Skip to content

පටුනට යන්න

දෙවිට විශ්වාසවන්තව සිටින්න

දෙවිට විශ්වාසවන්තව සිටින්න

යොවුන් ඔබට

දෙවිට විශ්වාසවන්තව සිටින්න

මඟ පෙන්වීම්: නිස්කලංක තැනක් තෝරාගන්න. අතීතයේ සිදු වූ සැබෑ සිද්ධීන් බයිබලයෙන් කියවන විට ඔබත් එහි සිටියා කියා සිතන්න.

ප්‍රධාන චරිත: එලියා, ආහබ් සහ බාල්ගේ අනාගතවක්තෘවරුන් පිරිස

සාරාංශය: බාල් බොරු දෙවියෙකු බවත් යෙහෝවා දෙවි එකම සැබෑ දෙවි බවත් එලියා ඔප්පු කරයි.

1 සිතින් මවාගන්න.1 රාජාවලිය 18:17-40 දක්වා කියවන්න.

බාල් අනාගතවක්තෘවරුන් සහ එලියා අතරත් ඔවුන් ඉදි කළ පූජාසන දෙක අතරත් කොතරම් දුර ප්‍රමාණයක් තිබෙන්න ඇද්ද කියා පෙන්නුම් කරන දළ රූපසටහනක් කොළයක අඳින්න.

බාල් අනාගතවක්තෘවරුන් බාල් දෙවියාට හඬගසමින් සිටි අවස්ථාවේ ඔබත් සිටියා නම් ඔබට මොන වගේ දේවල් ඇසෙයිද? (1 රාජාවලිය 18:26-29)

․․․․․

එලියා බාල් අනාගතවක්තෘවරුන්ට කතා කළ ආකාරය සලකා බලන විට ඒ අවස්ථාවේදී ඔහුට ඇති වූ හැඟීම් විස්තර කරන්න.

․․․․․

2 තවත් ගැඹුරට සිතන්න.

ආහබ් රජුව හමු වීමටත් කර්මෙල් කන්දේදී බාල් අනාගතවක්තෘවරුන්ට අභියෝග කිරීමටත් එලියාට නිර්භීතකම අවශ්‍ය වුණේ ඇයි? (1 රාජාවලිය 18:4, 13, 14 කියවන්න.)

․․․․․

අමතර පර්යේෂණයක් කරමින් බාල් නමස්කාරයේ යෙදුණු අය කුමනාකාරයේ පිළිකුල්සහගත ක්‍රියාවල නියැලුණාද කියාත් බාල් නමස්කාරය ඊශ්‍රායෙල්වරුන්ට කෙසේ බලපෑවාද කියාත් සොයන්න.

․․․․․

ඔබ සිතන ආකාරයට එලියා පූජාසනය වටා අගලක් කපා එය වතුරෙන් පිරෙව්වේ ඇයි?

․․․․․

3 පහත සඳහන් දේවල් ගැන ඔබ ඉගෙනගත්තේ කුමක්ද කියා ලියන්න.

යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටීමට නිර්භීතකම ඇති කරගැනීමේ ඇති අවශ්‍යතාව.

․․․․․

නිර්භීතව කටයුතු කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන.

․․․․․

මේ ගැනත් සිතන්න

යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටීම සඳහා ඔබට නිර්භීතකම අවශ්‍ය වන අවස්ථා මොනවාද?

․․․․․

4 සලකා බැලූ කොටසින් ඔබේ සිතට තදින්ම කාවැදුණේ කුමක්ද? ඒ ඇයි?

․․․․․

ඔබ ළඟ බයිබලයක් නැත්නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් බයිබලයක් ලබාගන්න. එසේත් නැත්නම් පහත සඳහන් වෙබ් අඩවියට පිවිසෙන්න. www.watchtower.org

[31වන පිටුවේ කොටුව]

දිස්ත්‍රික් සමුළු පිළිබඳ දැනුවත් කිරීමක්

මෙම වසරේ සිට දිස්ත්‍රික් සමුළු පැවැත්වෙන ස්ථාන හෝ දිනයන් පිළිබඳ තොරතුරු මුරටැඹ සඟරාවල සඳහන් වන්නේ නැහැ. ඔබට එම තොරතුරු jw.org වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.