එපා කියා දෙවි තම සේවකයන්ට උපදෙස් දී තිබෙන්නේ වැරදි චාරිත්‍රවලින් ඔවුන්ව ආරක්ෂා කරගන්නයි.

වෙනත් ආගම් හා සම්බන්ධ නොවීම ගැන යේසුස් අපට කදිම ආදර්ශයක් තැබුවා. ඔහු පොළොවේ සිටි කාලයේදී සියලුදෙනා සමඟ සමඟියෙන් සිටියා. නමුත් ඔහු කිසිම අවස්ථාවක පරිසිවරුන් සහ සද්දුසිවරුන් වැනි ආගමික නායකයන් සමඟ සම්බන්ධ වුණේ නැහැ. ඒ වෙනුවට “පරිසිවරුන්ගේ සහ සද්දුසිවරුන්ගේ ඉගැන්වීම්වලින් පරෙස්සම් වන්න” කියා ඔහු තම අනුගාමිකයන්ට උපදෙස් දුන්නා.—මතෙව් 16:12.

වෙනත් ආගම් සමඟ සම්බන්ධ නොවන්න කියා බයිබලයේ සඳහන් අනතුරු ඇඟවීම් අදටත් අදාළයි. එයට හේතුව සෑම ආගමකම තිබෙන විශ්වාසයන් එකිනෙකට වෙනස් නිසා එවැනි ආගම්වලට එකඟත්වයකින් කටයුතු කිරීමට නොහැකි වීමයි. තෙල් සහ වතුර එකට මිශ්‍ර නොවන්නාක් මෙන් විවිධ ආගම්වල තිබෙන විශ්වාසයන් එකිනෙකට වෙනස් නිසා ඒවාටත් එකඟතාවයකින් කටයුතු කිරීමට හැකියාවක් නැහැ. උදාහරණයකට සියලුම ආගම් එකතු වී සාමය උදෙසා ආගමික වතාවත් පවත්වනවා කියා සිතන්න. එවැනි අවස්ථාවක ඔවුන් පිහිට බලාපොරොත්තු වන්නේ කතෝලික ආගමේ ත්‍රිත්ව දෙවිගෙන්ද, නැත්නම් හින්දු ආගමේ බ්‍රහ්ම දෙවිගෙන්ද, එසේත් නැත්නම් බෞද්ධ ධර්මයේ බුදුන් වහන්සේගෙන්ද?

අපි ජීවත් වන මේ කාලයේ සිදු වන දෙයක් පිළිබඳව මෙවැනි අනාවැකියක් බයිබලයේ සඳහන් වෙනවා. “ජනයෙනි, එන්න. අපි යෙහෝවා දෙවිගේ කන්දට නඟිමු. යාකොබ්ගේ දෙවිගේ ගෘහයට යමු. එහිදී දෙවි අපට ඔහුගේ මාර්ග ගැන උගන්වයි. අපිද ඔහුගේ මඟ පෙන්වීමට අනුව ජීවත් වෙමු.” (මීකා 4:1-4) එම අනාවැකියේ සඳහන් ආකාරයට මේ අවසාන කාලයේදී ලොව පුරා සිටින මිනිසුන් යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා එකතු වෙමින් සිටිනවා. ඇත්තෙන්ම ලොව පුරා සාමය සහ සමඟිය ඇති වෙන්නේ විවිධ ආගම් එකිනෙකට සම්බන්ධ වීමෙන් නොව සියලුදෙනාම යෙහෝවා දෙවිට පමණක් නමස්කාර කිරීමෙනුයි.

[27වන පිටුවේ පින්තූරය]

ලොව ප්‍රධාන ආගම් 2008දී පැවැත්වූ සම්මේලනයක්

[හිමිකම් විස්තර]

REUTERS/​Andreas Manolis