Skip to content

පටුනට යන්න

මුදලට සහ වස්තුවට නොව මිනිසුන්ට ප්‍රේම කරන්න

මුදලට සහ වස්තුවට නොව මිනිසුන්ට ප්‍රේම කරන්න

1

මුදලට සහ වස්තුවට නොව මිනිසුන්ට ප්‍රේම කරන්න

බයිබලයේ සඳහන් දෙය. “සෑම හානිකර දෙයකටම මුල් වන්නේ මුදල්වලට තිබෙන දැඩි ආශාවය.”—1 තිමෝති 6:10.

අභියෝගය. වෙළඳ දැන්වීම්වලින් දිරිගන්වන්නේ නවීනතම භාණ්ඩ ලබාගැනීමටයි. ඒ නිසා මුළු කාලයම යොදවා මුදල් ඉපයීමෙන් ඒවා ලබාගැනීමට මිනිසුන් පෙලඹෙනවා. මුදල්වලට තිබෙන ආශාව නිසා කෙනෙක් ලෙහෙසියෙන්ම නොමඟ යා හැකියි. එවැනි කෙනෙකුට කිසිදාක සෑහීමට පත් වෙන්න බැහැ. ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ මෙයයි. “රිදීවලට ඇලුම් වන්නාට රිදී ලැබුණත් ඔහු එයින් සෑහීමට පත් නොවෙයි. ධනයට ඇලුම් වන්නාද තමා කොපමණ ආදායමක් ලැබුවත් එයින් සෑහීමට පත් නොවෙයි.”—දේශනාකාරයා 5:10.

කළ හැකි දෙය. මුදලට සහ වස්තුවට ආශා කරනවා වෙනුවට යේසුස් මෙන් අන් අයට ප්‍රේම කරන්න. ඔහු මිනිසුන් වෙනුවෙන් තම ජීවිතය පවා පරිත්‍යාග කළා. (යොහන් 15:13) ඔහු පැවසුවේ “‘ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා’” කියායි. (ක්‍රියා 20:35) අපේ කාලය සහ අප සතු දේවල් අන් අයට දෙනවා නම් ඒ අයද අපට එලෙසින්ම සැලකීමට පෙලඹෙනවා. “දීමට පුරුදු වන්න. එවිට අන් අයත් ඔබට දෙයි” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි. (ලූක් 6:38) මුදලට සහ වස්තුවට ආශා කරන අයට අවසානයේදී බොහෝ වේදනා අද්දැකීමට සිදු වෙනවා. (1 තිමෝති 6:9, 10) ජීවිතයේ සැබෑ තෘප්තිය අද්දැකිය හැක්කේ මුදල්වලින් නොව අන් අයට ප්‍රේම කිරීමෙන් සහ ප්‍රේමය ලැබීමෙනුයි.

නමුත් ඔබ කාර්යබහුල නම් වඩා වැදගත් දේවල් කිරීම සඳහා ඔබට කාලය මදි වෙනවා. එමනිසා දේවල් එක්රැස් කිරීම සඳහා වැය කරන කාලය ඉතිරි කරගෙන ජීවිතය සරල කරගන්න ඔබට හැකිද? එසේ කළොත් අන් අයට උපකාර කිරීම සඳහාත් ඔබට සෑම දෙයක්ම ලබා දෙන දෙවිට සේවය කිරීම සඳහාත් කාලය සහ ශ්‍රමය ඉතිරි කරගැනීමට ඔබට හැකි වෙයි.—මතෙව් 6:24; ක්‍රියා 17:28.

[4වන පිටුවේ පින්තූරය]

“දීමට පුරුදු වන්න. එවිට අන් අයත් ඔබට දෙයි”