Skip to content

පටුනට යන්න

දෙවිගේ මඟ පෙන්වීම් පතන්න

දෙවිගේ මඟ පෙන්වීම් පතන්න

5

දෙවිගේ මඟ පෙන්වීම් පතන්න

බයිබලයේ සඳහන් දෙය. “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්.”—මතෙව් 5:3.

අභියෝගය. මේ වන විට ලොව පුරාම ආගම් දහස් ගණනක් තිබෙනවා. නමුත් එම ආගම්වල ඉගැන්වීම් එකිනෙකට පරස්පර විරෝධියි. එවැනි ආගම් අතරින් දෙවි ගැන සත්‍යය කියා දෙන ආගම අපට සොයාගත හැක්කේ කෙසේද? ඇතැම් ප්‍රසිද්ධ අය කියා සිටින්නේ දෙවියන්ව විශ්වාස කිරීම හානිදායක බවයි. එවැනි කෙනෙක් පැවසූ දෙයක් එක් සඟරාවක මෙසේ සඳහන් වුණා. ‘ක්‍රිස්තියානි ධර්මයේ විස්තර කරන ආකාරයට විද්‍යාවෙන් ඔප්පු කළ නොහැකි ඇස්වලින් දැකිය නොහැකි දෙයක් ජීවිතයට තියෙනවා කියන විශ්වාසය නිසා දැන් ගත කරන ජීවිතයේ අගය බාල වන අතර මිනිසුන් සැහැසික ක්‍රියාවලටත් යොමු වෙනවා.’—Maclean’s.

කළ හැකි දෙය. දෙවි කෙනෙකු සිටින බවට තිබෙන සාක්ෂි පිළිබඳව සොයා බලන්න. (රෝම 1:20; හෙබ්‍රෙව් 3:4) එමෙන්ම ජීවිතයේ අරමුණ කුමක්ද, මරණයෙන් පසු සිදු වන්නේ කුමක්ද, මෙතරම් දුක් වේදනා පවතින්නේ ඇයි සහ දෙවි මගෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද වැනි ජීවිතයේ වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට උත්සාහ කරන්න. සෑහීමට පත් වී සිටීම සඳහා එවැනි ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීම ඉතා වැදගත්.

කොහොමවුණත් අන් අය පවසන නිසාම දේවල් විශ්වාස කරන්න එපා. ඒ වෙනුවට “බුද්ධිමත්” ලෙස සිතා බලා දෙවිගේ කැමැත්ත කුමක්ද කියා වටහාගන්නා ලෙස බයිබලයේ අපව දිරිගන්වා තිබෙනවා. (රෝම 12:1, 2) ඔබ බයිබලය අධ්‍යයනය කරමින් එහි සඳහන් ප්‍රතිපත්ති අදාළ කරගන්නවා නම් ප්‍රශ්න ගැටලු මඟහරවාගැනීමටත් කනස්සල්ල අවම කරගෙන ජීවිතය සතුටින් භුක්ති විඳීමටත් හැකි වෙනවා. ලොව පුරා සිටින මිලියන ගණන් මිනිසුන් එය සැබෑවක් බව අද්දැක තිබෙනවා. එවැනි අද්දැකීම් කිහිපයක් ගැන දැනගැනීම සඳහා මෙම සඟරාවේ 18 සිට 21 දක්වා පිටු බලන්න.

ඔබ බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති අදාළ කරගන්නා විට දෙවි කෙරෙහි තිබෙන ඔබේ භක්තිය තවත් වැඩි වෙනවා. එමනිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කරමින් බයිබලයේ තිබෙන ප්‍රතිපත්ති ගැන ඉගෙනගැනීමට ඔබ කැමතිද? ‘තිබෙන දේවලින් සෑහීමට පත්ව’ ‘දෙවිට භක්තියෙන් සේවය කරනවා’ නම් ඔබට ‘ඉමහත් ප්‍රයෝජන නෙළාගැනීමට හැකි වෙනවා.’—1 තිමෝති 6:6.

[8වන පිටුවේ පින්තූරය]

දෙවිගේ කැමැත්ත කුමක්ද කියා වටහාගැනීමට උත්සාහ කරන්න