Skip to content

පටුනට යන්න

යේසුස් ‘ලෝකයෙන් පාපය නැති කර දමයි’

යේසුස් ‘ලෝකයෙන් පාපය නැති කර දමයි’

යේසුස් ‘ලෝකයෙන් පාපය නැති කර දමයි’

මිනිසුන්ව බව්තීස්ම කළ යොහන් පැවසුවේ යේසුස් “ලෝකයෙන් පාපය නැති කර දමන” බවයි. (යොහන් 1:29) තම ආඥා පිළිපදින අයව ගලවාගැනීමට යේසුස් කරන්නේ කුමක්ද කියා ඉන් පැහැදිලි වෙනවා.

පව්කාරයන්ව ගලවාගැනීමට යේසුස්ට මිය යන්න සිදු වුණේ ඇයි?

යේසුස් කැමැත්තෙන්ම තම ජීවිතය පූජා කිරීමේ ප්‍රතිඵල මොනවාද?

ඔහුගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ලබන්නේ කවුද?

යේසුස්ගේ ජීවිත පූජාව ඔබට බලපාන්නේ කෙසේද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සෑම වසරකම යේසුස්ගේ මරණය සිහි කරනවා. මෙම වසරේදී එය සිහි කරනු ලබන්නේ අප්‍රියෙල් මස 17වන ඉරුදින හිරු බැස යෑමෙන් පසුවයි.

ඒ අවස්ථාවට අප හා එක් වන්න කියා ඔබටත් සාදරයෙන් ආරාධනා කරන්න කැමතියි. එවිට යේසුස්ගේ ජීවිත පූජාවේ වටිනාකම අවබෝධ කරගෙන ඉහත සඳහන් කර තිබෙන ප්‍රශ්නවලට බයිබලයේ සපයා ඇති පිළිතුරු දැනගැනීමට ඔබට හැකි වෙයි.

එය පවත්වනු ලබන ස්ථානය හා වේලාව දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් ඒ ගැන විමසන්න.